වැසිකිළි භාවිතය 12 වන සියවසට
ඇටෑච් ටොයිලට් හෝ වැසිකිළි භාවිතය අපිට පුරුදු කලේ සුද්දා නොව අපේම මුතුන්මිත්තන්ය !
පඬුවස්නුවර රාජධානියේ ඇති ගොඩනැගීම් ආදියේ නටඹුන් 12 වන සියවසට හා පොළොන්නරු යුගයට අයත් වන බවට පුරාවිද්‍යාඥයින් හඳුනාගැනීමත් සමඟ එහි පැවති රාජ මාළිගය පඬුවස්දෙව් රජුගේ මාළිඟාව බවට පවතින ජනප්‍රවාදය යම්තාක් බිඳ වැටෙනවා. ඒ අනුව නිශ්චිතව කවරෙකු ඉදිකලාදැයි පැහැදිලි නැතත් රාජධානී භූමියෙන් හමුවන ශිලා ලේඛණ (නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපිය) මගින් මේ මාළිඟය එවකට දක්ෂිණ දේශකයේ ප්‍රාදේශීය පාලකයා වශයෙන් සිටි පළමු වන පරාක්‍රමබාහු රජුගේ මාළිඟය බවට සනාථ කරලා තිබෙනවා.
අංග සම්පූර්ණ තෙමහල් රජ මාළිඟාවක් වූ එහි එක් විශේෂත්වයක් තමයි මාළිඟාව ඇතුළත රජු වෙනුවෙන් ගොඩනඟා තිබූ සනීපාරක්ෂක පද්ධතිය.
කළුගලින් කපා ඇති කැසිකිළි ගල අඩි 7ක් ගැඹුරු මලාපවහන පද්ධතියකට ඌරාකැට වළලු ලෙස හඳුන්වන මැටි වළලු බැස්සූ වලට පිළිස්සු මැටි ගඩොල් ස්ථර ඇතුළත හා පිටත තැම්පත් කර සකසා කරමින්. පරිසරයට අපිරිසිදු මල ජලය මුදා හැරීමට වැළැක්වීම වෙනුවෙන් ගල්, බොරළු, වැලි, අඟුරු සහිත බණිජ ස්ථර කිහිපයක් ඔස්සේ ඒවා පෙරීමට ලක්වී පිරිසිදු ජලය පමණක් මහ පොළවට එක්වන ලෙසටයි මෙම සනීපාරක්ෂක තාක්ෂණය භාවිතා කරමින් වැසිකිළි පද්ධතිය මාළිගය තුළම සකස් කර තිබෙන්නේ.
රාජකීය වැසිකිළි වලින් අඩි 40/50 එහායින් පොකුණ පැවතෙන්නේ වර්තමානයේ පිරිසිදු ජලයට අපජලය එක්වීම වැළැක්වීමට ලිඳ සහ වැසිකිළි වල අතර දුරපරතරය පවත්වා ගෙන යාමේ සෞඛ්‍ය සම්පන්න හේතුව වෙනුවෙන්ම විය යුතුයි.
Rasa - රස මෙටාවට යොමු කල වියමනක්
A day in the life
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
3 days ago
2 comments:
වැසිකිලි සමාජිය අංගයක් හැටියට සෑම දියුණු සමාජයකම පැවතුනා
සුද්දට කලින් අපි තමයි අරක කොලේ කියල පාරම්භාන එක තමයි දරාගන්න අමාරු
බොහෝ විට අපේ අගයීමට යොදා ගන්නා එක් මිණුම් දණ්ඩක් තමයයි “ සුද්දට කලින් අපි කලා කියන එක “ ඒත් සුද්දා අපිට ඉස්සර වෙලා යන ගමන තේරුම් ගන්නේ නෑ. අපි නැවතිලා කියලා හිතන්නේ නැහැ.
Post a Comment