Thursday, January 02, 2014

sex



 


කිසියම් කාල නියදියක් තුල Sex යන අකුරු තුන  පරිගණකයෙහි වැඩිම වාර ගණනක්‌ ටයිප් කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ වෙසෙන ජනයා බව ‍ගිය සතියේ පලවිය.
පෘථග්ජන හැම මිනිසෙක් තුළම ගෝත්‍රික ලක්‍ෂණ යටපත්වී තිබේ. එම ලක්‍ෂණ සමූහය වනචරකම්, කෘරකම්, බඩජාරිකම් යනාදියෙන් සමන්විතය. මිනිහෙක්‌ උගතකු වූ තරමට මේ ප්‍රාථමික ගති ලක්‍ෂණ යටපත් කරගෙන ශිෂ්ට සමාජයේ  ලකුණු තම තන්ගේ ජීවිතවලට  ආදේශ කර ගැණිම ශිෂ්ඨත්වයේ එක් ලක්‍ෂනයක්ය.
එහෙත් සමහර විට, සමහර අයට යටපත්වූ එම ලක්‍ෂණයන්  වැටවල් සහ තාප්ප කඩාගෙන ඉස්‌මතු වන්නේය
පසුගිය දාක අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයෙකු වැසිකිළියක සී. සී. ටී. වී. කැමරාවක් සවිකරගෙන වැසිකිලියේ සිදුවන කාර්යන් නිරීක්‍ෂණය කරන්න යාමෙන් රිමාන්ඩ් ගතවන්න සිදුවු පුවතත් පලවිය.  කලකට පෙර මීගමුව රෝහලේ  වෛද්‍යවරයෙකු රෝගී තරුණියක දූෂණය කර ඉහළ මාලයකින් පහළට ඇද දමා මරාදැමීමේ  සිද්ධියද  සිහිපත් විය.  මේ රෝගය වෛද්‍යවරුන්ට පමනක් නොව  නීතිඥවරුනට ගුරුවරුනට  අමන සමාජ සේවකයනට ( දේශපාළුවන්ට ) සහ වෙනත් වෟත්තිකයන්ටද  බෝවී තිබු බව පසුගිය කාලයේ පලවු තිබු මාධ්‍ය වාර්තා පෙරලන විට යලි  සිහිපත් කර ගත හැක.
පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගය  ලිංගික කාර්යයන්  හැදින්වීම සදහා සිංහල භාෂාවේ නොයෙක් සුමට වචන තිබේ. අසන , කියවන  කාටත් පිළිකුල් සහගත නොවන අයුරින් මේ වචන භාවිතා කල හැකිය. එහෙත් සමහරුනට එක්වරම සිහිපත් වන්නේ අසන්න  අප්‍රිය වචනයන් වුවත් සිහි බුද්ධියෙන් යුතු ඇත්තෝ මේ වචන එක්වරම වමාරන්නේ නැත. සමහරු මේ වචන භාවිතයේ යොදා ගන්නේ කිසිදු හිරිකිතයක් හෝ නැතිවමය.


මේ භාෂාවේ වචන හසුරුවන හැටි පිලිබවද   සිහිපත්වු අන්දමය. වචන හසුරුවන අන්දමින් හසුරුවන පුද්ගලයා ගැන චිත්‍රයක් අසන බලන ඇත්තන්ට මවා ගත හැක.
පහ වසර,  අ.පො.ස. සා.පෙළ, උසස්‌ පෙළ පමණක්‌ නොව විශ්ව විද්‍යාල උපාධියද සමත් වූ නමුත්  පුද්ගලයින්ට  විනීතභාවය සහ ආත්ම සංයමය යන විභාග දෙක සමත් වන්නට බැරි වීම වර්තමාන සමාඩය තුල දක්නට ඇති එක් ලක්‍ෂණයක්ය.
මොවුන් ජන සමාජය  පිලිබදව අවබෝධයක් ලබා ගෙන නැතිවීමත් මේ අසම්මත ක්‍රියාවලින්  පිලිබිමු වන කාරනවක්ය. එසේ අවබෝධයක් ලබා ගැණිමට අපේ අධ්‍යාපන තරගය තුල ඉඩක් ලබා නැත.



notes of imaginary

Wednesday, January 01, 2014

කුමටද සොබනියෙ කදුළු සලන්නේ


කුමටද සොබනියේ කදුළු සලන්නේ ................ විනෝද චාරිකාවක, සහෘද සාදයක  මේ ප්‍රශ්නය  මතු නොවන අවස්ථා නැති තරම්.
නරි බෑනා නාට්‍යයයේ එන ජනප්‍රිය ගීතයක්. එක්ක අළුත් අවුරුද්දට අළුත් සිතිවිල්ලක්.

