මෙම වියමන උතුරේ දරුවෙකු විසින් මට “ අංකල් බලන්නකෝ” යන ඇමුනුමත් සමග යොමු කර තිබිනි.“ දකුනෙත් 88 - 89 සිදුවුනේ මෙයමයි.” මම පැවසුවෙමි.යුද්ධය මට නම් අර්ථ ගන්වන්නේ මුහුණට මුහුණ ලා සටන් කරන්නකි.දැන් යුද්ධය වෙනස් වෙලාය.සතුරා කවුදෑයි හදුනා ගන්නේ විවිධ නිර්නායකයන් මතය.මේ පරීක්ෂණ අසරණ මිනිසුන්ගේ ජීවිත අවසන් කරන්නේ අවාසනාත්මක අයුරින්ය.උතුරේ දකුණට ඇති විරසක බව කෙසේ සමනය වන්නේ දැයි පහත උදෘතයත් සමග හිතන්න.මට නම් ඇත්තේ මහත් කල කිරීමක්ය.දෙපාර්ශයම විනාශ කර ඇත්තේ ජීවිතයන්ය…………..
තෙරුවන් සරණයි .
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2025-07-02
සෙම්මිනි අවාසනාව
2025-07-01
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ.
ඔය පිස්තෝල දීපු කතා, ගිනි තියපු කතා සිදුවෙනකොට එක්කෝ අපි පොඩි ළමයි, එක්කෝ අපි නූපන් අය.ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය ගැන (1948-2022) කියවගන්න තියෙන මූලාශ්‍ර ගොඩක් එක එක්කෙනාගේ දෘෂ්ටිකෝණ වලින් බලලා ලියපු ඒවා මිසක්, මධ්‍යස්ථ ඒවාම නෙමෙයි. ඒ නිසා අලුත් පරපුර බොහෝ අය දිහා බලන්නේ වෛරයෙන්. ඒක ඉතා නරක තත්වයක්.ඒත් 2001දී පත්වුණු පාර්ලිමේන්තුවෙන් පස්සේ එවකට උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකු (දැන් ඉන්න බයි/ජෙබයි වගේ) වුණු එක්තරා පුද්ගලයෙකුගේ වීර කතා වලින් තමයි මම ගාමිණී ලොකුගේ ගැන අහගත්තේ. එතකොට පොඩි ළමයෙකු වුණත් මම තේරුම් ගත්තා ඒ මනුස්සයා නම් ඒ තරම් හොඳ මිනිහෙකු වෙන්න බැරි බව. ඒත් පාක්ෂිකයාට ඔහු වීරයෙක්.එවකට නිදහස් පක්ෂය මූලික සන්ධානයේ හිතවාදීන් මේ මනුස්සයාට ඇඟිල්ල දිගුකරමින් කිව්වේ, "අහවලා මැරුවේ මූ ය, අහවල් මැර වැඩේ කළේ මූ ය", වගේ කතා. 2007 වර්ෂය ආවා. එතකොට මම යෞවනයෙක්.ඔන්න ගාමිණී ලොකුගේ බල්ටියක් ගහලා මහින්ද රාජපක්ෂ ළඟට පැන්නා. ඊටපස්සෙ මොකද වුණේ? අර නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ (බැන බැන හිටපු) අයට ගාමිණී ලොකුගේ ආණ්ඩුවට ආපු එක මාර හයියක් වුණා. "මෙහෙම උනුත් ඉන්න ඕන, නැත්නම් ගම කන්ට්‍රෝල් නෑ", කියපු අයත් හිටියා. පිළියන්දල, කැස්බෑව, හොරණ පාතාලේ තද වුණා. කට්ටිය රස්සා ඉල්ලන්න ලියුම් අරගෙන ලොකුගේලගෙ ඔෆිස් ඉස්සරහ කැඹිරුවා. අපි එහෙම කළේ නෑ. අපේ ආඩම්බරය ඒක.ඒත් එහෙම හිටපු නිසා අපි බැනුම් ඇහුවා. පොඩි පුතාලගේ අරගල වලට කලින්, 2007/08 ඉඳලා දූෂණයට භීෂණයට විරුද්ධව හිටගත්තු මම වගේ පොඩි කොල්ලන්ට නිදහස් සන්ධානේ පාක්ෂිකයන්ගෙන් "දේශද්‍රෝහීන්" කියලා අහගන්න වුණා.ඊළඟට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවො ටිකෙන් ටික ගාමිණී ලොකුගේ කරපු වැරදි හෙළිකරන්න පටන් ගත්තා. වීරයා කරපු අයම ලොකුගේව ද්‍රෝහියා කළා. ඒත් ලොකුගේ වැටුණේ නෑ. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකම් දරන ගමන්ම ඔහුගේ දේශපාලන ගමන ඉස්සරහට ගියා. සන්ධානය ඔහුව රැක්කා. අපි දිගටම බැනුම් ඇහුවා.අද 2025 ජුනි. ගාමිණී ලොකුගේ අන්තරා වෙලා. ඉස්සර ලොකුගේව රැකපු දෙපාර්ශවයටම දැන් ගාමිණී ලොකුගේව පේන්න බැරිවෙලා. ඔහුගේ දූෂණ, වැරදි ගැන බරටම කතාවෙනවා. ඔහුගේ මරණයට විහිළු කරනවා. සතුටු වෙනවා.මරණයක් අයිති වෙන්නේ සොබාදහමට. මම කිසිම මරණයකදී කිරිබත් කෑවේ නෑ. මම කිසිවෙකුගේ මරණයට හිනාවෙන්නේ නෑ. ඒක ලෝක සාරධර්ම වලට පටහැනියි. ඒත් ලොකුගේගේ කාර්යාලය ඉස්සරහ ලියුම් අරගෙන හිටගෙන හිටපු දෙමව්පියන්ගේ දරුවන් මියගිය ලොකුගේට හිනාවෙනවා.මේක ඇතුළේ ලොකු පණිවිඩයක් තියෙනවා.
දේශපාලකයන් ගැන නෙමෙයි, අපේ රටේ මිනිස්සු ගැන.
2025-06-30
මී තෙල්
නීරෝගී දිවිපෙවෙතක් හිමිකරගෙන ආයුෂ වැඩිකරගැනීමට ඔබත් කැමතිද?
එසේනම් අද අප ඔබට ගෙන එන්නේ අද අපේ රටේ අපට හමුවන පරිසර හිතකාමි ශාක අතර මුල් තැනක් ලබාගන්නා දේශීය ආහාර රටාවත්,දේශීය වෙදකමත් කෘෂිකර්මාන්තයත් සමග අපූරු බැදියාවක් ඇති ජාතියේ පොහොර ගස,විශ්ව සර්ව රෝග නාශකය ලෙස හදුන්වන පංචාංගයම ප්‍රයෝජනයට ගත හැකි මී ගසෙන් ලබාගන්නා මී තෙල් පිලිබදවයි.
ප්‍රථමයෙන්ම මී ගස පිලිබදව සැලකුවහොත් මී ගසේ කොල, පොතු, ගෙඩි,මුල්,මල් ආදී පංචාංගයම ප්‍රයොජනවත් ශාකයක් වන අතර එකල රජ සමයේ මී ගසක් කැපූ පුද්ගලයෙකුට හිමිවූ දඩුවම වන්නේ මරනයයි.ඒ තරම්ම වටිනාකමක් එකල මෙම මහගු ශාකයට ලැබිණ.
අතීතයේ පටන් ගොවියා මෙය තම ගොවිතැන් කටයුතුවල සගයෙකු ලෙස සැලකූ අතර පළිිබෝධ පාලනය සදහාද යොදාගන්නා ලදී.මීට අමතරව කොල දිරපත්වීමෙන් පසට එකතුවීමෙන් පස ඉතාසරවත් වේ.දහවල් කාලයේ මෙන්ම රාත්‍රි කාලයටද ඔක්සිජන් පිටකරන මෙම ශාකය දිව්‍යමය ගුන ඇති සොබදහමේ අපූරු නිර්මාණයකි.
මී ගසේ ඇති ප්‍රයොජනවලින් බිදක්:-
*මීතෙල් ආයුර්වේදයට අනුව එන පස්තෙල් වලින් එකක් වන අතර කැඩුම් බිදුම් වෙදකම් සදහා බහුලව යොදාගනී.
*මීතෙල් යොදා ආහාර පිසීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගත හැක.
*බඩ වේලිමට මීතෙල් මහගු ඔසුවකි.
*ශරීරයේ ස්නායු ශක්තිමත් කර ප්‍රකුර්තිමත් කරයි.
*අර්ශස් රෝගය සදහා මීතෙල් වලින් පිසූ ආහාර ඉතාගුණදායී වේ.
*සමේ ඇති දද කුශ්ට සදහාද මී තෙල් ආලේප කරයි.
*ඇගපතේ වේදනාවක් ඇති විට මී තෙල් ආලේප කිරීමෙන් ඉතා ඉක්මනින් සහනය ලැබේ.
*සන්ධි වල ඇතිවන වේදනාවන් කැක්කුම් සදහා මීතෙල් ලෝහ හැන්දකට ගෙන මදක් රත්කර ආලේපයෙන් සන්ධි වේදනාව සමනයවේ.
*නිවසේ කරදරකාරී මීයන් පලවාහැරීමට නැකතක් බලා මී පොතු නිවසේ ඒ ඒ ස්ථාන වලින් තැබීමෙන් මියන් පලවාහැරිය හැකි බව ගැමි මතයයි.
*සෙම ගතියක් ඇතිවිට මී පොතු කුඩුකර කෝපිමෙන් පානය කල හැක. නැතහොත් කිරි සමග මිශ්‍ර කර පානය කල හැක.
*විදුරුමස් දියවීම, මුඛයෙන් ලේ ගැලීම, මුඛදුර්ගන්ධය, සෙම්ප්රතිශ්යාව වැනි රෝග සඳහා මී මැස්සන් ගුණදායකවේ. දිනපතා එකම කසායකින් මුඛය සේදීමෙන් මෙම සියලු රෝග සුව කර ගත හැකිය.
*මී මැස්සන් කුඩු කර සමට ආසාත්මිකතාවයක් ඇති ස්ථානවල ආලේප කරන්න.
*ගැහැණු රින්ගේ පයිර් ප්රජනන පද්ධතිය මී පැණි ආශ්රිත රෝග සඳහා භාවිතා කළ හැකිය. මී පැණි මල් තම්බා මිරිකා මී පැණි සාදා ගත හැකිය.
*තම්බන ලද සරම්ප සහ පානය ආමාශය ආශ් රිත රෝග සුව වේ.
*හෘද රෝග ඇති හෝ නැති ඕනෑම කෙනෙකුට කසාය ලෙස මී පැණි තම්බා පානය කිරීම හොඳය.
*ගොවිබිම් මී ගස්වල පලතුරු කන්න එන වවුලන් කුඹුරු වලට වැටෙන නිසා කුඹුරු කඩා වැටෙනවා.
දේශීය ගෘහණියන් මී මැස්සන්ගෙන් මී පැණි ගෙන භාජනයක තම්බා සාස්පාන් එකකට වත් කරන්න.
පැණි තෙල් වල:-
* ඔලෙයික් අම්ලය 45%
* සිට් රියෝන් අම්ලය 18% කි
* ලිනෝලියන් 14% ක් බව පර්යේෂණ වලින් තහවුරු වේ.
දැන් සෘජුව හා වක්‍්‍රව අපි පොල්තෙල් භාවිතා කරන විට ඔබට මී තෙල් භාවිතා කළ හැකිය.
වර්තමානයේ, සමහර බටර් සහ මාගරින් නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා මී පැණි තෙල් භාවිතා කරයි.
මී ගහක් මේක කියවනවා දැකලා තියෙනවද?
එවැනි පැළයක් සිටුවිය හැකි නම් එය අපට හොඳ පිටුවහලක් වනු ඇත. එසේ නම්
ඔබ අද මී ගසක් රෝපණය කර අනාගත ජාතියට ඔබේ වටිනාකම ලබා දීමට වග බලා ගන්න. එවිට ඔබත් පූර්ණ මිනිසෙකු බවට පත්වනු ඇත.
2025-06-29
දුරකතනයේ සිග්නල්
1. ඔබේ දුරකතනයේ පෙන්වන සිග්නල් බාර් (signal bars) දළ අදහසක් ලබා දුන්නත්, එය නිවැරදිම මිනුමක් නෙමෙයි. වඩාත් නිවැරදි මිනුමක් තමයි dBm (decibel-milliwatts) අගය. මෙය සෘණ අගයක් වන අතර, -50 dBm යනු ඉතා හොඳ සංඥාවක් වන අතර, -120 dBm යනු ඉතා දුර්වල සංඥාවක් (සම්පූර්ණයෙන්ම සංඥා නැති තරම්) වේ.ඇන්ඩ්‍රොයිඩ් (Android)දුරකථන සඳහාSettings (සැකසීම්) වෙත යන්න.About Phone (දුරකථනය ගැන) හෝ About Device (උපාංගය ගැන) තෝරන්න.Status (තත්ත්වය) හෝ SIM status (සිම් තත්ත්වය) තෝරන්න.Signal Strength (සංඥා ශක්තිය) හෝ Cellular Signal Strength (ජංගම සංඥා ශක්තිය) යටතේ ඔබට dBm අගය දැකගත හැකියි. (සමහර දුරකථන මාදිලිවල මෙය සොයා ගැනීම තරමක් වෙනස් විය හැකියි. ඔබට "Field Test Mode" යෙදුමක් හෝ විශේෂ කේතයක් අවශ්‍ය විය හැකියි.)අයිෆෝන් (iPhone) සඳහාදුරකථන යෙදුම විවෘත කරන්න.*3001#12345#* අංකය අමතන්න.මෙමගින් "Field Test Mode" විවෘත වේ. මෙහිදී ඔබට Rsrp (Reference Signal Received Power), Rssi (Received Signal Strength Indicator) වැනි අගයන් දැකගත හැකියි. මේවා dBm අගයන් වන අතර, සංඥා ශක්තිය පෙන්නුම් කරයි.ඔබේ නිවසේ විවිධ ස්ථානවල මෙම dBm අගය පරීක්ෂා කිරීමෙන් හොඳම සංඥා ලැබෙන ස්ථානය හඳුනාගත හැකියි.**************2. ජාල ක්‍රියාකරුගේ ආවරණ සිතියම් පරීක්ෂා කරන්න (Network Coverage Maps)ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන් වන Dialog, Mobitel, Hutch වැනි ආයතන ඔවුන්ගේ වෙබ් අඩවිවල ආවරණ සිතියම් (coverage maps) සපයයි.ඔබේ ජාල ක්‍රියාකරුගේ වෙබ් අඩවියට පිවිසෙන්න."Coverage Map" හෝ "Network Coverage" වැනි කොටසක් සොයන්න.ඔබේ නිවසේ ලිපිනය හෝ ප්‍රදේශය ඇතුළත් කර ඔබේ ප්‍රදේශයේ සංඥා ආවරණයේ තත්ත්වය (2G, 3G, 4G/LTE, 5G) පරීක්ෂා කරන්න.