පාර්ලිමේන්තුවේ කතා ගැන අහගෙන ඉන්න කොට යමක් ලියන්න හිතුනා.
පරණ පාර්ලිමේන්තුව දූෂිතයි
225 ම වැඩකට නැති මිනිස්සුන්ගෙන් පිරිලා තිබුනා.
වර්තමාණයේ බලයට පත් පිරිස අපිට කිව්වා
මහා ශ්‍රමදානයක් කරන්න - තියෙනවා.මේ කුණු කන්දල් සියල්ලම අතුගාලා දාන්න ඔ්න කියලා.
අපි ඒකග වුනා
තුනෙන් දෙකක්ම අළුත් කලා.
අළුත් අය ඇවිත් කියන්නේ කරන්නේ මොනවද කියලා අහගෙන ඉන්න කොට දුක හිතෙනවා.
මඩ හැරෙන්න කිසිම අළුත් දෙයක් නැහැ.
පරණ බයියෝ කරපු කියපු දේවල් හරි නැති නිසානේ අළුත් අය පත් කරගත්තේ කියලා නිනව්වක් නැහැ.
පරණ බයිලමේ දිග අරිනවා
ඒ කියෝ කියෝ ඉන්න නැතිව වැරදි පාරේ ගිය ඒවුවොන්ට ආයෙත් නොකරන්න පුළුවන් දෙයක් කරන්නේ නැතිව.
මඩ ගහලාම වැඩක් නැහැ.
අහලා අහලා ඒපා වෙලා. දැන් ඒ්වා ඇත්ත කියලා පිලිගන්න ප්‍රමාණය දවසින් දවස අඩුවෙනවා.
ඒ්ක ආණ්ඩුවේ සෞඛ්‍යටත් හොද නැහැනෙ.
දැන් ඔ්ක නතර කරලා ඉස්සරහට තියෙන අවුරුදු තුන හතරේ කරන්නේ මොනවද කියලා කතා කරමු.
අපි හීන දකින්න හරිම කැමතියි.
කැළණි වැලි දුම්රිය ගැන , කිමි ලක්ෂයක මාර්ග සංවර්ධණය ගැන........අර ලොකුවට තියෙන අයවැය පරතෙරය පියවන ඒක ගැන.......කොච්චර හීන ගැන කතා කරන්න පුළුවන්ද ?.
අයවැය පරතෙරය පියවන්න නම් වැය නතරකරලා දැම්මම ඒවරයි.ඒහෙම තමයි වෙනවා ඇත්තෙත්.
ණය අරන් පරතෙරය පියවන්න ආණ්ඩු ඔ්න නැහැනේ.
ඒදා කරපු දේ අදත් වෙනවා නම්
මේ මළඉලව්වෙනුත් වැඩක් වෙන ඒකක් නැහැ
කියාලා හිතෙනවා.
A day in the life
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.