අද ජනවාරි පලවෙනිදා.

අද උදේ පාන්දරම මට  president ,  ගෙන්   sms  එකක්  ?

මට හෙන ජොලි.

“.......................Oba samata
suba nawa wasarak weva !’
Ungal ellorukum
iniya puththadu vaalthukkl !
Wish you all a
very  Happy new year! ......................

උන්නැහේගේ ප්‍රර්ථනාව ලැබුනම reply එකක් අරින්න බැළුවා.
අළුත් අවුරුද්දේ මගේ නැවුම් ප්‍රාර්ථනාව උඩු හුළගට කැරකිලා ගියා. Message   එකට   Reply  කරන්න බැරිව.
ඔය වගේ හිතවත් අය තමයි අපිට ඉන්නේ .

අපිට වෙන සංගදි  මේ ගීතය වගේ නොවුනත් මේ වගේ පූච්චානම් බස් අහලාම  අපේ  ඹළු පිරිලා. නරක්වෙලා. ඔය දේශපාලක උන්නැහේලා වේදිකාවේ කියන කතා සිහිපත් කරමු. උන්නැහේලා කට ඇරියොත් කියන්නේ මේ සිංදුවනේ ?.

ආශ්චර්ය කරා යන ගමනත්  මේ සිදුවේ තේමාව නේ ...........මට හිතුනා

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම් ........................................

හේතුව  දැන් හිතාගන්න පුළුන්නේ.

හවස් වෙනකම් ඉන්නේ නැතිව යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක සෙට් වුනා ගිණි දවල්ම. ගානට පදම් වුනා විතරයි මතක් වුනා සොබනිව...................................

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ

සද පායන කල ගලබඩ ඉදගෙන
ඔබෙ හිස පීරන්නම්
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විසිරුණු සුදුවැලි මතුපිට
ඔබගෙන ඇවිදින්නම්
ඔබ ගෙන ඇවිදින්නම්

සොදුරියෙ ආදරබස් දෙන්නම්
සොදුරියෙ ආදරබස් දෙන්නම්

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ

තණ අග දිලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇග දෝවන්නම්
ඔබෙ ඇග දෝවන්නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන ඔබෙ හිස සරසන්නම්
ඔබෙ හිස සරසන්නම්

කොමලියෙ ආදරබස් දෙන්නම්
කොමලියෙ ආදරබස් දෙන්නම්



නරිබෑනා  -  දයානන්ද ගුණවර්ධන යන්ගේ

මුල් ගායනය: ජය ශ්‍රී චන්ද්‍රජිත්

https://www.youtube.com/watch?v=Jmj_JqxY1hA
කාලයක් යන කොට උතුරේ ඇත්තන්ට එපා කියන ජාතික ගීතයට මේ ගීතය ආදේශ  කරන්නත් දවසක් ඒවී. 

notes of imaginary

Monday, December 30, 2013

පෙම් සුවද දැනේවා !




අවුරුද්ද ගෙවී ගෙන යනවා. තව දවසකින් ( හෙට ) ගෙවිලා යද්දී නැගණහිර අහසින් ඉර පායන්නේ අළුත් අවුරුද්දකට.
අපිට අළුත් අවුරුදු උත්සව දෙකක් තිබුනත් බිත්තියට අළුත් කැලැන්ඩරයක් එක්වෙන්නේ ජනවාරි පලවෙනිදාට. නිල අළුත් අවුරුද්ද  පටන් ගන්නේ ජනවාරි පලවෙනිදායින්. කාගේදෝ පිස්සු උපදේශයකින් ජනවාරිදා රජයේ නිවාඩු දවසක් වෙලා තිබුනා කාලයක්. නිවාඩු දිනය නම් කරලා තිබුනේ ජාතික වීර දිනය කියලා. සැප්තැම්බර් 26 වෙනිදාට තිබුන රජයේ නිවාඩු දිනය මැකිලා  ජනවාරි පලවෙනිදාට නිවාඩු දිනයක් ඇදුන කියලයි කඩුල්ලට මතක.  
කොහොමත් අළුත්ම අවුරුද්දක් ලෙස සම්මත කරගත්ත ජනවාරි පලවෙනිදා ගෙදරට ගුලි වෙලා කම්මැලියෙන් ඉන්නවට වඩා තම තමන්ගේ රාජකාරි ස්ථාන වල ඕපාදූප කිය කියා  හරි අළුත් අවුරුද්දක් පටන් ගන්න එක සුභ ලක්‍ෂනයක් !.
ජනවාරි පලවෙනිද දවස අවුරුද්දේ පලවෙනි දවස  ලෙස නම් කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්වයේ රෝමයේ රජකල හුමා පොට්පිල්යූස් රජතුමා. මේ වන විට රෝම කැලැන්ඩරය මාර්තු මාසයෙන් පටන් අරන් දෙැසැම්බර් මාසයෙන් අවසන් වෙලා තිබුනා. හුමා පොට්පිල්යූස් රජතුමා මේ කැලැන්ඩරයේ මුලට තව මාස දෙකක් එකතු කලා ජනවාරි පෙබරවාරි කියලා. දැන් මාස දොලහයි. ජනවාරි මාසේ තමයි අවුරුද්දේ පලවන මාසය.
පොට්පිල්යූස්ගේ ජනවාරි මාසෙට තිබුනේ දින තිහයි. ජුලියස් සීසර් තමයි ජනවාරි මාසෙට දින තිස් එක කරලා  කැලැන්ඩරය අද තත්වයට යාවත්කාලීන කලේ .රෝම අධිපති දෙවිවරයෙක් වන ජානුස් මුල් කරගෙන ජනවාරි මාසය නම්වෙලා තියෙන්නේ . ලොව සිදුවන සියළු කටයුතු වලට ආරම්භය ලබා දෙන්නෙ ජානුස් දෙවියන් කියලයි රෝම වරුන්ගේ මතය. ඒ නිසා ජානුස් දෙවියන්ට  අවුරුද්දේ මුල් මාසය වෙන්වුනා !.
1522  දී ඒ වර්ෂයේ සිට ජනවාරි පලවෙනිදා වසරේ මුල් දිනය ලෙස පිලිගත් පලමු ජනරජය වැනිස් ජනරජය ලෙස සදහන් වෙනවා. පසුකාලීනව රෝමන් අධිරාජ්‍යයත්, ස්පාඤ්ඤය ,පෘතුගාලය, ස්විඩීනය ,හා  ප්‍රංශය වැනි රටවල් සිට ලෝකයම අද වන විට ජනවාරි පලවෙනිදා වසරේ මුල් දිනය ලෙස සලකනවා. අපේ රටත් පෟතුගීසී ආගමනයත් සමග වෙනස් වුන සස්කෘතික ලක්‍ෂනත් ජාත්‍යාන්තරයට ඇති නැදෑකම නිසාත් අවුරුද්දේ මුල් දවස ජනවාරි වෙලා.  
අපේ සිත් තුල අපි මොහොතින් මොහොත මැරි මැරී උපදිනවා. දවසත් ඒ වගෙයි කියලා කඩුල්ලට හිතෙනවා. අපේ මැරෙන සිත යලිත් උපදින්නේ අළුත් බලාපොරොත්තු ඇතිව අළුත් හැගීම් ඇතිව. දවසත් මියගිහින් හෙට නැගණහිරින් ඉර පායන්නේ නැවුම් අළුත් දවසකට නැවුම් බලාපෙරොත්තු පුරවාගෙන. එසේ නොවනවා නම් අපි මැරෙන්නේ එකවරයි.  එහෙම වෙනවා නම් හොදයි කියලා සිත් තුල ප්‍රකාශවුනත් ඒ ව්‍යාජයක්. අපේ සිත් බලාපොරොත්තුවන්නේ  මැරි මැරී  ජීවත්වන්නමයි. මනුෂ්‍ය ස්වභාවයේ ලක්‍ෂණය එහෙමයි.
කලාවැව තේමා කරගෙන විශාරද අමරසිරි පීරිස්  ගයන මේ ගීතය අහන්න. අපේ හිත් කලා වැව වගෙයි. විටක පිරෙනවා. විටක හිදෙනවා. ආයෙත් පිරෙනවා. පිරුන වැව් පතුල අපිට පේන්නේ නැහැ. කලාවැවේ පිරුන සරන සුදු නෙළුම් විතරයි  චමත්කාරයෙන් දිලෙන නිල්දියවරත් සමග පෙනෙන්නේ. වැව හිදෙනවිට   වැව් පතුලේ  තැන්පත් වුන කටු කොහොල් නැවත පෙනෙනවා.අපේ හිත් කඩා වැටුනම හිතේ තැන්පත්වුන කටු කොහොලින් වේදනා දෙනවා. මේ ගීතයේ අවසාන පද මෙහෙම ලියවෙනවා.
...............පිරුන වැව් ජලයේ  - සුදුනෙළුම් සරනවා
හැදුන හිත් මඩලේ -  පෙම් සුවද දැනෙනවා......... පෙම් සුවද ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ලෙසම  කඩුල්ලට දැනෙන්නේ නෑ. මේ පෙම් සුවද  ඉන් එහා පැතිර ගිය මානුෂිකවු ප්‍රෙමයයි.

