wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2026-01-07

ජීවිතයෙන් කොටසක්





1948 දරුවෝ…..

ඒ කාලේ අට වසරටත් ශිෂ්‍යත්ව විභාගයක් තිබුනා.

එහෙම විභාගයකට ලියුවා කියලා දන්නෙත් මධ්‍ය මහා විද්‍යාලයකට ඇතුල්වීමට තෝරා ගත්තා කියලා මම එවකට ඉගන ගත්ත බලන්ගොඩ රෝමාණු කතෝලික මිශ්‍ර පාඨශාලාවේ ( පල්ලියේ ඉස්කොලේ ) මුල් ගුරුතුමාගේ පණිවිඩයකින්.

ඔන්න ශිෂ්‍යත්ව විභාගේ ගැන එකල තිබුන උනන්දුව ! .

නවය වසර හැදුන්වුනේ  SSC PREF. කියලා. ඊට පස්සේ අවුරුද්ද SSC MIDDLE. විභාගෙට යොමුවුන වසර SSC පන්තිය.

ඔය පන්ති තුන තරණය කරන්න නේවාසික ශීෂ්‍යෙයක් වුන මම අළුත්ම රටාවකට ජීවිතය පටන් ගත්තා.

පන්තියේ හිටියා තිහක් ……එකම වයසේ .එක්කෙනෙක් දෙන්නෙක් හැර අනෙක් සියල්ලෝම 48 දරුවෝ….ශිෂ්‍යත්වධාරීන්.

එක්කෙනෙක් හිටියා 50 දරුවෙක්. ඈ අපේ කණ්ඩායමට එකතු වුනේ මාස කිහිපයකට පස්සේ.

ඈ ශිෂ්‍යත්වධාරියෙක් නෙමෙයි.

පසුකාලයේදී ඈ ඥාතියෙක් වුනා . නිතර මුණ ගැහෙන.

මේ මතකය අවදි වුනේ අපේ පන්තියේ හිටපු සුදු හීන්දෑරි කෙල්ලක මාතලේ ඉදන් අළුත් අවුරුද්දට සුබ පතන්න මොබයිලයෙන් මුණ ගැහුණම.

මට නොතේරුන මම නොදන්න කතා ඈ අවදි කරනවා කතා බහෙන්. අවුරුදු හැත්තෑ හතක ආතම්මා කෙනෙක් අපේ ශිෂ්‍යත්ව පන්තියට මාවත් අරන් ගියා විනාඩි තිහක් තිස්පහකින්.

කතා බහ අතරේ මම නිහඩ වෙනවා….ඈ අහනවා ඇයි අයියේ ?. කියලා. ඇත්තටම මම ඒ පන්තියට අරන් යනවා මොහොතකට.

අපි ගහ මරා ගන්නවා යාළු වෙනවා… පිලිබද සිත් ඇති කර ගත් යහළු යෙහෙලින් වටා කතා ගොතනවා.

සරුංගල් යවනවා. සීන බලනවා…..

පොත පත අතර හිරවෙලා ඉලක්ක කරා දුවනවා.

ආපදාවකින් තෙරව උසස් පෙළ කරන්න කඩ ඉම සමත් කර ගෙන මම මේ කණ්ඩායමෙන් වෙන් වෙනවා.

මට මතකයේ ඉතිරිවුන දෙයක් නැහැ . 

දැන් කවුරුත් ජීවිතයේ බකමූණු කාලය ගෙවන වයසේ…මතකය අවුස්සමින් පැරණි සුන් බුන් ගොඩ දාන කාලේ.

එක එක්කෙනා ඉන්න තැන් හොයනවා…ලෝකේ හත්දිග් බාගේ විසිරිලා.

තාක්ෂණය ඒකට පහසුවක් වෙලා. 

අළුත් අවුරුද්දේ එක එකා කතා කරනවා . අවුරුද්දට සුබ පතන්න. ඊලග අවුරුද්දේ සුබ පතන්න වෙයිද ? . කියලා කවුරුත් හිතනවා.

මේ කතා බහ අස්සේ එකියක් මගෙන් අහනවා…උඹ දන්නවද මම හින්දා පන්තියේ දෙන්නෙක් ගහ ගත්තා කියලා. 

මම නෑ කියනවා.. උඹ බබානේ ….මොනවත් උඔට ඒ කාලේ තේරුනේ නැහැ.

ඒකි කියනවා.

යන්තම් හිනාවෙනවා….කතා කොලොත් ඈඹරෙනවා. මාරුවෙලා යනවා.

අහිංසකයා. මට ලැජ්ජත් හිතතෙනවා…..

වගකීමක් නැති නව යොවුන් වයසේ . කෙල්ලෝ තුන්දෙනෙක් එක්ක ගෙදර හැදුන මට ඔක්කොම නංගිලා අක්කලා. .

පන්තියේ හිටියෙත් ඒ වගේ අය…

ඔන්න තව කතාවක් අවුරුද්දට සුබ පතන ගමන්.තව එකියක් කියනවා. මුන් අත්තම්මලා උනාට පස්සේනේ මනමාල කතා මතක් වෙන්නේ.

උඹට මතක නැද්ද උඹ පස්සේ දුවපු චාරුනී……මට මතකයි.

මම කලින්ම කිව්වානේ  

මම තොත්තබබා කියලා.මට තේරුනේ නෑ කෙල්ල මොනවට ද එන්නේ කියලා.දවසක් මගෙන් බුදධාගම පොතක් ඉල‘ලුවාම පොතේ අන්තිම පිටු කිහිපයක් අයින් කරලාපොත දුන්නා. පොතේ අන්තිම පිටු ටිකේ තිබුනේ විෂයය නිර්දේශයට තිබුන ධම්ම  පදේ ගාථා ටික.

මට දැනුයි හිතෙන්නේ මම නපුරෙක් කියලා.

කොහොම කොහොම හරි කෙල්ලට මාව ගලපගන්න බැරි වුනා.මම ඔය අවුඅස්සේ පාසල මාරු කලා.

කාලය ගෙවිලා ගිහින් ගුරියක් වෙලා….විවාහ වෙලා දූ දරුවෝ ලැබිලා..සුවපත් කරන්න බැරි රෝගයකින් ඈ ජීවිතයෙන් සමුගත්තා.

මට සමු ගන්න යන්න වුනේ ඇගේ අවමංගල්‍ය උත්සවයට.




ජීවිතයෙන් කොටසක්  ඔන්න ඔහොමයි.



A day in the life

2026-01-05

දහපදුරාවි






දසපද්දුර ක්‍රියා හා රවිශෛලාශයින් ගේ විළි වැසූ සළු රීති.

අපි කුඩාකල අපේ මව් පියන් නිතර කියන වදනකි "දහපදුරාවී" යන්න. අනාචරයේ හැසිරෙන කාන්තාවන් ට සමහර උදවිය දහපද්දුරාවී යන්න භාවිත කළ බව පැරැන්නන් කියනවා අපි අසා තිබෙනවා. 

මෙහි මුල් උට්ඨානය සිදු වූයේ [රවිශෛලාශ]යක්ෂගෝත්‍රික සිරිත් විරිත් සමඟයි. ඒවාට පටහැනිව ක්‍රියාකිරීම දසපද්දුර ක්‍රියා නමින් හඳුන්වනු ලබනවා. නමුත් මේ වචනයේ අර්ථය දන්නේ අතළොස්සක් බව නම් නියතයක්.

එක්තරා අකාරයක් දස පනතක් වූ මෙයින් කියැවෙන්නේ දෛනික ජීවිතයේ නිරන්තරයෙන් සුරැකිය යුතු කාරණා 10ක් නොසලකා හැරීමෙන් තමන් සමාජයේ අපවාදයට ලක් වන බවයි.

