දැන් ලංකාවේ බන්ධනාගාරගත වීම හිරිහැරයකට කාරනාවක් නොවේ.
අතමිටේ මුදල් ඇත්නම් හිර ගෙදර වුවත් තමන්ගේ ගෙදර වගේ සිටිය හැකිය. මේ අද ( ජනවාරි
4 ) වෙනිදා දිවයින පලකර තිබු ප්‍රවෘත්තියකි.
“......................"වැට් සිරදඬුවම" අවසන් වූ
පුද්ගලයා වෙනුවෙන් බන්ධනාගාරයේ උත්සවයක්.
රුපියල් කෝටි හාර සියයේ වැට් බදු වංචාව සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටි පුද්ගලයකුට ඊයේ (03 දා) නිදහස හිමි වීමේ ප්‍රීතිය සමරමින් ඉහළම බන්ධනාගාර නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ කෝවිල් වාට්‌ටුවේ විශේෂ උත්සවයක් පවත්වා තිබේ.
මාස 13 ක දඬුවම් කාලය නිමවීමෙන් පසු මෙසේ නිදහස හිමි වී ඇත්තේ එම මහා පරිමාණ වැට් බදු වංචාවේ ප්‍රබලයකු වූ සෙල්ලයියා සුබ්‍රමනියම් නමැත්තකුටය.
ඔහු නිදහස් වීම නිමිත්තෙන් ඊයේ වැලිකඩ බන්ධනාගාරයේ කෝවිල් වාට්‌ටුවේ පැවැති උත්සවය අතරතුර ඉහළ බන්ධනාගාර නිලධාරියා ඇතුළු පිරිස් එක්‌ව සුබ්‍රමනියම්ට සෙත් පතා එහි ඇති කෝවිලේදී විශේෂ පූජාවක්‌ද පවත්වා ඇත.
එම පූජාවෙන් අනතුරුව ඊයේ 3 දා පෙරවරු 8.30 ට පමණ වන විට මොහු නිදහස් කිරීම සඳහා අධිකරණය වෙත රැගෙන යැමට බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාර ගේට්‌ටුව වෙත රැගෙන ඒමට කටයුතු කළ බව බන්ධනාගාර නිලධාරියෙක් පැවැසීය. .....”
කුඩුකාරයින් කප්පම් කරුවන් මිණිමරුවෝ සහ සල්ලි විසිකලහැකි ඕනෑම දඩුවමක් ලැබු
වරදකරුවෙකුට මුදල් විසුරුවා ගත හැකිනම් හිරගෙදරත් නිවසට වඩා සුපිරි ස්ථානයක් කර ගත
හැක.
අපි නම පමනක් වෙනස් කරමු . බන්ධනාගාර දෙපාර්තමේන්තුව - සංස්ථාවක් හෝ
පෞද්ගලික සමාගමක් බවට පත්කර ජේලර්ලා නියාමකවරු වේටර්ලා රූම් බෝයිලා බවට පත්කරමු.
notes of imaginary
1 comments:
අබුද්දස්සස කාලෙ ලබුත් ඉන්දියාවෙන් එන්නෙ..
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.