ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-08-19

නිකිණි පුන් පොහොය




නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදා වේ.
අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය. ලෝකයේ හොඳ හා නරක යනුවෙන් කොටස් දෙකකි. මේවා තීරණය කරනු ලබන්නේ නිකිණි පුන් පොහොය දිනයටය.
වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය හැඳින්විය හැකිය.
බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොයේදී සිදු විය. එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පොහොයත් සමඟය.
පන්සල හා ගිහියන් අතර සබැඳියාව වඩාත් තහවුරු කිරීමට මේ පොහොය වැදගත් වේ.
අන්‍යෝන්‍ය සබැඳියාව වර්ධනය කිරීමට නිකිණි පොහොය විශේෂ තැනක් ගනී. ගිහි, පැවිදි දෙපක්ෂය අතර පවත්නා යුතුකම් ඉටු කිරීමට මේ පොහොය හොඳ මාර්ගයකි. අවස්ථාවකි.
සමාජයේ හා පුද්ගලයාගේ අභිවෘද්ධිය උදෙසා පො‍හොය වඩාත් ජීවිතවලට බද්ධ වී ඇත. මසකට වරක් එළැඹෙන පොහොය දිනය සෙසු දිනවලට වඩා සුවිශේෂත්වයක් දක්වයි.
ජීවිතයට වඩාත් උද්දීප්තියක් ළඟා කරන්නක් ලෙස නිකිණි පොහොය අර්ථ දැක්විය හැකිය. බුදුදහම අනුව මූලික පරමාර්ථය හා අරමුණ, වන්නේ සංසාර සාගරයෙන් එතෙර වීමය. සසර බැමි සිඳ බිඳ දැමිය යුතුය. එසේ සිඳලන්නට හැකි වන්නේ තෘෂ්ණාව දුරු කිරීමෙනි. ආසාව දුරු නොකොට සසර බැමි බිඳ දැමිය නොහැකිය. බුදුරදුන් දස පාරමිතාවේදී මුලට යෙදුවේ දානයයි. නැත්නම් දීමයි. දෙන්නේ නැතිව කිසිවක් කළ නොහැකිය. සසර කෙටි කර ගත නොහැකිය. වර්ෂා කාලයේදී එක තැනකට වී වස් සමාදන් වීම බුදුරදුන් පැනවූ විනය ප්‍රඥප්තියක් නොවේ. ප්‍රාග් යුගයේ සිට පැවත එන සම්ප්‍රදායකි. බෞද්ධ භික්ෂූන් හේමන්ත, ගිම්හාන, වස්සාන කාලවල නිල් තණ මඬිමින් පා ගමනින් කුඩා සතුන් විනාශයට බඳුන් කරමින් චාරිකාවේ හැසිරෙද්දී සෙසු පරිබ්‍රාජිකාදීහු එක්තැන්ව වස් විසීමෙහි ඇලී සිටිති.
“අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තු” මහණෙනි මම වස්සාන ඍතුවෙහි වස් එළැඹෙන්නට අනුදනිමියි භික්ෂූන් ඇමතූ සේක.
මහණෙනි පෙරවස් එළඹීම පසු වස් එළැඹීම දෙකකි. ඇසළ පුන් පොහොයට පසු දින එනම්, අවපෑළවිය දිනයෙහි පෙර වස් එළැඹිය යුතුය. ඇසළ පුන් පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසු වස් එළැඹිය යුතුය. වස් එළැඹීම ජනතාවගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූවක් බව සැලකිය හැකිය.
බුදුරදුන් ප්‍රඥාප්ති ආවට ගියාට පැනවූයේ නැත. යම් යම් හේතු මත විනයන් පන වන ලදි. සඟරුවනේ නිදහසට බාධා කරන්නට බුදුරදුන්ට වුවමනාවක් නොවීය. සිවු මසක් පමණ වැසි පවතින බැවින් ස්වකීය පන්සලට වී ‘වස්සික සාටිකය’ හෙවත් වැසි සළුව වස් වසන භික්ෂූන් විසින් වස් වසන දිනයේ දීම අධිෂ්ඨාන කොට වස්සාන මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් ලෙස නියම කොට ඇත.
නාන කඩය යනුවෙන් හඳුන්වන මේ චීවරය සඟරුවනට වාග් විඥප්තියෙන් වුවද ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට
ලබා ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කරන ලද්දේ විශාඛා මහෝපාසිකාවගේ ඉල්ලීමකට අනුවය.
වස්සාන කාලයෙහි සැදැහැවතුන් සඟරුවන වෙසෙන ආරාමයට ගොස් නිතරම පින් දහම් කටයුතුවල යෙදීම මත ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට නිකිණි පොහොය උපස්තම්භක වේ.
බොහෝ අය ජීවිතය හා මනුෂ්‍යත්වය එකක් ලෙස සලකති. එහෙත් මෙය දෙකකි. මනුෂ්‍යත්වය මිනිස්කම මතු වන්නේ ජීවිතයෙනි.
සද්භාවය යහපත්භාවය සත්පුරුෂ ලක්ෂණ කෘතවේදීත්වය, සංවේදී බව යන ගුණාංග මතු වන්නේ මනුෂ්‍යත්වය පදනම් කර ගෙනය.
ජීවිතය යනු පොදු වූවකි. එහෙත් මනුෂ්‍යත්වය මානුෂික භාවය පොදු ගුණාංග නොවේ. මිනිසාගේ විඥානය ප්‍රගුණ කිරීමෙන් මතු වන ලක්ෂණ වන්නේ මනුෂ්‍යත්වයයි.
මානුෂික හැඟීම් මතු වීමට නිකිණි පොහොය හොඳම භූමිකාවකි. පරිශ්‍රයක උදවුවට භාජනය වූ පුද්ගලයා එම ගුණ නිරන්තරයෙන්ම මෙනෙහි කිරීම මිනිස්කමකි. මෙතනදී උදවු කළ තැනැත්තාට හෝ තැනැත්තියට එහි ඵලවිපාක අත් වේ. දත් මැදලා දමන දැහැටි දඬු මෙන් ප්‍රයෝජන ගෙන අමතක කිරීම ඉවතට වීසි කිරීම අසත්පුරුෂයන් කෙරෙහි පවත්නා දුර්ගුණයකි. මේවා අපට අවබෝධ කොට දෙන්නේ නිකිණි පො‍හෝ දින පන්සලට ගිය විටය.
ආනන්ද හිමියන් රහත් වූයේද නිකිණි පුන් පො‍හෝදාකය. නිකිණි පුන් පොහොය දින වෙනත් පොහොය දින මෙන් සිද්ධි සමුදායක් සිදු නොවුණ ද පුද්ගලයාගේ සසර ගමන කෙටි කර ගැනීමට සිත එකඟ කරගෙන මෝක්ෂ මගට පිවිසීමට හේතු වන කරුණු සමුදායයකට මේ පොහොය දිනදී දොරටු විවර විය.