 “කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.

කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.

හිදුන වැව් පතුලේ  -  කටු කොහොල් පෙනෙනවා
රිදුන හිත් මඩලේ - සෝසුම් දැවෙනවා

කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.

පිරුන වැව් ජලයේ  - සුදුනෙළුම් සරනවා
හැදුන හිත් මඩලේ -  පෙම් සුවද දැනෙනවා

කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.
කලා වැව හිදෙනවා - ආයෙමත් පිරෙනවා
මගේ හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා..................................


අපේ ජීවිතය ගෙවී යන්නේ එසේමයි කඩුල්ල හිතනවා.

2014 වසරේ ජනවාරි පලවෙනිදා සිටම  ඔබේ සිහින සැබෑ වේවා!
සියළු බලාපොරොත්තු සැබෑවේවා !!
බිදෙන  හිත් මඩලේ -  පෙම් සුවද දැනේවා !!!



notes of imaginary

Tuesday, December 24, 2013

MERRY CHRISTMAS !.



මා කිතුනුවෙකු නොවේ. කිතුනුවෙකු නොවන මගේ ඇසින්  නත්තල මම දකින විට යම් යම් අඩුපාඩු සිදුවිය හැකියි. එබැවින් කියවන්නෝ මා කෙරෙහි කමා විය යුතුය. වරද පෙන්වා දිය යුතුය.තරවටු නොකල යුතුය.
කිතු සමිදාණන් මෙලොව බිහිවීම සමරන නත්තල ලොව පුරා කිතුනුවෝ ඉතා උත්කෘෂ්ඨ අන්දමින් සමරමින් පවත්වන  උත්සවයකි. නත්තල ආගමික උත්සවයකට වඩා සැණකෙළියක ස්‌වරූපය දරන බව  කඩුල්ල ට සිතෙයි.නත්තලයනුවෙන් සමරනු ලබන ආගමික උත්සවය ශාන්ත ලූකස්‌තුමාගේ සුවිශේෂයේ සඳහන්ව ඇති අන්දමට  ලයාන්විත සිත් සසල කරන පුවතකි .
ජන සංගණනයක්‌ සඳහා තම උත්පත්ති ප්‍රදේශයට පැමිණිය යුතු යෑයි එකල රෝම අධිරාජ්‍යයා වූ ඔගස්‌ටස්සීසර් සියලුම යටත් වැසියනට නියෝග කළේය. මේ අනුව දාවිත්ගේ රාජ්‍යයෙන් ( තම උපන්  දේශයට)      පැවත ආ ශාන්ත ජුසේතුමා ගැබ්බර මරියතුමිය සමඟ බෙත්ලෙහෙම් නගරය කරා පැමිණියේය. එදින බෙත්ලෙහෙම් නුවර නවාතැන් පලවල්  සියල්ල පිරී ඉතිරී පැවැති හෙයින් ජුසේතුමාට සහ මරියතුමිය ලැගුම් ගැනීමට සිදුවූයේ බෙත්ලෙහෙම් නුවර කොනක පාළු ගව ලෙනකයි.
මෙම ගවහලේදී විළිරුදාව ලත් මරියතුමියට ගව ඔරුවක දිව්‍ය බිළිදුන්  මෙලොවට බිහි කළාය.
ලෝකය පවින් ගලවා ගැනීම සඳහා මෙලොව එලිය දුටු ඒ  දෙව් මහෝත්තමයාණන් වූ ඒ දිව්‍ය බිළිදුන්  මෙලොවට බිහිවූ  ශුභාරංචිය සුර දූතයන් විසින් බෙත්ලෙහෙම් නුවර අසල තැනිතලාවක තම බැටළුවන් රැක බලා ගනිමින් සිටි අහිංසක එඩේරුන්ට පලමුව ප්‍රකාශ කරන විට බෙත්ලෙහෙම් නුවර බොජුන්හල්වල හා තානායම්වල කමින් බොමින් හා නටමින් ප්‍රීති වූ වරප්‍රසාද ලත් උසස්‌ පංතියට එම සුභ ආරංචිය නොඇසුනි.
