රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2022-09-09

චක්කරේ The Circle of Poverty




















පොඩි සන්දියෙ ලොකු හරියක් 
චක්කරේට මට යි ලැබුනෙ 
කොටුවෙ ගෙදර ගමරාළගෙ 
කේ .ජී .ජී .සිරියලතා.

පන් ඉදිරුවෙ ,පාට දැම්මෙ 
ලොකු හැළියේ තම්බන්නට 
අත්තම්මට උදවු දුන්නෙ 
පැදුරු රටා දා වියන්න 
බත් පෙට්ටිද ,ඇතුල් පත්ද 
ලොකු එකියක් උණාට පහු 
අපූරුවට කළා නෙ  මං .

එහෙම උණත් දැන් කාලේ 
ලිග්ගල් තුන තරහවෙලා 
ගිණි නිවිලා හැම වෙලේම 
අත්තම්මට කාසි හිඟයි.
අත පය උස මහත් වෙලා 
මහ බඩවැල් උන්ඩිවෙලා.

දුප්පත් කම හරස්වෙලා 
ඉරුණු තැනින් ඇඟ  පෙනිලා 
ගමේ කඩේ මුදලාලිට 
අපි ගැන හරි දුක හිතිලා .

දහයෙ වසරෙ විසම චක්රෙ 
ආයෙ ආයෙ කැරකෙනවා .
සාධක ටික පන් මල්ලේ 
මං මුදලාලිගෙ තුරුලේ .
සා.පෙළ සහතිකෙ  තවමත් 
අත්තම්මගෙ හිත මුල්ලේ.

විෂම චක්කරේ කඩන්න 
අකමැති උණු  රූප ලතා 
ආන් තාම ,කඩුල්ල ළඟ !
බඩ පොත්තට ඇලිල ගියත් 
වංසෙ කබල් ගාන එකී 
මොනා කරන්නද එහෙනං 
චක්කරේට .හිරවෙලානෙ.!!

රෝ.සි.

(කේ.ජී.ජී .සිරියලතා දිළිඳුකම නමැති 
විෂම චක්‍රයෙන් එසේ පිටතට පැමිණි බවයි.)    
notes of imaginary