01.කිරුත - මව්පියන්ට නොසලකා හැරීම.
02.සාගිත - චපල බව.
03.බජම - මල්වර වීමට ප්‍රථම ලිංගික සම්බන්ධතා පැවැත්වීම.
04.මාතුල - කුමර කුමරී බ්‍රහ්ම චර්යාව බිඳගැනීම.
05.කංචි - පතිවෘතාව රැකීම.
06.පුට්ටි - ගබ්සා කිරීම හෝ කරවීම.
07.සෝව - දරුවන් මැරීම හෝ මැරවීම
08.ධස්ස - සැමියා බිරිඳ මැරීම හෝ මැරවීම, බිරිඳ සැමියා මැරීම හෝ මැරවීම.
09.දැහිත - ඕපාදූපයේ යෙදීම.
10.කුරාල - ඉන්ද්‍රීය සංවරය ඇඳුම් භාවිතා නොකිරීම.

ඉහත දස ක්‍රියාවේ යෙදෙන්නා සමාජයේ පිළිගැනීමට ලක්වන්නේ නෑ.[නමුත් වර්තමානයේ අවාසනාවකට දෝ බොහෝවිට සිවිල් බලය රැඳී ඇත්තේ ඉහත ක්‍රියාවන්වල යෙදෙන්නන් අතයි] මෙයින් වැදගත් කාරණා රාශියක් ඉස්මතු වෙනවා.
ඉන්ද්‍රීය සංවරය පිණිස ආදිතස්ම යුගයේ සිට යක්ෂගෝත්‍රිකයන් ඇඳුම් ගැන සැළකිලිමත් වූ පිරිසක් බව පෙනී යනවා. එනයින් ඔවුන් කොල අතු වලින් විළි වසා නොගත් පිරිසක් බව පැහැදිළි වෙනවා. රාගික හැඟීම් කුළු ගැන්වෙන ඇඳුම් භාවිතයට එකල තහංචි පමුණවා තුබූ බව සඳහන්. එමෙන් ම ග්‍රහ චක්‍රයේ පිහිටුම අනුවත් ඔවුන් තම ඇඳුම් ආයිත්තම් වෙනස් කළ බව සඳහන්. රවිශෛලාශ [ඉරුගල්බංඩාර] යක්ෂගෝත්‍රයේ වංශවත් බව උද්දීපනය කර පෙන්වීම ට විනයානුකූලව තම අයිතමයන් සකසා ගත් බව පැහැදිළියි.

ඒ අනුව ඔවුන් සකසා ගත් ඇඳුම් ආයිත්තම් කිහිපයක් පිළිබඳ අපි විමසා බලමු.

01. ගෙඩි හැට්ටය.
මෙය මංගල උත්සවය සඳහා අඳින ඇඳුමකි.පබලු හා විවිධ මෝස්තරවලින් සකසන මේ හැට්ටය එකල කුළවත් කතුන සඳහාම වෙන්වූවක්. මෙය සොභාදහමට උචිත ආකාරයට පාට සංයෝජනය කරමින් නිපදවන්නක් වන අතර ගෝත්‍රයේ විලාසිතාවන්ට අනුකූලව නිපදවාගන්නක්.

02. නාග කන්‍යාහැට්ටය.
මෙය ගෞරවය හා පවිත්‍රත්වය නිරූපණය කරන්නා වූ ඇඳුමකි. අවිවාහක කතුන් අතර ජනප්‍රිය වස්ත්‍රයකි.තවද මෙය නා ලොව නාග කන්‍යාවියන් භාවිත කරන ඇඳුමක් බවට ද විශ්වාසයක් පවතිනවා. දිගුකර යොදාමෝස්තර වලින් නිම කරන ලද මේ ඇඳුම පැරණි කුලවත් කතුන් අතර ජනප්‍රිය ව පැවතී තිබෙනවා.

03. උත්තරා සේලය.
රාත්‍රියේ යහන් ගතවීමට පෙර අඳින ඇඳුමකි මෙය. නග්න වූ උඩුකය නිරාවරණය වන ලෙස මෙය නිර්මාණය කරල තිබෙනවා. යක්ෂගෝත්‍රය ට අනුව මෙය අනඟ යහනේ හැසිරෙන විට අඳින්නට යොදාගන්නවා. මෙය විශේෂ වස්ත්‍රයක් ලෙස කලකන අතර මෙය පැළඳීමට ප්‍රථම පයෝධර ආභරණයන් ද පළඳිනවා.

04. කුමරී ඉඟ නෙරිය.
මෙය කාන්තාව ගේ ඉඟ කොටසේ සිට පාද වල ඇඟිළි ආවරණය වන ලෙස නිර්මිතයි. එසේ ඇඳ.., රැළි 14 කින් යුක්ත වන ලෙස ඉඟ නෙරිය සකසා ගතයුතුයි. විවාහක කතුන් මෙය දැරීම.., 14 වන සියවස වන විට දඬුවම් ලැබිය හැකි වරදක් වුණා. කුමරිය ගේ විවාහ දිනයේදී..,මධුසමයේ දී මනමාලයා විසින් මේ නෙරිය කුමරිය වෙතින් ඉවත් කරනු ලබයි... මින් පිළිබිඹු වන්නේ ඇයගේ බ්‍රහ්ම චර්යාවයි.

05. පතිනි ඉඟ නෙරිය.
මධුසමය නිමවීමෙන් පසු පතිනිය විසින් අඳින්නට යෙදෙන්නේ මෙයයි. රැළි 07කින් යුතුව අඳින මෙය.., නව පතිනිය ගේ ජීවිතාන්තය දක්වාම මෙයින් සැරසිය යුතුයි. ඒ මෙයින් පතිවෘතා සංකල්පය නිරූපණය වන බැවින්.

06. දෙඋර සලුව.
"රවිශෛලාශ වංශයේ සියලු කතුන් උඩුකය ආවරණය කළ යුතුය" අතීතයේ මේ වැනි වංශ නීතියක් පැවතුනා. ඔවුන් ඒ සඳහා භාවිතා කරන්නේ දෙඋර සලුවයි. විවිධ අවසථාවල දී විවිධ පාට සලු භාවිතා කෙරේ. වංශයේ කිරි දෙන මව්වරු තම බිළිඳුන්ට කිරි දීමේදී තම පයෝධර වසා ගන්නටත් මෙය උපකාර කර ගනී.

07. දක්ෂිණ සලුව.
මෙය මංගල පෝරුව මතදී මනාලයා විසින් කුමරී ඉඟ ආවරණය වන පරිදි අන්දනු ලබයි. විශේෂත්වය වන්නේ වටිනා විචිත්‍ර වස්ත්‍ර වලින් මෙය නිම කර ගැනීමය.

08. කල්‍යාණ පිරුවටය.
සාමාන්‍ය අවස්ථාවල දී මෙය අඳිනු ලබයි. විවිධ වර්ණ හා ගලපමින් මෙය නිම කර ගැනීමට කිසිදු අවහිරයක් නැත. තරඟකාරී අයුරින් ඉඟවටා ඔතන ලෙස මේ පිරුවටය නිමවාගෙන තිබේ.

මින් සමහර ආයිත්තම කිහිපයක් වර්තමාන සමාජයේත් තවමත් දකින්නට පුලුවන්. තවද මේ සියල්ලම නිමවා ඇත්තේ කාන්තාවගේ ගෞරවය රකින්නටම මිස ඒවා බිඳින්න ට නොවෙයි. මේ අනුව අතීත හෙළ සමාජය සිය ජීවිත යම් නොපෙනෙන රීති මාලාවකට යටත් ව ගෙන ගිය බව නම් කියන්නට පුළුවන්. 
ඒ අනාදිමත් කාලයක සිට අපට බුදු දහම තුලින් ලැබුණ සදහම් පන්නරය නිසා විය හැකියි.


ලිව්වේ : ලිෂාන් පුවක්ඕවිට.




A day in the life

2026-01-04

මාධ්‍ය ආයතනයක් තහනම් කළ හැකියි .



ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක් තහනම් කළ හැකි නීතිමය හේතු මොනවාද? 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව මගින් අප සැමට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිමිකර දී ඇත. නමුත් මෙම නිදහස "අසීමිත" එකක් නොවේ. රටේ පොදු යහපත සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති නීති රීති උල්ලංඝනය කරන අවස්ථාවකදී, ඕනෑම මාධ්‍ය ආයතනයකට (මුද්‍රිත, විද්‍යුත් හෝ වෙබ්) එරෙහිව දැඩි පියවර ගැනීමට රජයට සහ අධිකරණයට බලය ඇත.

මාධ්‍ය ආයතනයක් තහනම් කිරීමට හෝ එහි බලපත්‍රය අවලංගු කිරීමට බලපෑ හැකි ප්‍රධාන නීතිමය හේතු මෙන්න:

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම: 
රටේ ස්වෛරීභාවයට හෝ ඒකීයභාවයට හානි වන අන්දමේ තොරතුරු ප්‍රචාරය කිරීම, රාජ්‍ය රහස් හෙළි කිරීම හෝ සන්නද්ධ කැරැල්ලකට අනුබල දීම වැනි ක්‍රියා නිසා මාධ්‍ය ආයතනයක් තහනම් කළ හැකිය.

ජාතිවාදය සහ ආගමික වෛරය වැපිරීම (ICCPR පනත):
 2007 අංක 56 දරන ICCPR පනත යටතේ, විවිධ ජාතීන් හෝ ආගම් අතර වෛරය සහ ප්‍රචණ්ඩත්වය ඇති කරන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීම බරපතල වරදකි. එවැනි අන්තවාදී අදහස් ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ.

හදිසි නීති රෙගුලාසි:
 රට තුළ 'හදිසි නීතිය' (Emergency Law) ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවකදී, මහජන සාමය ආරක්ෂා කරනු පිණිස ඕනෑම ප්‍රකාශනයක් වාරණය කිරීමට හෝ මාධ්‍ය ආයතනයක් මුද්‍රා තැබීමට ජනාධිපතිවරයාට නීතිමය බලතල හිමිවේ.

සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය:  
විද්‍යුත් මාධ්‍ය ආයතන (TV/Radio) ක්‍රියාත්මක වන්නේ රජය ලබාදෙන සීමිත සංඛ්‍යාත ප්‍රමාණයකිනි. අසභ්‍ය දර්ශන පෙන්වීම, පක්ෂග්‍රාහී තොරතුරු සැපයීම හෝ බලපත්‍රයේ සඳහන් පොදු කොන්දේසි දිගින් දිගටම කඩ කිරීම මත විදුලි සංදේශ නියාමන කොමිසමට (TRCSL) එම බලපත්‍රය අවලංගු කළ හැකිය.

අධිකරණයට අපහාස කිරීම:
අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන අන්දමේ පුවත් පළ කිරීම හෝ විභාග වෙමින් පවතින නඩු තීන්දුවලට බලපෑම් කිරීමට උත්සාහ කිරීම නිසා අධිකරණ නියෝගයක් මගින් අදාළ මාධ්‍ය ක්‍රියාකාරකම් අත්හිටුවිය හැකිය.

අන්තර්ජාල සුරක්ෂිතතාව පිළිබඳ පනත (Online Safety Act): 
නවතම නීතිමය තත්වයන්ට අනුව, අසත්‍ය තොරතුරු (Fake News) මගින් සමාජ නොසන්සුන්තාවයක් ඇති කිරීමට උත්සාහ කරන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටුවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජයට හැකියාව ඇත.

මාධ්‍ය නිදහස යනු වගකීම් සහගත නිදහසකි. 
රටේ නීතියට ගරු කරමින්, නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීම සෑම මාධ්‍ය ආයතනයකම වගකීමයි.


මදුරංග බංඩාර

A day in the life

2026-01-03

2026 ඔබට කෙසේ ද ?


2026 දී එක් එක් රාශි චක්‍රය අනුව ජීවිතය කෙසේ ගෙවෙනු  ඇත්දැයි විග්‍රහයක යෙදෙන ලීසා ස්ටාර්ඩස්ට් ,

මේ වසරේ බොහෝ දේ සිදුවෙමින් පවතින බැවින්, සෑම ලග්නයකටම යම් යම් විශාල දේවල් සිදුවීම සාධාරණ බව පවසයි..

ඈ Google - Cosmopolitin  අඩවියට ලියන 2026 ලග්න පලාපල පරිවර්ථනයක් මෙසේයි.



මේෂ ලග්නය

2026 වසර ජීවිතයේ ගැඹුරු දාර්ශණික බවක් ඇති කරයි. මේෂ ලග්න හිමියෝ තම අධ්‍යාත්මික විශ්වාශයන්ට නැඹුරු වීමට කැමැත්තක් දක්වයි.එහෙත් එම විශ්වාශයන් එක එල්ලේ පිලිනොගන්නා අතර විශ්වාසයන් පිලිබදව ඔබ ප්‍රශ්න කරයි. මේවා හරිද ? වැරදි ද ?. යන්න පිලිබවව තමන්ම තර්ක කරයි.

ඔබේ දෘෂ්ටිවාදයෙන් පියවරක් පසුපසට ගෙන මෙම අදහස් වලට අභියෝග කිරීමට ඔබට ඉඩ දෙන්න. ඔබේ තක්සේරුවට අනුගත වන බොහෝ පුද්ගලයින් ඔබේ සමාජ ක්ෂේත්‍රයේ සහ ප්‍රජාව තුළ ඔබට හමුවනු ඇත, එය දැවැන්ත සහයෝගයක් වනු ඇත. ඔබේ ගමනේදී ඔබ තනිවම නොසිටිනු ඇත.


වෘෂභ ලග්නය

උද්යෝගිමත් සහ නව වෘත්තීය අවස්ථාවක් ඔබේ දැක්මේ දිශාව වෙනස් කරයි. පෙරමුණේ සිටීමට පසුබට නොවන්න. ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් ලෙස භාවිතා කරන්න. 

ඔබ එම පියවර ගෙන එය වෙනස් කිරීම ගැන ඔබ සතුටු වනු ඇත, මන්ද එය ඔබේ ක්ෂේත්‍රයේ ප්‍රධානියා වීමට ඔබව යොමු කරනු ඇත. ඉදිරියට යන විට, මිනිසුන් උපදෙස් සඳහා ඔබ වෙත එනු ඇත, විරුද්ධ නොවනු ඇත . 

2026 දී ඉහළම කෙනා වන්න!


මිථුන ලග්නය

ඔබ නව යුරේනියානු චක්‍රය යටතේ දැඩි හැඟීමක් බලාපොරොත්තුවක් ඇති විය හැකි අතර, එය ඔබව ඕනෑම සාම්ප්‍රදායික චින්තන ක්‍රමයන් සහ චර්යාවන්ගෙන් ඉවත් කිරීමට පොළඹවයි.  

වෙනස්කම් සහ මාරුවීම් සඳහා බිය නොවන්න. 

ඔබ ව්‍යවසායකයෙකු වන අතර අන් අයට සංස්කෘතික සම්මතයන්ගෙන් මිදී තමන්ගේම බෙරයේ තාලයට ගමන් කළ හැකි ආකාරය තේරුම් ගැනීමට දොර විවර කර ගනී. 

සමාජයට ආශ්වාදයේ මූලාශ්‍රය වීමට ඔබ ඉඩ දෙන්න. මේ වසරේ, නිදහස් ජීවිතයක් ඇරඹීමට  ඔබව දිරිමත් කරන්න!


කටක ලග්නය

වසරේ මුල් භාගය යනු ඔබ වීමට අදහස් කරන විස්මිත පුද්ගලයා බවට පරිණාමය වී වර්ධනය වීමට කාලයයි. 

කෙසේ වෙතත්, ඔබ යන ගමනේදී ආවේගශීලී තීරණයන්ට එළඹීමට ඉඩ ඇති අතර ඒවා තරමක් අවදානම් සහගත විය හැක .  එමඟින් ඔබව ණය බරට ඇද දැමිය හැකිය. ඔබ තවත් අවදානම් තීරණය ගැණිමට  පෙර, එය ඔබට හොඳම තේරීම දැයි දෙවරක් සිතන්න. අධික බිල්පත් වළක්වා ගැනීම සඳහා, ප්‍රතිඵලය ඔබ නොදන්නේ නම්, අවිනිශ්චිත  වාසනාව මත රැදෙන්න එපා. එය ඔබට නිසැකවම හිසරදයක් වනු ඇත. .


සිංහ ලග්නය 

තිරයෙන් පිටුපස සිට වැඩ කිරීම ඔබට නුහුරුය .මිනිසුන් පිටුපස සැඟවී සිටීම ඔබට කළ නොහැකිය , නමුත් මේ වසරේ ඔබ පියවරක් පසුපසට ගෙන තිරය පිටුපස සිට වැඩිපුර වැඩ කිරීමට කැමැත්ත දක්වයි.. 

සෑම කෙනෙකුටම රවි ග්‍රහයා  තුළ තමන්ගේම මොහොතක් ඇති අතර, 2026 අර්ධ වශයෙන් රවි ග්‍රහයා  ඔබේ තේරීම වනු ඇත. ඔබේ කණ්ඩායම සමඟ ඔබේ පෞද්ගලික ජීවිතය තුළ ඔබට පිලිගැනීම ලැබෙනු ඇත, 

ඔබේ රාත්‍රී චාරිකා සහ සංචාර වලින් එබී බලන අය හමුවීම.  ඔබේ මූලික කණ්ඩායමට  විවිධ මායාකාරී මත දරන සහ හිප් මිතුරන්ගේ මිශ්‍රණයක් ඒකාබද්ධ කිරීමට ඔබට ඉඩ සලසයි.


කන්‍යා ලග්නය

ඔබ නව පුද්ගලයින්ට සහ සිහින වලට විවෘත වුවද, වසර ආරම්භයේදී ඔබට තවමත් යම් අනාරක්ෂිත බවක් දැනේ. 

2026 පරිණාමය වී ඉදිරියට යන විට, ඔබ ඔබේ බිය මුදා හැරීමට සහ වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට පටන් ගනී. 

ඔබ කරන සුව කිරීමේ කාර්යය සාර්ථක වන අතර, ඔබව පිටතට ගෙන අන් අය සමඟ අවදානමට ලක්වීමට ඔබට අවශ්‍ය වේ. 

අවවාදය නම්, මෙම වසරේ ඔබ ඒවා තාර්කික කිරීම වෙනුවට අවධානම කෙරෙහි අවධානය යොමු කිරීමයි.


තුලා ලග්නය.

ඔබේ තරාදියේ ප්‍රතිවිරුද්ධ කොටස තවත් කෙනෙකු සමඟ බෙදා ගැනීමට ඔබට අවශ්‍ය බැවින්, ගැඹුරු ප්‍රේම සම්බන්ධයක් සිදුවෙමින් පවතී.

දැනට සම්බන්ධ වී සිටින අයට ඔවුන්ගේ වර්තමාන කටයුතුවල ගැඹුරු යටි සිතේ මූලයන් අනාවරණය කර ගත හැකිය. පෙම්වතෙකුගේ ක්‍රියාවන් පිටුපස ඇති අභිප්‍රේරණය සොයා ගැනීමේ කාලයක් ලෙස මෙය සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැකිය. 

තනිකඩ තුලා රාශිය ඔවුන්ගේ ආත්මයට කතා කරන 'නැවක්' සොයමින් සිටී. ආත්ම සහකරුවෙකු හෝ නිවුන් දැල්ලක් පරිධියේ සිටී.

ඔබේ අභිප්‍රායන් දන්වන්න.


වෘශ්චික ලග්නය

ඔබේ ගෘහ ජීවිතය ඔබේ උපරිම අවධානය ඉල්ලා සිටින විට ඔබේ වෘත්තිය කෙරෙහි අවධානය යොමු කිරීම අභියෝගාත්මක විය හැකිය. 

මෙය අනිවාර්යයෙන්ම නරක දෙයක් නොවේ; නිවාස අලුත්වැඩියාවන් හෝ කුලිය වැඩි කිරීම බාධක ඇති කරන බව විය හැකිය. කෙසේ වෙතත්, නිසි වෘශ්චික ස්වරූපයෙන්, ඔබ සෑම දෙයකටම ඔබේ ශක්තිය ලබා දෙනු ඇත, 

ඉදිරියට යාමට උපකාරී වන සමබරතාවයක් වර්ධනය කරයි. ඔබ සටනේදී අතරමං වූ බවක් දැනෙන විට, ඔබ ශක්තිමත් බවත් ඔබ සිතූ දේ සාක්ෂාත් කර ගැනීමට හැකියාව ඇති බවත් මතක තබා ගන්න.


ධනු ලග්නය

2026 දී, ඔබේ ජීවිතයේ තීරණාත්මක සම්බන්ධතා අහඹු ලෙස සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර ඔබේ පැත්තෙන් තේරීමක් පවා අවශ්‍ය වේ. ස්වාධීනත්වය සඳහා ඔබේ දැඩි අවශ්‍යතාවය ඔබේ සහකරුගේ මාර්ගය ඉක්මවා යන විට ඔබේ හදවත ඉරා දමනු ඇත. හවුල්කාරිත්වයක් සඳහා ඔබේ ආත්මාර්ථකාමිත්වය සහ ආශාවන් පසෙකට දැමීමට ඔබට අවශ්‍ය නම්, සම්බන්ධතාවය එසේ විය යුතුදැයි ඔබගෙන්ම අසාගත යුතුය. 

මතක තබා ගන්න, මෙය ඔබේ ආත්මය සමඟ සැබවින්ම පෙළ ගැසෙන සහ ඔබට ඇතුළත හොඳ හැඟීමක් ඇති කරන දේ අගය කිරීමට වසරකි.


මකර ලග්නය

2026 මකර ලග්න හිමියාට  වඩාත් සාර්ථක වසරකි! ඔබ වෘත්තීය සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම හවුල්කාරිත්වයන්ගෙන් ආදායම් උපයමින් සිටී. ඔවුන් ඔබට සේවය කරන අතර ඔබේ බැංකු ගිණුම වැඩිදියුණු කිරීමට ඉඩ සලසයි. 

අමතර මුදල් ප්‍රවාහය සමඟ, ඔබේ නිවස නඩත්තු කිරීම සහ ඔබේ සමෘද්ධිමත් වෘත්තිය හේතුවෙන් පුළුල් කිරීම් සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබට හැකි වනු ඇත. 

ඔබේ අනාගතය වැඩිදියුණු කරන අත්තිවාරමක් ඔබ දමන බව දැන ගැනීමෙන් ආඩම්බර වන්න. සාර්ථකත්වය ඔබේ අතේ ඇත.


කුම්භ ලග්නය

ශීත ඍතුවේ සහ ගිම්හානයේ සූර්යග්‍රහණවලට පෙර මාසවලදී ඔබව කලකිරීමට පත් කළ පුද්ගලයින් ඔබ අතහැර දැමූ විට බල අරගල සහ විනෝදයට බර ජීවිතය  ඔබේ හදවත ගිල දමනු ඇත. 

නිසි වාතය සහිත කුම්භ ස්වරූපයෙන්, ඔබ ඔබ තුළ ගැඹුරට හාරා ඔබේ ජීවිතයේ ආදරණී්‍ය බව ඔබ සත්‍යය සොයා ගනු ඇත; අනෙක් සියල්ලන්ම ඔබේ ජීවිතයේ කාර්යභාරයක් ඉටු කරනු ඇත, 

නමුත් ඔබේ සෙනෙහසේ වස්තුව එය නොවනු ඇත.


මීන ලග්නය.

ජීවිතයේ සියලු අංශ අතර සීමාවන් සහ සමබරතාවයක් ඇති කර ගැනීම සඳහා පියවරක් පසුපසට ගැනීම 2026 දී ඔබට වඩාත්ම වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාරී වනු ඇත. 

එපමණක් නොව, සමාජ කටයුතු වැඩ හෝ වෙනත් කිසිවක් ගැන සිතීමෙන් තොරව ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඔබට හැකි වනු ඇත. 

එවිට, ඔබට ,ඔබ ආදරය කරන සහ ආදරය කරන අය සමඟ  සිටිය හැකි අතර, එය පවුලේ අය සහ මිතුරන් සමග සම්බන්ධතා ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇත.


Cosmopolitin 



මෙසේ වුව ද 

පලකරන මීදුමට ඇත්තේ ලග්න පලාපල පිලිබද සැකයකි.

ලෝක ජනගහනය දොළහකට වර්ග කලහැකි ද ?.

කිසිවෙකු ශාස්ත්‍රීය විග්‍රහක් කරන්නේ නම් මීදුම ස්තුතිය පලකරයි.

සුබ නව වසරක් වේවා !.







A day in the life

2026-01-02

කැලැන්ඩරයේ අතීතය .

මිසර දිනදර්ශනයේ ඡායාරූපයක්



වසරක් ගෙවී අවසන තවත් වසරකට මුලපිරුවේය.
දොළොස් මසක් තිස්සේ මාස්පතා කැඩුණු කැලැන්ඩරයේ අවසන් කොළයද ඊයේ ගිලිහී ගියේය.
අලුත් සිතුවිලි අලුත් බලාපොරොත්තු ළං කරගෙන නැවුම් වූ නව වසරට පා තැබූ අපගේ පාඨකයින්ට කිරියෙන් පැණියෙන් කෙසේ වෙතත් කුසට ආහාර වේලක්, සතුටක්, සැනසුමක් පිරි නව වසරක් වේ යැයි මේ වසරේ අපේ ප්‍රාර්ථනයයි.

මේ ප්‍රාර්ථනයත් සමග හැම ගෙදරකම එල්ලෙන ලෝකයේ වසරක් ගෙවී වසරක් උදාවන විට ඉස්පාසුවක් නැති කැලැන්ඩරයේ අතීතය සොයා යන්න සිතුවෙමු. සෑම ගෙදරකම එල්ලෙන කැලැන්ඩරයේ සුල මුල කියන්නයි මේ සූදානම.

දින දර්ශනය වූ කලී ක්ෂණිකව බිහිවූවක් නොව, ක්‍රමික විකාශනයක ප්‍රතිඵලයකි. වර්ෂ, මාස, සති සහ දවස් යනුවෙන් අද අප අතර භාවිත වන කාලමාන සඳහා පාදක වී තිබෙන්නේ පෘථිවියේ සහ චන්ද්‍රයාගේ හැසිරීමයි. දවස, චන්ද්‍ර මාසය, සහ සූර්ය වර්ෂය මෙම හැසිරීම් අනුව බෙදාගෙන ඇති අතර, කාල ඒකක තුනකි. පෘථිවිය එක් වරක් ස්වකීය අක්ෂය වටා භ්‍රමණය වීමට ගන්නා කාලය දවස යනුවෙන් හැඳින්වේ. එය පැය 24කි. පුර පක්ෂයේ අලුත් සඳ දර්ශනය වීමේ සිට ඊළඟ පුර පක්ෂයේ අලුත් සඳ දර්ශනය වීම දක්වා වූ කාලසීමාව චන්ද්‍ර මාසය යනුවෙන් හැඳින්වේ. චන්ද්‍ර මාසය දළ වශයෙන් දවස් 29 1/2ක් දිගු වේ.

සූර්ය වර්ෂය යනු පෘථිවිය සූර්යයා වටා එක් වරක් යාමට ගන්නා කාලසීමාවයි. පෘථිවියේ මෙම ගමන සඳහා ගතවෙන කාලය දවස් 365, පැය 5, විනාඩි 48, තත්පර 46කි. එසේ නම් චන්ද්‍ර මාසය සහ සූර්ය වර්ෂය අතර පවත්නා නොගැළපීමත්, ඉහත කී කෙටි කාලමාන සහ දිගු කාලමාන අතර ඇති සම්බන්ධතාවත් නිසා ක්‍රමානුකූල කැලැන්ඩරයක් සැකසීමට සෑහෙන දිගු කාලයක් සහ විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවී ඇත.
දින දර්ශනය බිහිවීමට පෙර දින මැන්නේ ඍතු වෙනස්වීමෙන්.
ගොවිතැන මුල් කරගෙන නිතර ස්වභාවධර්මය හා ගැටී ජීවත් වූ ආදි මිනිසා ඔවුන්ගේ සෑම කටයුත්තකදීම මූලික වූයේ ස්වභාවික පරිසරයේ විශේෂතාය. ආදි කල්පිත ගෝත්‍රික චන්ද්‍රයා පදනම්කරගෙනය. විශේෂයෙන් ගෝත්‍රිකයන්ට අනුව හඳ පෙනීමේ ස්වභාවය අනුව දින දර්ශනය සකස් විය. එකල ආදි මිනිස්සු කාලගුණය සහ ඍතු විපර්යාස ගැනද නිරන්තර අවධානයෙන් සිට ඉරහඳ තාරකා සාපේක්ෂව තබාගෙන කාලය නිර්ණය කිරීමට ඉගෙන ගත්හ.



ග්‍රෙගරි පාප්තුමා

ඈත අතීතයේදී වර්ෂයක් හා සැසඳෙන කාල පරිච්ඡේදයක දිග නිගමනය කර තිබෙන්නේ අනුපාතව අත්දකින්නට ලැබුණු විවිධ ඍතුවල දිග ප්‍රමාණය එක් කිරීමෙනි.
ගොවි යුගයේ විසූ අය වැපිරීමටත්, අස්වනු නෙළා ගැනීමටත් සුදුසු කාලවකවානුව දැනගෙන තිබෙන්නේ නියමිත කාලවලදී අහසේ දිස්වන තරුවක හෝ තරු කැරැල්ලක උපකාරයෙනි.
වර්ෂය සඳහා සෑහෙන තරම් නිවරැදි කාල සීමාවක් වෙන් කරගෙන තිබෙන්නේ පුරාණ ඊජිප්තුවරුන් විසින් ක්‍රිස්තු පූර්ව 420ක් තරම් ඈත කාලයේදීය. මේ සඳහා ඔවුනට මග පාදා දී ඇත්තේ එක්තරා නියමිත කාලයකදී පිටාර ගලා යන නයිල් නදියයි. නයිල් නදිය පිටාර ගොස් ඇත්තේ සූර්‌යෝදයට මදක් කලින් සිරියස් තාරකාව උදාවෙන අවස්ථාවේදීය. ඒ අනුව අවුරුදු පතා නයිල් ගඟේ වතුර පිටාර යෑමක් සිදුවන බව ද ඒ ගංවතුර බැස යාමත් මග ගොවිතැන් ආරම්භයට සුදුසු බව ද ඊජිප්තුවරුන් තේරුම් ගෙන ඇත.

එහෙත් නයිල් ගංගාව පිටාර යෑම හා මේ කාලය අතර සුළු පරස්පර වෙනසක් මතු වූ නිසා ඊජිප්තු පූජකවරුන් තවත් යෝජනාවක් මේ සඳහා ඉදිරිපත් කර ඇත. එනම් පිටාර ගැලීම සිදුවන්නේ හිරු උදාව සිදුවනවාත් සමගම දීප්තිමත් තරුවක්ද දක්නට වූ දිනයක බවය. එය සිදුවන්නේ 365 ‘‘දිනකට’’ වරක් බව ඔවුහු තේරුම් ගත්හ. මෙම දවස් 365 දවස් 30 බැගින් වූ මාස 12කට බෙදා ගැනීම නිසා ඉතුරු වූ දින 5 අවසාන මාසයට එකතු කර ගැනීමට ඔවුනට සිදුවිය. මේ අනුව වර්ෂයකට එක සමාන දින ගණනක් ඇතුළත් වූ ප්‍රථම කැලැන්ඩරය සැකසීමේ ගෞරවය හිමි වන්නේ පුරාණ ඊජිප්තුවටය.
එහෙත් පසු කාලීනව චන්ද්‍ර මාස ක්‍රමයෙන් දින දර්ශනය තනා ගැනීමට වඩා සූර්යයා අනුව දින දර්ශනය තනා ගැනීමේ වැදගත්කමක් රෝමවරුන්ට පෙනිණ. මන්ද යත් දවසින් දවස අභිමතානුකූලව කාලය ගණනය කළ ක්‍රමය ඉතා ප්‍රාථමික මට්ටමේ ඒවා වූ අතර, ඒවායේ දෝෂ රැසක් පැවතීම හේතුවෙන් ගොවිතැන් කටයුතුවලදී වගා කිරීමේදී අස්වනු නෙළීම සඳහා නිවැරැදි කාලය ගණනය කරගැනීමට අවශ්‍ය විය. එහෙත් සූර්යයාගේ ගමන සැසඳීමේදී රෝමන් අවුරුද්ද දින 80ක ඌනතාවක් පෙන්නුම් කරන බව ක්‍රි.පූ. හතරවැනි දශකයේදී හෙළිවී ඇත. මිසරය ගැන හොඳ අවබෝධයක් තිබූ ජූලියස් සීසර් ක්‍රි.පූ. 102දී මිසර කැලැන්ඩරය අනුව රෝමන් කැලැන්ඩරය ගැළපුවේය. ඔහු එය සිදු කර ඇත්තේ අඩුපාඩුව පැවති දින 80 ක්‍රි.පූ. 46 වසරට එකතු කිරීමෙනි. මේ නිසා ක්‍රි.පූ . 46 වසර දින 445 වූ ඉතිහාසයේ දීර්ඝතම වසර බවට පත් විය.



ජුලියන් දින දර්ශනය

ඒ අතරතුර ග්‍රීක ජාතිකයන් සකස් කළ දින දර්ශනය කාලයක් යනතුරුම පිළිනොගත් රෝම අධිරාජ්‍යයා වූ ජුලියස් සීසර් විසින් නැවතත් එම දින දර්ශනය සංශෝධනය කරනු ලැබීය.
සතියේ දින හත නම් වූ හැටි
දින දර්ශනය ආරම්භයේදී සතියකට වූයේ දින හතරකි. ප්‍රථමයෙන්ම දින හතේ සතිය ලොවට හඳුන්වා දී ඇත්තේ යුදෙව්වන් විසිනි. ක්‍රි.පූ. 6 වැනි සිවසෙහි බැබිලෝනියාවේ යුද- සිරකරුවන් බවට පත්වූ යුදෙව්වන් විසින් එම කාලය තුළදී දින හතේ සතිය ලොවට ඉදිරිපත් කර ඇත.
ග්‍රීකයින් විසින් කිතු දහමට අනුව සතියේ මුල් දිනය ලෙස හඳුන්වා ඇත්තේ ඉරිදා දිනය වන අතර, එය තාරකා විද්‍යාවට අනුව භාරවූයේ හිරුටය. ඉරු දිනය ලෙස හැඳින් වූ එය පසුව ඉරිදා ලෙස නම් විය.
දෙවැනි දිනය සඳුට භාර විය. එබැවින් සතියේ දෙවැනි දිනය සඳුදා ලෙස නම් වී ඇත. තෙවැනි දිනය බුද ග්‍රහයාට භාර වූ නිසා බුද දින බදාදා ලෙස නම් විය. පස්වැනි දිනය බ්‍රහස්පති ග්‍රහයාට භාර විය. එම දිනය බ්‍රහස්පතින්දා නම් විය. හය වැනි දිනය සිකුරු ග්‍රහයාට අයත් වූ නිසා සිකුරාදා ලෙස නම් තබා ඇත.
සතියේ අවසාන දිනය වන හත්වැනි දිනය ආගමික වැදගත්කමක් දුන් යුදෙව්වන් එම දිනය උතුම් දිනයක් වශයෙන් සලකා දෙවියන් සඳහා කැප කරන ලදී. ඒ අනුව සෙනසුරාදා දිනය සෑම වැඩකින්ම නිදහස් වූ විවේකී දිනයක් කොට සැලකීය. මෙම දිනය යුදෙව් බසින් ‘‘සබාන්’’ යනුවෙන් හඳුන්වන අතර සිංහල අර්ථය ‘‘විවේකයයි’’.

මෙලෙස දශක ගණනාවක සිට සතියේ ආරම්භක දිනය ඉරිදා ලෙස නම් වූ අතර, සතියේ ආරම්භක දිනය ඉරිදා වෙනුවට සඳුදා ලෙස දැක්වෙන පරිදි 1996 වසරේ දින දර්ශන හා ලිත් මුද්‍රණය කරන ලෙස ඒවා නිකුත් කරන ආයතනවලින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉල්ලා තිබිණි.
ඒ අනුව සතියක ආරම්භක දිනය සඳුදා වශයෙන් අන්තර් ජාතික ප්‍රමිතියක් ප්‍රකාශයට පත් කොට තිබෙන අතර, එය අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමයක් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පෙන්වාදීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දින දර්ශනයට හා ලිත් මුද්‍රණ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ වූ බව ද සඳහන් වේ.

මාස දහය මාස 12 වූ හැටි
ක්‍රි.පූ. 3000 සිට 2000 දක්වා පාවිච්චි කළ දින දර්ශනය නිර්මාණය කළේ බැබිලෝනියන්වරුන් විසිනි. චන්ද්‍රයාගේ ගමන් මාර්ගය අනුව එය සකස් වූයේ මාස දහයකින් සමන්විත වර්ෂයක් ලෙසය. ඉන්පසුව චන්ද්‍රයාට වඩා සූර්යයා පෘථිවිය කෙරෙහි බලපාන වස්තුවක් ලෙස සැලකූ ග්‍රීක ජාතිකයෝ සූර්යයාගේ ගමන් මාර්ගය අනුව දින දර්ශනය සකස් කළහ. සූර්යයාගේ ගමන් මාර්ගය සම්පූර්ණ වීමට දින 360ක් ගත වන බව විශ්වාස කළ නිසා මාස දොළහකින් යුත් දින දර්ශනයක් මුලින්ම භාවිතා කර ඇත්තේ ග්‍රීකයන් විසිනි. යූර්යයා පෘථිවිය වටා ගමන් කිරීමට දින 365කුත් 1/4ක් ගත වන බව සොයාගත් නිසා වසර හතරකට පසුව දින 366කින් යුත් වර්ෂයක්ද යොදාගෙන දින දර්ශනය සකස් කළහ. පසුව ජූලියස් සීසර් ග්‍රීක තාරකා විද්‍යාඥයකු වූ සොසෙගිනස් ගේ සහය ඇතිව මාස දොළහකින් හා දින 365කින් යුත් වර්තමාන දින දර්හනය සකස් කළ පසුව එය මුළු ලෝකයම පිළිගත්තේය.

ඔහු විසින් සෑම වර්ෂ 4කටම පසුව එක් වර්ෂයකට දින 366 වන සේ ඉතිරි දින 1/4 එක් කරන ලද අතර, එය අධික අවුරුද්දක් ලෙස නම්කර තිබේ. මෙම වැඩිපුර දිනය දින 28ක් වූ අඩුම දින ගණනින් යුත් පෙබරවාරි මාසයට එක් කර ඇත. ඒ අනුව සෑම වසර හතරකට පසුව එළඹෙන අධික අවුරුද්දකදී පෙබරවාරි මාසයට දින 29ක් කරමින් වර්තමාන දින දර්ශනයේ මාස දොළහ නම් කර ඇත්තේ ද ග්‍රීක හා රෝමවරුන් ගේ විශ්වාසය මත බව ද ඉතිහාසගත ලේඛනවල සඳහන් වෙස්. ඒ අනුව ජූලියස් සීසර් විසින් සකස් කරන ලද මාස 12 දින දර්ශනය 18 වැනි සියවස වන තෙක්ම සමස්ත ලෝකයේම පැතිරෙන්නට විය.
දින දර්ශනය ආරම්භයේදී වසරකට වූයේ මාස දහයක් පමණි. එකල රෝමවරුන්ට අනුව මුල් මාසය වූයේ මාර්තු මාසයයි. සූර්යා පෘථිවියේ මධ්‍යයට එනම් සමකයට මුදුන් වන දිනය මාර්තු 21 වැනිදා බැවින් එදා වසරේ මුල් මාසය මාර්තු ලෙස ආරම්භ විය. කාලයක් ඇවෑමෙන් පොම්පිලන් රජ දවස ජනවාරි සහ පෙවරවාරි මස එක්වීමෙන් දින දර්ශනයේ මාස දොළහ සම්පූර්ණ විය.




