Tuesday, February 04, 2025

මඤ්ඤොක්කා සමග ඉගුරු එකට




මඤ්ඤොක්කා හා ඉගුරු එකට ගන්න එපා.
මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට ගැනිමෙන් විෂ විය හැකියි.
මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටියන් පවසනු ඔබ අසා ඇති. එම ප්‍රකාශයෙහි විද්‍යාත්මක පසුබිමක් තිබෙනවා.
මඤ්ඤොක්කා යනු ලෝකයේ මිනිසුන් ආහාරයට ගන්නා කාබෝහයිඩ්රේට් ප්‍රභව වලින් තුන්වන තැනට පත්වන බෝගයයි.
පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මඤ්ඤොක්කා සමහර අවස්ථාවලදී විෂ විය හැක.
එයට හේතුවන්නේ සීනි සමග සම්බන්ධවූ සයනයිඩ් ( Cyanogenic glycoside -Linamerin) සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය වේ.
මෙය මඤ්ඤොක්කා අලය තුළ ඇති පිෂ්ඨය කොටසෙහි අක්‍රියව ගබඩා වී ඇති අතර සාමාන්‍යයෙන් අක්‍රීය සංයෝගයකි.
මඤ්ඤොක්කා පොත්තේ පවතින ලිනමරේස් නම් වූ එන්සයිමය මගින් සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රිජන් (HCN) සයනයිඩ් බවට පත් කළ හැක.මෙය ශරීරයට විෂ විය හැකියි.
තුවාල වී හුලං වැදුණු මඤ්ඤොක්කා අල (නිල්ඉරි දිවූ අල ) ආහාරයට ගැනීමෙන්ද බොහෝවිට මෙය සිදුවේ.
එවැනි අල ඉවත් කිරීමද මඤ්ඤොක්කා තැම්බීමේදී වතුර ප්‍රමාණවත් තරමට දමා භාජනය විවෘතව තැම්බීම මගින් ද Hydrogen cyanide ඉවත් කරගත හැක.
මඤ්ඤොක්කා අල පරිස්සමින් පොතු ඉවත්කර ඉන් පසු කුඩා කැබලි වලට කපා පැය කිහිපයක් හොඳින් ජලයේ පොඟවා ජලය ඉවත් කොට, අලුත් වතුරින් තම්බන අතරේ කිහිප වරක් වතුර පෙරා ගැනීම ද විෂ සංයෝග ඉවත් වීමට මනා රුකුලක් වෙයි
කෙසේ නමුත් අමු මඤ්ඤොක්කා කෑම අනුමත කළ නොහැක.
මෙයට හේතුව නම් ආහාර මාර්ගයේ සිටින ක්ෂුද්‍ර ජීවින්ගේ එන්සයිම මගින් ද සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රිජන් සයනයිඩ් (HCN) බවට හැරවිය හැකි බැවිනි.
ඒ වගේම ඉඟුරු තුළද ලිනමරේස් එන්සයිමය බහුලව පවතින අතර එමගින් මඤ්ඤොක්කා වල පවතින සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් විය හැක.
එනිසා මඤ්ඤොක්කා සමඟ ඉඟුරු හෝ ඉඟුරු වලින් සාදන ලද කිසිදු ආහාරයක් නොගත යුතුය. (ඉඟුරු බිස්කට් ජින්ජර් බියර්… වැනි) සමහරුන් මාංශ පිළියෙළ කරනවිටද ඉඟුරු දමයි. මස් හොදි සමඟ මඤ්ඤොක්කා කෑමට ගෙන මෙම රෝග ලක්ෂණ පහළ වූ අවස්ථා පිළිබඳවද අසන්නට ලැබේ.
මඤ්ඤොක්කා විෂවීමකදී පහත ලක්ෂණ පහළ විය හැක.

හුස්ම ගැනීමේ වේගය වැඩිවීම (Rapid Respiration)
රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට, වඩා පහත මට්ටමකට වැටිය හැක ( Dropping of Blood Preassure)
පපුව ගැහෙන බව (Palpitation, Rapid pulse)
නිදිමත ගතිය හා හිසරදය.(Drowsiness and Headache)
ආමාශ හෝ බඩේ වේදනාවන් (Stomach pain)
වමනය (Vomiting)
දියරමය මළ පහ වීම , පාචන තත්වයන් (Diarrhoea)
මනස ව්‍යාකූල වීම ( Mental Confusion ),
මාංශපේශීන්ගේ ඇති වන හිරිවැටීම් හා ගැස්සීම් (Twitching)
ක්ලාන්තය හා සිහි නැතිවීම ( Convulsions) දීර්ගකාලීනව විෂ සුළුවශයෙන් ශරීර ගතවීමෙන් ගලගණ්ඩය ( Goitre)
යකඩ උරාගැනීම අඩු වීම
ඇවිදින විට විසීවෙන සුළු ගතියක් ( Unstable gait) පවා ඇති විය හැක.

විශාල ප්‍රමාණවලින් සෑහෙන කාලයක් ආහාරයට ගතහොත් ක්‍රමක්‍රමයෙන් ශරීරයේ සයනයිඩ් ප්‍රමාණය වැඩිවී මරණය පවා සිදුවිය හැක.
 ආහාරයට ගැනීමෙන් පසු ඉහත ලක්ෂණ පහළ වුවහොත් ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍යය.
Source - ප්‍රජා විශේෂඥ වෛද්‍ය Uthpala Amarasinghe. (සුව වරුණ)
උපුටාගැනීමකි .
මුල් හිමිකරුට ස්තුතිය

A day in the life

0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon