රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2013-05-07

New – tongue


යුරෝපීයෝ (සුද්දෝ) ආඩම්බරකාරයෝ කරලා තියෙන්නේ ආසියාතිකයෝ කියලයි මට හිතෙන්නේ. අතීතයේ කොල්ලකාරයෝ වගේ රට රටවලට ඇවිත් චන්ඩිකම් කරලා රටවල් මර්ධනයෙන් අල්ලා ගෙන අධිරාජ්‍ය පිහිටුවා ගත්ත සුද්දෝ ලෝකෙටම කෙළි කාරයෝ වුනා. 
කවදාවත් මොලේ තියෙන මිණිහෙක් ආයුධයක් පාවිච්චිකරන්නේ නැහැනේ එකපාරටම.

මේ පුර්විකාවට  අද වියමනට අදාල නුවත් සුද්දෝ මතක් වෙන කොට මීදුමට පොඩ්ඩක් තරහ හිතෙනවා. ඒ තරහ තමයි ඔය පල කලේ. මොකද අද කාලේ දේශපාලනේ ගැන ලියුවොත් කමෙන්ඩ්ස් වලින් පිරිලා  ගිහින් අම්මටත් ගතු කියන පාඨකයෝ ඉන්නවා. මේ ඇත්තෝ වචනෙන් දෙකෙන් කියන ඒවා වැඩියෙන් කියවෙන්නේ  රා පොලවල් වල කසිප්පු ගුබ්බෑයම් වල  ගානට වැඩියෙන් මත් මත ඉහවහ ගිය අය ගේ කටින්

ගෙදර ඉන්න දෙවියෙක් වගේ අම්මා මේ අසමජ්ජාති දේශපාලනේට පලිකාරයෙක් වෙන්න ඕනි නැහැනේ.

නිව්ටන් කියලා සුද්දෙක් හිටියා. ඒ වුනත් මනුස්සයට තිබුනේ උත්පත්තියෙන්ම ගෙනාව පරණ දිවක් . මනුස්සයා නාවික කපිතාන් කෙනෙක් විදියට කටයුතු කරලා විශ්‍රාම ගියාම රටින් රට සංචාරය කරන්න පටන් ගත්තා. ඔහොම යන ගමන් මේ නාකි සුද්දා ලංකාවටත් ආවා.  ඇවිත් මීගමු පැත්තේදී අපේ රටේ කොල්ලෙකුට සෙට් වුනා .කොල්ලට පණ වගේ ආදරේ මේ සුද්දා ගෙයකුත් ඉඩමකුත් කොල්ලට අරන් දීලා වැඩි දියුණු කරගෙන අපේ අසල්වාසියෙක් හැටියට පැල පදියම් වුනා. (කොල්ලයි සුද්දයි අතරේ තිබුන සම්බන්ධකම අදාල නැති නිසා  වියමනෙන් කපා හැරියා .)

මේ සුද්දා තද ගතිගුණ තියෙන නාහෙට අහන්නේ නැති මනුස්සයෙක් . කිව්වොත්  කිව්වා. ආයේ වෙනස් කරන්නේ නෑ. විවේක වෙලාවට කතාබහට එක්වෙන සුද්දා වසක් මීදුමට කියාපු කතාවක් කියන්නයි මෙච්චර වැල්වටාරම් කිව්වේ.

නාවිකයෙක් හැටියට කටයුතු කරන කාලේ  එක් දවසක මෙයා වැඩ කරපු නැව රාත්‍රී කාලයේ මුහුදු ගමනක යෙදෙමින්  සිටලා තියෙනවා. ඒ රාත්‍රියේ නැවට, ප්‍රතිවිරුද්ධ දෙසින්  යාත්‍රා කරපු තවත් නැවක් තමන් දෙසට යාත්‍රා කරන බව එම නැවේ  විදුලි ආලෝකය ඝන මීදුම මැදින් දැක තවත් පමාවුනේත් මහා අනතුරක් වෙන බව නිරීක්‍ෂණය කරගන්නවා.සිදුවිය හැකි අනතුර මග හරවා ගැණීමට  වහා ම අනෙක් නැවට සංඥාවක් නිකුත් කරන ඔහු “ ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් දකුණට වෙනස් කරගන්න ” සංඥාවක් නිකුත්කරනවා.  දෙවෙනි නැවේ ඉන්නෙත් නිව්ටන් දෙවෙනි වෙන්න කැමති කපිතාන් වරයෙක් නෙමෙයි. එහා වහාම  “ ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් උතුරට වෙනස් කරගන්න” යැයි පිලිතුරු සංඥාවක් එවනවා. .කපිතාන්  නිව්ටන්ට යකා ආවේශ වෙන්නේ මේ වෙලාවේ   මම  නිව්ටන්         ( සුද්දගේ රටත් කියනවා.)  මම නැවේ  කපිතාන්වරයෙක් - මගේ අණ පිළිපැදිය යුතුයියැයි නැවත සංඥාවක් නිකුත් කලා. දෙවෙනි නෞකාවේ ඒ  වෙලාවේ  සේවය කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ  නාවිකයෙක්. ඔහු සහය කපිතාන් වරයෙක්. කලබලයක් නැතිව එයා මෙහෙම උත්තර දීලා තියෙනවා. “ මම ශ්‍රී ලංකාවේ සේවකයෙක්.  ඔබට ඔය  පේන්නේ  ප්‍රදීපාගාරයක් -  ඔබේ කැමැත්තක්  කරගන්න   පිලිතුරු සංඥාවක්  නිව්ටන්ට ලැබෙනවා.
 විනාඩි දහයක් දොලහක් යන කොට තමන්ගේ නැව පසු කරගෙන යන ගිය නැවක් දැකලා  කපිතාන් නිව්ටන් හිතුවා කවදා හරි ලංකාවේ පදිංචි වෙන්න.
ඒ සිහිනය නිසා ඔහු අපේ අසල්වාසියෙක් වුනා.


notes of imaginary