මෙම සිතියම් මගින් ඔබේ ප්‍රදේශයට ඇති ආවරණය පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකියි.********************3. වෙනත් ජාල ක්‍රියාකරුවන්ගේ SIMපත් පරීක්ෂා කරන්නඔබට දැනට භාවිතා කරන ජාලයේ සංඥා දුර්වල නම්, වෙනත් ජාල ක්‍රියාකරුවන්ගේ SIMපත් භාවිත කර සංඥා තත්ත්වය පරීක්ෂා කිරීම හොඳම ක්‍රමයකි.මිතුරන්ගෙන් හෝ ඥාතීන්ගෙන් වෙනත් ජාලවල SIMපත් ලබාගෙන ඔබේ දුරකථනයට දමා බලන්න.එක් එක් SIMපත දමා ඔබේ නිවසේ විවිධ ස්ථානවල dBm අගයන් පරීක්ෂා කරන්න.මෙමගින් ඔබේ නිවසට වඩාත් හොඳින් ක්‍රියා කරන ජාලය කුමක්දැයි හඳුනාගත හැකියි.********************4. නිවසේ විවිධ ස්ථානවල පරීක්ෂා කිරීමජනේල අසල: ජනේල අසල සංඥා බොහෝ විට හොඳයි.පිටත: නිවසෙන් පිටත පරීක්ෂා කරන්න. ඇතුළතට වඩා පිටත හොඳ සංඥාවක් තිබිය හැකියි.උස ස්ථාන: නිවසේ ඉහළ මහල්වල හෝ උසින් වැඩි ස්ථානවල සංඥා හොඳ විය හැකියි.බාධා (Obstacles) අවම ස්ථාන: ඝන බිත්ති, ලෝහ වහලවල්, ගස් වැල්, හෝ වෙනත් ගොඩනැගිලි වලින් ඈත්ව සංඥා වඩා හොඳ විය හැකියි.*********************5. දුරකථනයේ තත්ත්වය පරීක්ෂා කරන්නදුරකථනයේ හානි: ඔබේ දුරකථනයේ ඇන්ටෙනාවට හෝ අභ්‍යන්තර සංරචකවලට හානි වී ඇත්නම් සංඥා දුර්වල විය හැකියි.මෘදුකාංග යාවත්කාලීන කිරීම්: ඔබේ දුරකථනයේ මෘදුකාංගය (firmware) යාවත්කාලීන කිරීමෙන් ඇතැම් සංඥා ගැටලු නිරාකරණය විය හැකියි.***********************6. Wi-Fi ඇමතුම් (VoWiFi/Wi-Fi Calling) භාවිත කිරීමඔබේ නිවසේ දුරකථන සංඥා දුර්වල වුවත් හොඳ Wi-Fi අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබේ නම්, ඔබේ ජාල ක්‍රියාකරු Wi-Fi ඇමතුම් සේවාව සපයන්නේ නම්, එය භාවිත කළ හැකියි.මෙය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර, ඔබේ දුරකථනය Wi-Fi හරහා ඇමතුම් සහ කෙටි පණිවිඩ යවයි.මෙම පියවර අනුගමනය කිරීමෙන් ඔබේ නිවසට ලැබෙන හොඳම දුරකථන සංඥා තත්ත්වය කුමක්දැයි ඔබට නිවැරදිව හඳුනා ගත හැක.
2025-06-28
තිබ්බටු
මුත‍්‍රා ගල් දිය කරන,
රුධිරය පිරිසිදු කරන තිබ්බටු .
වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන තිබ්බටු හේනකදීම හේන් බතක් සමඟ ආහාරයට ගැනීමට මටද අවස්ථාවක් ලැබුණි. ඔවුන්ගෙන් මෙම තිබ්බටු මාළුව සකසා ගන්නා ආකාරය දැනගත් පසු වැටහුණේ මෙම හේන් හොද්දේ සියලූ ආකාර රස ගුණ තිබූ බවය.
එම තිබ්බටු මාළුව සකසා තිබුණේ මේ ආකාරයෙනි. තිබ්බටු කහ ලූණු මිශ‍්‍රකර තම්බාගෙන තිබුණේ හාල්මැස්සන් අහුරක්ද දමාය. හොඳින් තැම්බුණ පසු එය වෙන භාජනයකට අස්කර එයට පොල් තෙල් ටිකක් දමා රත්කර රතුඵෑණු කොච්චි හා කොච්චි කොළද පොල් සමඟ මිශ‍්‍ර කර පොල් වතුර දමා හොඳින් පොඩි කර තිබුණි. තුනපහ ස්වල්පයක්ද දමා කලින් තම්බා ගත් තිබ්බටු හා හාල්මැස්සන් මිශ‍්‍රණය සමඟ නැවත ලිප තබා හැන්දෙන් පොඩි කර තිබුණි. මෙය මා ජීවිතයේ ගත් ආහාර අතර අමතක නොවන ආහාරයක් වූ බව වසර 20කටත් වඩා ගතවී තිබුණද මගේ මතකයෙන් ඈත්වී නැත.
අපගේ මාතෘකාව වන තිබ්බටු කන්ඨකාරිකුලය යන solanaceae ටය. තිබ්බටු ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Solanum Indicum Linn යනුවෙනි. මෙම ගසේ ගෙඩි වලින් ව්‍යංජන සකසන අතර ගසේ පංචාංගයම ඖෂධ පිණිස භාවිතා කරයි. අඩි 4ක් 5ක් පමණ උසට වැවෙන තිබ්බටු ගස නිල් මල් පිපෙන වර්ගය හා සුදුමල් පිපෙන වර්ගය ලෙස දෙවදෑරුම්ය. සුදුමල් වර්ගයේ ගෙඩි තරමක් විශාලය. වාතය හා සෙම සමනය කරන ගුණ පිරි නිසා සෙම් කුපිත වූ විට හා වාතය සමනයට යොදා ගනී.
ආහාර පරිපාචන ක‍්‍රියාවලිය හොඳින් සිදුකිරීමට සමත් තිබ්බටු ආහාරයට ගැනීමෙන් පණුවන් නැසේ. ආහාර රුචිය ඇතිකරයි. එම නිසා බඩගිනි අඩු අයටද, ආහාර රැචිය අඩු අයටද, ග‍්‍රහණී රෝග ඇති විටද, උදර වේදනාව ඇතිවිටද සුදුසුය. හෘදය වස්තුව උත්තේජනය කරන ගුණය ඇත. රුධිරය පිරිසුදු කරන ගුණය ද ඇති අතර තිබ්බටු ශාකයේ පංචාංගය සිරුරේ ඉදිමුම නැති කරයි.
නරක්වූ කුපිත වූ සෙම ඉවත් කිරීමේ ගුණය ඇති අතර ස්වාස රෝග අවස්ථා වලදී හුස්ම ගැනීම පහසු කරවයි. කැස්ස ප‍්‍රතිශ්‍යාව, ස්වර භේද හෙවත් උගුර බැරැන්ඩිය ඇතිවිටද හික්කා රෝගින්ටද ආහාර පිණිස ගැනිම සුදුසුය.මුත‍්‍රා ගල් දිය කිරීමද තිබ්බටු වලට හැකියාව ඇත. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කරන ගුණය ඇත. එමනිසා ඔසප් ශ‍්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට සුදුසු අතර දරුවන් ලැබූ මුල් කාලයේ (සූතිකා සමයේ) ගැනීම සුදුසුය.
එහෙත් රුධිරය පිටවීම වැඩි අයට අහාර පිණිස නොගත යුතුය.
යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම සුවවෙයි. වාජීකරණ ගුණය ඇති නිසා තරුණ වියේ සිට නිතර ආහාරයට ගැනීමෙන් කාම ශක්තිය වැඩි වෙයි.
ඇට චූර්ණය නස්‍ය කිරීමට වෛද්‍යවරු භාවිතා කරයි. කාමලා රෝගයටද, ග‍්‍රහණි හා මාන්දම් රෝග වලදී ද , නේත‍්‍රා රෝගවලදී ද භාවිතා කරන තිබ්බටු කායම,තිබ්බටු ගෙඩි ඉස්ම, අමුකහ ඉස්ම, අමු ඉඟුරු ඉස්ම, කිතුල් හකුරු, කිතුල්පැණි හා මිශ‍්‍රකර නැවුම් වළඳක දමා ගිනි රස්නය වැදෙන සේ ලිප ළඟ තබා වරකට කෝප්ප කාලක් ගැනීමට නියම කොට ඇත.
මේ ආදී ඖෂධමය හා ආහාරමය ගුණ පිරි තිබ්බටු ග‍්‍රෑම් 250ක මිල ගැන බැලීමේදී පවා වගාකිරීමෙන් ආර්ථිකමය වටිනාකමක්ද වැඩි ශාකයකි
උපුටා පලකලෙමි
ස්තුතියි -- K.K ශ්‍රියානි මහත්මියට
2025-06-27
ඉරාන - ඊශ්‍රායල සටන් විරාමයෙන් පසු බෙන්ජමින් නෙතන්යාහු
යුද්ධය අවසන් වීමෙන් පසු ඊශ්‍රායල ජනතාව අමතමින් අගමැති නෙතන්යාහු විසින් ඉතාම බරපතල වීරත්වයක් සහිත දේශපාලන දේශනයක් ඊශ්‍රායල ජනතාව වෙත මුදාහැරියේ, "මැදපෙරදිග බජාර් එකේ චණ්ඩියා" ඊශ්‍රායලය බව හුවා දක්වාය.බෙන්ජමින් නෙතන්යාහු මේ දේශනය හරහා වසාගැනීමට උත්සාහ කරනා ඔහුගේ දේශපාලනයේ හෙළුව කුමක්ද ?
2025-06-26
දාස මුදලාලි
දාස මුදලාලිට ගමෙ ඉඩකඩම් තිබුණත් කොළඹ ආ ඔහුට වුවමනා වුණේ තනිවම නැගී සිටින්නටයි.
අම්මා දුන් රුපියල් දහයෙන් කොළඹ පැමිණ ස්වෝත්සාහයෙන් වෙළෙඳාම පටන්ගත් සුන්නාදෙණියගේ ගුණදාස රටේ ඉහළ පෙළේ මහා ව්‍යාපාරිකයකු වී යුගයක පුරෝගාමියකු වී සිටියේය. එදා රටේ ජනතාව හැත්තෑවේ දශකය හැඳින්වූයේ ‘දාස යුගය’ කියාය.
දාස මුදලාලි ලංකාවේ ජනතාවට කිසිදිනෙක අමතක නොවන කෙනෙකි. හේතුව ඔහු හැමවිටම ජනතාවගේ දාසයකු වීමට උත්සාහ කළ ව්‍යාපාරිකයකු වූ නිසාය. “මුදලාලි” යන වචනය දකුණු ඉන්දියාවෙන් අපට ආවෙකි. ආචාර්ය දෙමළ පණ්ඩිත් මඩුළුගිරියේ විජේරත්න සූරින් පවසන අන්දමට මුදල් යනු ප්‍රථම, මුල්‍ය, ප්‍රබල යන තේරුම් ගෙනෙන්නකි. දකුණු ඉන්දියාවේ මුදලාලිලාත් මුඩ්ලියර්ලාත් එකම පංතියේ ප්‍රභූවරුන්ය. ලංකාවේත් පුරාණයේ සිට මුදලි, මුහන්දිරම් හා මුදලාලිවරු රටේ ප්‍රථම පංතියේ ප්‍රභූවරුන්ය. මුදල් අල්ලන අතමිට සරුසාර අයෙකි.
ලංකාවේත් හතළිහේ පනහේ දශකවල ඉහළ පංතියේ මුදලාලිවරු පිරිසක් බිහි වූහ. එයින් මුලට කියැවුණේ යාපනේ මුදලාලිලා ය. පසුකාලයක නවලෝක මුදලාලි, ජයසිංහ මුදලාලි, ගුණසේන මුදලාලි, ජයගිරි මුදලාලි, ඉසුරුදිසි මුදලාලි වැන්නවුන් බිහි වූහ. මේ මුදලාලිලා සැබැවින්ම සමාජ සේවකයෝ මෙන්ම දානපතියෝය. එහෙත් ඔවුන්ගේ ආරම්භය වූයේ ඉතා කුඩාවටයි. දාස මුදලාලි යනුවෙන් රටම දන්නා දාස කර්මාන්ත ආයතනයේ අධිපති එස්.ඩී. ගූණදාස මහතාගේ සම්පූර්ණ නම සුන්නාදෙණිගේ ගුණදාස යි. ඔහු ඉපදුණේ 1931 සැප්තැම්බර් 5 දායි. ගම දකුණු තලල්ලයි. පාසල් ගියේත් එහිමයි.
දඟකාර ගැටවර වයසට ගුණදාස ළංවෙද්දී ඔහුට සිතුණේ තමාත් සුළුවෙන් හෝ ව්‍යාපාරයක් පටන් ගත යුතු යැයි යන හැඟීමයි. මේ වනවිට ගුණදාසගේ වයස අවුරුදු දාහතරක් විතර වූවා පමණි. අයියලාගේ විරුද්ධත්වය මැද්දේ බිස්නස් කිරීමට පටන් ගත්තේය. පාසල් ගමන නතර විය.
බොහොම ලාබ රෙදි පිළි ටිකක්, බැනියම් රේන්ද, රිබන්, කපුරු බෝල ආදිය මිලට ගත් ඔහු රෝද තුනේ අත්කරත්තයක් ද කුලියට ගෙන සිය වෙළෙඳාම ඇරඹීය. දිනපතාම අත්කරත්තයේ බඩු පටවාගෙන රවුමේ යයි. මරදාන, පංචිකාවත්ත, බොරැල්ල, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය ආදී මේ හැමතැනම අත්කරත්තය තල්ලු කරගෙන ගොස් ආපසු එනවිට රෑබෝ වෙයි.
වෙළෙඳාම ආරම්භ කළේ ගුණදාස අතේ තිබූ රුපියල් දහයෙන්ය. ව්‍යාපාරයේ ආරම්භක මූලධනය වූයේ එයයි. මෙයද තම මවගෙන් ඉල්ලා ගත් එකකි. ඇස්.ඩී. ගුණදාසගේ ජීවන තොරතුරු ගැන සඳහන් ග්‍රන්ථයක් ප්‍රථම වරට පළවූයේ විජය රාමනායක ලියූ “පිරුණලොවින්” නමැති ග්‍රන්ථයේ ය. විජය රාමනායක ලේක් හවුසියේ රැකියාව කොට පසුව චිත්‍රපට නිෂ්පාදනයට හා අධ්‍යක්‍ෂණයට පිවිසියෙකි. යුගාන්තය, කලියුගය, මල්දෙණියේ සිමියොන්, රිදී නිම්නය වැනි ජාත්‍යන්තර තලයේ චිත්‍රපට නිපදවා සම්මාන හිමිකරගත් ඔහු ලංකාවේ කැසට් ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙස හැඳින්විය හැකිය. විජය රාමනායකට ‘පිරුණලොවින්’ පොත ලිවීමට ඒ.ඩී. රංජිත් කුමාර, අජන්තා රණසිංහ, ග්‍රැන්විල් සිල්වා ආදී ලේඛකයෝ උදව් කළහ. විජය රාමනායක පත්තරවලට වැඩිපුරම ලීවේ ‘විරාම‘ යන නමිනි.
අවුරුදු දාහතර කාලේ කරත්තය තල්ලු කරගෙන යන ගුණදාස දහවල්ට කෑවේ රෝස්පාන් එකකි. එයද දවසක් පරණ වූ එකකි. අලුත් රෝස් පාන් ගෙඩියක් මිලට ගතහැකි වුවත්, මුදල් ඉතිරිකරගත යුතු බැවින් නියම මිලෙන් බාගයකට ලැබෙන රෝස්පාන් ගෙඩියෙන් ඔහු කුසගිනි නිවාගත්තේය. ඒ කාලයේ සත දෙකක් ගෙවූ විට තේ කෝප්පයක් මිලට ගත හැකි වුවත්, සතයක් ගෙවා තේ කෝප්පයකින් බාගයක් බීවේය.
මේ තරම් දුක්කම්ටොළු මැද ඔහු කොළඹ ජීවිතය ගෙව්වේ ගමේ දේපළ, ඉඩකඩම් නොමැතිව නොවේ. ගේ දොර, වතුපිටි, කුඹුරු ඔවුන්ට දකුණු තලල්ලේ ඇති වෙන්නට තිබුණි. පුංචි ගුණදාසට ඕනෑ කළේ තනියම නැගී සිටින්නටය. ස්වොත්සාහයෙන් දියුණු වී මිනිහෙක් වෙන්නටය. තම සහෝදරයන් කොළඹ ව්‍යාපාරිකයන් වුවත්. ගුණදාස ඔවුන්ට අත පෑවේ නැත.
උදේ පාන්දර නැගිට බඩු පටවාගෙන රවුමේ යාම මෙසේ කාලයක් තිස්සේ කරගෙන ගිය අතර ‘දැන් රවුමේ ගියා ඇති...’ යන සිතුවිල්ල පහළ වූයේ යමක් කමක් අතේ ඉතිරිකර ගත්තාට පසුවයි. කොහේ හරි පැත්තකට වෙලා බිස්නස් එක කිරීම ගුණදාසගේ ඊළඟ අරමුණ විය.
ඔහු ඒ සඳහා තෝරාගත්තේ මරදාන ය. මරියකඩේ පදික වේදිකාවයි. රෙදි පිළි සහ වෙනත් සුළු සුළු බඩු ටික රැස්කරගෙන ඔහු ඒවා කඩයකට දමාගෙන පදික වේදිකාවට ගෙන එයි. සොයන්නාට සම්බවෙයි කීවාක් මෙන් ගුණදාස කොළුවාටද මරියකඩේ පදික වේදිකාවේ ඉඩක් සම්බ විය.
පදික වේදිකාවේ වෙළෙඳාම සරුවිය. එහෙත් ටිකක් කරදර සහිතය. එක පැත්තකින් ඇනුම් බැනුම්ය. තර්ජන ගර්ජනවලට මුහුණදිය යුතුය. ඊටත් වඩා පොලීසියෙන් බේරීමද ප්‍රශ්නයකි. දැනටමත් ගුණදාස කොළඹ ටිකක් තැලී පොඩී වී සිටින නිසා බජාර් එකේ තර්ජන නම් ඔහු ගනන් ගත්තේ නැත. හිටිහැටියේ පදික වේදිකාවට පොලීසියෙන් පනියි. මෙහි වෙළෙඳාම තහනම්ය. පොලිසියෙන් පනින අවස්ථාවලදී ගුණදාස බඩු ටික අකුලගෙන වට්ටියට දමා එය හිස මත තබාගෙන පැත්තකට මාරුවීම ඔහුගේ සිරිතයි. අනෙක් වෙළෙන්දොත් එසේමය. එහෙත් එක දවසක් එසේ පලායාමට කාලයක් නොතිබුණි. ඔහු පොලීසියට අසු වුණේය. මුළු දවසක් පොලීසියේ ලකප් කූඩුවේ හිරවී සිටියේය.
කුමන බාධක පැමිණියත් ගුණදාස අධෛර්යමත් වූයේ නැත. වෙළෙඳාම අත්හැරියේත් නැත. තවත් පියවරක් පෙරට තැබුවේය. හැමදාමත් පේමන්ට් එකේ බඩු විකිණීමද කළ නොහැකිය.
සවුත් වෙස්ටර්න් බස් සමාගම මගීන්ට ටිකට් දීමට තනවා තිබූ ලෑලි කූඩුවක් බම්බලපිටියේ විය. මේ කූඩුව ප්‍රයෝජනයට ගන්නේ නැත. එම ටිකට් කූඩුව කුලියට ගතහොත් එහි සිට වෙළෙඳාම් කළ හැකි බව ඔහුගේ අදහස විය. ඒ අදහස ඔස්සේ ගිය ගුණදාස කූඩුව කුලියට ගෙන වෙළෙඳාම නව ආරකින් පටන් ගත්තේය. මේ කාලය වනවිට ඔහු සෑහෙන මුදලක් ඉතිරි කරගෙන තිබුණි. 1951 දී බම්බලපිටියෙන් ඉවත් වී බොරැල්ලට පැමිණියේය. බොරැල්ල හංදියේ සාමාන්‍ය කඩ කාමරයක් කුලියට ගත් ගුණදාස “ගුණදාස ඩෙපරි ස්ටොර්ස්” නමින් එය හැඳින්විය.
1950 දශකය ඇස්.ඩී. ගුණදාස ශීඝ්‍ර දියුණුවක් ලැබූ වකවානුවකි. බොරැල්ලේ වෙළෙඳසැලකට අමතරව වෝඩ් පෙදෙසේ තවත් වෙළෙඳසැලක් විවෘත කරන්නට ඔහුට හැකිවිය. ඒ වෙළෙඳසැල් දෙකට අමතරව බේස්ලයින් පාරේ තවත් දාස වෙළෙඳසැලක් විවෘත විය. දැන් ඔහු වෙළෙඳ ආයතන හතරක අයිතිකරුවා විය. එහෙත් මෙම සූර තරුණයාගේ අරමුණ වී ඇත්තේ තවත් ඉදිරියට යාමටයි. 1956 දී මේ වෙළෙඳ ව්‍යාපාරයේ නව නැම්මක් සිදු විණ. එනම් ඔහුගේ දාස ආයතනය පිටරටින් බඩු ගෙන්වීමයි. රේඩියෝ, බයිසිකල්, ට්‍රයිසිකල්, රෙදිපිළි ආදී බොහේ දේ ඔහු පිටරටින් ගෙන්වීය. ලංකාවේ පාරිභෝගිකයින්ගේ මෙන්ම පිටරට වෙළෙඳ ආයතනවල ද විශ්වාශය දිනාගත්තේය. මෙතෙක් කළ කුමන ව්‍යාපාරයකින්වත් අසාර්ථක ප්‍රතිඵල නොලැබූ ගුණදාස දැන් රටේ තොටේ කීර්තිමත් නාමයක් ඇති කරගත් දේශීය ව්‍යාපාරිකයකු බවට පත්වී සිටියේය.