කිතුනු උපත සැමරීම සෑම වසරකම දෙසැම්බර් මස 25 දින නත්තල් උත්සවය පවත්වනු ලබන නමුත් බයිබලයේ කොතැනකවත් ක්‍රිස්‌තුන් වහන්සේගේ  උපන් දිනය  නොමැති බව සදහන්ය. 3 වැනි ශතවර්ෂය වන තෙක්‌ම නත්තල කිතුනු මංගල්‍යයක්‌ ලෙස සමරා නොමැති බව සදහන්වේ. ප්‍රධානතම කිතුනු මංගල්‍යය ලෙස  ක්‍රිස්‌තුන් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම සමරන පාස්‌කු මංගල්‍යය  බව සදහන් වේ . බෙත්ලෙහෙම් නුවරට  වැසි හා කුණාටු සහිත ශීත සෘතුව වූ දෙසැම්බර් මස එඩේරුන්  තම බැටළුවන් රැකබලා ගැනීම සඳහා තැනිතලාවක නිරත වූයේ යෑයි සිතිය නොහැකි අතර නියත වශයෙන් කිතුනු උපත සිදුවූයේ අගෝස්‌තු මස දිනයකදී යෑයිද  කියනු ලැබේ.
කිතුනු උපතටත්  පෙර රෝමන්වරුන් විසින් දෙසැම්බර් මස 25 වැනි දින හිරු පිදීමේ උත්සවයක්‌ පවත්වා ඇත . 3 වැනි ශතවර්ෂයේදී රෝම අධිරාජ්‍යය කිතු දහම වැළඳගත් පසු  නරපති කොන්ස්‌ටන්ටයින් අධිරාජ්‍යයා රෝමන්වරුන්ගේ හිරු පිදීමේ උත්සවය වෙනුවට එදින කිතුනු උපත සැමරීමට යොදාගත යුතු යෑයි නියෝග කළේය.  ක්‍රි. . 325  දී පාප් පදවිය දැරූ රෝමයේ අගරදගුරු ලිබෝරියස්‌ තුමා දෙසැම්බර් මස 25 දින කිතුනු උපත සැමරීම සඳහා නත්තල් උත්සවය පැවැත්වීම අනුමත කළේය.
මෙසේ කිතුනු උපත හෙවත් නත්තල දෙසැම්බර් 25 දින පැවැත්වීමට සම්මුතියක්‌ ඇතිවූ පසු කලින් පැවැති රෝමවරුන්ගේ හිරු පිදීමේ උත්සවය, ග්‍රීක්‌වරුන්ගේ සැටරනිලා උත්සවය හා යුරෝපයේ අනෙකුත් කාලීන උත්සවයන්ගේ අංගෝපාංග හා සම්ප්‍රදායන්ද  නත්තල් උත්සවය හා එක්වීමෙන්   ආගමික උත්සවයකට වඩා   විනෝදකාමී සැණකෙළියක්‌ බවට නත්තල් උත්සවය  විකාශණයවේ.
මෙරටද පෘතුගීසි යුගයේ පටන් නත්තල මහත් උත්සවශ්‍රීයෙන් පවත්වා ඇත. කිතුණ බැතිමතුන් නත්තල මහා පරිමාණයෙන් හා සැණකෙලි ස්‌වරූපයෙන් පවත්වනු ලබන ආගමික උත්සවයකි.
මෙකල නත්තලද වෙලෙන්දන්ගේ ග්‍රහණයට පත්ව ඇත.ඔක්තෝම්බර අවසාන සතියේ පටන් මාධ්‍ය නත්තල දඩයම් බිමක් බවට පත් කරගනී.  ගුවන් විදුලියේ රූපවාහිණියේ පුවත්පත්වල  නත්තල් වෙළෙඳ භාණ්ඩ අලවි කරගැණිමේ මෙහෙයුම් දියත්වේ.  වෙළෙඳසල් නොයෙක්‌ මාදිලියේ ඇඳුම් - පැළඳුම්, ආහාරපාන හා විසිතුරු භාණ්‌ඩ ආදියෙන් පිරී ඉතිරී යයි. නත්තල ආසන්න වෙත්ම සාප්පු සවාරි යන්නන් නිසා නගර මහත් තදබදයකි.  අපිට සිතිය නොහැකි තරම් මිල ගනන් වටිනා නත්තල් හැම්පර වෙළෙඳසල්වලින් තෑගි දීම සඳහා අලෙවි වේ.ලංකාවේ සෑම නගරයකම පාහේ ප්‍රධාන හෝටල් වල නත්තල් සඳහා නොයෙකුත් සාදයන් හා බාල් නැටුම්ද සංවිධානය කරනු ලැබේ.
මධ්‍යහන යුගයේදී නත්තල් සම්ප්‍රදායයන්ගෙන් මුල් තැන හිමිවනුයේ ශාන්ත ප්‍රැන්සිස්‌ අසිසිතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ ගවලෙනටය. නත්තල් සමයේදී සෑම දෙව්මැඳුරක මෙන්ම කිතුනු නිවසක ද ගව හලක කිතුනු සමිදාණන්ගේ උපත ද දක්‌වන ගවලෙනට විශේෂ තැනක්‌ හිමිවේ.
බොහෝ නත්තල් ශුභ පැතුම් පත්වලද ගවලෙන දක්‌වන චිත්‍රයක්‌ දක්‌නට ලැබේ.කැරොල් ගායනයද තවත් විශේෂ නත්තල් සම්ප්‍රදායයකි. කැරොල් ගායනයෙහි ප්‍රධාන තේමාව සුර දූතයන් කිතු උපත එඩේරුන්ට ප්‍රකාශ කිරීම වන අතර නත්තල් සමයේදී කැරොල් ගායනය ලොව පුරාම පවත්වනු ලැබේ. ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොවට බිහිවූයේ අන්ත අසරණ දූගී බිළිඳකු වශයෙන් නිසා නත්තල් සමයේදී දූගී දූ දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ. ඒ අනුව දිළිඳු දරුවන්ට සෙල්ලම් බඩු හා අනෙකුත් තෑගි ගෙනෙන නත්තල් සීයා සෑම රටකම දක්‌නට ලැබෙන නත්තල් විශේෂාංගයකි.
එහෙත් දැන් තත්ත්වය වෙනස්‌ වී ඇත. එදා කිතු උපත පිළිබිඹු කළ නත්තල් සම්ප්‍රදායන් මෙදා වාණිජමය හා වෙළෙඳපොළ ප්‍රයත්නයන් විසින් විනාශ කරමින් යටපත් වෙමින් පවතී. අද නත්තල් ගවලෙන එහි තිබෙන ශුද්ධවත්භාවය හා සරල සුන්දරත්වයට වඩා තම පුරාජේරුව ප්‍රදර්ශනය කරන සංකේතයක්  බවට පත්ව ඇත. එදා තිබූ නත්තල් නාට්‍ය , භක්තති ගීත අද සංගීත සංදර්ශන විසින් බිලි ගෙන ඇත.මේ අතර බොහෝ තැන්හි සුරාපානය කොට ගී ගයමින් හා බදාගෙන නැටුම් පවත්වමින් නොයෙකුත් විකාර කරමින්, පවත්වන නත්තල් සාද ක්‍රිස්‌තු උපතට කරන්නේ මහත් අගෞරවයකි. වාණිජත්වයට මුල්තැනදී නත්තල නමින් මහත් සැණකෙළි ස්‌වරූපයෙන් පවත්වන සරුවපිත්තල උත්සවය වෙනුවට ක්‍රිස්‌තුන් වහන්සේ ගවලෙනක ඉපදී දැක්‌වූ ආදර්ශයට ගැළපෙන පරිදි කිතු උපත අධ්‍යාත්මයට මුල්තැනදී සරල අන්දමින් පැවැත්වීමට පියවර ගත යුතුවේ.
බෞද්ධවු අපද අපේ ආගමික උත්සව විකෘති කරගෙන සමරමින් නිර්මාතෘන් වහන්සේලාට අගෞරවයක් වන ලෙස කටයුතු කරමින් සිටිමු.  ක්‍රිස්‌තුන් වහන්සේ  මෙන්ම බුදුරජානන් වහන්සේද මෙලොව ගත කළ සරල දිවිය අනුව යමින් කතෝලික  බෞද්ධ සිරිත් විරිත් සම්ප්‍රදායයන් හා සංස්‌ථා හැඩගැස්‌සවීමට  අප යොමුවන්නේ නම් නත්තලින් පසු උදාවන නව වසර සුවබර සිතිවිල්ලෙන් පිරි වසරක් වේ යයි මීදුමට සිතෙයි.




notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon