Thursday, January 16, 2025

බුරුවා සහ යක්ෂයා



බූරුවෙකු ගසකට බැඳ තිබිණි. යක්ෂයෙක් ඇවිත් ලනුව ලිහා දැමුවේය. එවිට බූරුවා කුඹුරකට දිව ගොස් වගාව විනාශ කිරීමට පටන් ගත්තේය.
කුඹුර හිමි ගොවියාගේ බිරිඳ මෙය දුටු විට ඇය බූරුවාට වෙඩි තබා මරා දැමුවාය. බූරුවාගේ හිමිකරු කොතරම් කලබල වීද යත් ඔහු එසැනින් ගොවියාගේ බිරිඳට වෙඩි තැබීය.
ගොවියා ආපසු පැමිණි විට, තම බිරිඳ මියගොස් ඇති බව දැක දුවගොස් බූරුවාගේ හිමිකරුට වෙඩි තැබීය.
බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ තම පුතුන්ට ඔවුන්ගේ පියාගේ මරණයට පළිගැනීමට ගොවියාගේ නිවස ගිනිබත් කරන මෙන් ඉල්ලාසිටියේය.
පිරිමි ළමයින් සවස් වරුවේ ගොස් ගොවියා ද නිවස සමඟ පණපිටින් පිලිස්සෙනු ඇතැයි උපකල්පනය කරමින් මවගේ නියෝගය සතුටින් ඉටු කළහ.
කෙසේ නමුත් ඔවුන් එසේ ගිනිතබන විට ගොවියා ගෙදර නොසිටියේය. ආපසු පැමිණි විට,තම නිවසේ පිලිස්සීගිය සැකිල්ල දුටු ඔහු වහාම ගොස් බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනාට වෙඩි තැබීය.
සිදුවූ සියල්ලෙන් පසුතැවිල්ලට පත් ගොවියා යක්ෂයාගෙන් ඇසුවේ "ඇයි මේ සියලු භයානක දේ මෙලෙස සිදුකලේ" කියා
භූතයා පිළිතුරු දෙමින්,
“ඇයි, මම කිසිවක් කළේ නැහැ!
බූරුවා නිදහස් කිරීම හැර.
තම තමන්ගේ අභ්‍යන්තර යක්ෂයා අවධිකර, අත්තනෝමතික ලෙස ක්‍රියාකොට ඔහුව නිදහස් කළේ ඔබ සැවොමය” කීවේය.
ඔබට එය තේරුණාද?
යක්ෂයා කිසිවක් නොකරන නමුත් නපුරු චේතනා බවට හැරී අන් අයට හානියක් කිරීමට ඔබ තුළ ඇති හැකියාව අවුලුවාලමින් ඔබව අවදි කරයි.
පළිගැනීමට, ප්‍රතිචාර දැක්වීමට, වාර්තා කිරීමට, තරවටු කිරීමට හෝ පළිගැනීමට පෙර ඊළඟ වතාවේ කෙටි විරාමයක් තබා සිතන්න.
ප්‍රවේශම්වෙන්න.
බොහෝ විට, යක්ෂයාට කළ යුතු එකම දෙය නම් බූරුවා අපෙන් නිදහස් කිරීමයි.
අද මේ වනවිටත් අපේ ජනමාධ්‍ය , සමාජ මාධ්‍ය සග දේශපාලනඥයින් අපේ මනසේ සිටින බූරුවා නිදහස් කරමින් සිටී.
ඔවුන්ගේ උත්තේජනයෙන් ජීවිතයේ කිසි දිනෙක දැක නැති අයට පරුෂ වචනයෙන් බනිමින් අපි බූරුවා මෙන්ම හැසිරෙමින් සිටිමු. ක්‍රියාත්මක වන්නටපෙර නැවතත් සිතන්න.....

 

ඉෂාරා මධුවන්ති ගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටාගැනීමකි


A day in the life

2 comments:

ධර්මඅජිත් - ලන්ඩන් said...

යක්‍ෂයාට අසුවෙන්න එපා මල්ලි. ඒවා නරක දේවල්. දෙවියන්ට යාඥඥා කරන්න උදේට දවල්ට රෑට.

ඇයි අනික් වෙලේට. එවිට හොදයි.

අපි හිතමුකෝ කෑමට පෙර. ඉන් පසු කෑමට පසු. නෑමට පෙර. පසු. නින්දට පෙර.
එවිට නපුරා එන්නේ නැහැ.

අපි එසේ කරන විට සතුට උදා වෙයි.