තලල්ලේ ඇස්.ඩී. ගුණදාස 1958 මැයි 15දා සිරිමතී ගුණදාස සමඟ විවාහ විය. දෙමටගොඩ ආරාමය පාරේ පදිංචි වූ ඔවුන් පෙර පරිදි තම ව්‍යාපාර කටයුතු කරගෙන ගියේය. භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි ඔහුගේ සිත යොමුවූයේ මේ කාලයේදීය. මුලින්ම ඔහු සකස් කළ ඇඳුම් හෙවත් මසා නිමකළ ඇඳුම් නිෂ්පාදනයට අත පෙවීය. නිෂ්පාදනය කළේ කමිසයි. මෙම අලුත් ආයතනය ඇරඹුණේ දෙමටගොඩය. ආරම්භයේදී මැෂින් නවයක් තිබුණි. මුලින්ම කමිස කැපීම සඳහා රෙදි කැපුවේ බිම එළාගෙනයි. දිනකට නිෂ්පාදනය කළ හැකි වූයේ කමිස අටකි. ඒවා අලෙවි කිරීම ද ප්‍රශ්නයක් විය.
ඒ වනවිට ස්වදේශ කමිස වෙළෙඳපොළ විදේශීය කමිස නිෂ්පාදකයන්ගේ ඒකාධිකාරියකි. එම නිෂ්පාදන හා තරග කිරීම ගුණදාසට මහා අභියෝගයක් විය. නිෂ්පාදනවල තත්ත්වයද ආරක්ෂා කළ යුතු විය. දාස ආයතනය නිෂ්පාදනය කළ කමිස මුලින්ම හැඳින්වූයේ “ගුඩ්වේ” යන නමිනි. ගුඩ්වේ කමිස බෙහෝ වෙළඳසැල් හිමියන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
පසු කලෙක දාස ආයතනයේ නිෂ්පාදන ‘ඩියුරෝ’ නමින් හැඳින්විය. කල්පවතින (Durable) යන අරුත ඇතිව මේ නම යෙදුවේය.
ඩියුරෝ කමිස, ඩියුරෝ රෙදිපිළි, ඩියුරෝ සූට්කේස්, ඩියුරෝ උණුවතුර බෝතල්, ඩියුරෝ මදුරුදැල්, ඩී.එස්. සපෝටර්ස් රටේ ජනතාව අතර ජනප්‍රිය වන්නට විය. ආරම්භයේ දී ඩියුරෝ කමිස දිනකට 2000ක් නිෂ්පාදනය විය. එමෙන්ම ඒවා ජනප්‍රිය විය. අලෙවි විය. පසුව ඔහු අත ගැහුවේ “සින්තටික්” වූ නම් කෘත්‍රිම රෙදි නිෂ්පාදනයටයි. සින්තටික් රෙදිපිළි ලංකාවට හඳුන්වා දුන්නේ ඔහුය. කිසිම විදේශීය රෙදි වර්ගයකට දෙවෙනි නොවන උසස් රෙදි පිළි නිපදවෙන අලුත්ම කර්මාන්ත ශාලාව තවත් නැම්මක ආරම්භයයි. එය ආසියාවේ තිබෙන විශාලම කර්මාන්ත ශාලාවන්ගෙන් එකක් විය. මෙම යෝධ කර්මාන්ත ශාලාව තැනුවේ ගුණදාස මහතාගේම උපදෙස් හා අනු දැනුම අනුවයි. කිසිදු කොන්ත්‍රාත් සමාගමකට මෙය පැවරුවේ නැත. සියල්ල නිර්මාණය කළේත්, සැලසුම් කළේත් ඔහු විසින්මය. මේ සමගම ඩියුරෝ ප්‍රවාහන සේවය නමින් විශාල ප්‍රවාහන ජාලයක් ද ආරම්භ කළේය.
පිබිදෙන ගායක පරපුර
එදා රේඩියෝව පමණක් තිබූ කාලයේ කැලණියේ දළුගම දාස සමූහ ව්‍යාපාර ‘පිබිදෙන ගායක පරපුර’ නොඇසූ කෙනෙක් නැති තරම්ය. 70 දශකයේ මුල සිට මේ වැඩසටහන ඉදිරිපත් කළේ කරුණාරත්න අබේසේකරයි. පසුව ආරියදාස පීරිස්ය. 1989 ලලිත් එස්. මෙත්‍රීපාලය. වැඩිම කාලයක් මෙම වැඩසටහන ඉදිරිපත් කළේ සීලරතන සෙනරත්ය. ඔහු අදත් ‘පිබිදෙන ගායක පරපුර’ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියට නිෂ්පාදනය කර ඉදිරිපත් කරයි.
එදා කොළඹ රේඩියෝ සිලෝන් එකේදී කරුණාරත්න අබේසේකර ‘පිබිදෙන ගායක පරපුර’ පටිගත කරද්දී අනුග්‍රාහක එස්.ඩී. ගුණදාස මහතා කීවේ. “ගම කොළඹට ගෙන්වන්නේ නැතිව අපි ගමට යමු කියාය.” ඒ අනුව අනුරාධපුරය, මොනරාගල, අම්පාර, මාතර, පදවිය, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල, මහනුවර ආදී ප්‍රදේශවලට ගොස් පිබිදෙන ගායක පරපුර පටිගත කළේය.
මේ පටිගත කිරීම ගමට ගියාට පසු ඩියුරෝ කමිස, සරම්, මදුරුදැල් පමණක් නොව ඩියුරෝ උණුවතුර බෝතල් පවා ගමේ ජනප්‍රිය වන්නට විය. ඒ කාලයේ ඩියුරෝ කමිසයක් ඇන්ද නැති කෙනෙක් නැති තරම්ය. කමිසයක මිල රුපියල් දාහතරකි. අසූව දශකයේ ලංකාවේ ඉස්තරම් කමිසය ඩියුරෝ කමිසයයි.
මරදානේ ජෝන් බ්‍රදර්ස්, ඩැනී බ්‍රදර්ස්, ශ්‍රී රම්‍යා ස්ටොර්ස්, සුමති ස්ටොර්ස් ආදී ප්‍රකට වෙළෙඳ ව්‍යාපාර සමඟ දාස ස්ටොර්ස් යන නාමය ද කරට කර බැබළුණේය. බොරැල්ලේ නගර මධ්‍යයේ පිහිටි දාස සමූහ ව්‍යාපාර ගොඩනැගිල්ල හා ව්‍යාපාරය අදත් විරාජමානව බැබළෙනු දැකිය හැකිවේ. අද රට පුරා විසිරී පැතිරී තිබෙන සුපර්මාර්කට් ක්‍රමය ලංකාවේ ඇති කළේ හඳුන්වා දුන්නේ ගුණදාස මහතාය.
1962 දී ජපානයේ ඔසාකා නුවර පැවැති ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයට හා සම්මන්ත්‍රණයට ගිය ගුණදාස මහතා ආපසු පැමිණියේ විශාල රෙදි නිෂ්පාදන සැලැස්මක් සිත තුළ රඳවාගෙනය. ඒ සැලැස්ම හරියටම හරිගියේය.
ආසියාවේ තිබෙන විශාලතම කර්මාන්ත ශාලාව ආරම්භයේදී දිනකට රෙදි යාර 25,000ක් නිපදවීමට ඔහුට හැකිවිය. එකල මෙම කර්මාන්ත ශාලාව තැනීමට ගිය මුළු වියදම ලක්ෂ 114 ක් වේ. ඔහු ධනපතියකු වූ පසු දානපතියකු බවට පත්විය. ලක්ෂ ගණනකට රැකියා ලබා දුන්නේය. ආගමික ස්ථාන දියුණු පවුණු කිරීමට කටයුතු කළේය. රටේ අධ්‍යාපනය නගාසිටුවීමට තම ධනය උපරිමයෙන් වැය කළේය. මංමාවත් තැනුවේය. ගම්බිමි සංවර්ධනය කළේය. දුප්පතුන්ට ආධාර උපකාර කළේය. රෝහල්, පුස්තකාල, විද්‍යාගාර ඇති කළේය. එපමණක් නොව සතා සිවුපාවාට පවා මෛත්‍රිය කළේය. මරණයට නියම වූ ගවයින් නිදහස් කළේය. එය ඔහුගේ පුරුද්දක් විය.
