ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-05-31

කීර්ති විජේබාහු..?



වමේ සිට දෙවැන්නා සමන් පියසිරි සහෝදරයා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හා ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු පක්‍ෂයේ ප්‍රමුඛ පෙළේ නායකයන් 1989 නොවැම්බර් මස ඝාතනයට ලක් වී ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ව්‍යූහය අවුල්ව ගියපසු ඇති වූ පසුබෑම එතෙක් පක්‍ෂය මුහුණ දී තිබු සියලු පසුබෑම්වලට වඩා විශාල විය. රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසු පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පැවති තත්ත්වය අනූව අදහස් හුවමාරු කර ගනිමින් පක්‍ෂය ඉදිරියට ගෙන යෑම සඳහා පක්‍ෂයේ නායකත්වයට සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් කීර්ති විජේබාහු තෝරා ගන්නා ලදි.

අනුව සමන් පියසිරි ප්‍රනාන්දු පක්‍ෂ නායකත්වයට පත් වන්නේ 1989 නොවැම්බර් මස 28 වැනිදා රත්නපුර හිදැල්ලනට කිට්ටුව පණුකරාපිටියේ පිහිටි රත්නපුර සන්නද්ධ නායක ගුණරත්නගේ නි‍ෙවසේදී දේශපාලන මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීය.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් ඉතිරිව සිටි සමන් පියසිරි, ශාන්ත බණ්ඩාර, ලලිත් විජේරත්න ඇතුළු පිරිසක් එයට සහභාගි වූ අතර දේශපාලනය හා සංවිධානාත්මක ක්‍රියා සම්බන්ධයෙන් ඉතිරිව සිටි දක්‍ෂතම පුද්ගලයා සමන් පියසිරි ප්‍රනාන්දු බැවින් පක්‍ෂ නායකත්වය සඳහා සියල්ලන්ගේ සහාය ඔහුට හිමි විය.

1984 වසර අග භාගය වන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් සන්නද්ධ අංශයක් පිහිටුවීම සඳහා යෝජනා විය. ඒ අනුව දේශප්‍රේමිත්වය තේමා කරගත් රණශූරත්වය තරමටම උපායශීලීත්වයද මුල්කරගත් සටනක නිරත විය යුතු බවට තීරණය විය. පසුව ආණ්ඩුවේ නිල නොවන ඝාතක කල්ලිවල සහ රාජ්‍ය මර්දනයට මුහුණ දීමට දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ගොඩනඟමින් ප්‍රතිවිප්ලවීය ක්‍රියාවලිය තීව්‍ර කරන ලදි. පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නායකයා සහ අණදෙන්නා වූයේ සමන් පියසිරි ප්‍රනාන්දු ය. ඔහු කීර්ති විජේබාහු, කබ්රාල්, මෙන්ඩිස් අංකල්, ධම්මික හා ජනක යන අන්වර්ත නාමයන්ගෙන් හඳුන්වන ලදි.

1958 මාර්තු 23 වැනි දින මොරටුවේ උපන් සෙල්ලප්පෙරුමගේ සමන් පියසිරි ප්‍රනාන්දු පාසල් අධ්‍යාපනය අවසන්කර උසස් අධ්‍යාපනය සඳහා 1978 දී කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යාපීඨයට ඇතුළත් විය. සමන් පියසිරි යනු සරසවි ඉතිහාසයේ දෙවන ස්ථානයට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් දක්‍ෂතම ශිෂ්‍යයකි. 1978 දී ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදි ශිෂ්‍ය සංගමයට සම්බන්ධ වන සමන් පියසිරි, ශිෂ්‍ය අංශය නඟා සිටුවීමට ක්‍රියාකාරීව හවුල් විය. ඔහු වාණිජ උපාධිය සමත් වීමෙන් පසුව පූර්ණ කාලීන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තෝරා ගත්තේය.

බස්නාහිර, සබරගමුව හා දකුණු කලාපයේ යුද ලේකම් වශයෙන් කටයුතු කළ සමන් පියසිරි ප්‍රනාන්දු, දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ඉතා කෙටි කාලයක් තුළ ආකර්ෂණීය හා ජව සම්පන්න සන්නද්ධ අංශයක් බවට පරිවර්තනය කරනු ලැබූයේ ඔහුගේ නායකත්වයෙනි. 1989 අගභාගයෙහි රාජ්‍ය මර්දනය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන්ගේ හිස් මස් ලේ දත් ප්‍රකෘති සිහියෙන් ගලවද්දි හා ඉවත් කරද්දි ඒ මර්දනයට එරෙහිව පක්‍ෂයට නායකත්වය දුන්නේ සමන් පියසිරි හෙවත් කීර්ති විජේබාහුය.

කීර්ති විජේබාහු නම ආණ්ඩුවට මහා භීතිකාවක් විය. දතට දත ඇසට ඇස හිසට හිස වෙන් කිරීමේදී “එකට එක ” න්‍යායෙහි නායකයා කීර්ති විජේබාහුය. ඔහු කොතරම් අභීතද යත් මර්දනය තීව්‍ර අවධියේදී පවා සැඟවී සිටි චරිතයක් නොවේ. ඔහුගේ ගමන් බිමන් නිදහසේම විය. ඔහු හැම විටම බස් රථවල යමින් පාරේ ප්‍රසිද්ධියේ ඇවිදිමින් දේශපාලන සංවිධානය වේගවත් කළ සගයෙකි.

සන්නද්ධ අංශයට බැඳුණු පක්‍ෂ ක්‍රියාධරයෝ බහුතරය විප්ලවයට ප්‍රේම කළ, පක්‍ෂයට ආදරය කළ, ජනතාවගේ විමුක්තිය ප්‍රගතිය සහ ජයග්‍රහණය උදෙසා කැප වී සිටි ගරිල්ලා භටයෝ පිරිසක් වූහ. එමෙන්ම සන්නද්ධ අංශයේ පුහුණුව, ශක්තිය, උපක්‍රම, ඇතැම් ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සමඟ ගොඩ නඟා ඇති සම්බන්ධතා පිළිබඳව බොහෝ දෙනා මවිතයට පත්වූහ. අවි පැහැර ගැනීමේ ප්‍රහාරයන්ට සම්බන්ධ වූ කැරලිකරුවන් සඳහා සති තුනක හෝ දෙසතියක රහසිගත පුහුණුවක් සන්නද්ධ අංශයේ නායකත්වය විසින් රක්‍ෂිත වනාන්තරයන්හි තාවකාලිකව ඉදිකරන ලද අවි පුහුණු කිරීමේ කඳවුරු 100කදී පමණ සිදු කරන ලදි. එහි පුහුණුව භාරව බොහෝ විට කටයුතු කළේ ආරක්‍ෂක අංශ වෙතින් පළාවිත් පක්‍ෂයට සම්බන්ධවූ හමුදා භට පිරිස් විසිනි. පුහුණු කඳවුරු මොනරාගල, පොතුවිල්, අම්පාර, ත්‍රිකුණාමලය, හම්බන්තොට, රත්නපුර දඹුල්ල, මාතලේ, සිංහරාජ හා හම්බෙගමුව ඇතුලු ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක විය.

විශේෂයෙන් දකුණේ කැලෑබදවද රජරට රක්‍ෂිතයන්හිදීද ශ්‍රී පාදයේ එරත්න දිසාවේ සහ මාතලේ නකල්ස් හි පිහිටා තිබු කඳවුරු වඩාත් හොඳින් ක්‍රියාත්මක විය. එසේ පුහුණු කඳවුරු භාරව සමන් පියසිරිගේ නායකත්වය යටතේ වික්‍රම, ආතර්, දිනේෂ් ඇතුළු කිහිප දෙනෙක්ම වූහ. සන්නද්ධ පුහුණුවිම් අවසානයේදී විසිර යෑමේ පෙරට්ටු කිහිපයකටද සමන් පියසිරි සහභාගි වූ බව සඳහන් වේ.

දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය හමුදා කඳවරු සහ පොලිස් ස්ථාන කිහිපයකටද ප්‍රහාර එල්ල කර යුද අවි පැහැර ගැනීමට සමත් විය. කටුනායක ගුවන් හමුදා කඳවුරට ද, කොතලාවල ආරක්‍ෂක පීඨයටද, පන්නල හමුදා කඳවුරට සහ පොලිස් ක්‍ෂේත්‍ර බළකා මුලස්ථානයටද ඇතුළුව තවත් පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම බාරව සිටියේද සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් කීර්ති විජේබාහු ය.

එසේම කොළඹ ඔබරෝයි හෝටලයේදී ආරක්‍ෂක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්න ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් හා පොලිස් නිලධාරීන්ගේ හමුවකදී ඔවුන්ට වසදී ඝාතනය කිරීමේ සැලසුමක් සමන් පියසිරිගේ මූලිකත්වයෙන් සකස් කළ ද අවසාන මොහොතේ එය අසාර්ථක විය.

ජනතා විමුක්ති පෙරමුණේ ගරිල්ලා සාමාජිකයන් විදේශ රටවලින් පුහුණුව ලැබු බවටත්, විදේශ රහස් ඔත්තු සේවා සමඟ සම්බන්ධතා ඇති බවටත්, ඒවායේ උදව් ඇතිව පහරදීම් සැලසුම් කරන බවටත්, ආරක්‍ෂක අංශ විටෙක අනුමාන කළද එය වැරදි මතයක් විය. කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට අලුතින් එක්වූ නව තරුණ බලවේගයේ ක්‍රියාකාරිත්වය, හැකියාවන් සහ දක්‍ෂතාවයන් අතර ඉහළම තැනක් ගත්තද දේශපාලන දැක්ම අතින් අතිශය දුර්වල පුද්ගලයන් පිරිසක් වූ බව සඳහන් කළ යුතුය. අත්දැකීම් සහ දේශපාලන පරිණත බව පැරණි සාමාජිකයන්ගෙන් දැකගත හැකි වුවද නව සාමාජිකයන්ගේ දේශපාලන දෘෂ්ටියේ නොමේරූ බව නිසා ජනතා විමුක්ති පෙරමුණේ පිරිහීමේ ලක්‍ෂණ ඇරඹුණු බව සඳහන් කිරීම වැදගත්වේ.

අවසානයේ එය පක්‍ෂයේ අරගලය විප්ලවීය අවසානයක් දක්වා ගෙන යෑම වෙනුවට බරපතළ ව්‍යවසනයකින් අවසන් වීමට හේතු විය.
1989 නොවැම්බර් මස එක්තරා දෛවෝපගත සිදුවීමක් සිදුවිය. බොරලැස්ගමුව පිහිටි පක්‍ෂ හිතවතකුගේ නි‍ෙවසේ රාත්‍රිය ගත කරමින් සිටි සමන් පියසිරි ශාරීරික අවශ්‍යතාවක් සඳහා නි‍ෙවසින් පිටතට පැමිණි අවස්ථාවේ දුටුවේ ආරක්‍ෂක අංශවල හදිසි වැටලීමකි. එසැණින් ඔහු අසල කපා දමා තිබු කොස් අතු ගොඩක් තුළ සැඟව ගත්තේය.

මේ කොස් අතු හවස්වරුවේ කපා දමා තිබූ හෙයින් දිමිගොටු ඇවිස්සි සමන් පියසිරිගේ සියොලඟ පුරා දිමි දුවමින් විදින්නටත් විය. නමුත් පිටතට පැමිණීමට හෝ සෙලවීමට කෙඳිරියක් නැගීමට හෝ නොහැකිය. උදෑසන වන විට වැටලීම් අවසන් වූ සැණින් කොස් අතු ගොඩින් පිටතට පැමිණි සමන් පියසිරි නි‍ෙවසට ඇතුළු වී නිවැසියන්ට පවසා, අනතුරුව රැකියාවකට යන අයෙකු ලෙස ‍නිෙවසින් පිටත්ව ගියේය. නමුත් නැවත එවැනි වාසිසහගත සිදුවීමකින් තම දිවි බේරා ගැනීමට සමන් පියසිරි ට නොහැකි විය.

රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසුව පක්‍ෂයේ ඉදිරි කටයුතු සමන් පියසිරි විසින් ගෙනයාමට තීරණය කිරිමෙන් පසුව, රෝහණ විජේවීරගේ ඝාතනයෙන් මසක් ගතවූ දින පක්‍ෂය විසින් රට පුරා විරෝධතාවයක් දියත් කර නායකයා ඝාතනය කළ පිරිසට ප්‍රතිවිරෝධය දැක්වීමක් සිදුකරන ලදි. එය සැලකිය යුතු ප්‍රමාණයකින් සාර්ථක වුවද ආණ්ඩුව දියත් කරමින් තිබු මර්දනය තුළ අත්අඩංගුවට පත්වීම් හා ඝාතනයට ලක්වීම් දිගින් දිගටම සිදුවිය. මේ වන විට පක්‍ෂයේ බොහෝ රහස් හා තොරතුරු පුද්ගල නාම සංවිධාන රටාවන් ආදී සියල්ල ආණ්ඩුවේ ආරක්‍ෂක අංශ අතට පත්ව තිබුණි. ඒවා ඔවුන් අතට පත් වූයේ ඔවුන්ගේ දක්‍ෂතා මත නොව පාවා දෙන්නන්ගේ හා දුර්වලයන්ගේ හෙළිදරව් කිරීම් නිසාය.

පවතින තර්ජනය හමුවේ තම මවගෙන් හා නැගණියගෙන් වෙන්ව විසු සමන් පියසිරි, 1989 දෙසැම්බර් 25 වන දින නාවල පිහිටි මවගේ නි‍ෙවස වෙත පැමිණියේය. ඔහුගේ යෝජනාව වූයේ පදිංචිය වෙනස් කල යුතු බවය. නමුත් සිදුවීම් පෙළගැසී තිබුණේ යහපත් අන්දමට නොවේ. එදින රාත්‍රිය ඔහු ගරිල්ලා සටන් පිළිබඳ පොතක් කියවමින් සිටියදී අසුන්ගෙන සිටි පුටුවේම නින්ද ගොස් තිබුණි. අලුයම උදා වීමටත් පෙර ආරක්‍ෂක අංශ නිලධාරීන්ගෙන් නාවල නි‍ෙවස පිරී ගියේය. දැන් සියල්ල සිදුවී අවසන්ය. අත්අඩංගුවට ගැනීමෙන් පසු සමන් පියසිරි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට රැගෙන එනු ලැබීය.
එසේ ඔහු රැගෙන ආ මොහොතේ සිටම ඔහු කළ සමාජවාදය පිළිබඳ දේශනයෙන් පහළ හමුදා සාමාජිකයන් ප්‍රසාදයක් ඇති කරගෙන සිටියහ. එතැනම ඉහළ හමුදා නිලධාරීන්ද සිටි අතර ඔවුන් කුපිත වී සිටියහ. “තවත් ටික වේලාවක් මේ කතාව තිබුණොත් පහළ හමුදා සාමාජිකයන් තුවක්කු තමන් වෙත හරවනු ඇති බව” ඉහළ හමුදා නිලධාරිහු සිතූහ.
අනතුරුව මත්තේගොඩ පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුර වෙත සමන් පියසිරිව රැගෙන ගිය අතර රාජ්‍ය මර්දනයේ කෲර වධ බන්ධනයන්ට ලක්කරමින් ඔහුගෙන් ප්‍රශ්න කරන ලදි. ඉතා දුෂ්කරම මොහොතක වුවද ධෛර්ය හීන කර නොගන්නා අපූර්වතම සටන්කාමියෙකු වූ සමන් පියසිරිට ඒ මොහොතේද තමන්ට පෞද්ගලික අරමුණු නැතැයිද තිබුණේ පොදු අරමුණක් උදෙසා සටන් කිරීම බවත්, තමන් දැරූ වගකීම බාර ගැනීමට තවත් අය බිහිවන බැවින් මෙම මරණය තමන්ට වේදනාවක් නැති බවත්, මරණයට පෙර ඔහු ප්‍රකාශයක් කළේය.

එසේම දිවි බේරා ගැනීමට යයි සිතා යම් යම් තොරතුරු හෙළි කළ අයද සමන් පියසිරි හමුවට ගෙන එනු ලැබූ අතර ඔවුන්ගෙන් ඇතැම් අය සමන් පියසිරිට පවසා ඇත්තේ, රෝහණ විජේවීර ඇතුළු සියලු දෙනා මියගොස් ඇති තත්ත්වයක් තුළ තවත් ආරක්‍ෂා කිරීමට දෙයක් නොමැති බවය.
ඒ නිසා දන්නා දෙයක් කියා ජීවිතය බේරා ගන්න බලමු වැනි අදහස්ය. නමුත් එසේ කී අයගෙන් සමන් පියසිරි අසා ඇත්තේ “නැහැ ඒක වැරදි සහෝදරයා, හෙළිවෙන්න තවත් දේවල් නැත්නම් ඔවුන් අපට මේ තරම් වද දෙමින් මේ තොරතුරු හෙළි කර ගැනීමට උත්සාහ දරන්නේ ඇයි?” යනුවෙනි. තම අවසන් මෙහොතේත් සමන් පියසිරි විශ්වාස කළේ කවුරුන් විසින් හෝ පක්‍ෂය යළි ගොඩනඟන බවය.



සමන් පියසිරි ප්‍රනාන්දු තම ජීවිතය පරිත්‍යාග කළේ පක්‍ෂය පිළිබඳව එකදු වචනයක් වත් සතුරන්ට නොපවසා වීරයකු ලෙසය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවන නායකයා වශයෙන් සමන් පියසිරි ප්‍රනාන්දු 1989 දෙසැම්බර් 29 දින ඝාතනයට ලක් වූ අතර එවිට ඔහු 32 හැවිරිදි වියෙහි පසු විය.
සමන් පියසිරි ප්‍රනාන්දු ගේ මව විසින් ලියන ලද කවියක් උපුටා දක්වමින් මෙම ලිපිය අවසන් කරමු.

"වැලේ මැද පිපුණු සුවඳැති සමන් මල
කැලේ රුදු බමරු ඩැහැගෙන ගියෙ එකල
රැලේ එකතු වී වැනසු මුත් නිමල
බලේ මතුත් පවතී එහි සුවඳ කැල "
 එම්. තාරික්

A day in the life

2025-05-30

වෘත්තීය සමිති.




ශ්‍රී ලංකාවට තිබෙන ලොකු අභියෝගයක් ලෙස Trade Union Culture එක ගැන අපි නිතර කතා කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ Trade Union Raj එකක් කියලා කියන්නේ ඒකයි.

2025-05-29

පසක්වීම





හිරු නිවෙන්නට දෙපැයකට පෙර
බිමට යොමුවූ දෑස් අතරින්
රාජගිරියට ඇදෙන පෙරහැර
දනිති යනවග නො එන ගමනක.

බාල ලී පෙට්ටියේ සැතපී
ගියත් මට නුඹලා කියෙව්වැකි
නොදැනේද මා දුන් සැහැල්ලුව
අවමඟුල් උත්සව කපාහැර.

මල් වඩම් හා බැනර් කැපුවෙමි
නෙස්කැෆේ පුටු ටෙන්ට් හැලුවෙමි.
එම්බාම් නැති දුගඳ මිනියක
සාද සාමීචියට ඉඩ නැති.

හුදෙකලා වී කුටියෙ සිරවී
පන්හිඳෙන් ජීවිතය අමුණා
හුස්ම රැල්ලක් ගැටගැසූ මට
සමුගැනීමේ කතා කුමටද?

විච්චේදනය කර ඉගෙන ගන්නට
වෙද නලා පලඳවා ගන්නට
මාවටා රොක් වේවි සිසු කැළ
පුදුම වන්නට කිමද කාරණ ...

මගේ මිනියෙහි හදවතක් නැති.!
නොවටිනා ගාණකට මිළ කර
උගස් කළ එය තවම ඔහු ළඟ .!!!

--------රෝ.සි.

A day in the life

2025-05-28

ප්‍රාග් - ප්‍රොටෝ අවධියේ සිංහල භාෂාව




භාෂාව මනුෂ්‍ය සත්වයා අන්‍ය සත්වයන්ගෙන් වෙසෙසා දැක්‌වෙන ප්‍රධාන ලක්‌ෂණයකැයි පැවසිය හැකිය. අන්‍ය සත්වයන් ද මුඛ මාධ්‍යයෙන් නොයෙක්‌ පණිවුඩ හුවමාරු කරගන්නා නමුත් මනුෂ්‍ය භාෂාව එම පණිවුඩ හුවමාරු ක්‍රමයන්ට වඩා සංකීර්ණ අදහස්‌වලට වාහනයක්‌ බව කරුණු පරීක්‍ෂා කිරීමේදී පෙනේ. මනුෂ්‍යයා විසින් නිපදවාගත් මේ චින්තනයේ පිහිටෙන් ඔහුට ක්‍රමයෙන් අතිශය පෘථුල වූ මහත් ශිෂ්ටාචාරයක්‌ ගොඩන`ගා ගැනීමට හැකිවිය.
 

එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මානව ශිෂ්ටාචාරගතවීමේ මුල අදියරවලදී ප්‍රබල භාෂාමය උප සන්නිවේදන මාධ්‍යයක්‌ ලෙසින් ලේඛනය බිහිවූ අතර මෙසොපෙතේමියාවෙන් ඇරඹී එය මිසරය, පර්සියාව, ඉන්දියාව, චීනය වැනි ලෝක ශිෂ්ටාචාර පැවති ප්‍රදේශ පුරා රූපාක්‍ෂර, සංකේතාක්‌ෂර, සංකේතාත්මක ලෙස හා අවසානයේ ක්‍රමික අක්‌ෂර ලෙස ලොව පුරා පැතිර ගියේය. ඒ අනුව ලේඛනය යනු වසර ලක්‍ෂ ගණනාවක්‌ තිස්‌සේ ශබ්ද විධිකාරයට, අංගචලනාකාරයට චිත්‍ර සටහන් ගුහාවල ඇදීම යනාදි වශයෙන් විකාශය වෙමින් ආ මානව සන්නිවේදනයේ විශිෂ්ට ප්‍රතිඵලයක්‌ බව පැවසිය හැක. එබැවින් ලේඛන ක්‍රමවල ඉතිහාසය මිනිසාගේ ආරම්භක අවස්‌ථාවෙහි පටන්ම සාකච්ඡාවට බඳුන් කළ යුතුය.
 
පෙර දැක්‌වූ ආකාරයට ලෝක භාෂා පරිණාමයේ ප්‍රතිඵලයක්‌ව උදාහරණ ලෙස අවුරුදු 2500 පැරණි සිංහල භාෂාව පෙන්වාදිය හැක. ඉන්දු යුරෝපා භාෂා පවුලට අයත් මෙම භාෂාවද ප්‍රාග්ඓතිහාසික මානවයාගේ අංගචලනය හා ශබ්ද උපකාර කොටගත් සංඥාවල සිට ප්‍රොටෝ ඓතිහාසික යුගය වන විට කිසියම් ලේඛන කලාවක්‌ සහ ක්‍රමික භාෂා ව්‍යවහාරයක්‌ම බවට පත්ව අනතුරුව සිදුවන ආර්යාගමන බලපෑම්, ඒ හා ස්‌වදේශික සහසම්බන්ධතා ක්‍රි.පු. 3 සිට මහින්දාගමනයෙන් ඇතිවුණ අශෝකාක්‌ක්‍ෂරවල බලපෑම්ද, පසුකාලීන ආන්ද්‍ර, ද්‍රවිඩ බලපෑම්ද ක්‍රි.ව. 7 සිට පල්ලව බලපෑම්වල සිට ක්‍රි.ව. 15, 16, 17 යුරෝපා ආක්‍රමණවලද බලපෑම් සහගතවත් නොයෙක්‌ බලපෑම්වල ප්‍රතිඵලයක්‌ ලෙස බිහිවුණ ක්‍රමිකව විකාශනය වූ ලේඛන ක්‍රමයක්‌ සහිත භාෂාවක්‌ ලෙස දැක්‌විය හැක. 
පෙරකී අවුරුදු 2500 වැනි දීර්ඝ කාල පරිච්ඡේදය තුළ මේ සිංහල භාෂාවට නව වැකි, වාක්‍ය රටාවන්, වියරණ විදී, නීතිරීති රාශියක්‌ එකතුවූ අතර ඊටත් වඩා සුවිශේෂි ලෙස නව අක්‌ෂර රාශියකින් සැදුම්ලත් කලින්කල වර්ධනය වූ අක්‌ෂර හෝඩියකින් සැදුම්ලත් ලේඛන කලාවක්‌ද බිහිවූවාය. අද අප එකී අක්‌ෂර ව්‍යවහාරයේ ක්‍රමික විකාශය නිරීක්‍ෂණය කිරීම සඳහා එය පූර්ව බ්‍රහ්ම, අපර බ්‍රහ්ම ලෙස වර්ගීකරගනු ලබති. මෙකී සිංහල අක්‌ෂර හා භාෂා ව්‍යවහාරය අතීතයේ සිට වර්තමානය දක්‌වා කෙසේ නිර්මාණය වූයේ දැයි පර්යේෂණ කිරීමට මෙරට හා විදේශීය ප`ඩිවරුන් උත්සහ ගත්තේ ක්‍රි.ව. 18 වන සියවසෙන් අනතුරුවය. ප්‍රථමයෙන්ම ගොගර්ලි, කාසිෙච්ට්‌ටි, ටර්නර්, රීස්‌ ඩේවිස්‌ වැනි විද්වතුන් මෙරට ශිලා ලිපි කියවා මෙරට භාෂාව සහ ලේඛන පිළිබඳව අධ්‍යනය කර සිය නිගමන සිලෝන් ඇල්මැක්‌ රාජකීය ආසියාතික සමිති ස`ගරාව වැනි ස`ගරාවලට ඉදිරිපත් කළහ. 
අනතුරුව ලක්‌දිව සෙල් ලිපි කියවූ ගෝල්ඩ්සමිත්, ඊ. මයුලර්, බෙල් අයර්ටන්, හොකාර්ට්‌, වින්සර්, ඉසෙඩ් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාරණ යන බහුශ්‍රැතයන් විසින් ශිලාලිපි රාශියක්‌ සොයාගත් අතර, එසේම ඒවාවල භාෂාවේදී, වියරණ විදී, අක්‌ෂර විකාශය වැනි ප්‍රයෝජනවත් මාතෘකා යටතේ පර්යේෂණ ලිපි හා ග්‍රන්ථ රාශියක්‌ ලියන ලදී. ඒ අතර මෙරට ප්‍රථම අභිලේඛනමය කෘතිය වන Ancient
inscriptions in Ceylon (මයුලර් විසින් රචනා කළේය) සිට ක්‍රි.ව. 1904 දී වික්‍රමසිංහ විසින් පළකරන ලද ලක්‌දිව සෙල්ලිපි සංග්‍රහය (Epigraphia 'eylanica) නමැති ස`ගරාව සිට එය ක්‍රි.ව. 1964 දක්‌වා දීර්ඝ කලක්‌ සාර්ථකව සෙනරත් පරණවිතාරණ යටතේ පවත්වාගෙන ගොස්‌ ඉක්‌බිතිව ශිලාලේඛනය හා ව්‍යවහාර පිළිබඳව වැදගත් තොරතුරු රාශියක්‌ ලෝකයාට සපයන ලදී. 
අනතුරුව සිංහල අක්‌ෂර මාලාවේ සම්භවය හා වර්ධනය පිළිබඳව පර්යේෂණ කළවුන් අතර තෙන්නකොන් විමලානන්ද, සද්ධාමංගල කරුණාරත්න, අබය ආරියසිංහ, මූලටීයන වංගීංස හිමි, අහමඩ් හසන් දානි, බන්දූසේන ගුණසේකර, පී.ඊ.ඊ. ප්‍රනාන්දු, සී.ඩබ් නිකලස්‌, හෙන් පාකර්, සී. ඊ. ගොඩකුඹුර, විමල් ජී. බලගොල්ලේ, ඒ. කොඩ්රිංටන් යන දෙස්‌ විදෙස්‌ පඬිවරුන් වැදගත්වේ. ඔවුන් විසින් රචිත ලංකාවේ බ්‍රාහ්මී අභිලේඛන, Sienhalaless paleography පැරණි ලක්‌දිව යන කෘතිවල ආදී ඓතිහාසික අවදියේ අක්‌ෂර මාලාව, එහි වර්ධනය සහ භාෂා ව්‍යවහාර පිළිබඳව නව පර්යේෂණ වාර්තා රැසක්‌ ඉදිරිපත් කර ඇත. 
එකී උද්යෝගයේද ප්‍රතිඵලයක්‌ වශයෙන් අදවන විට පුරා විද්‍යාඥයන් විසින් ලක්‌දිව ශිලා ලිපි 4000ක ප්‍රමාණයක්‌ සොයාගනු ලැබ ඇති අතර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අක්‍ෂර මාලා සම්භවය හා එහි භාෂා ව්‍යවහාර පිළිබඳ ඊට බලපෑ බ්‍රාහ්මී අක්‌ෂර ව්‍යාප්තිය (අශෝකාක්‌ෂර), පල්ලව, ද්‍රවිඩ ලේඛන හා භාෂා ව්‍යවහාර වැනි සංස්‌කෘතික ප්‍රවාහයන්ද එහි උත්කෘෂ්ඨ ප්‍රතිඵලයක්‌ වශයෙන් සිංහල භාෂාවේ සිදුවන අක්‌ෂර රූප වෙනස්‌කම්, භාෂා හා ලේඛන විධිවල වෙනස්‌කම් නව භාෂා හා ලේඛන ව්‍යවහාර, කාලාරූපික සිදුවුණු ලේඛන වෙනස්‌කම්, ශිලා ලිපි වර්ග ඒවාවල සඳහන්ව ඇති තොරතුරු යනාදි වශයෙන් ආදි ඓතිහාසික අවදියේ අක්‌ෂර මාලාව හා ඒවාවල භාෂා ව්‍යවහාරය ආශ්‍රිත ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් තොරතුරු රාශිය අදවන විට අනාවරණය කරගෙන ඇත. 
එකී කරුණු සිතේ තබාගෙන මෙම නිබන්ධනය මඟින් සාකච්ඡා කරන්නේ ප්‍රාග්-ප්‍රොaටෝ අවධියේ (ක්‍රි.පු. 12 - ක්‍රි.ව. 3) මෙරට ශිලා ලිපි වල අක්‌ෂර හා එහි භාෂා ව්‍යවහාරය පිළිබඳවය.

ලෝක භාෂා හා මුල්ම ලේඛන 

සිංහලයේ ආදී ඓතිහාසික අවදියේ අක්‌ෂර සහ භාෂා ව්‍යවහාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථම එවැනි සුමිහිර ලේඛන කලාවක්‌ සහිත භාෂා ව්‍යවහාරයක්‌ බිහිවීමට හේතුවූ ලෝක භාෂා ව්‍යවහාරය හා එහි මුල්ම ලේඛන පිළිබඳව තරමක්‌ දුරට සාකච්ඡා කළ යුතුය. එබැවින් භාෂා හා ලේඛන ක්‍රමවල ඉතිහාසය මිනිසාගේ ආරම්භ අවස්‌ථාවෙහි පටන්ම සාකච්ඡාවට භාජනය කළ යුතුවේ. පරිණාමවාදයට අනුව චාතුර්ථික යුගයේ දී මානව කල්ප වානරයාගෙන් මානවයා ප්‍රභවයවූ බව කියවේ. දෙපා ගමනින් යන වානර මිනිසාගේ අවධියේ සිටම මිනිසා පිළිබඳව ඉතිහාසය ආරම්භ වී පවතී. 
ලොව පුරා පුරාවිද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීමට අනුව පුරාශිලා (Paleolithic Age), මධ්‍යය ශිලා යුගය (Mesolithic) මා නවශිලා යුගය (NeolithicAge) යනුවෙන් ප්‍රාග් ඉතිහාස පුළුල් කොටස්‌ තුනකට බෙදා තිබේ. මෙම අවදියේ ත්‍රිත්වය තුළ ජීවත්වූ මානවයාගේ භාෂාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ලේඛන ව්‍යවහාරයක්‌ නොපැවති අතර ඔවුහු ඒ වෙනුවට සන්නිවේදන කටයුතු වෙනුවෙන් හූ කීම, ගිනිගොඩවල් ගැසීම, අංගචලන මාධ්‍යයෙන් සංඥා දැක්‌වීම, ගුහාවල චිත්‍ර ඇ`දීම වැනි භාෂා ව්‍යවහාරයන් භාවිතා කළහ. මේවාවලට නිදර්ශන ප්‍රංශයේ හා ස්‌පාඤ්ඤයේ පිහිටි ලැස්‌කෝ හා අල්ටමීරා ගුහාවල පිහිටි දඩයම් දර්ශන රැගත් චිත්‍ර පෙන්වා දිය හැක. ඒ ආකාරයට පැරණි මානවයා අංගචලන, චිත්‍ර සටහන්, ශබ්ද විධික්‍රම භාවිතා කොටගෙන ස්‌වකීය භාෂා මාධ්‍යයක සන්නිවේදන කටයුතු සිදු කළහ. 
අනතුරුව මෙය විශාල වෙනසකට භාජනය වන්නට විය. එනම් මිනිසා ශිෂ්ටාචාරගතවීම ආරම්භ කිරීමයි. ඒ අනුව හේනෙම මැටිවලින් තනමින්, ගොවිතැන් කරමින්, ක්‍රමිකව සත්වපාලනය සිදුකරමින් ක්‍රි.පු. 6 සියවසේ දී ජෙරිකෝ වැනි මූල නාගරික ජනාවාස ඉදිකිරීම වැනි ක්‍රියාකාරකම් සිදුකරමින් ස්‌වකීය ශිෂ්ටාචාරගතවීම වේගවත් කළ අතර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ක්‍රි.පු. 4500-1750 අතර කාල පරාසය තුළ ලෝකය පුරා ඊජිප්තු (නයිල් නිම්න) ශිෂ්ටාචාරය, මෙසෙපොතෙමියානු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හොවැංහෝ වැනි දියුණු නාගරික හා විවිධ සංස්‌කෘතිකාංගයන් පිරි ශිෂ්ටාචාර බිහිවන්නට විය. 
මෙම ශිෂ්ඨාචාර බිහිවුණු කාල පරිච්ඡේදය නූතන පුරා විද්‍යාවේ කාල ක්‍රමයට අනුව තඹ (Copper) සහ ලෝකඩ (Bron'e) යුගය ලෙස හැඳින්වේ. 
පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේ පැවති ප්‍රාථමික භාෂා සන්නිවේදන ප්‍රකාශන 
මාෙධ්‍යාaපක්‍රම පෙරකී මිනිස්‌ බුද්ධි චින්තනයේ විප්ලවීය ශිෂ්ටාචාර බිහිවන අවදියවන විට එකී ශිෂ්ටාචාරගත අවදියට ඔබින ලෙස මිනිස්‌ භාෂාව වෙනස්‌වී සංවර්ධනයට පත්වූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස මිනිසා සිය අදහස්‌ හා හැ`ගීම් ප්‍රකාශ කිරීම සඳහා කිසියම් සංකේත හෙවත් අක්‌ෂර ක්‍රමයක්‌ නිර්මාණය කරගත් අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස නොයෙකුත් ලේඛන කලාවක්‌ ලොව පුරා බිහිවිය. දැනට කෙරී ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට අනුව ලෝකයේ පැරණිතම ලේඛනය නැතහොත් අක්‌ෂර ව්‍යවහාරය භාවිතා කර ඇත්තේ ක්‍රි.පු. 3500 සුමේයන්වරු විසිනි. ඔවුහු කූඤ්ඤ අකුරු (cuneiform) නම් ඉතාම සංවර්ධිත ලේඛන ක්‍රමයක්‌ නිපදවූහ. එය සංකේතාත්මක (Symbolic stroke) වචන නිරූපණය කළ ක්‍රමයකි. මෙම අකුරු අව්වේ වියළාගත් මැටි මුද්‍රdවල ලේඛන ගත කල ක්‍රමයකි. එම සමකාලයදීම පුරාතන මිසරවරුන්ද රූපාක්‌ෂර (Picture writing) ක්‍රමයක්‌ භාවිතා කළහ. එය අද විද්වතුන් විසින් හඳුන්වන්නේ හයිරෝග්ලිµsක්‌ස්‌ (hieroglyphics) යන නමිනි. මෙම ක්‍රමයද එක්‌ එක්‌ රූපයෙහි ශබ්දයක්‌ හෝ ස්‌වරූපය නියෝජනය විය. 
මීට අමතරව ක්‍රි.පු. 2500 ඉන්දියාවේ බිහිවුණු ඉන්දු-නිම්න ශිෂ්ටාචාරයෙහිද ගල් හා මැටි මුද්‍රd මත ලියන ලද මුද්‍රd සහිත සංකේතාක්‌ෂර රාශියක්‌ හමු වී ඇත. එසේම මෙම සංකේතාක්‍ෂර ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැතිර පැවති ඇµaගනිස්‌ථානය, සයිප්‍රස්‌, ක්‍රීට්‌, පාස්‌කු දූපත් හා ලංකාවේ ප්‍රදේශ වලින් හමු වී ඇත. මෙකී ඉන්දු නිම්න අක්‌ෂර මාලාව ඉන්දියාවේ සියලුම අක්‌ෂර මාලාවන්ගේ මූලාරම්භය වශයෙන් ආර්.නාගස්‌වාමි හඳුන්වයි. ආචාර්ය ඩින්ජර්ගේ අදහසකට අනුව එම අක්‌ෂර මාලාවෙන් අඩක්‌ චිත්‍රමය වෙයි. අඩක්‌ ශබ්දමය වෙයි. මෙම අක්‌ෂර මාලාවෙන් බ්‍රහ්මී අක්‌ෂර මාලාව ප්‍රභවය වීය යන්න ලැන්ග්ඩන්, හන්ටර් ආදීන්ගේ විශ්වාසයයි. මෙම අක්‌ෂර මාලාව තුලනය කරන ලැන්ග්ඩන් බ්‍රාහ්මී අක්‌ෂර 14 ක සමානාත්වය පෙන්වා දෙයි. (මේ අනුව අප සිංහල භාෂාවේ හා ඇයගේ අක්‌ෂර අභිවර්ධනයට හේතුවූ බ්‍රාහ්මී භාෂාව අක්‌ෂර මාලාව ප්‍රභවය වූයේ ඉන්දු නිම්නයෙන් බව උපකල්පනය කළ හැක) මීට අමතරව ක්‍රි.පු. 1766-1027 අතර පැවති චීනයේ ශැං යුගයේ සත්ව ඇටකටුවල රූපාක්‌ෂර වර්ගයක්‌ ලියු අතර එය පසුකාලයේ අක්‌ෂර 1000යුත් මැන්ඩරින් භාෂාව බවට පරිවර්තනය විය. 
මේ අතර සුමේයානු හා මිසර අක්‌ෂර හෝඩිය පාදක කොට ගෙන ක්‍රි.පු. 1000 පමණ අක්‌ෂර 22 යුත් හෝඩියක්‌ භාවිතයට ගත් අතර, එය පසුකාලයේදී ග්‍රීක්‌වරුන් විසින් ණයට ගෙන ඔවුනට අභිමත අක්‌ෂර හා ලේඛන ව්‍යවහාරයක්‌ සකසාගත්හ. පසු කාලයේ ලෝකයේ විශේෂයෙන්ම යුරෝපයේ විවිධාකාරවූ භාෂා රටා සහ අක්‌ෂර ක්‍රමයක්‌ බිහි වීමට හේතුවුයේ මෙම ලතින් හෝඩිය වේ. 
මේ හා සමගාමීවම ඉන්දියාව, ලංකාව, පර්සියාව. චීනය, ජපානය, පලස්‌තීනය සහ මැද පෙරදිග යන ප්‍රදේශ වල ද විවිධාකාර භාෂා හා උප භාෂා මෙන්ම අනම්‍ය වූ අක්‌ෂර ලේඛන ව්‍යවහාර බිහිවුණ බවද අප අමතක නොකළ යුතුය.
කෙසේ හෝ වේවා අද වන විට වාග් විද්‍යාඥයන් සහ පුරා විද්‍යාඥයන් විසින් ලෝක භාෂා ව්‍යවහාර හඳුනාගැනීම පහසු කරවීම සඳහා ප්‍රධාන භාෂා පවුල් නැතහොත් භාෂා ගණ ලෙස බෙදා වෙන් කරති. මෙම ක්‍රමය ක්‍රි.ව. 1872 දී මැක්‌ස්‌මුලර් ප`ඩිතුමා විසින් සොයා ගත් ක්‍රමයකී. ඔහු විසින් නිර්මාණය කරන ලද එකී භාෂා බෙදීම පහත දැක්‌වෙන පරිදි සංක්‍ෂිප්තව දැක්‌විය හැක.
යනාදී වශයෙන් ප්‍රධාන භාෂා පවුල් කිහිපයක්‌ද තවත් අප්‍රධාන භාෂා පවුල් රාශියක්‌ද මෙම වර්ගීකරණයට අයත්ය. 
ප්‍රාග් ඓතිහාසික අවදියේ හා ප්‍රොටෝ ඓතිහාසික අවදියේ සිංහල අක්‌ෂර ක්‍රම හා භාෂාව. 
ඉහත දැක්‌වූ වාග් විද්‍යා ප්‍රභේදකරණයට අනුව සිංහල ඉන්දු යුරෝපානු භාෂා පවුලට අයත් වේ. එහෙත් මෙම නිබන්ධනය ම`ගින් සංක්‍ෂිප්තව සාකච්ඡා කරන ක්‍රි.පු. 12 - ක්‍රි.ව. 3 දක්‌වා වූ ආදී ඓතිහාසික අවදියෙහි අක්‌ෂර මාලාව පිළිබඳව හෝ එහි භාෂා ව්‍යවහාරය පිළිබඳව සාකච්ඡා කිරීමේදී තරමක්‌ දුරට ලෝක අක්‌ෂර ව්‍යවහාරය මෙන්ම මෙරට ලේඛන කලාවෙහි ආරම්භ පිළිබඳව තරමක්‌ දුරට සාකච්ඡා කළ යුතුය. සංකල්පීය වශයෙන් ලේඛන නිරූපනය කරමින් කළ මානව සන්නිවේදන ක්‍රියාකාරකම් පිළිබඳව ඉතිහාසය පුරාශිලා යුගය තරමට පැරණි යෑයි ලංකාව සම්බන්ධයෙන් අනුමාන කළ හැක. යම් යම් අදහස්‌ ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මිනිසුන් විසින් අඳින ලදැයි අනුමාන කරනු ලබන ගුහා චිත්‍ර ගණනාවක්‌ දැදුරුඔය නිම්න අවට අරන්කැලේ හා ගනේවිහාර භූමිවලින් හමු වී ඇත. 
මීට අමතරව ක්‍රි.පු. 2000 වඩා පැරණි නවශිලා යුගයට යෑයි අනුමාන කළ හැකි සංකේත රූප ගණනාවක්‌ දොරවක්‌කන්දෙන් හමු වී ඇත. ප්‍රෙටෝ ඓතිහාසික අවදිය වන විට ලාංකික මානවයා භාෂා ව්‍යවහාරය පිළිබඳ මනා දැනීමක්‌ ලබා තිබු අතර මෙකල සංකේතාක්‌ෂර ලේඛන ක්‍රමයක්‌ පැවති බවට සාධක පින්වැව සහ ඉබ්බන්කටුව සුසාන භූමියේ ශිලා මංජුසා පියන් මත ඇ`දි සටහන්ද අනෙයිකොට්‌ටේ ලෝහ මුද්‍රවල ඇති සංකේතවලින්ද මනාව තහවුරු වේ. 
මේවායින් ඇතැමෙක්‌ ඉන්දු නිම්නයේ සංකේතාක්‌ෂර වලට සමාන බවද පැවසේ. මීට අමතරව අනුරාධපුර ඇතුළු නුවර කැණීම්වලදී ක්‍රි.පු. 600-500 අතර කාල පරාසයට අයත් බ්‍රාහ්මී අක්‌ෂර සහිත මැටි බඳුන් කැබලි ප්‍රමාණයක්‌ ආචාර්ය ශිරාන් දැරණියගල විසින් සොයා ගෙන ඇත. මෙම සොයා ගැනීමත් සමගම ලෝකය උඩුකුරු වූ අතර බ්‍රාහ්මී ලේඛන ක්‍රමය ඉන්දියාවේ භාවිතා කිරීමට පෙර ඒවා ලංකාවේ භාවිතාවුණු බව උපකල්පනය කළ හැක. මීට අමතරව ස්‌ථර පුරා විද්‍යාත්මක සාධකවලට අනුව මෙරට ලේඛන කලාව ස්‌ථර වශයෙන් ආරම්භ වූ බව පවසන ක්‍රි.පු. 3 සියවස හෙවත් ආදී ඓතිහාසික යුගයේ බ්‍රාහ්මී ශිලා ලිපිවල ඇති පූර්ව බ්‍රාහ්මී පැරණි අක්‌ෂර අතර බ්‍රාහ්මී නොවන අක්‌ෂර සංකේත හමුවීමෙන් පෙනී යන්නේ මහින්දාගමනයට පෙර මෙරට ලේඛන ක්‍රමයක්‌ පැවති බවය. 
ලංකාවේ ගල් ගුහා ආශ්‍රිතව මෙවැනි බ්‍රාහ්මී නොවන අක්‌ෂර රාශියක්‌ පුරා විද්‍යාඥ සුදර්ශන් සෙනෙවිරත්න විසින් සොයා ගෙන ඇත. මෙම අක්‌ෂරවලින් ඇතැම් ඒවාට සමරූපීභාවයක්‌ පැරණි දකුණු ඉන්දියාවේ ත්‍රිච්නාපොලි - මධුරාපුර හා සින්නවේලි ආශ්‍රිත භූමි ප්‍රදේශවල හමු වී ඇති පුර්ව බ්‍රාහ්මී අක්‌ෂරවලද ඇත. එසේම ඉහත කී ප්‍රදේශ වලින් හමුවී ඇති උ, එ. ක, න, ප, ය, ර වැනි අක්‌ෂර වලට හැම අතින්ම සමාන අක්‌ෂර මෙරට ලෙන් වලින්ද සොයාගෙන ඇත. 
මෙම සමානකම් ගැන අදහස්‌ දක්‌වන නන්දසේන මුදියන්සේ මහතා පවසන්නේ උතුරු ඉන්දියාවේ ලේඛනයෙන් කැඩීගිය අමුතම බ්‍රාහ්මීය ලේඛන සම්ප්‍රදායක්‌ අශෝක යුගය පෙර ලංකාව ඇතුළු දකුණු ඉන්දීය ප්‍රදේශවල පැතිරී යන්නට ඇති බවයි. එසේම මෙරටින් හමු වී ඇති බ්‍රහ්මී නොවන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට සමාන අක්‌ෂර ගැන අදහස්‌ දක්‌වන පරණවිතාරනයන් පවසන්නේ හරප්පා සභ්‍යත්වය ආසන්නව විජය උපන් භූමිය පැවති හෙයින් ක්‍රි.පු. 3 පෙර ඔහු විසින් මෙරට හරප්පා සභ්‍යත්වය සමාන අක්‌ෂර ගෙන එන්නට ඇති බවත් ය. 
කෙසේ හෝ වේවා මහින්දාගමනයට පෙර මෙරට ලේඛන කලාවක්‌ පැවති බවට ලිඛිත ඓතිහාසික සාධක මහාවංසය, දීපවංශය වැනි ඓතිහාසික මූලාශ්‍රවලින් ද ලැබේ. නිදර්ශන ලෙස තමන්ට රාජාභිශේකය සඳහා ක්‍ෂත්‍රීය කුමාරිකාවක්‌ ඉල්ලා විජය රජු විසින් පාණ්‌ඩ්‍යය දේශයට ලිපියක්‌ යෑවීම, සුදුසු රජ කුමරකු ඉල්ලා විජය විසින් සුමිත්ත කුමරුට ලිපියක්‌ යෑවීම වැනි කරුණු පෙන්වා දිය හැක. එසේම අදද සිංහලයේ භාවිතා වන ඔලුව, කකුල, කට, කලව, තොල, පොත්ත. බඩ, ළිඳ, ලිප, විලුඹ, වැනි වචන ආර්යය නොවන ස්‌වදේශීය වචන බව පෙනේ. 
ඉහත කී කරුණු වලට අනුව ආදි ඓතිහාසික යුගයේ භාවිතා කෙරුණු බ්‍රාහ්මී අක්‌ෂර හා ව්‍යවහාරයන එය දායාද කොට දුන්නා යෑයි පවසන මහින්දාගමනට පෙර සිටම දායාද වූ බව කිව හැක. විශේෂයෙන්ම බ්‍රාහ්මී අක්‌ෂර මාලාව හරප්පා රූපාක්‌ෂර වලින් සකස්‌ වූ බවත් එසේ සකස්‌ වීමෙන් පසුව ඉන්දියාව පුරා භාවිතයට ගැනුනු බවත් බහුතර පුරාක්‌ෂර විද්‍යාඥ මතයයි. ප්‍රාදේශික අනන්‍යතා ඇතිව ඒවා හැඩ ගැසුනු අතර ද. ඉන්දියානු බ්‍රාහ්මී අක්‌ෂර දෙරට පැවති සබඳතා හෙයින් මෙරටට සංක්‍රමණය වන්නට ඇතැයි තර්ක කළ හැක. 
ඒ හෙයින් මෙරට ජනතාවගේ සාක්‌ෂරතාවය මහින්දාගමනය සීමා කිරීම තර්කගෝචර නොවේ. එසේ ලක්‌දිව භාවිතයේ තිබුණු අක්‌ෂර මාලාව බෞද්ධ ධර්ම දූතයන් වහන්සේලාගේ පැමිණීමෙන් පසුව වෙනත් මූලයන්ගේ බලපෑමත් ආභාසයත් ඇති ව වර්ධනය වූ සේ ගැනීම වඩාත් තර්කගෝචර වෙයි. එබැවින් ආදි ඓතිහාසික අවදියේ අක්‌ෂර මාලාව හා භාෂා ව්‍යවහාරය පිළිබඳව සාකච්ඡා කරන විට එහි අභිවර්ධනයේලා කිසියම් දුරකට මහින්දාගමනය පෙර සිට වර්ධනය වෙමින් පැත ආ ලේඛන ව්‍යවහාරයක්‌ හේතු වන බව නිගමනය කළ හැක. 

---ගාමිණි වසන්ත වැන්දකෝන් මුණු පොතට.
ඉසුරු හේරත්
A day in the life

2025-05-27

පපුවේ කැක්කුම


ඔයාලා හිතන්නේ හාට් ඇටෑක් එකක් ආවම අපට රෝග ලක්ෂණයක් විදියට දැනෙන්නේ පපුවේ කක්කුම විතරක් කියලද ?
නෑ..එහෙම නෑ..හාට් ඇටෑක් එකක් එන්න පුලුවන් නොයෙක් නොයෙක් විදි කීපයක් තියෙනවා.
ඔන්න අද කියන්න යන්නේ ඒ ගැන..

2025-05-23

යුද්ධ හමුදා බුද්ධි අංශය.



එල්ටීටීඊ නැව්, සුදු වෑන් සහ යුද්ධ හමුදා බුද්ධි අංශය.
රටේ බුද්ධි අංශ දුර්වලයි, කියන පෝස්ට් කිහිපයක් ශෙයා වෙනව දැක්කා... අපේ බුද්ධි අංශ කොච්චර ශක්තිමත් ද කියල කියන්න පොඩි උදාහරණයක් දෙන්නම්...
එල්ටීටීඊ සංවිධානයේ කොදු නාරටිය වුන ලෝකය පුරා දැවැන්ත ජාලයක් විදියට ඉතා ශක්තිමත් ලෙස පැතිරිල තිබ්බ සැපයුම් ජාලය අක්‍රීය කිරීමේ මෙහෙයුම ඒවගෙන් එකක්... හුගක් අය දන්නෙ නාවික හමුදාවෙන් මූදෙදි නැව් වලට පහර දීල විනාශ කලා කියන එක විතරයි.
ඔය විනාශ කරපු හැම නැවක් පිටිපස්සෙම හුගක් සංකීර්ණ කතා ගොඩක් තියෙනවා…

2025-05-22

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ .


(අන්තර්ජාල අධ්‍යාපනික සගරාව sinhala subjects ඇසුරෙන්.)


නිදහස ලැබීමෙන් පසුව වූවත් අප රට තුළ ක්‍රියාත්මක වූයේ 1946 ලංකා රාජාඥාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1947 ලංකා නිදහස් පනත ඇතුළු තවත් අණ පනත් කිහිපයක් එක් කොට සකස් කරනු ලැබූ ආණ්ඩුක්‍රමය 1948 නිදහස ලැබීමෙන් පසුවද ක්‍රියාත්මක වූයේය.
එම ව්‍යවස්ථාව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වන තෙක්ම ක්‍රියාත්මක විය.


2025-05-21

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ .



හතර වන ඊළාම් යුද්ධයේදී ත්‍රස්තයන් බියෙන් සලිත කළ, ත්‍රස්ත පාලන ප්‍රදේශ තුළට ඇතුල් වී අදහාගත නොහැකි ප්‍රහාර එල්ල කළ 6 දෙනාගෙන් හෝ 8 දෙනාගෙන් යුත් යුද්ධ හමුදා විශේෂ බලකා කුඩා කණ්ඩායම් පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. එම ඒකකය හඳුන්වන්නේ විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් දිගු දුර විහිදුම් බළකාය ලෙසයි. (Long Range Reconnaissance Patrol – LRRP) මහසොහොන් බළකාය ලෙස හඳුන්වන්නේ ද මෙයයි. සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම හා විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම මහසොහොන් බලකායේ විශේෂ රාජකාරී වෙනවා.

2025-05-20

ඓතිහාසිකවු විශ්මජනක තීරණය.





"ඔවුන් එදා අපට දුන් පණිවුඩය තර්ජනයක් වගේ. එංගලන්ත විදේශ ඇමැති මිලිබෑන්ඩ් කීවා "ජනාධිපති මහත්මයා අපි මෙතනට ආවේ ඔබට සමස්ත ලෝක ජනතාව ගේ පණිවුඩයක් ලබා දෙන්නයි. ඔබ වහාම මේ සමූල ඝාතනය නතර කළ යුතුයි." කියලා එයා දැඩිව ප්‍රකාශ කළා.

2025-05-19

සෙනසුරා



එක්තරා සරුසාර ගමක හිටි හැටියේ විශාල සාගතයක් ඇති විය. සියළු භවභෝග සම්පත් විනාශ වී ගියේය. ගවයන් එළදෙනුන් නොදන්නා රෝග හැදී මිය ගියෝය. මෙයට හේතුව ගමේ සිටින යම්කිසි කාලකන්ණි පවුලක් යයි සිතූ ගම් ප්‍රධානියා, එම ගම දෙකට බෙදුවේය. කෙමෙන් එම ගමේ එක පැත්තක් සෞභාග්‍යය ලබා ගත්තේ, ගමේ අනෙක් පැත්තට හිටි අඩියේ දැවැන්ත වර්ෂාවක් කඩා වැටී, එහි තිබුණු වැවේ බැම්මද කැඩී ගියේය.
කාලකන්ණි යයි සලකන පවුලක් ගමේ ඒ පැත්තේ සිටී යයි සිතූ මිනිසුන්, මේ ආකාරයට ගමේ සිටිය හැකි අවාසනාවන්තම පවුල කෙමෙන් තේරුහ. ඒ පවුල තෝරන තුරාවට ගමෙන් එක් භාගයක් අවාසනාවෙන් පෙළුණි. අවසානයේ ඉතිරි වූයේ කණවැන්දුම් ගැහැනියක් සහ ඇයගේ කුඩා පුතා පමණි. මුළු ගමටම හෙණයක් වූ මේ අම්මා සහ පුතා ඒ ගම් පළාතෙන්ම නෙරපන ලද්දේය. දැන් ඔවුන් ජීවත් වන්නේ හිඟමන් යැදීමෙනි. එහෙත් හිඟමන් යැදීමට මේ දරුවා එකතු කරගෙන යනවිට කිසි දිනෙක මවටද හිඟමන් ලැබුනේ නැත.
එසේ හෙයින් ඇය කීවේ, තනිවම ගොස් ඔහුගේ ජීවිතය බලා කියා ගත යුතු බවය. ඔහු ගමෙන් ගමට හිඟමනේ ගොස් බොහෝ දුක් විඳ, සිඟමන් යැදීමට වඩා තමා විසින්ම වැර වෑයමෙන් මහන්සි වී යමක් කර ජීවිතය නඩත්තු කල යුතු යයි සිතුවේය. දැන් මේ දරුවා කෙමෙන් උස මහත්වූ, තාරුණ්‍යයේ එළිපත්තට පැමිණි කෙනෙකි. 
කිසිම කෙනෙක් නොයන කැලෑ මායිමක ඔහු හේනක් අටවා ගත්තේය. එහි ඇති කැලෑව කපා, බිම සකස් කර පාත්ති දැමූ ඔහු, උඳු වැපිරුවේය. දැන් උඳු වගාව සරුවට වැවී ගෙන එයි. උඳු නෙලීමේ කාලය එනවිට ඔහු ඊට ලැහැස්ති වූයේය. නමුත් ඔහුගේ අවාසනාවට උඳු නෙලීමට යාබද ගම් වල කිසි කෙනෙක් ඔහුගේ සහායට නොපැමිණීයහ. උඳු ඉක්මනින් නෙළිය යුතුය. තරුණයා මහන්සි නොබලා උඳු නෙලීම ආරම්භ කළේය. දින කීපයකින් හේනේ තිබුණු සියළු උඳු නෙලා අවසාන කල ඔහු ඒ සියල්ල එක ගොඩකට එකතු කළේය. 
අවසාන දිනයේ ඔහු බොහෝ විඩාවට පත් වුවද, ඔහු ඒ දැවැන්ත උඳුගොඩ දෙස බලා සිටියේ මහත් සතුටිනි. හෙට දිනයේ උඳු සුද්ද කර පොළට ගොස් විකිණිය යුතුය සේ ඔහු සිතුවේය. එම මළ හිරු බසින සැන්දෑවේ ඔහුගේ හේන දෙසට කොර ගසමින් එන කළු පැහැ අපිරිසුදු යාචකයෙකි. ඔහු මේ තරුණයා අසලට විත් මෙසේ කීවේය. … “උඳු ගොඩ කොපමණ ලොකු වුනත්, ගොඩින්ම ලාහයි…! … කියා හේ බස්නාහිර දෙසට හැරී නොපෙනී ගියේය. 
මේ කියමන සහ යාචකයා ගැන උනන්දුවෙන් බලා සිටි තරුණයා ඒ යාචකයා ගේ ලකුණු ගැන සිතුවේය. ඔහු එන විට කපුටන් රැළක් පැමිණි බවද, ඔහුගේ ඇස් කහ පැහැ බවද, උසැති කෙනෙක් බවද, නහර ඉල්පී ගිය අවාසනාවන්ත හිඟන පෙනුමක් ඇති කෙනෙක් බවද ඔහු දුටුවේය. හේ කවරෙක්වත් නොව, අවාසනාව ගෙනෙන ‘සෙනසුරා’ බව තරුණයා අවබෝධ කර ගත්තේය. 
මෙතෙක් මහන්සි වී වවා ගත් උඳුගොඩෙන් ලැබෙන්නේ එකම එක ලාහක් බව දැන ගැනීම ඔහුගේ සිත පාරවන්නක් විය.
එහෙත් ඔහු ඉන් සැලුනේ නැත. ඔහු දිගින් දිගටම හිඟන්නා කියූ දෙය ගැන කල්පනා කළේය. අවසානයේ, ඔහුට හොඳ නුවණක් පෑදිණ. එනම් මහන්සි නොබලා මේ උඳුගොඩ වෙනස් කල යුතු බවය. ඔහු ඒ උඳුගොඩ කුඩා උඳුගොඩවල් දහස් ගණනකට වෙන් කළේය. පසු දින තරුණයා වීර්යයෙන් යුතුව උඳු සුද්ද කිරීම ආරම්භ කර විශාල උඳු අස්වැන්නක් ලබා ගත්තේ, ඒ හැම කුඩා උඳුගොඩ කින්ම ලාහ බැගින් උඳු ලැබීමෙනි. උඳු අස්වැන්නෙන් ලැබුණු මුදලෙන් තරුණයාගේ දියුණුව ආරම්භ විය. 
කලකට පසු දුක් විඳින තරුණයා දැකීමට එහි පැමිණි සෙනසුරා දුටුවේ, රජ සැප විඳින තරුණයාය. සෙනසුරා ඔහුට නමස්කාර කර නොපෙනී ගියේය.
කළුතර දිස්ත්‍රික්කයේ ඇති මේ ගම්මානයට අද දින ‘උඳුගොඩ’ යයි කියති. 
මේ කතාව පටබැඳි කතාවක් වෙන්න ඇත. එහෙත් මෙයින් ගත හැකි දේවල් තිබේ. එකක් වන්නේ ජ්‍යෝතිෂයේ කියැවෙන ශනි ගේ ස්වභාවය හෙවත් දුක් දෙන ස්වභාවය මිනිසෙක්ට බලපාන අයුරුයි. ඒ තරුණයා මහන්සි නොවුවා නම් දුක් පීඩා වලින්ම ඔහු මිය යන්නට ඉඩ තිබිණි. අනෙක් අතට හින්දු ජ්‍යෝතිෂයේ දැක්වෙන්නේ සහ විශේෂයෙන් පෙන්වා දෙන්නේ ‘කර්මය’ යන නියාමය ගැන පමණි. 
එහි පෙන්වන කර්ම ශුන්‍ය කර ගැනීමේ පුද පූජා විධි තිබුනද, බොහෝ පුද පූජා විධි බ්‍රාහ්මණයන්ට ලාභ ලැබෙන සේ සකස් කර ඇති බව පැරණි පොත් පත් බලන විට පෙනේ. 
ඒ පූජාවන්ට වැඩියෙන්ම රැවටෙන්නේ දේශපාලනඥයන් ය. ඉන්දියානුවන් පමණක් නොව ලංකාවේ දෙස්පාලුවන්ද, තිරුපති වැනි ස්ථාන වලට ගොස් රැවටෙනවා අප දැක ඇත්තෙමු. ඕනෑම මිනිසෙක් තමා උපතින් ගෙන ආ කර්ම රාශියක් ඇත. ඒවා වෙනස් කිරීමට තිරුපති යෑම හෝ විශාල මිළක් වැයවෙන පූජා කිරීමේ තේරුමක් නැත. ඒවා කරන්නට හැකි ක්‍රමය ඉහත කී තරුණයා කර පෙන්වූයේය. 
ඉහත කතාවෙන් නම් පෙනෙන්නේ ශනි හෙවත් සෙනසුරා ට එපමණ මොළයක් නැති බවත්, උට්ඨාන වීර්යයෙන්ම සෙනසුරා පැරදවිය හැකි බවත්ය. 
සටහන - Lalith Karunaratna

A day in the life