රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2013-05-02

මැයි දිනයට අපි ආයෙත් හමුවෙමු


2013 අවුරුද්දේ මැයි දිනය  පවත්වලා   එවරයි. මැයි පලවෙනිදා කම්කරුවන්ගේ දිනය වුනත් වර්තමානයේ අපි මැයි දිනය දකින්නේ දේශපාලකයන්ගේ දිනයක් ලෙසයි.සෑම දේශපාලන පක්‍ෂයකම ශක්තිය ප්‍රදර්ශණය කරන්න යොදා ගන්නා  මේ රැලි වල කතාකරන්නේ වැඩ කරන ජනතාව නෙමෙයි. කාලීනව ඇති වෙලා තිබෙන  දේශපාලන ප්‍රශ්න සාකච්චා කරන්නත්  හා එකිනෙකා විවේචනය කරගන්නත් මැයි දින වේදිකාව වෙන් කරගෙන. මෙවර ප්‍රතිපක්‍ෂ   ආණ්ඩුව පෙරලන හැටි කතා කරන්න යොදා ගත්ත අතර ආණ්ඩුව තම පුරාචේරුව කියන්න වේදිකාව වෙන් කරගත්තා කියලයි මීදුම හිතන්නනේ.

ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් 1886 මැයි 4 වැනිදා පැය අටේ වැඩමුරයක්  ඉල්ලා දියත් කළ වැඩ වර්ජනය ස විරෝධතාවයට එල්ල වු බෝම්බ ප්‍රහාරයත් සමග වෙඩි තැබීමක්‌ද සිදුවීමෙන් ප්‍රතිපලයක් ලෙස  පොලිස්‌ නිලධාරීහු හත්දෙනෙක්‌ මිය යනවා. මෙම සිද්ධියට වගඋත්තරකරුවන් වෙන්නේ වැඩ වර්ජකයින්. චුදිත  වැඩවර්ජකයින් අතරින් හත්දෙනකුට මරණ දඬුවමත්   එක්‌ අයකුට වසර 15 ක සිර දඬුවමකුත් ‌ පැනවුණි. මින් මරණ දඬුවම නියම වූවන්ගෙන් දෙදෙනකුට ඉලිනොයිස්‌ ආණ්‌ඩුකාර රිචඩ් ඩිප්ල්ස්‌ච් විසින් ජීවිතාන්තය දක්වා ‌ සිරගෙට නියම කර දඩුවම ලිහිල් කෙරෙනවා.  තවත් අයෙක්‌ සිරගෙයි තුළදී දිවි නසා ගන්නවා. 1887 නොවැම්බර් 11 වැනිදා  චුදිතයින් සිව් දෙනකු එල්ලා මරා දමනු ලබනවා. 1893 දී  ආණ්ඩුකාර පීටර් ඇල්ගෙයිඩ් එලෙස සිරදඬුවම් නියම වු පිරිසට සමාව දෙනු ලබනවා.
මෙම  වැඩ වර්ජනය  ස විරෝධතාවය හෙල්මාර්ක්සිද්ධිය නමින් හඳුන්වනු ලබනවා.ජාත්‍යන්තර මැයි දිනය ආරම්භ වීමට  හේතු පාදක වන්නෙ මේ හෙල්මාර්ක් සිදිධියයි.
මේ කම්කරුවන්වත් සිහිකරන්න මෙදා  මැයි දිනන රැලිවල කතා වෙන්වෙලා තිබුනේ නැහැ. අපි ආයෙත් 2013 මැයි පලවෙනිදාත් හමුවෙමු කියලා මේ කතා පෙට්ටි විසිරිලා ගිය බවක් මීදුම සතියේ සටහන ලෙස සටහන් කරනවා.





notes of imaginary