සටහන - ජයන්ති කුරේ

දිනමිණ - 2021 අගෝස්තු 11.


A day in the life

2024-08-18

රස ගුණ පිරි කොල්ලු



කාලෙකට පස්සේ ඔන්න අපේම මේ ලක් පොලොවේ හැදුනු කොල්ලු ටිකක් හම්බ වුනා ....
කොල්ලු ගැන කියද්දී ...
කළු හා සුදු වශයෙන් කොල්ලු වර්ග දෙකක්ම තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ....
ඉතින් ඉස්සර නම් ⁣ලොකු හිස් ඉඩම් තියෙන කාලයේ අපිත් මේ කොල්ලු වර්ග දෙකම වගා කලා ...
දැන්නම් ඉතින් ගොවිමහතුන් අපේ රට තුල කොල්ලු වගාව කරන්නේ බොහෝම අඩුවෙන් කියන්න පුළුවන් ...වැඩිපුරම වෙළදපලේ දකින්නට තියෙන්නේ ආනයනය කල රසයෙන් හා ගුණයෙන් අඩු ඒවා තමයි ...
කොල්ලු වගාව සිදුකරද්දී අපි පෙබරවාරි මාසයේ අන්තිමට පොලව සකස්කරවා...මාර්තු මාසයේ මුලදී නොකඩවා එන හිරිකඩ වැස්සත් එක්කම කොල්ලු බීජ ටික ඉඩම පුරාම ඉසිනවා....
ඉන්පසු නැවත වගාවට ලොකුවට සත්කාර නම් සිදුකරන්නේ නෑ ..පොද වැස්සත් එක්කම දළුලා වැඩෙන මේ කොල්ලු වගාවේ මල් පිපී ඵලදාව දෙනවා... මාස කීපයක් යද්දි කරල් වේලී වැල් ටික මැරෙන්නට පටන්ගන්නවා...ඒ වැල් ගලවා අව්වේ දමා තවත් හොදින් වේලාගෙන පොල්ලකින් තැලීමෙන් තමයි ඇටටික වෙන්කර ගන්නේ ...







මේ විදියට කොල්ලු වගාවකින් හොඳ ඵලදාවක් අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා ...

කොල්ලු වගාවේදී මේ කොල්ලු ඇට වලට හානි කරන රතුම රතු පාට ලස්සන පුංචි පනුවෙක් කොල්ලු බීජ තුලම හටගන්නවා ....හැබැයි කවදාවත් ඒ සත්වයා වෙනත් බීජයක උපදිනවානම් මම මේ වනතුරුත් දැකලා නැ...ඒකත් කොල්ලු වල තියෙන විශෙශ්ෂත්වයක් කියන්න පුළුවන් ...
ප්‍රෝටීන් බහුල ආහාරයක් වන මේ කොල්ලු ගැන සමහර අය හිතාගෙන ඉන්නේ වෙදකම් සදහා තම්බලා වතුර බොන දෙයක් පමණක් බවයි....හැබැයි ශරීර ශක්තිය ඉක්මනින් ඉහල නංවා ගන්න පුළුවන් ඇත්තටම ශක්තිය ජවය පිරි හන්දිපත් රැදා නසන ආහාරයක් තමයි මේ කොල්ලු කියන්නේ ...මේකාලයේ සුලබව දකින්නට තියෙන රෝගයක් තමයි වකුගඩු
ගල් හටගැනීම කියන්නේ...ඒ රෝග අවස්ථාවන්ගෙන් මිදෙන්නත් මේ කොල්ලු බොහෝ උපකාරී වෙනවා අපට...ඉතින් කොල්ලු වලින් හදන ආහාර ගැන කියනවානම්... මේ කොල්ලු වලින් රසවත් කැඳක් හදාගන්න පුළුවන් අපට...ඒවගේම...උඩරට ප්‍රදේශ වලනම් කොල්ලු බැදලා වංගෙඩියේ කොටලා අරන් ටිකක් පෙගෙන්නට තබා හදන කොල්ලු ව්‍යංජනයේ තියෙන්නේ නම් පුදුම රසයක් තමයි ...මේ කොල්ලු තම්බා ඒ වතුර ටික බීමට ගෙන කොල්ලු ඇට ටිකට පොල් ටිකක් එකතු කරගෙන ප්‍රධාන ආහාරයක් විදියට ගන්නත් පුළුවන් කම තියෙනවා ...කොල්ලු කරල් වේලෙන්න කලින් පොතු ගලවලා වෙන්කර ගන්න ඇට තැම්බුවාම තමයි ගොඩාක්ම රසවත් ...දන්නවාද ...මේ කොල්ලු බදිනවිට පලාතම පුදුම සුවඳයි ...





ඒ බැදපු කොල්ලු වලින් අපට රසවත් බයිට් එකක් හදාගන්න පුළුවන් ...අපේ දේවල් අගය කරන අයට එහෙනම් තවත් පුංචි රහසක් කියන්නම් ....ගොඩාක් අය දන්නෙ නැති වුනාට වසවිෂ නැති අපේම ආහාර වල විශ්ව ශක්තිය මනාව ගැබ්වෙලා තියෙනවා ...ඒනිසාමයි ඒ ආහාර වලින් බොහෝ රෝග පහසුවෙන් නිවාරනය වන්නේ ...එනිසාමයි අපි අපේ උරැමය රැකගතයුත්තේ ...ඉතින් කොල්ලු ටිකක් ලැබුනොත් උත්සාහ කරලා බලන්නකෝ මේ දේවල් ඔයාලටත් හදාගන්න පුළුවන්ද කියලා ...

Samantha G T Samantha
A day in the life

2024-08-17

අත්තනායක මහත්තයා




කමල් පී අලහකෝන් සහෘදයා විසින් මෙටාවට යොමු කල වියමන් දෙකකි.
කමල් සමග අපට රහට කීමට තරග කල නොහැක.
මුලින්ම මම ඔහුට ස්තුති කරමි.
ඔහුගේ සම්පත් උපුටා ගැනීම ගැන.