තම ආයතනයේ වැඩකළ සේවකයන්ට වසරක පඩිය බෝනස් වශයෙන් ලබදී රටට ආදර්ශයක් ලබා දුන්නේය. හම්බ කළ ධනයෙන් සතයක්වත් වැරදි, අයුතු වැඩවලට නිස්කාරණේ වැය නොකළ ඔහුගේ නම අදත් ජනතාව සිහිකරන්නේ ගෞරවයෙනි. දාස මුදලාලිට දියණියන් හය දෙනෙක් ද පුතුන් හතර දෙනකු ද වූහ.
මේ දූ දරුවන් උසස් අධ්‍යාපනය ලැබ අද සමාජයේ ඉහළ තැන්වල වැජඹෙන දේශහිතෛශී පිරිසකි. දාස සමූහ කර්මාන්ත ආයතනයේ ස්වර්ණමය යුගය 1970 බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමයයි.
එදා මැතිණිය බලයට පත්කිරීමට දේශීය ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් පෙරමුණ ගෙන සිටියෝය. පියදාස මුදලාලි, මැකලම් මුදලාලි, ගුණදාස (දාස) මුදලාලි, ඩේවිඩ් සිල්වා මේ මුලින්ම සිටි පිරිසේ නායකයෝ වූහ. ඔවුන් අතරෙන් ‘දාස මුදලාලි’ ට හිමි වූයේ සුවිශේෂ ස්ථානයකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකණුවකි.
සිරිමාවෝ අගමැතිණිය ළඟින්ම ඇසුරු කළ ගුණදාස මහතා ඇයට කෙතරම් සමීපද කිවහොත් තම රජයේ කැබිනට් එක පත්කිරීමට පවා මෙතුමාගෙන් උපදෙස් ලබා ගත්තේය. දාස මුදලාලි ජීවිතය ජය ගත්තේ එක අරමුණක් හා එක ප්‍රතිපත්තියක් තිබූ උතුම් මිනිසෙකු වූ නිසාය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැමවිටම ඇලුම් කළේය. ඒ එහි තිබූ දේශීය චින්තනය නිසාය. ඔහු සිරිමාවෝ බණ්ඩාර මැතිණියට ගරු කළේය. හිතවත්ව කටයුතු කළේය. ඒ හිතවත්කම ඇය මිය යන තුරුම පැවතිණ. හිටපු මුදල් ඇමැතිවරයකු වු රොනී ද මෙල් මහතා දාස මුදලාලිගේ කිට්ටුවන්ත මිත්‍රයෙකි. රොනී, දාස මුදලාලි සමඟ තරහ වූයේ ඒ ප්‍රතිපත්තිගරුක බව නිසාය.
රොනී 77 බලයට ඒමට පෙර දාස මුදලාලිගෙන් එජාපයට ආධාර ඉල්ලුවේය. “මම හදවතින්ම ශ්‍රී ලංකා කාරයෙක්. මට ගුණමකු වෙන්න බෑ. ඒ නිසා යූ.ඇන්.පියට උදව් කරන්නේ නෑ.”
මෙයින් පසු රොනී තරහ වුණේය. ඔහු එජාප රජයේ මුදල් හා ක්‍රම සම්පාදන ඇමැති විය. ඉන්පසු ඔහු දාස මුදලාලිට පහර පිට පහර දුන්නේය. ඔහුගේ ව්‍යාපාර වැටෙන්නට හේතුව වූයේ ප්‍රතිවිරෝධී දේශපාලකයින්ගේ පලිගැනීමට ලක්වීමයි.
එහෙත් දාසලා පැරදුණේ නැත. වැටුණේ නැත. දේශීය දේට ජාතික දේට ආදරයක්, ඇල්මක් ඇති ඇස්.ඩී. ගුණදාස මහතා මිය යනතුරුම ජාතික ඇඳුම ඇන්දේය. විදේශ රටවල පැවැති ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනවලට හා සම්මන්ත්‍රණවලට ඔහු හැමවිටම සහභාගි වූයේ ජාතික ඇඳුමෙන්ය. මෙතුමා රටටත්, ලෝකයටත් ආදර්ශයකි.
පී.ඇම්. සේනාරත්න
(ලංකාදීප)
උපුටාගැනීමකි
2025-06-25
කර්නල් මුහම්මර් ගඩාෆි
44 හැවිරිදි ගඩාෆි, 1986 ඇමරිකානු ගුවන් ප්‍රහාර වලට ලක්ව විනාශ වූ ලිබියාවේ ට්‍රිපොලි අගනුවර බාබ් අසීසියා මාළිගය තුළදී. මේ, අන්තර්ජාලය තුළ ඔහු සිනාසෙමින් සිටින ඡායාරූප අතලොස්සෙන් එකකි
කර්නල් මුහම්මර් ගඩාෆි මේ සියල්ල දැන සිටියාක් මෙන් ය. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට, එහි නායක සදාම් හුසේන්ව ඝාතනය කිරීමෙන් පසු පැවැත්වුණු 2008 අරාබි ලීග් සමුළුවේදී, එවකට ලිබියානු නායක ගඩාෆි මෙසේ පැවසීය.
"ඉරාකය ආක්‍රමණය කිරීමටත්, විනාශ කිරීමටත්, ඉරාක ජාතිකයන් මිලියනයකට ජීවිත අහිමි කිරීමටත් හේතුව කුමක්ද? අපගේ ඇමරිකානු මිතුරන්ට මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉඩ හරිමු.
ඇයි ඉරාකය? හේතුව කුමක්ද? බින් ලාඩන් ඉරාක ජාතිකයෙක්ද? නැහැ. නිව්යෝක් නගරයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? නැහැ. පෙන්ටගනයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? නැහැ. ඉරාකය සතුව බහුජන විනාශකාරී අවි (Weapons of Mass Distruction - WMD) තිබෙනවාද? නැහැ.
ඉරාකය සතුව WMD's තිබුණා නම්, ඒ වුණත් පාකිස්තානය සහ ඉන්දියාව සතුවත් න්‍යෂ්ටික බෝම්බ තිබෙනවා නොවේද? චීනය, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව සතුවත් තිබෙනවා නොවේද? මේ සියළු රටවල් විනාශ කර දැමිය යුතුද?
හොඳයි, අප ඒ WMD's සහිත සියළු රටවල් විනාශ කර දමමු. විදේශ බලවන්තයෙකු පැමිණ, අරාබි රටක පැලපදියම් වී එරට ජනාධිපතිවරයාව එල්ලා දමනවා. අප පසෙකින් වාඩිවී සිනාසෙමින් සිටිනවා.
සදාම් හුසේන්ව එල්ලීම පිළිබඳව ඔවුන් පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි? යුධ සිරකරුවෙකු එල්ලා දමන්නේ කෙසේද? අරාබි රටක ජනාධිපතිවරයෙකු, අරාබි ලීගයේ සාමාජිකයෙකු යනු සුළුපටු පුද්ගලයෙකු නොවෙයි.
