94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දැමුවේය.
පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලාස්ටික් බාල්දියක් සහ මග් එකක් හැර වෙනත් කිසිඳු දෙයක් මහලු මිනිසා සතුව නොතිබූ තරම්ය.
මහල්ලා අයිතිකරුගෙන් ඉල්ලා සිටියේ කුලිය ගෙවීමට යම් කාලයක් ලබා දෙන ලෙසයි. අසල්වැසියන් ද මහලු මිනිසාට අනුකම්පා කළ අතර, කුලිය ගෙවීමට ඔහුට යම් කාලයක් ලබා දෙන ලෙස ඔවුන් ඉඩම් හිමියාට ඒත්තු ගැන්වූහ. ඉඩම් හිමියා ඔහුට කුලිය ගෙවීමට අකමැත්තෙන් වුවද යම් කාලයක් ලබා දුන්නේය.
මහල්ලා ඔහුගේ බඩු බාහිරාදිය ඇතුළට ගත්තේය.
ඒ අසලින් ගිය මාධ්‍යවේදියෙක් නැවතී මුළු දර්ශනයම දුටුවේය. මේ කාරණය තම පුවත්පතේ පළ කිරීම ප්‍රයෝජනවත් යැයි ඔහු සිතුවේය.
"කුරිරු ඉඩම් හිමියා මුදලට කුලී නිවසින් මහල්ලා පන්නා දමයි" යන සිරස්තලය යටතේ පුවත පල විය.
ඉන්පසුව ඔහු කුලී නිවැසියාගේ පින්තූර කිහිපයක් ගත් අතර කුලියට ගත් නිවසේ පින්තූර කිහිපයක්ද ඒ සමඟ විය.
මාධ්‍යවේදියා ගොස් තම මුද්‍රණාල හිමියාට සිද්ධිය කීවේය. ඡායාරූප දුටු මුද්‍රණාලයේ හිමිකරු අතිශ්‍ය කම්පා විය. ඔහු මාධ්‍යවේදියාගෙන් ඇසුවේ, "ඔබ වයසක මිනිසා හඳුනනවාද?" මාධ්‍යවේදියා ඒ වයසක මිනිසා කවුදැයි දැන සිටියේ නැත.
පහුවදා පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවත ලෙස එය පල විය
මාතෘකාව වූයේ,
"ඉන්දියාවේ හිටපු අගමැති ගුල්සාරිලාල් නන්ද දුක්ඛිත ජීවිතයක් ගත කරයි" යන්නයි.
හිටපු අගමැතිට කුලිය ගෙවා ගැනීමට නොහැකිව ඔහු නිවසින් එළියට දැමූ හැටි, එම පුවතේ වැඩිදුරටත් ලියා තිබුණි.
වර්තමානයේ නවක දේශපාලනඥයන් ද විශාල මුදලක් උපයන රටම දැන සිටියේ ය.
එහෙත් දෙවතාවක් ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක්, දීර්ඝ කාලයක් මධ්‍යම ඇමතිවරයෙක් විදියට කටයුතු කළ අයෙකුට තමන්ගේම කියා නිවසවත් නැත!.
පණ්ඩිත් නේරූගේ මරණයෙන් පසුවත් ලාල් බහදුර් ශාස්ත්‍රිගේ මරණයෙන් පසුවත් අගමැති වූ එතුමා ආර්ථික විද්‍යාඥයෙක් හා කම්කරු සබඳතා පිළිබඳ විශේෂඥයෙක් විය.
ඉන්දු චීන යුද්ධයටත්, පාකිස්තාන ඉන්දියා යුද්ධයත් යන යුද්ධ දෙකම මෙහෙය වූ ඉන්දියානු අගමැතිවරයා ද වූයේ ගුල්සාරිලාල් නන්ද මහතා ය.
ඇත්තෙන්ම ගුල්සරිලාල් නන්දට රු. 500/- මාසික දීමනාවක් ලබා ගත හැකි විය. ඒ නිදහස් සටන්කාමියෙකු ලෙස ය. නමුත් ඔහු 'නිදහස් සටන්කාමීන් රට වෙනුවෙන් මිස දීමනාවක් වෙනුවෙන් සටන් නොකළ බව' පවසමින් මෙම මුදල් ප්‍රතික්ෂේප කර තිබුණා.
පසුව ඔහුට වෙනත් ආදායමක් නොමැති බව පෙන්වා මිතුරන් ඔහුට එය භාර ගන්නා ලෙස බල කර තිබුණි. මේ මුදලින් නිවසේ කුලිය ගෙවමින් යඔහු ජීවත් වූයේ.
පසුදා වත්මන් අගමැතිතුමා මැති ඇමැතිවරු නිලධාරීන් වාහන තොගයක් සමඟ ඔවුන්ගේ නිවෙසට යවන ලදි.
ප්‍රභූ වාහන සමූහය දැකීමෙන් ඉඩම් හිමියා තුෂ්නිම්භූත විය. ඔහුගේ කුලී නිවැසියා වන ගුල්සරිලාල් නන්ද මහතා ඉන්දියාවේ හිටපු අගමැති බව ඔහුට දැන ගන්නට ලැබුණේ එවිටය.
තමාගේ නොමනා හැසිරීම පිළිබඳව ඉඩම් හිමියා වහාම ගුල්සාරිලාල් නන්දගේ පාමුල වැටී සමාව අයැද සිටියේ ය.
රජයේ නවාතැන් සහ අනෙකුත් පහසුකම් පිළිගන්නා ලෙස නිලධාරීන් සහ ප්‍රභූවරුන් ගුල්සාරිලාල් නන්දගෙන් ඉල්ලා සිටියහ.
ගුල්සරිලාල් නන්ද මහතා මේ මහලු වයසේ මෙවැනි පහසුකම්වලින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි කියමින් ඔවුන්ගේ යෝජනාව පිළිගත්තේද නැත.
අවසන් හුස්ම හෙළන තුරුම ඔහු සාමාන්‍ය පුරවැසියෙකු මෙන් සැබෑ ගාන්ධිවාදියෙකු ලෙස ජීවත් විය. 1997 දී රජය ඔහුට භාරත රත්න සම්මානයෙන් ගෞරව කළේය.
ඔහුගේ ජීවිතය, ලංකාවේ "හිටපු" දේශපාලකයන් සමඟ සසැදීමෙන් ලංකාවේ 76 වසරක සාපය කවරේදැයි නිසැකවම හිතාගත හැකිය
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.