"රෝහණ විජේවීර " අතිදක්ෂ කථිකයෙකු විය..
තමා අමතන ශ්‍රාවකයා කවරෙකු වුවද
ඔහුව මුළුමනින් ආක්‍රමණය කිරීමේ හැකියාව ඔහුට තිබිණ.
කිසිදු සටහනක් නොමැතිව යම් මාතෘකාවක් ඔස්සේ
පැය ගණන් කතා කිරීමට හේ සමත් වූයේ
ශ්‍රාවක අවධානය මුළුමනින්ම ආකර්ශනය කරගනිමිනි.
පහත දක්වා ඇත්තේ
හැත්තෑ එකේ අප්‍රේල් නැඟිටීමේ 11වැනි සංවත්සරය නිමිත්තෙන්
1982 අප්‍රේල් 05 වැනි දින
කොළඹ සුගතදාස ස්ටේඩියම්හිදී පැවති උත්සවයේදී
පැවැත්වූ කතාවේ කොටසකි.
........."ඉඩම් ප්‍රතිසංස්කරන හෙම අපි කරනවැයි !"
ඔවු !
කො⁣හොමද ?.
අක්කර පණහක් !"
අනේ,නෑ !
කවුරුහරි අක්කර පණහක් තියාගෙන ඉන්න ඕනෑ අය ඉන්නවා නම්
ඒ අය ජනතා විමුක්ති පෙරමුණ අතෑරලා යන්ට ඕනෑ.!
අපෙ ලඟ ඔය "අක්කර පණහේ සමාජවාදයක්" නෑ.!
අපි මොකද කරන්ට යන්නෙ.?
රටේ මූළික ඉඩම් ප්‍රතිසංස්කරනයක් කරන්ට යනවා.
විප්ලවවාදී ඉඩම් ප්‍රතිසංස්කරණයක් ඒක.
ඒක බොහොම සංකීර්ණ එකක්.
අපි අහනවා.
අද තියෙන්නෙ "මිනිස්සුන්ට වැඩ කරන්ට බෑ" කියන එකද?
"වැඩ කරන්ට දෙන්ට බෑ"කියන එකද ?
අද තියෙන්නෙ "මිනිස්සුන්ට වැඩ කරන්ට බෑ"නම්
තර්ක කරතෑකි
"ඔන්න සමාජවාදය යටතේ තුවක්කු අල්ලලා වැඩ ගන්නවා කියලා!"
අද කවුරුවත් කියන්නෙ නෑ,
"අපිට රස්සා කරන්ට බෑ" කියලා.
කවුරුත් කියන්නෙ "අපිට රස්සා ඕනා" කියලා නේද ?.
රස්සා දෙන්න බැරි එකකුයි තියෙන්නෙ.
රස්සා දෙන්ට බැරි ක්‍රමයක් වෙනුවට
රස්සා දෙන්ට ප්‍රළුවන් ක්‍රමයක් ආවම
මොකටද තුවක්කු අල්ලන්නෙ?.
සමාජවාදය කියන්නෙ තුවක්කු අල්ලන ක්‍රමයක් නෙවෙයි.
සමාජවාදය තුවක්කු අල්ලන්නෙ නෑ !
රැසියාව ? අපොයි නැ !
චීනෙ ? අපොයි නෑ !
ඕන නම් කෙනෙකුට රස්සාවක් නොකර බඩගින්නෙ ඉන්ට අයිතිය අයිතිය තියෙනවා.
අපි ඒ අයිතිය කාගෙන්වත් උදුරාගන්ට යන්නෙ නෑ.
හරි,
,ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වුණාට පස්සෙ
මල්ලිමාරච්චි මහත්තයා කීවොත්,
"මං මෙච්චර කල් රස්සාකරේ නෑ,!
මහන්සි වුණේ නෑ !
මට ඕවා කරන්ට බෑ !" කියලා,.....
"ඉතිං එහෙමනං බඩගින්නෙ හිටපං ගෙදර.
අපේ ප්‍රශ්ණයක් නෑ .
ඒ අයිතිය එයාට තියෙනවා.
අනිත් මිනිස්සු සූරාගෙන කාලා ඉන්ට ඉඩ දෙන්ට බෑ !
ආගමේ කියලා තියෙනවද?
මිනිස්සු බහුතරයනට අත්ථකිලමතානුයෝගය දීලා
සුළුතරයකට කාමසුඛල්ලිකානු යෝගයෙන් ජීවත් වෙන්ට ? .....නෑ !
පවුල් හතළිහක් තියෙනවා.
ඒ ගොල්ලො කාමසුඛල්ලිකානු යෝගයෙන් ජීවත් වෙනවා.
කෝටියක් ජනතාව අත්ථකිලමතානු යෝගයෙන් ජීවත් වෙනවා.
ජේ.ආර්.ලගේ සිරිමාගේ ආණ්ඩුවයි බුද්ධාගමට ඔය තැන දුන්නෙ.
"බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙ.
"චී චී ඒ කැත වැඩේනම් කීයටවත් කරන්න එපා,!" කියලා."





උලපනේ වතු යායක හිඳ "අත්තනායක මහත්තයා" නමින්
"රෝහණ විජේවීරය"න් අත්අඩංගුවට පත් වූ කළ
ඔහුගේ දරු පවුල රඳවා තබන්නේ තිරිකුණාමලේ හමුදා කඳවුරක ය.
මෙම හදිසි වියොවින් බරපතල කම්පනයට බඳුන් වනුයේ
විජේවීර බිරිඳ සහ වැඩුමල් දියණිය "දසුන් ඊෂා "සහ
"දෙවැනි දියණිය "වූ "සුපුන් වාගා"ට විය යුතු ය.
ඉතිරි දරුවන් සිවුදෙනා එවක බහ නොතේරෙන ලාබාල වියේ පසූ වූහ.
නවසිය අනූ පහේ "ප්‍රොමිතියස්"නාට්‍යයද රැගෙන තිරිකුණාමලයට ගිය පසු
මම ඔවුන් බැලීමට ගුවන් හමුදා කඳවුරට ගියෙමි.
චිත්‍රාංගනී ඉදිරියට ආවේ නැත.
එක් දියණියක් පමණක් එළියට ආවා ය.
මම ඇයගෙන් අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසීමි.
ඇය කීවේ තමා
" තාරකා විද්‍යාවට බොහෝ සෙයින් ඇළුම් කරන බවත්
නමුත් රාත්‍රි කාලයේ තාරුකා නැරඹීමට අවසර නොමැති "බවත් ය.
ඇය "සුපුන් වාගා" යැයි සිතමි.
පසු කලෙක ඇය සිය පියා මෙලෙස චිත්‍රණය කළා ය.
"මේ සිරකුටිය පාමුල
බිහිසුනු නැගෙනහිර වෙරළේ
චන්ඩ දළ රළ හැපී බිඳී යයි.
මගේ ළමා විය සිරගත
සිර කඳවුරෙන් ඈතක
හිරු රැස් වැටෙන
මහ වැසි ඇද වැටෙන
ලා තන නිල්ල යට
ඔබ සැතපෙන බව දනිම් තාත්තේ.
මේ ඔබ නිඳන බිම මත පියවර ළකුණු නොතබා
රහසින් තබා යන මගේ හදවතේ දැල්වෙන
අධිෂ්ඨානයේ පහනයි.
ආදරණීය තාත්තේ...
මා නොදන්නා තැනක
සොහොන් කොත් නැති සොහොනක
ලා තණ නිල්ල යට නිඳයි ඔබ
සදාකල් තාත්තේ..
ඔබේ සිරුරේ අළු වලින්
පෝෂිත බිම් කඩෙහි
රතු මල් පිපෙනු ඇත
දල්වන්නට කෙනෙකු නැති මුත්
මම එමත දල්වමි කෙදිනක හෝ පහණක්
තාත්තේ...
එම පහණෙහි ගිණි සිළුවෙන්
මම ඔබ පැතූ ලොව වෙත පිය නඟමි.
තාත්තේ..
සිහිනයෙන් හෝ විත්
මා දිරි ගන්වනු මැනවි
මේ සිපිරිගෙය තුළ
ගෙවී ඇත ළමා විය
තුරුණු වියද මේ තුළ
ගත කරන්නට සිදුවේද තාත්තේ
සදා කල් නුඹ මගේ පියා වේවා
කටුකොහොලින් පිරී ගිය නුඹේ පා ලකුණු රැඳි
ඒ මගම සැකක් නැහැ
මමද යමි තාත්තේ"

A day in the life

2024-08-16

නයනා හෙට්ටිආරච්චි.





ඈත ගම් දනව්වල දුක් විඳින ගැහැනුන්ගේ සැබෑම ප්‍රතිරූපයට පණ දෙන ස්වභාවික රංගනයේ විශිෂ්ටතම මැවුම් කාරිය.
නයනා හෙට්ටිආරච්චි.
හිතේ කහටක් නැති නිර්ව්‍යාජ සිනහව, නියම ගැමි කතා වහර, ස්වභාවික ගැහැණු පෙනුම,
අප ඈත ගම් දනව්වල සංචාරය කරන අවස්ථාවලදී එම ප්‍රදේශවල දී අපට මුණ ගැසෙන කටපුරා නැන්දේ යැයි කිව හැකි ගැහැනුන් අපට හමු වෙනවා.එම නැන්දා කෙනෙකුගේ පෙනුම ඇත්තටම අපට ඇයව මතක් වේවි.
නයනා හෙට්ටිආරච්චි සෝමලතා සුබසිංහයන් ගේ ඇසුරෙන් දැනුම් සම්භාරයක් උකහා ගත් රංගවේදීනියකි. වීදි නාට්‍ය , වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය, සිනමාව තුළ තුළ විවිධ භූමිකාවන් මැවූ අපූරු රංගන ශිල්පිනියකි
ඇයට බොහෝ විට ලැබුණේ කර්කශ පරිසරය තුළ ජීවත්වන ගැහැනුන්ගේ චරිතයි. ඒ
එම චරිත තුළ ඇය ජීවත් වීම නිසාම අපට දැනෙන්නේ ඇය අපත් සමගම සැරිසරන ආකාරයයි.ඇගේ රංගනය දෙස බැලීමේදී ඇය කිසිවිටෙකත් එකතැන හිටගෙන හෝ හිඳගෙන දෙබස් පමණක් කියමින් රඟපාන්නේ නැත.
ඇය යම් කාර්යයක් කරමින් රඟපෑම ඉතාමත් අපූරු ය.ඉවුම් පිහුම් කරමින්, වී අව්වේ වේලමින්, දර කඩමින්, වැනි ක්‍රියාවන් සමගින් රඟපෑම ඇගේ ස්වභාවික රංගනය තුළ දැකිය හැකිය.
බ්‍රෝ, චලෝ, මාණික්කාවත ,ගිරි දේවි, දෙව්ලියේ ,බැද්දෙ කුලවමිය ,සංසාරන්‍ය අසබඩ හිරු දරුවෝ අකුරට යන වෙලාවේ, අග්නි පියාපත්, අඳුන් ගිර,
ඇතුළු ටෙලි නාට්‍ය රැසක විවිධ රංගනයන් ඉදිරිපත් කළාය.
ගිරිදේවි තුළ සඳුන්ගේ මව ලෙස තම සොයුරාටත් පුතාටත් මැදිවූ මවකගේ විශිෂ්ට රංගනයක් දැකිය හැකි විය.
ඇගේ දෙබස් උච්චාරණය චරිතයට නියම ආලෝකයකි.
බැද්දේ කුලවමිය චංචලා ගේ මව ලෙස තම දියණිය වෙනුවෙන් කැපවෙන සංවේදී ගැහැනියක් ලෙස අපට දැකගත හැකි විය.
අඳුන් ගිර මව ලෙස රඟපෑ චරිතය තුළ ඇයට රඟපෑමට අවශ්‍යද සියලුම අඩුමකුඩුම එහි විය. දරුවන්ගේ ප්‍රශ්න හමුවේ හඬා නොවැටෙන දිරිය ගැහැනියක ලෙස ශක්තිමත් චරිතයක් රඟපෑවාය.
නයනා හෙට්ටිආරච්චි සරල ගැහැනියකි පොශ් ගති ඈ තුළ නැත.
ගැමි ගැහැනුන් ගේ චරිත වලින් ඔබ්බට ගිය චරිතයක් ලෙස ඇය අග පිපි මල් ටෙලිනාට්‍යය රඟපෑවාය.
ඇයට ඕනෑම චරිතයක් කළ හැකි නිළියකි.
අග්නි පියාපත් තුළ සරෝජිනී ගේ මව කෙසේ අමතක කරන්නද.
ආදරය, ඉවසීම , දරාගැනීම ,කලහ කිරීම ,වැනි ගති ලක්ෂණ වලින් හෙබි මෙම චරිතයට ඇය උපරිම සාධාරණය ඉටු කළා ය.
ගෝල්, සුළං කිරිල්ලී එක දවසක අපි වරිගපොජ්ජ පුරහඳ කළුවර, වැනි සිනමා නිර්මාණ තුළ කෙටි චරිතයක් වුවද මතකයේ රැඳෙන ලෙස රඟපෑමට ඇය සමත් වූවාය.
රඟ නොපා රඟපෑම යනු කුමක්ද චරිතවල ජීවත් වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඇගේ රංගනය දෙස බැලීමේදී අපට තේරුම් ගත හැකිය.
ඇය සරල ගැහැනියකි සරල කම නිසාම මහ පොළොවේ ඕනෑම තැනක පැල වෙන්නට ඇයට හැකි ය .වීදි නාට්‍ය වේවා ටෙලි ,වේදිකා සිනමා මේ ඕනෑම තැනක තම හැකියාවන් පෙන්වීමට හැකි වන්නේ ඒ නිසාය.
ප්‍රවීණ කලාවේදී ප්‍රසන්නජිත් අබේසූරිය මහතාගේ දයාබර බිරිඳ වන ඇය සැබෑ ජීවිතයේ දයාබර මවක් ආදරණීය බිරිඳක් ලෙස කුටුම්භය තුළ ද අපූරු චරිතයකි.
ඇගේ රංගනයට නිසි ඇගයුමක් ලැබී තිබෙනවා දැයි සැක සහිත ය සම්මාන උළෙලවලදී ඇය නිර්දේශ වත් වූවා දැයි මතක නැත.
ආදරණීය ලෙන්ගතු දයාබර නයනා හෙට්ටිආරච්චි රංගවේදීනියනි සමාජයේ වෙසෙන තවත් ගැහැනුන්ගේ ජීවිත තිරය මත ජීවත් කරවන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

Shan Iddamalgoda.

meta. 

A day in the life

2024-08-15

ක්‍රිස්තු පූර්ව 400 ශීතකරන




ක්‍රිස්තු පූර්ව 400 පමණ ජීවත් වූ අතීත මිනිස්සුත් "ශීතකරන" පාවිච්චි.කරලා තියෙනවා කියලා කිව්වොත් ඔබ ඒක විශ්වාස කරනවද?
විදුලිය සොයා ගැනීමටත් බොහෝ කාලයකට පෙර සිටි පර්සියානු (වර්තමාන ඉරානය) ජනයා "ශීතකරන" භාවිතා කරලා තියෙනවා. පර්සියානු බසින් මේවා "යක්චාල්" ලෙස හැඳින්වෙනවා. යක්චාල් යන්නෙහි තේරුම 'අයිස් වළ' යන්නයි.
වාෂ්පීකරණ සිසිලනකාරකයක් ලෙස ක්‍රියා කරන මේ ශීතකරණ ව්‍යුහය පොළවට ඉහළින් ගෝලාකාර හැඩයක් සහ භූගත ගබඩාවක් ලෙස කොටස් දෙකකින් සමන්විතයි. ඒ වගේම ඝන තාප ප්‍රතිරෝධී ඉදිකිරීම් ද්‍රව්‍ය වලින් භූගත අවකාශය හොඳින් පරිවරණය කර තිබෙනවා. මේ ගබඩා තුල ආහාර ද්‍රව්‍ය මෙන්ම අයිස් ද ගබඩා කර තිබූ බව සඳහන් වෙනවා.
මේ යක්චාල් ඉදිකර තියෙන්නේ බොහෝවිට කාන්තාර තුලයි. කාන්තාර දේශගුණයේ අඩු ආර්ද්‍රතාවයෙන් ජලය වාෂ්පීකරණය ප්‍රවර්ධනය වීම ඊට හේතුවයි. ඒ වගේම හිරු බැස ගිය පසු වාතයේ සිසිලන වේගයත් අනෙක් ගොඩබිම් ප්‍රදේශ වලට වඩා කාන්තාරයේදී වේගවත් වෙනවා. ඉහළ උන්නතාංශ වල පිහිටා ඇති සමහර කාන්තාර ප්‍රදේශවල රාත්‍රියේදී උෂ්ණත්වය හිමාංකයට වඩා පහත වැටෙනවා.
මේ වාෂ්පීකරණ සිසිලන පද්ධතිය ක්‍රියාත්මක වූයේ උල්පත් වලින් qanats නම් විශේෂ ජල මාර්ග හරහා ගෙන එන ජලය හරහා යි. මේ ජලය යක්චාල් අසලදී තටාක වලට එකතුවෙන අතර ශීත සෘතුවල රාත්‍රි කාලයේදී මේවා අයිස් බවට පත් වෙනවා. පර්සියානුවන් මේ අයිස් යක්චාල් තුල ගබඩා කරනවා. උණුසුම් කාලවලදී නම් අවට ඇති අයිස් කඳු වලින් අයිස් කඩා ගෙනවිත් තැන්පත් කරන්නත් ඔවුන් කටයුතු කරලා තියෙනවා.
යක්චාල් ඉදිකරලා තියෙන්නේ "සරූජ්" නම් අද්විතීය ජල-ප්‍රතිරෝධී බදාමයකින් වන අතර එය වැලි, මැටි, බිත්තර සුදුමද, අලුහුණු, එළු ලොම් සහ අළු නිශ්චිත අනුපාතයකින් යොදාගෙන සකස් කරලා තියෙනවා. ඒ බදාමය තාප හුවමාරුවට ප්‍රතිරෝධී වෙනවා වගේම සම්පූර්ණයෙන්ම ජලයට ද ප්‍රතිරෝධී වෙනවා. මේ කේතු හැඩැති ව්‍යූහය සාමාන්‍යයෙන් මීටර 18ක් පමණ උසයි.
මේ නිර්මාණය අතීත පර්සියානු ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ටත්වය ලෝකයට කියාපානවා.
අතීත මිනිසුන් ඔවුන්ගේ තාක්ෂණය තුල සොබාදහම ඉක්මවා නොයමින් සොබාදහමෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා අපිට හරි අපූරුවට පෙන්නලා දීලා තියෙනවා කියලා මේක දැක්කම හිතෙනවා නේද?

Chathranga Priyadarsana
meta.

A day in the life

2024-08-14

රම්මල කන්ද








හම්බන්තොට ඇති තෙත් කළාපය

රම්මල කන්ද

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරුවා පත්තුවේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රම්මල හෙවත් රන්මලේ කන්ද පිහිටා තිබෙන්නේ. තංගල්ල නගරයේ සිට කිලෝ මීටර 34ක් දුරින්. මාතර සිට කිලෝ මීටර 52ක් දුරයි. විතාරන්දෙණිය, වීරකැටිය, කොටබෝධිය හරහා ජුලම්පිටිය පාරේ පැමිණ රම්මල් කන්ද පාමුලට එන්න පුළුවන්. කන්ද උසින් අඩි 2700ක් දක්වා පැතිර යනවා. කඳු අඩවිය විශාලත්වයෙන් වර්ග කිලෝ මීටර 268ක් වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ උස ම තැන වන්නේ ද මේ කඳු මුදුන යි. රම්මල් කන්ද වටා පිහිටි පරිවාර කඳු ලෙස දෙනිය කන්ද, කරවිල කන්ද, මැද කන්ද, බෙංගමු කන්ද, හුළං කන්ද වේගිරිය කන්ද සැලකිය හැකි යි. එහි විශාලත්වය අක්කර 2000ක් පමණ වෙනවා.

11-12 සියවස්වලදී මේ අවට නිතර යුදගැටුම් සිදුවුණු අතර රණ මල යන්න පසුව රන්මල වූ බවට මතයක් පවතිනවා. කැලෑවෙන් වැසුණු කන්ද යන අරුතින් රන්මල වූ බව තවත් අදහසක්.



තෙත් කලාපයේ ගස්වැල්
හම්බන්තොට කියන්නේ නිතර ඉඩෝරයෙන් බැටකන ශුෂ්ක කලාපයට අයත් ප්‍රදේශයක්. නමුත් මේ දිස්ත්‍රික්කයේ පිහිටි නිවර්තන තෙත් වනාන්තරයක් තමයි රම්මලේ කන්ද කියන්නේ. වැඩි දෙනකු නොදැන සිටියත් මෙහි දැක ගත හැක්කේ තරමක සිසිල් දේශගුණයක්. මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසමින් ද නොවැම්බර්- දෙසැම්බර් මාස දෙකේ ඊසානදිග මෝසමින් ද මේ ප්‍රදේශයට වර්ෂාව ලැබෙනවා.
පහතරට නිවර්තන කලාපයේ වැවෙන හොර, බක්මී, මල්බුරුත, කුඹුක්, ඉඳි, කැකුණ, අංකෙන්ද, කිතුල් ආදී ශාක වර්ග රාශියක් මේ වනපෙතේ වැවෙනවා. වෙනිවැල්, කුඩුමිරිස ඇතුළු ඖෂධීය වැල් වර්ග රාශියක් ද දැකගත හැකි යි. රම්මල කඳුවැටියෙන් ආරම්භ වන සපුගහදොළ, බිසෝඇල්ල පිගලැල්ල දොළ ආදි දොළ මාර්ගවලින් කිරම ආර පෝෂණය වෙනවා. එහි ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන්නේ රම්මල රක්ෂිත වනය යි.
ඉතිහාස පුවත්

මහාවංශයේ රම්මල කන්ද සඳහන් වන්නේ “සුවණ්ණමලය”නමින්. මේ ප්‍රදේශය ලංකා ඉතිහාසයේ මුලින් ම සඳහන් වන්නේ පළමුවන විජයබාහු රජ දවස යි. කුඩා කාලේ විජයබාහු කුමරු හා ඥාතීන් සතුරු සේනාවලින් ආරක්ෂාවීමට රම්මල අඩවියේ රෙමුණ හෙවත් සිත්නරු බිම් ප්‍රදේශයේ බුදල්නාවන් නම් පුද්ගලයාගේ රැකවරණය ලැබූ බව පනාකඩුව සන්නසේ සඳහන් වෙනවා.



සිත්තම් ගල්ලෙන

පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ සුගලා බිසව සමඟ පැවති සටන්වලදී රම්මල අඩවියේ කඳවුරු කිහිපයක් ම පිහිටුවා ගත් බව මහාවංශය සඳහන් කරනවා. මාවරල, බෙරලපනාතර, ඌරුබොක්ක, පුවක්දණ්ඩාව, බෝවල, කටුවන ආදී ස්ථාන නාමවලින් ඒ බව පැහැදිලි වෙනවා. රම්මල කන්ද ආශ්‍රිත ව සිත්තම් ගල්ලෙන, කටුවන ශ්‍රී මහා විහාරය, අඹගහහෙන් පුරාණ විහාරය ඇතුළු පැරණි විහාර කිහිපයක් ද දැකගත හැකි යි.
විජයබාහු කුමරු රම්මලේ කන්දේ “රෙමුණුගල කඳවුර” බැඳි බව සඳහන් වෙනවා. රම්මලට ආසන්නයේ ඇති බෝවලදී විජයබාහු කුමාරයා” ,“ලොකේෂ්වර” සමඟ යුද කොට ජය අත්පත් කර ගත් බව ද මහාවංශය විස්තර කරනවා.
බුද්ධ වර්ෂ 2234 වැන්නෙහි ලියූ “කොලවෙනිගම විහාර සන්නසේ සඳහන් වන්නේ දන්ත ධාතුව ටික කලක් රම්මලේ කන්දේ සඟවා පැවති බවයි. “බියට පත් මහ සඟන දන්ත ධාතූන් වහන්සේ ප්‍රධානව වස්තූන් ද ගෙන රහසින්ම කොලවින්න විහාරය අතහැර වන වැදී මහ හිමයන් පසු කර රෝහණ දේශය බද රංමලේ නමැති ගිරට පැමිණ එහි වූ ගුහාවක දන්ත ධාතූන් වහන්සේ සඟවා තබා….” යන පාඨයෙන් ඒ බව පැහැදිලි වෙනවා.
ස්තුතිය ' පහ දිනන හපන්නු


A day in the life

2024-08-13

පන් පැදුර


මහගෙදර කුස්සියේ පැදුරු ආනක තිබුණු
රටා පැදුරක් අරන් දිග අරින්නෙමි සොඳින්
රතුපාට සුදුපාට ජ්‍යාමිතික හැඩ මවන
රමණීය පන් පැදුර මගේ ඇස ගැටෙනවා .

මිටි බංකුවේ හිඳ යොදා කඩිසර දෑත
වකුටු වී නැමීගෙන රෑපුරා නිදි වරා
නිදි කුමාරිගෙ ඉඳන් කියූ රස ජන කතා
පන් ගහක් ගානේම තැවරිලා තියෙනවා .

අත්තම්මගේ සුමුදු පන් පැදුරෙ නිදියන්ට
පොරකාපු දඟ එවුන් රටෙත් නෑ දැකගන්ට
කඳු ශිඛර තැනිතලා නිම්න හා බඩවැටි ද
පැදුර මත දිග හැරුණු අපූරුව පෙනෙනවා .

සැවැන්දර සුවඳ දෙන කම්බාය ඇන්දාම
උකුලෙ හිස තියාගෙන ඇස් පියං ඉන්නවා
ඔළුවෙ නිය ගගහ ඈ සෙත් පිරිත් කියනකොට
පොඩි වුන්ට පන් පැදුරෙ රස හීන පේනවා .

කාල යානය දිගේ අතීතෙට දුවනකොට
සිහිනයෙන් ගෑ සුවඳ පන් පැදුරෙ එතෙනවා
පරිගණක සිරමැදිරි අතර අපි දැවෙන කොට
බිඳුණු ලෙන්ගතු හැඟුම් හිතේ ඉකි බිඳිනවා .

---------රෝ.සි.


A day in the life

2024-08-12

මඤ්ඤොක්කා වලින් කේක්.






මඤ්ඤොක්කා කියන්නෙ ඉතිං ගොඩක් රසවත් කෑමක්නෙ..
පිලිකා මර්ධන හැකියාව තියනව කියල හොයාගනත් තියනවනෙ.....
ඒ හින්දා ඉතිං ......මඤ්ඤොක්කා අලේට දෙන්න තියන දස වධ ඔක්කොම දෙනව 'තම්බනව , මාලුවට උයනව , මලවනව , චිප්ස් වගේ බැදලත් කනව...
ග්ලූටන් සහිත පාන්පිටි කෑම වෙනුවට ,පිටි කරල ...පිට්ටු , රොටී , තෝස , ඉඳිආප්ප ,පීසා ඔය ඕනම දෙයක් හදන්නත් පුලුවන්නෙ හාල්පිටි ටිකක් මිශ්‍ර කරලා ...
ඒත් ඔයාල දන්නවද , පාන්පිටි නැතුව අමු මඤ්ඤොක්කා වලින් රසම රස කේක් හදන්න පුලුවන් කියල ...අපේ සමූහෙ මුල් අය නම් දන්නවා..ඒත් මේ අලුත් අයට...
හරිම ලේසී ..හරිම රසයි .. අපිටත් කියල දුන්නෙ අපේ ශානි සොයුරිය..අපිට අබිං කන්න පුරුදු කරා වගේ තමයි ඉතිං
දැන් මඤ්ඤොක්කා පඳුරක් ගලවපු ගමන් මතකෙට එන්නෙ ...කේක් තමයි..
ඒ තරමට ඒකට ඇබ්බැහි වෙනව...



අපි වැඩිපුර පැණිරස කෑම ආසා නැති උනත් දරුවො ආසා දෙයක් හදල දෙන්නත් එපෑ..හැබැයි ඉතිං දීල පිරිමහන්න නම් බැහැ ..ආයෙමත් ඉල්ලයි..ඒ තරම් රසයි ...
ඔයාලත් හදල බලන්නකො ..කොහොමද කියල .....
මුලින්ම භාජනයක් අරන් සීනි මේස හැඳි දෙකක් විතර දාල කැරමල් කරල නිමෙන්න තියන්න.. කේක් හදන භාජනේම හොඳයි ....
පසුව මඤ්ඤොක්කා ග්‍රෑම් 300 ක් විතර අරන් කැරට් ගානව වගේ ගාලා ,දිය යන්න හොඳින් මිරිකල බ්ලෙන්ඩර් කප් එකට දාගන්න..ඒකටම සීනි ග්‍රෑම් 200 ක්, පොල් මිටක් ,මිටිකිරි අඬුකෝප්ප බාගයක් ,බිත්තර දෙකක් , ෆ්‍රෙෂ් මිල්ක් අඬුකෝප්ප බාගයක් ,බටර් හෝ මාගරින් මේස හැඳි දෙකක් (ඒවා නැති නම් මුඩු නැති සුදු පාට පොල්තෙල් ගන්නත් පුලුවන් )
මේ සේරම හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න ..
උකු මිශ්‍රණයක් උනාම වෙනම භාජනේකට දාල ,ඒකට වැනිලා බිංදු කීපයක් ,බේකින් පවුඩර් තේ හැඳි බාගයක් විතර දාල , හොඳින් මිශ්‍ර කරල ,මුලින් කැරමල් කරපු භාජනේට දාල අංශක 180 ට විනාඩි 45 විතර දාල කේක් එක හදාගන්න ...සමහර වෙලාවට ස්ටීම් කරල ..එහෙම නැත්නම් ලිපේ තියලත් පුලුවන් වේවි ....




මේ තියෙන්නෙ මම හදපුවා....
ඉතිං ඔයාලත් හදල බලල අපිටත් කියන්න .. කොහොමද කියල ..*ඇබ්බැහි වෙන සුලුයි *
මඤ්ඤොක්කා තියන අය හදන්න ..නැති අය කඩෙන් ගෙනල්ලා හදන්න..හැබැයි මඤ්ඤොක්කා පඳුරු කීපයක් හිටව ගන්නත් අමතක කරන්න එපා....
Ramani Senanayaka



A day in the life

2024-08-11

බේත් හේත් එක්ක " up lifting" වචනත් කවලම් කරමු .







ඊයෙ හවස් අතේ තාත්තාව දොස්තර මහත්තයාට පෙන්නන්ඩ තිබුනනෙ. ඉතිං පහකුත් ගානට පිටත්වෙලා යන අතර මග මං ඕනවටත් වඩා කතා කර කර හිටියටමොකද වෙනදට තොරතෝන්චියක් නැතිව ගිරව් රෑනකට හරියන්න කතාකරන තාත්තා සෑහෙන්න නෙවෙයි නොසෑහෙන්න නිශ්ශබ්දයි.
මේ හවස් වරුවෙ, එක එක අසනීපවලට බේතක් හේතක් අහගන්න ආ හැම වයසකම ගැහැණුන් මිනිසුන් ළමා ලපටින්ගෙන් මේ පෞද්ගලික ඉස්පිරිතාලේ පිරිලා. තාත්තයි අම්මයි , මායි ආන් ඒ රොත්තට එකතුවෙලා බලා ඉඳිල්ල පටන් අරන් ඒ හැටි වෙලාවක් නොගිහින් අපිට දොස්තර මහත්තයව හම්බෙන්න පුළුවන් වුණා.
වෙනදාට තාත්තගෙ ලෙඩ ගැන දොස්තරටත් උගන්නන්ඩ තරම් කතාකරන අපේ තාත්තා ඊයේ ඒ පුංචි වෛද්‍ය කාමරය ඇතුලේ බොහෝම නිසොල්මනේ වාඩිවෙලා ඉද්දි ජීවිතයේ පළවෙනි වතාවට මට දැණුනා "කතා කරන මිනිසුන් "කතා නොකරන කොට දැනෙන මහා අමුතු, නුපුරුදු වේදනාව.
ආපිට එද්දි නිට්ම්බුවෙන් වම් පැත්තට හරවල ගෙදර එනවා වෙනුවට මං ඒ දෙන්නත් එක්ක අයිස් ක්‍රීම් දාපු ෆෘට් සැලඩ් කන්න ගියානේ. එතකොට මට මත්ක්වුනේම පහේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන දවසේ කොළඹ කොහේදෝ සයිවර් කඩයකින් තෝසෙ කාපු දවස...
" කන්න කන්න චූටි දුවේ, තව පොඩ්ඩක් කන්න, තව මොනවද ඕනේ?
එහෙම අහපු තාත්තාගේ ඒ දෙබසම මං ආපිට ඔහුට කියමින් හිටියා...
"කන්න කන්න තාත්තේ...තව චුට්ටක් කන්න...."
උසට උසේ කට කපලා තිබුණු අයිස් ක්‍රීම් තලියක්ම දාපු සැලඩ් වීදුරුවෙන් තාත්තා ඕන්නම් කටවල් තුනක් කන්ඩැති. මට දකුණෙන් හිටපු අපේ අම්මා ඒක බොහෝම රසවත් බවත් දැන් ආයෙ රෑට කන්න ඕනෙ නැතිබවත් කියමින් හිටිය.
කොහොමින් කොහොම වුණත් ඒ හැන්දෑවරුව
මට හරි ලස්සන මතකයක්. මං ටිකක් ඕනෙවට වඩා හිනහත් වුණා. ආපිට එද්දි පහුවෙවී යන කඩ සාප්පු දිහා බල බල එමින් හිටි අම්මයි තාත්තයි දිහා බලා ඉද්දි මට හිතුනෙම,
වරමක් ලැබුණොත්, මං "කාලය නතර කරනවා" ඒ අය නිරෝගීව සතුටින් ලස්සනටම හිටපු තැනක...
අමතක වෙන්ඩ කලින් තව බොහෝම හින්චි දෙයක් කියන්නත් තියෙනවා...
ලෙඩක් දුකක් හැදුණු දන්නා කියන මනුස්සයෙකුගේ සැප සනීප අහල දුරකථන ඇමතුමක් දෙන එක අපි සාමාන්‍යයෙන් කරන දෙයක් නේ.
හැබැයි,
ඔන්න ඔය ඇමතුම් අතරෙදි අපි ඒ හැටි හිතන්නේ නැතිව මේන් මෙහෙමත් කියනවා,
" ආං අහවලාට ඔහොම වෙලා මේන් මෙහෙම වුණානේ"
" ඕක මෙහෙමත් වෙලා ඇතිානේ. ඔය දොස්තර ගොල්ලන්ට හරියට ඕවා අහුවෙන්නේ නෑ අප්පා"
" අපේ පැත්තෙ මනුස්සයෙක් ඔහොම වෙලා ඉඳලා එකපාරට මලානේ"
" ඕවම තමා මටත් තිබුණේ, බේත් වලින් ඕක අඩුවෙයිද කියල කියන්න්ඩ බෑ අනේ"
බේතක් හේතක් වෙදකමක් විතරක් නෙමෙයි. ඕනෙම දෙයක් විශ්වාසයෙන් පටන් අරන් කරගෙන යනකොට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ඉතාම ඉහළයි. ඒත් අපි එතරම් හිතන්නෙ නැතිව ලෙඩට දුකට පත්වෙච්ච මනුස්සයෙක්ගේ හිතට " අපි දන්න, දැනෙන, හිතෙන, අනුමාන කරන, ඇහුණු " සිතිවිලි ඇතුල් කරද්දි දෙතුන් පාරකට වැඩිය හිතන්ඩ ඕනය කියලයි මට නම් හිතෙන්නේ.
බේත් හේත් එක්ක " up lifting" වචනත් කවලම් කරොත් ඒවා මැජික් අරිෂ්ට වගේ වැඩ කරයි කියලා මට නිකමට වගේ හිතෙනවනෙ. ඔයාටත් එහෙම හිතුන වග මට සහතිකයි.
වචන හරියට දැලි පිහිය වගේ. හැඩ වැඩදාලා රැවුල කොන්ඩෙ බාලා හිතක් සතුටු කරන්න වගේම, පැත්තට තියලා ඇදලා දාලා ආත්මයක් ඔත්පල කර කර මරා දාන්නත් පුළුවන්.
සුභ දවසක් වේවා!
තුෂාරි විජේරත්න
Dove Greens Miracle Youtube Channel
2024/08/08

A day in the life

2024-08-10

මුඛ පිළිකාවේ ලක්ෂණ





මුඛ පිළිකාවේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ

මුඛ පිළිකා යනු මුඛය සෑදෙන ඕනෑම කොටසක වර්ධනය වන පිළිකාවකි. මුඛ පිළිකා ඇතිවිය හැක්කේ කොතැනින්ද?

තොල්
විදුරුමස්
දිව
කම්මුල්වල අභ්‍යන්තර පටලය
මුඛයේ උඩ තල්ල
මුඛයේ යටි තල්ල (දිව යට)







දුම්කොළ භාවිතය සහ අධික මත්පැන් භාවිතය ඇතුළු මුඛ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි විවිධ සාධක තිබේ. මුඛ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන සාධක

සිගරට්, සුරුට්ටු, පයිප්ප, හපන දුම්කොළ සහ දුම්කොළ ඇතුළු ඕනෑම ආකාරයක දුම්කොළ භාවිතය
අධික මත්පැන් භාවිතය
ඔබේ තොල්වලට අධික හිරු එළියට නිරාවරණය වීම
ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයක් වන මානව පැපිලෝමා වයිරසය (HPV) )
දුර්වල වූ ප්රතිශක්තිකරණ පද්ධතියක්.



මුඛ කුහරය සහ ඔෙරෆරින්ජියල් පිළිකා වර්ධනය වීමේ ජීවිත අවදානම පිරිමින් සඳහා 60 න් 1 ක් සහ කාන්තාවන් 140 න් 1 ක් පමණ වේ. මේ නිසා, ඔබ රෝගයේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ දැනගැනීම වැදගත් වේ.
මුඛයේ පිළිකා රෝග ලක්ෂණ
සුව නොවන තොල් හෝ මුඛයේ තුවාලයක්. සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින යම් නොනවතින රෝග ලක්ෂණ සහ රෝග ඇත්නම් ඔබේ වෛද්‍යවරයා හෝ දන්ත වෛද්‍යවරයා හමුවන්න.




A day in the life