අදටත් භාවිතා වන ග්‍රිගෝරියන් දින දර්ශනය:
පුරාණයේ සිංහලයන් විසින් ශ්‍රී ලංකාවේ භාවිත කළ දින දර්හනය හෝ ඔවුන් විසින් වැදගත් අවස්ථා හා සිද්ධීන් පිළිබඳ දිනයක් වාර්තාගත කර ඇති මූලාශ්‍ර ලෙස ගත හැක්කේ පුරාවිද්‍යාත්මක හෝ සාහිත්‍යමය මූලාශ්‍රයන් පමණි. ලංකාවේ අතීත දින දර්ශන පිළිබඳ සංරක්ෂණයක් මූලාශ්‍රයක් ප්‍රමාණවත් නැත.
කෙසේ නමුත් ඉතිහාසගත තොරතුරු අනුව ජූලියස් සීසර් විසින් ඉදිරිපත් කළ දින 365 කැලැන්ඩරය සීසර්ගේ අභාවයෙන් පසු ශත වර්ෂ ගණනාවක් ගිය පසු එහි දෝෂ ඇති බව පෙනී ගියේය. ඒ අනුව ග්‍රෙගරි පාප්තුමා වර්ෂ 1582 දී ජූලියස් දින දර්ශනය ප්‍රතිසංස්කරණය කරන්නට විය. ප්‍රායෝගික ගැටලු රැසක් නිසා ව්‍යාකූල තත්වයක පැවති රෝම දින දර්ශනය විධිමත් කිරීමට ඇලෙක්සැන්ඩ්‍රියාවේ ‘‘සොසිජිනස්’’ නමැති සුප්‍රසිද්ධ ගණිතඥයකුට පැවරුවේය.

දින 365 1/4 කාලපරිච්ඡේදය වර්ෂයක් ලෙස සලකා වසරේ ආරම්භක මාසය වූ මාර්තු මාසය වෙනුවට ජනවාරි මාසය අවුරුද්දේ ප්‍රථම මාසය ලෙස ලොව පුරා ව්‍යාප්ත කිරීමට ග්‍රිගොරියානු දින දර්ශනය සමත් විය. ඒ වනතුරුම ලොව බො​හෝ රටවල වසර ආරම්භ වූයේ දෙසැම්බර් 25 ​හෝ මාර්තු 1 වැනිදායිනි. එය ග්‍රිගෝරියානු දින දර්ශනය හරහා වෙනස් කරමින් වර්ෂයේ ප්‍රථම දිනය ජනවාරි 1 වැනිදා බවට රෝම අධිරාජ්‍යයා ප්‍රකාශයට පත් කොට ඇත. විටින් විට විවිධ වූ සංශෝධන සමග ශ්‍රී ලංකාවාසී අපද භාවිත කරන්නේ මෙම ‘‘ග්‍රිගෝරියන්’’ දින දර්ශනයයි. මේ අනුව අවුරුදු ගණන් ගනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ පදනම් කරගෙනය. කෙසේ වෙතත් ශත වර්ෂ ක්‍රමය හා චන්ද්‍ර - සූර්ය මාස ක්‍රමය භාවිත කරගෙන කේන්ද්‍ර සාදන සාම්ප්‍රදායික දෛවඥයන්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ පළ කරන ලිත්වල ‘‘ග්‍රිගොරියන්’’ ක්‍රමය අනුව මාස දින දක්වා ඊට අනුශාංගික වශයෙන් චන්ද්‍ර සූර්ය මාස ක්‍රමය අනුව ද තොරතුරු ඇතුළත් කොට සකස් කරනු ලැබ ඇත.

සටහන
නදීෂා අතුකෝරළ

2022 දෙසැම්බර් 31.




A day in the life
සුබ නව වසරක් වේවා ! .

2026-01-01

සුබ නව වසරක් වේවා !!.


සුබ නව වසරක් වේවා !!.



සුබ නව වසරක් වේවා !!.


අළුත් කැලැන්ඩරයක්. 

ලස්සන ලස්සන පින්තූර තිබුන කැලැන්ඩරය වෙනුවට සරල කැලැන්ඩරයක් ජනප්‍රිය වෙලා.

අපේ කාලේ කැලැන්ඩර් එකතු කරන පිස්සුවක් තිබුනා. 

නන් විසිතුරු ලස්සන කැලැන්ඩර්.

කැලැන්ඩරය වගේම ජීවිතයත් සරල වෙලා.

අපට නොදැනීම ජීවන රටාව වෙනස් වෙලා.

ආහාරපාන ඇදුම් පැළදුම් ගමන් බිමන්……

අළුත් අවුරුද්දක්……….

තව තවත් ජීවිතය සරල වෙන්න පුළුවන්.

හේතු තියෙනවනේ…

අපේ හැකිලෙන ආර්ථිකයට සමානුපාතිකව 

අපේ ජීවීතයත් හැකිලෙනවා.නැත්නම් පිබිදෙනවා…….

අවුරුද්ද අළුත් කරමින් 

ලියන්නට අළුතින්  ලැබෙනා ඉඩක්...

අතීතය බොද කරමින් 

හිනැහෙන්න

හෙටකට

මග කියන...

සුබ අලුත් අවුරුද්දක්











A day in the life

2025-12-30

රාත්‍රී ආහරය.


Exclusive easy dinner recipes | Good Food




පලතුරු, ඇට වර්ග, පැණිරස නොකළ පොප්කෝන්, කැෆේන් රහිත තේ, කහ කිරි, මී පැණි වතුර, එළවළු සහ තම්බා බිත්තර අඩු කැලරි සහිත සහ රාත්‍රී කාලයේ තෘප්තිමත් ආහාර වේලක් වන අතර එය බර වැඩිවීම වළක්වයි.


HCMC හි සුයෙන් ඒ මහ රෝහලේ පෝෂණ දෙපාර්තමේන්තුවේ පෝෂණවේදී මයි ති තුයි පවසන්නේ නිරෝගී ශරීරයක් පවත්වා ගැනීම සඳහා කාලසටහනට අනුව ආහාර ගැනීම සහ රාත්‍රී 8 ට පෙර රාත්‍රී ආහාරය ගැනීමේ පුරුද්ද වර්ධනය කිරීම අවශ්‍ය බවයි.


නමුත් ඉගෙනීම හෝ ප්‍රමාද වී වැඩ කිරීම සමහර විට අමතර ශක්තියක් ඉල්ලා සිටිය හැකිය. ප්‍රමාද වී ආහාර ගැනීමෙන් බර වැඩිවීම වළක්වා ගැනීම සඳහා, ඇය තන්තු සහ ප්‍රෝටීන් බහුල අඩු කැලරි සහිත කෙටි ආහාර නිර්දේශ කරයි. ඒවා කැලරි ප්‍රමාණය සීමා කරන අතරම බඩ පිරී තබා ගැනීමට උපකාරී වේ.


කොටස් පාලනය ප්‍රධාන බව තුයි පවසයි. අඩු කැලරි සහිත ආහාර සමඟ වුවද, අධික ලෙස පරිභෝජනය කිරීමෙන් අතිරික්ත කැලරි ඇති විය හැක. අනවශ්‍ය සීනි, මේදය සහ ලුණු වළක්වා ගැනීම සඳහා මිනිසුන් ආහාර ලේබල් ප්‍රවේශමෙන් කියවිය යුතුය.


තුයි විසින් රාත්‍රියේ කැලරි අඩු, ඔබව තෘප්තිමත් කර තබා ගන්නා සහ බර වැඩිවීම වැළැක්වීමට උපකාරී වන කෙටි ආහාර කිහිපයක් ලැයිස්තුගත කරයි:


කෙසෙල්, ප්ලම්, ඇපල් සහ බෙරි වැනි පලතුරු වල තන්තු, විටමින් සහ ඛනිජ ලවණ බහුල වන අතර මේදය අඩු හෝ අඩුය. ඒවා අඩු කැලරි ප්‍රමාණයකින් බඩ පුරවයි. නැවුම් පලතුරු ඒවායේ තන්තු අන්තර්ගතය සඳහා යුෂ වලට වඩා කැමති වේ.


