අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2023-10-24
කයිමන් දොරකඩ

10/24/2023 07:49:00 am

  පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා.... ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා..... සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා..... කයිම...

Read more »
2023-10-23
මන්තරයක්....

10/23/2023 03:53:00 pm

ධර්ම මද්දුම හේවා පරිපාලන නිලධාරියෙක්  ඔහු මාතලේ උප දිසාපතිවරයා ලෙස සේවය කරමින් සිටි අවධියේ සිදුවීමක් පසුගිය 15 දා අරුනට  ලියලා තිබුනා. උප ...

Read more »
2023-10-22
මනාලිය

10/22/2023 06:49:00 pm

මනාලිය සඳ එළිය යහන මත තවරා කවුළු හැර තරු දෙනෙත් අඩවන් කරාවී . රත ලවන් පෙති නුරා විවරකොට මුතු පටින් සුසුදු කැල්මන් විහිදුවාවී . පිච්ච ම...

Read more »
මහනුවර  අපේ රජවරුන්ගේ  සොහාන්

10/22/2023 07:42:00 am

මහනුවර තිබු අපේ රජවරුන්ගේ සොහාන්වලට වෙච්ච දේ මෙන්න දින 11ක් දැල්වු රජතුමාගේ සොහාන නිවන්නේ කිරෙන් හා පොල් වතුරෙන්... මහනුවර යුගයේ සිටි...

Read more »
2023-10-19
කුමට බරක් වුන නටුවක් ගහකට

10/19/2023 07:51:00 am
1

දළු කොළ ඉති අතරෙහි හිඳ හිනැහෙන දසදහසින් ගැවසී නිති දිදුලන කැකුළු අතර සිටියේ නුඹ දින ගැන නවමු පැතුම් පතමින් ලොව පිබිදෙන සරු පොහොරද ලබමින් දිය...

Read more »
2023-10-18
“පොහොරක්” වන මිනිස් සිරුරු

10/18/2023 06:19:00 pm
1

මිනිස් සිරුරු කොම්පෝස්ට්කරණයට අවසර ලබාදුන් නවත ම එක්සත් ජනපද ප් ‍ රාන්තය බවට “නිව් යෝර්ක්” පත් වී තිබෙනවා. පුද්ගලයෙක් මිය ගිය පසු භාවිතයට ගත...

Read more »