චීනයේ ගුවැන්ෂු හි සිදු වූ මංකොල්ලයක් අතරතුර, බැංකු කොල්ලකරු බැංකුවේ සිටි සියල්ලන්ටම කෑ ගැසුවේය: "හෙල්ලෙන්න එපා. මුදල් රාජ්‍යයට අයිතියි. ඔබේ ජීවිතය ඔබට අයිතියි."
බැංකුවේ සිටින සියල්ලන්ම නිහඬව වැතිර සිටියහ. මෙය "මනස වෙනස් කිරීමේ සංකල්පය" ලෙස හැඳින්වේ.
සාම්ප්‍රදායික චින්තන ක්‍රමය වෙනස් කිරීම.
කාන්තාවක් ප්‍රකෝපකාරී ලෙස මේසය මත වැතිර සිටින විට, කොල්ලකරු ඇයට කෑ ගැසුවේය: "කරුණාකර ශිෂ්ට සම්පන්න වන්න! මෙය දූෂණයක් නොව මංකොල්ලයකි!"
මෙය "වෘත්තීය වීම" ලෙස හැඳින්වේ. ඔබට කිරීමට පුහුණු කර ඇති දේ කෙරෙහි පමණක් අවධානය යොමු කරන්න!
බැංකු කොල්ලකරුවන් ආපසු නිවසට පැමිණි විට, බාල කොල්ලකරු (MBA පුහුණුව ලත්) වැඩිහිටි කොල්ලකරුට (ප්‍රාථමික පාසලේ 6 වන ශ්‍රේණිය පමණක් සම්පූර්ණ කර ඇති) මෙසේ පැවසීය: "ලොකු අයියා, අපි කොපමණ මුදලක් ලබා ගත්තාද කියා ගණන් කරමු."
වැඩිහිටි කොල්ලකරු ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසීය: "ඔයා හරිම මෝඩයි. ගණන් කිරීමට අපට බොහෝ කාලයක් ගතවන තරම් මුදල් තිබේ. අද රාත්‍රියේ, රූපවාහිනී ප්‍රවෘත්ති අපට බැංකුවෙන් කොපමණ කොල්ල කෑවාද කියා කියනු ඇත!"
මෙය "අත්දැකීම්" ලෙස හැඳින්වේ. අද කාලේ, කඩදාසි සුදුසුකම් වලට වඩා අත්දැකීම් වැදගත්!
කොල්ලකරුවන් ගියාට පස්සේ, බැංකු කළමනාකරු බැංකු අධීක්ෂකවරයාට කිව්වා ඉක්මනින් පොලිසියට කතා කරන්න කියලා. නමුත් අධීක්ෂකවරයා ඔහුට කිව්වා: "ඉන්න! අපි බැංකුවෙන් ඩොලර් මිලියන 10ක් අරගෙන අපි කලින් බැංකුවෙන් වංචා කළ ඩොලර් මිලියන 70ට එකතු කරමු".
මෙයට කියන්නේ "රැල්ලත් එක්ක පීනන්න" කියලා. අහිතකර තත්වයක් ඔබේ වාසියට හරවා ගැනීම!
අධීක්ෂකවරයා කියනවා: "සෑම මසකම මංකොල්ලයක් සිදුවුවහොත් එය හොඳයි."
මෙය "කම්මැලිකම නැති කිරීම" ලෙස හැඳින්වේ. ඔබේ රැකියාවට වඩා පුද්ගලික සතුට වැදගත්.
ඊළඟ දවසේ රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තා කළේ බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් ලබා ගත් බවයි. කොල්ලකරුවන් ගණන් කළා, ගණන් කළා, නමුත් ඔවුන්ට ගණන් කළ හැක්කේ ඩොලර් මිලියන 20ක් පමණයි. කොල්ලකරුවන් ඉතා කෝපයට පත් වූ අතර පැමිණිලි කළේ: "අපි අපේ ජීවිත අවදානමට ලක් කළා, ඩොලර් මිලියන 20ක් පමණයි ගත්තේ. බැංකු කළමනාකරු ඇඟිලි තුඩකින් ඩොලර් මිලියන 80ක් ගත්තා. සොරෙකු වීමට වඩා අධ්‍යාපනය ලැබීම හොඳ බව පෙනේ!"
මෙය "දැනුම රත්තරන් තරම් වටිනවා!" ලෙස හැඳින්වේ.
කොටස් වෙළඳපොලේ ඔහුගේ පාඩු දැන් මෙම මංකොල්ලයෙන් ආවරණය වී ඇති නිසා බැංකු කළමනාකරු සිනාසෙමින් හා සතුටින් සිටියේය.
මෙය "අවස්ථාව අල්ලා ගැනීම" ලෙස හැඳින්වේ. අවදානම් ගැනීමට එඩිතර වීම!
ඉතින් මෙහි සැබෑ මංකොල්ලකරුවන් කවුරුන්ද?
තිලින මිහිරාන්.
- මෙය ඉංග්රීසි භාෂාවෙන් පල වූ කතාවක
උපුටනයකි.
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.