ඇට වර්ග (ආමන්ඩ්, walnuts, කජු) වල සෞඛ්‍ය සම්පන්න මේද, ප්‍රෝටීන් සහ තන්තු අඩංගු වන අතර එමඟින් ඔබට දිගු කාලයක් පූර්ණව සිටීමට උපකාරී වේ. ඒවා කැලරි බහුල බැවින්, කොටස් මධ්‍යස්ථ හා ප්‍රවේශමෙන් පාලනය කළ යුතුය.


බර වැඩිවීම වළක්වා ගැනීමට හොඳම රාත්‍රී ආහාර සහ පාන වර්ග


කෙසෙල් වල මේදය නොමැති තරම් තන්තු, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වන අතර එමඟින් ඔබව තෘප්තියෙන් හා කැලරි අඩුවෙන් තබා ගත හැකිය. ඩවු ඩෝ විසිනි


පැණිරස නොකළ පොප්කෝන් යනු බර වැඩිවීමට හේතු නොවී කුසගින්න මැඩපැවැත්වීමට උපකාරී වන අඩු කැලරි සහිත කෙටි ආහාරයකි.


නෙළුම් හාර්ට්, චමමයිල් සහ ගම්මිරිස් වැනි කැෆේන් රහිත, පැණිරස නොකළ තේ වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එය ආතතිය අඩු කරයි, රාත්‍රී තෘෂ්ණාව ලිහිල් කරයි සහ නින්දට උපකාරී වේ.


කහ කිරි යනු ආහාර දිරවීමට සහ ආතතිය සමනය කරන අඩු කැලරි සහිත පානයකි.


තනුක කළ මී පැණි ජලය අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලවණ සහ ඇමයිනෝ අම්ල සපයයි. එය ඔබට දිගු වේලාවක් පූර්ණ බවක් දැනීමට සහ රාත්‍රියේ ආශාවන් පාලනය කිරීමට උපකාරී වේ.


තැම්බීම හෝ තම්බා ගැනීම එළවළු තන්තු, විටමින් සහ ඛනිජ ලවණ රඳවා ගැනීමට ද උපකාරී වේ. ඒවා ආහාර දිරවීමට, කොලෙස්ටරෝල් අඩු කිරීමට සහ ප්‍රතිශක්තිය වැඩි කිරීමට ද උපකාරී වේ. මෙම ඉවුම් පිහුම් ක්‍රමය තෙල් භාවිතය සීමා කරයි, ආහාර දිරවීමට පහසු කරයි සහ මේදය ගොඩනැගීම වළක්වයි.


තම්බා බිත්තර යනු ප්‍රෝටීන්, විටමින් B12, විටමින් D, කොලීන් සහ මොළයේ සහ මාංශ පේශි සෞඛ්‍යයට සහාය වන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලවල හොඳ ප්‍රභවයකි.


එළවළු සහ තම්බා බිත්තර ඒකාබද්ධ කිරීම ආහාර පාලනය කරන්නන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෝ සෞඛ්‍ය සම්පන්නව සිටීමට කැමති ඕනෑම කෙනෙකුට සුදුසු සමබර ආහාර වේලක් නිර්මාණය කරයි.


නින්ද සහ ආහාර ජීර්ණයට බාධා කළ හැකි බැවින් රාත්‍රියේදී කැෆේන්, මධ්‍යසාර, සීනි සහිත ආහාර, කුළුබඩු සහිත කෑම සහ තෙල් සහිත ආහාර ගැනීමෙන් වැළකී සිටීමට තුයි නිර්දේශ කරයි. ඇය පවසන පරිදි, තන්තු සහ ප්‍රෝටීන් සහිත අඩු කැලරි සහිත කෙටි ආහාර ශක්තිය සපයන අතරම සෞඛ්‍යය හා බර පවත්වා ගැනීමට උපකාරී වේ.


A day in the life

2025-12-29

කලින්ම ප්‍රාරථනා කලා.



දිත්වා වැහි කුණාටුව එවර වුනත් දේශපාලන කුණාටුනම් අහවර වෙන්නේ නැහැ. එක බාල්දියක් හෝදා ගෙන එන කොට තව බාල්දියක රෙදි පිරිලා.

රෙදි හෝදනවට වැඩිය වැඩක් නැහැ පාර්ලිමේන්තු සභාවාරට වලටත්. නලින්ද ඇමති තුමා කියලා තිබුනා ඒ ගැන කතා කරන්න තහනම් කියලා. ඇත්තෙන්ම පවුලේ කෙනෙක්ගේ ඉඩමකවත් නීති විරෝධි වගාවක් තියෙන්න බැරිද ?.

කොලොන්න කියන්නේ නීතී විරෝධී වගාවන්ට ප්‍රසිද්ධ මැතිවරණ කොට්ඨාශයක්.ඔය කලින් හිටපු ද්වේෂපාලකයොත් ඔය වගේ වගාවන්ට සම්බන්ධයි කියලා ඕන තරම් කතා ඒ කාලේ තිබුනා. ඒවට මේවා කපලා දමමු. එතකොට ඉවරයි නේ.

පාර්ලිමේන්තුව තියෙන්නේ නීති අණපනත් ගේන්න කියලා කිවුවත් මම නම් වැඩියෙන් දකින්නේ එකිනෙකාට බැන අඩගසා ගන්න ඒවා.අපරාදේ වියදම් කරන මුදල්. ඒවත් ජනතාවගේ බදු මුදල් නේ.

මල් පැලත් වල් පැල ගානට වැටිලා !.

මගේ මූනු පොත සාමකාමී කලාපයක් බවට පත්වෙලා.

තිබුන වල් පැල ඔක්කොම වගේ විටින් විට ගලවලා මල් පැල විතරක් ඉතිරිවෙලා.දැනුම බෙදන සුහදතාවය ඉතිරෙන බිමක් වෙලා.

අපේ පොඩි එකා ( 2026 දී හතර වසරේ ) ට කියුවා විපක්ෂ නායකතුමා ඔයාගේ පන්තියෙනේ කියලා .  එයා කියනවා “ නෑ නෑ එයා එහා පන්තියේ“  අපේ පන්තියේ ඉන්නේ ජනාධිපති තුමා කියලා.

පන්ති දෙක මාරු වුනත් උගන්වන්නේ එකම සිලබස් එකනේ …..කියලා මම කිව්වම ඌට හිනා.

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියනවා “ අපි විපක්ෂයේ ඉන්න කොට කටයුතු කල ආකාරයට වර්තමාන විපක්ෂයට කටයුතු කරන්න“ කියලා. ඒකත් හොද ආරධනාවක්. 

ඒ වුනත් ඒ වගේ කටයුතු කරන්න පිරිස සංවිධානය කර ගන්න මේ කපේ දී නම් විපක්ෂයට බැහැ.

මොකද දන්නවද ? මෙවර විපක්ෂය කියලා කියන ජනතාව වැදගත් සංවර පිරිසක්. එයාලගෙන් එහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බැහැ .

මහින්ද ජයසිංහ මහත්තයලාට සමාන කරන්න ඒ කොටස කොහොමටවත් බැහැ.

2026 ගැන අනාවැකි කියන අයත් ඉන්නවා.

ජෝතිෂවේදීන් අනාවැකි කියන්නෙත් රටේ ආර්ථික ස්ථාවරය දිහා බලා ගෙන…ඔය ග්‍රහයෝ නැතිවුනත් අපි දවසින් දවස අපහසුතාවයට පත්වෙන බවට අනාවැකි අපිටත් කියන්න පුළුවන්.

මේ හෙයිම්මාරු අස්සේ 2025 ගෙවිලා යනවා. අපිට ( ජනතාව ) සුබ සාධනයක් නම් නැහැ දවසින් දවස බඩ ගින්න වැඩිවෙනවා මිසක. අපි ඉරිසියා කරන්නේ නැහැ.ඒ ගොල්ලවත් බඩ කට පුරවා ගනීනෙ.

අපට ඕන බකපල්ලක් වුනත් කමක් නැහැ .


2026 සුබ නව වසරක් වේවා !!. කියලා හෙයියම්මාරුව ප්‍රාරථනා කරනවා.



A day in the life