මෙය රසවත් කතාවක් නෙමේ. බයංකාර එකක්. ළමයිට සුදුසු නෑ. මන්ද මරණය ගැන මිනීමැරුම් ගැන, ගිණි තෑබීම් ගැන ඇති බැවිනි.

එම කොටස් ඉවත් කර ළමුන් වෙනුවෙන් දැයේ පුංචි දුවා දරුවන් වෙනුවෙන් මෙය කියවමු.

මෙයට ලන්ඩනයේ ප්‍රවීණ බ්ලොග්කරු ධර්මඅජිත් ආචාර්ය මැතිතුමා

මතුගම අනඳපිය කුඩාහීති said...

සිංහල ජාතිකවාදියා සහ දෙමළ සාහිත්‍යදරයා අතර වෙනස පෙන්නුම් කරන කතන්දරයකි.

මෙහිදී පළමුව අප සලකා බැලිය යුත්තේ ගම මාහගේ සහ ගම මාමහගේ ගේ අල්ලපු ගෙදර එම කාන්තාව මුහුණ දෙන මානසික ව්‍යංගය පිළිබඳවයි.
උදාහරණයක් වශයෙන් ගම මහගේ විසින් සිය මානසික ව්‍යාකූලත්වය පෙන්නුම් කිරීම සඳහා බූරුවෙකුගේ චරිත ලක්ෂණ මෙම කතාව තුළ උලුප්පා දක්වා ඇත.

අප සෑම දෙනා තුළම බූරුවෙකු මෙන්ම බැටළුවෙක්ද වාසය කරයි. උදාහරණයක් වශයෙන් අප සිංහල සාහිත්‍යයදරයේ එන බැද්දේගම නවකතාවේ සිලිදුගේ චරිතය සලකා බලමු.

සිළිඳු හට අවට පරිසරයෙන් එන පීඩා හමුවේ ඔහු කිසිදු උක්කලීකාව බවක් පෙන්නුම් නොකරයි ඔහු නිස්මලේ සිටි. ඔහු ආවේගයට පත්වන්නේ කුමකටද අප දන්නේද නොදන්නේද.

ඉහත සඳහන් නවකතාවේද ස්වංකීයව අප මුහුණ දෙන සවිඥානය එයයි. සිළිඳු හා ගොවියා අතර සමානාත්මතාවය පිළිබඳවද මෙම ධනවාදී සමාජය තුළ සාකච්ඡාවට බඳුන් නොකරන්නේ මන්ද. ඒ අනෙකාගේ වේදනාව නොදන්නා බැවින්ද. ධනවාදයේ අරමුණ වන්නේ උපරිම වශයෙන් සැප විඳීමය. එහිදී අනෙකා මුහුණ දෙන ගැටලුව තමන්ට අදාළ නොවේ.

මෙම බ්ලොග් රචකයා සඳහන් කරන අන්දමට මොහුගේ නම මම සිතන්නේ මීදුම විය යුතුයි, නිවැරදි කිරීමට යටත්ව 'ගොවියා යක්ෂයාගෙන් ඇසුවේ "ඇයි මේ සියලු භයානක දේ මෙලෙස සිදුකලේ" කියා

භූතයා පිළිතුරු දෙමින්,

“ඇයි, මම කිසිවක් කළේ නැහැ!
බූරුවා නිදහස් කිරීම හැර.

තම තමන්ගේ අභ්‍යන්තර යක්ෂයා අවධිකර, අත්තනෝමතික ලෙස ක්‍රියාකොට ඔහුව නිදහස් කළේ ඔබ සැවොමය” කීවේය.'

ඉහත ඡේදය සලකා බලමු. ඇයි මම කිසිවක් නිදහස් කලේ නැහැ. එසේ නම් ඔහු නිදහස් කලේ කුමක්ද. ස්වංකීය මනෝභාවයද.

ඉහත සඳහන් කොටස මගින් මීදුම රචකයා එම සත්වයන් මුහුණ දෙන ධනවාදී චින්තනය පිළිබඳව ඇති අර්බුදය මනාව පෙන්නුම් කොට ඇත.

නව ලිබරල්වාදී දක්ෂිණාංශික බලවේග විසින් දැන් මාධ්‍ය මගින් සියලුම දෙනාගේ චින්තන ධාරාව වෙනස් කොට ඔවුන්ව මෙහෙ වීමට කටයුතු කරනා බව දැනගත යුතුය.

ප්‍රවේසම් වන්න ඔබ සතුරාගෙන් ප්‍රවේසම් වීමට යෑමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ පිටත ඇති සතුරා ගැන නොව ඔබ ඔබගේ අභ්‍යන්තර සතුරා කෙරෙහිමය.

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon