කිසියම්
කාල නියදියක් තුල Sex යන අකුරු තුන පරිගණකයෙහි වැඩිම වාර
ගණනක් ටයිප් කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ වෙසෙන ජනයා බව ගිය සතියේ පලවිය.
පෘථග්ජන හැම මිනිසෙක් තුළම ගෝත්‍රික ලක්‍ෂණ යටපත්වී
තිබේ. එම ලක්‍ෂණ සමූහය වනචරකම්, කෘරකම්, බඩජාරිකම්
යනාදියෙන් සමන්විතය. මිනිහෙක් උගතකු වූ තරමට මේ ප්‍රාථමික ගති ලක්‍ෂණ යටපත් කරගෙන
ශිෂ්ට සමාජයේ ලකුණු තම තන්ගේ ජීවිතවලට ආදේශ කර ගැණිම ශිෂ්ඨත්වයේ එක්
ලක්‍ෂනයක්ය.
එහෙත් සමහර විට, සමහර අයට
යටපත්වූ එම ලක්‍ෂණයන් වැටවල් සහ තාප්ප කඩාගෙන ඉස්‌මතු වන්නේය
පසුගිය දාක අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයෙකු වැසිකිළියක සී.
සී. ටී. වී. කැමරාවක් සවිකරගෙන වැසිකිලියේ සිදුවන කාර්යන් නිරීක්‍ෂණය කරන්න යාමෙන්
රිමාන්ඩ් ගතවන්න සිදුවු පුවතත් පලවිය. කලකට පෙර මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකු
රෝගී තරුණියක දූෂණය කර ඉහළ මාලයකින් පහළට ඇද දමා මරාදැමීමේ සිද්ධියද
සිහිපත් විය. මේ රෝගය වෛද්‍යවරුන්ට පමනක් නොව නීතිඥවරුනට
ගුරුවරුනට අමන සමාජ සේවකයනට ( දේශපාළුවන්ට ) සහ වෙනත් වෟත්තිකයන්ටද බෝවී
තිබු බව පසුගිය කාලයේ පලවු තිබු මාධ්‍ය වාර්තා පෙරලන විට යලි සිහිපත් කර ගත
හැක.
පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගය ලිංගික කාර්යයන්
හැදින්වීම සදහා සිංහල භාෂාවේ නොයෙක් සුමට වචන තිබේ. අසන , කියවන
කාටත් පිළිකුල් සහගත නොවන අයුරින් මේ වචන භාවිතා කල හැකිය. එහෙත් සමහරුනට
එක්වරම සිහිපත් වන්නේ අසන්න අප්‍රිය වචනයන් වුවත් සිහි බුද්ධියෙන් යුතු
ඇත්තෝ මේ වචන එක්වරම වමාරන්නේ නැත. සමහරු මේ වචන භාවිතයේ යොදා ගන්නේ කිසිදු
හිරිකිතයක් හෝ නැතිවමය.
මේ
භාෂාවේ වචන හසුරුවන හැටි පිලිබවද සිහිපත්වු අන්දමය. වචන හසුරුවන අන්දමින්
හසුරුවන පුද්ගලයා ගැන චිත්‍රයක් අසන බලන ඇත්තන්ට මවා ගත හැක.
පහ වසර, අ.පො.ස.
සා.පෙළ, උසස් පෙළ පමණක් නොව විශ්ව විද්‍යාල
උපාධියද සමත් වූ නමුත් පුද්ගලයින්ට විනීතභාවය සහ ආත්ම සංයමය යන විභාග
දෙක සමත් වන්නට බැරි වීම වර්තමාන සමාඩය තුල දක්නට ඇති එක් ලක්‍ෂණයක්ය.
මොවුන් ජන සමාජය පිලිබදව අවබෝධයක් ලබා ගෙන
නැතිවීමත් මේ අසම්මත ක්‍රියාවලින් පිලිබිමු වන
කාරනවක්ය. එසේ අවබෝධයක් ලබා ගැණිමට අපේ අධ්‍යාපන තරගය තුල ඉඩක් ලබා නැත.
notes of imaginary
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.