රෝහන බැද්දගේ මහතා හොරන තක්‍ෂිලාවේ උසස් පෙල කරන අවධියේදී මීදුමට හමුවන්නේ ගුරු - ගෝල සම්බන්‍ධයකිනි. තක්‍ෂිලාවෙන් නික්ම යාමෙන් පසුව එක් දිනක් බදුල්ල -පානදුර බස්රථයකදී එතුමා සමග ගමන් යන කුඩයත් බුලත් මල්ලත් සමග යලිත් අහම්බයෙන් මුණගැසිනි. “ සර් මොකද මේ ?. “මම දැන් මොණරාගල ස්කෝලෙක උගන්වනවා .”හැත්තෑවේ දශකයේ අග භාගයේ ඇතිවු දේශපාලන විපර්යාසය එතුමා හොරණ සිට මොණරාගලට විසීකරන්න ඇතැයි මම එදා සිතුවෙමි.එතුමා අප තක්‍ෂිලාවේ සිටි අවධියේ නිර්මාණය කල පාසල් නාට්‍යය සමස්ථ ලංකා මට්ටමේ පලමු පෙල ජයග්‍රහණයයන්ට උරුම කම් කිවය. හොරණ තක්‍ෂිලාවත් - විද්‍යාරත්නයත් තරගයට මෙන් කරන ලද නිර්මාණ එදා සමස්ථ ලංකා මට්ටමේ කතාබහට ලක්විය. මගේ මතකය නිවරදි නම් තක්‍ෂිලාවේ “අලකලංචිය “ විද්‍යාරත්නයේ “සුදු ඇතා ආවාට පස්සේ “එදා බොහෝ කතාබහට ලක්වු නිර්මාණ විය.
අදත් වේදිකාවේ නම කියවෙන හැත්තෑවේ දශකයේ බිහිවු නාට්‍යකරුවන් , නිර්මාණකරුවන් මේ පාසල් නාට්‍යදෙක සහ මව්වරුන් වු බව සදහන් කල යුතුමය. මා දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ මේ සුන්දර ගැමි කටහඩට පෙම් බැන්දේය.
notes of imaginary