සදාම් හුසේන්ගේ ප්‍රතිපත්ති ගැන හෝ අප අතර තිබූ දේශපාලනික මතභේද පිළිබඳ මා කතා කරන්නේ නැහැ. අප හැමෝටම ඔහුත් සමග දේශපාලනික මතභේද තිබුණා. මේ ස්ථානයේ සිටින අප අතරත් එවැනි මතභේද තිබෙනවා. මේ ශාලාවෙන් පිටතදී අපට බෙදාගන්නට කිසිවක් නැහැ.
සදාම් හුසේන්ව ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් නොපැවැත්වෙන්නේ ඇයි? සමස්ත අරාබි නායකත්වයම එල්ලා දමා අවසන්. අප පසෙකින් වාඩිවී සිටින්නේ ඇයි? ඔබගෙන් ඕනෑම කෙනෙකු මීළඟ වින්දිතයා විය හැකියි. ඔව්!
ඇමරිකාව, අයතුල්ලා අලී ඛමෙයිනිට එරෙහිව සදාම් හුසේන් සමග එක්ව සටන් කළා. ඔහු ඔවුන්ගේ මිතුරෙක්. ඩික් චේනි සදාම් හුසේන්ගේ මිතුරෙක්. ඉරාකය විනාශ කර දැමූ සමයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් යනු සදාම් හුසේන්ගේ සමීප මිතුරෙක්. අවසානයේදී ඔවුන් ඔහුව විකුණා එල්ලා දැමුවා.
ඔබ ඇමරිකාවේ මිතුරන්. අපි මෙසේ කියමු, ඔබ පමණක් නොවෙයි, 'අපි ඇමරිකාවේ මිතුරන්'. එහෙත් එක්තරා දිනෙක ඇමරිකාව විසින් අපවත් එල්ලා දමාවි"
- මුහම්මර් ගඩාෆි, 2008 අරාබි ලීග් සමුළුවේදී.
2008 අරාබි ලීග් සමුළුව පැවැත්වුණේ මාර්තු 29 වැනිදා සිරියාවේ දමස්කස් අගනුවරදීයි. ඉන් වසරකට පසුව, 2009 අරාබි ලීග් සමුළුවේදී ලිබියානු නායක මුහම්මර් ගඩාෆි, සවුදි අරාබියේ අබ්දුල්ලා රජු බ්‍රිතාන්‍යයේ නිර්මාපිත, ඇමරිකානු ආරක්ෂාව ලබන්නෙකු බව ඔහුට ඍජුවම ප්‍රකාශ කළේය. විශාල ඇමරිකානු කඳවුරු කිහිපයක් සවුදි අරාබියේ පිහිටුවා තිබීම සහ අබ්දුල්ලා රජු උග්‍ර ඇමරිකානු හිතවාදියෙකු වීම ඊට හේතුවයි. ගඩාෆි-අබ්දුල්ලා අතර උණුසුම් වාදයක් ඇතිවෙද්දී ඊජීප්තු නායක හොස්නි මුබාරක් මැදිහත්ව ප්‍රශ්නය සමථයකට පත්කළේය.
2009දී 'අරාබි වසන්තය' නම් ව්‍යාපෘතිය පණගැන්විණි. ඒ සමග ඇතිවූ තරුණ අරගල, ඝාතන, කුමන්ත්‍රණ, කැරලි සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් පසුව ටියුනීසියාව, ඊජීප්තුව සහ ලිබියාව යන රටවල් වල පාලකයන්ගේ වෙනසක් ඇතිවිය.
සිරියාව සහ යේමනය දරුණු සිවිල් යුද්ධ වලට මුහුණපෑවේය. බහරේන්හිද සිවිල් නැගිටීම් දැකිය හැකිවූ අතර මේ බොහෝ රටවල් වල ආර්ථිකයන් කඩාවැටුණි. මහජනයා අන්ත දුගීහාවයට පත්විණි. ඒ රටවල් තුළ අන්තවාදීන් සහ අවි අත දරාගත් තරුණයන්ගේ කල්ලි සුලබ විය.
උක්ත නිර්භීත කතාව පැවැත්වූ මුහම්මර් ගඩාෆි, 2010 ඔක්තෝබර් 20 වැනිදා, ලිබියාවේ National Transition Council (NTC) නම් සංවිධානය ප්‍රමුඛ මහජනතාව විසින් මහමග දිගේ ඇදගෙන ගොස්, වෙඩිතබා ඝාතනය කළේය. එතැනින් පසුව ලිබියානු පාලන තන්ත්‍රයේ කඩාවැටීම ඇරඹිණි.
2012දී ගාසා තීරයේ යුද්ධ ගැටුම් යළි ඇවිලිණි. එය මෙතෙක් නොනවත්වා ක්‍රියාත්මක ය. 2023දී ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ ඊශ්‍රායලය අතර ගැටුම් වැඩි විය. ඊශ්‍රායල-පලස්තීන ගැටුම්ද උත්සන්න විය. එමෙන්ම රතු මුහුදේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඊශ්‍රායලය සහ යේමනයේ හූති ගරිල්ලන් අතර ගැටුම් පවතියි.
එකල ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට අනුව ගඩාෆි යනු ඒකාධිපතියෙකි. ඔහු සාන්තුවරයෙකු යැයි කිව නොහැකිය. එහෙත් ගඩාෆි විසින් 2008දී පැවැත්වූ උක්ත කතාව තුළ, මෑත කාලීන ගෝලීය දේශපාලන ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු ගැබ්ව ඇත. ඉතිහාසය සියල්ලට සාක්ෂි දරමින් තිබේ. ඊශ්‍රායල්-ඉරාන ගැටුම් යනු එහි වර්තමානයයි.
"මේ හෑලි අපට මොකටදැ?"යි විමසන ඕනෑම කෙනෙකුට දියහැකි පිළිතුර වන්නේ, "කුසට පෙර මොළයට සංවේදනා දැනෙන බවත්, ඒවාට සංවේදී වීම වැදගත් බවත්" ය.
--අයුලි නුගේරා
- අසංක හදිරම්පෑල.
A day in the life
2025-06-24
මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු.
මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.
එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.
අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.
ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.
ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැම තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.
අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.
අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. "අපි දඩයම් කළෙත් ක්‍රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම."
"අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව." ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ.
වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.
අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා.
ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.
මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵල වලින් මිදෙන්න ක්‍රමයක් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.
"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.
ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා.
"මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා."
"පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා."
මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්.
ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.
"මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා." ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.
දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.
දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් "මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි."
මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු.
"අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු."
අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු.
"එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු."
උපුටා ගැනීමකි
ලක්මිණි වසන්ති තෙන්නකෝන් - මුණුපොතට
A day in the life2025-06-23
හෝර්ටන් තැන්නට අළුත් පාරක්.
බෙලිහුල්ඔය සිට හෝර්ටන් තැන්නට ඇතුල්වීමට නව මංකඩක් සකස් කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා වෙනවා. මෙය කලක සිට කතා බහ වෙන්නක්.පාලන වෙනසත් එක්ක අළුත් වෙන පරණ වෙන කතාබහක්.
ඉංග්‍රීසින් ගේ යුගයේ නුුුවරඑළිය - පට්ටිපොල - අඹේවෙල - හොර්ටන්තැන්න හරහා බෙලිහුල්ඔයට මාර්ගයක් තිබිලා තියෙනවා. මේ මාර්ගයේ නටබුන් බෙලිහුල්ඔය ගල්පොතුතැන්තත් - නාගරක් ඩිවිසන් ( Nagarat division ) අතරත් තාම අඩිපාරක් වගේ තියෙනවා.




















