ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-02-22

මහජන කැමැත්ත



 

මේ දවස්වල කොතැන ගියත් අසන්නට ලැබෙන්නේ "චන්දය" ගැන ප්රශ්ණය.
"කවුරු එයිද?"
"කවුරු දිනයි ද?"
"අහවලාත් එනවලු නේද?"
"මේපැ නම්.....
මෙ,ආදී වශයෙන් නැගෙන සාකච්ඡාවලින් කියවෙන්නේ
මිනිසුන් "නිහඬව දරා සිටිනා පීඩනය"යැයි සිතමි.
හතළිස් අටේ ඉංග්රීසීන් බාර දී,යනවිට "ආසියාවේ දෙවන ආර්ථිකය" වූ
මේ රට "බංකොලොත්" තත්වයට ගෙන ආවේ
මෙතෙක් රට කරවූ දේශපාළකයන් බව නොකිවමනාය.
මහජන චන්දයෙන් පත්ව අවුත්,
මහජන දේපොල මංකොල්ලකා අවසානයේ එහි අනිටු ප්රතිඵල
භුක්ති විඳින්නට සිදුව ඇත්තේද ජනතාවට ය.
මහජන දේපළ මංකොල්ල කෑ එවුන් යෙහෙන් වැජඹෙමින් සිටිනා,තර
ජනතාව තලා පෙලා බදු අයකරමින් සිටිති.
දැන් යළිත් "මහජන චන්දය" හෙවත් "මහජන කැමැත්ත"
ගැන කතා බහ කරළියට පැමිණ ඇත.
හතළිස් අටේ ඉංග්රීසීහු මෙරට හැර යනවිට
රට බාර ගතුයේ ඉංග්රීසීන් විසින්ම නිපදවන ලද
අභිනව ධනපති පැළැන්තියකි.
ඇතැමුන් ඔවුනට "කළු සුද්දන්"යැයි කියති.
එහෙත් එදා ජාත්යන්තර තලයෙහි ඉංග්රීසීන් පැමිණ සිටි
ප්රජාතන්ත්ර තලයට මොවුහු පැමිණ නොසිටියහ.
කොටින්ම "ඉංග්රීසීන්ගේ හැර යාම පවා "ප්රතික්ෂේප කළ හ.
"සර්ව ජන චන්දය" පවා නොපිළිගත්තවුන් වූහ.
කොටින්ම ටයි කෝට් ඇන්දද
අන්ත පසුගාමී පිරිසක් වූහ.
අවසානයේ රට කරවීමට බාර ගතුයේ
"කොමිනිස්,කාරයන් අතට යතැයි" බියෙනි.
ඒ කෙසේ වුවද හැත්තෑ හත තෙක් රට කරවූ හ.
ඒ පක්ෂ දේශපාලන යාන්ත්රණය මඟිනි.
එම කාල පරාසය තුළද මහජන චන්දය නමින් කෙරුනේ
ඔවුන්ව බොරුවෙන්,රැවටීම මිස අනෙකක් නොවේ.
"හඳෙන් හාල්" ඇට අට"කාටත් අමතක නැත.
ඉන් පසු හැත්තෑ හතෙන් පසු "මැතිවරණ නමින්
සිදුවුණේ මහජන කැමත්ත මංකොල්ල කෑමයි.
"ලාම්පු කළ ගෙඩි සෙල්ලම"
හොර චන්ද,මැර චන්ද කාටත්,අමතක නැත.
කොටින්ම මැතිවරණ ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ
මහජනතාවට කෙළවන ඉතිහාසයකි.
එළඹෙන මැතිවරණයද එම ගමණේම දිගුවක් මිස.
යහපතක් ඉටුකෙරෙන්නක් වනු නොමැති බව
මගේ අදහස යි.


සටහන
කමල් පී අලහකෝන්
A day in the life

2024-02-20

සමාජය දැවෙමින් සිටී.



චේ ගුවේරා කියවන්න කලින් -
වීර පුරන් අප්පු කියවන්න
බොම්මාලෙට කලින්
සුනිල් ශාන්තට සවන්දෙන්න
ගෝර්කිට  චෙකෝෆ්ට කලින්
මාර්ට්න් වික්රමසිංහ සුගතපාල  දි සිල්වා කියවන්න
ලෙනින්ට කලින් රාවණා
කියවන්න
ඕෂෝට කලින්
කුමාරතුග මුණිදාස කියවන්න
පුෂ්කින්ගේ කවි වලට කලින්
ජනකවි කියවන්න
 
ජාත්යන්තර අත්දැකීමට පෙර
ජාතික තලය කියවා ගන්න
එවිට ඔබ දේශය මත
අක්මුුුල්  ඇති චරිතයක් වනු  ඇත“
 
ගෝත්රික කතාවක් ලිංමැඩි අදහසක්.
ඔය හැමෝම ගැන කියවගන්න ඕනෙ..
අපේම වගේ අදහන බුදුන් වහන්සේත් ජේසු තුමාත් මහම්මත් තුමාත් ලංකාවෙ නොවෙයිනෙ...
ලෝකෙ කොහේ උනත් කියවාගත යුතු අය ගැන කියවාගත යුතුයි
බෙදන්න ඕනෙ නැහැ .
පරමාදර්ශි චරිත ලෝකෙ කොහේ හිටියත් අපේම වගේ කියවාගත යුතුයි.
.ගොබ්බ ලිං  මැඩි අදහස් ඉවතලා...

 මෙම අදහස මුණු පොතේ පලවුවකි. යටින් පලවන්නේ ලැබුන ප්රතිචාරයකි. ලියති  සමහර උදවියට ඇත්තේ  කෙන්තිය පිරුණ මනසකි.. මම මෙයට ප්රතිචාර දැක්වුයෙමි ආප්පය රසවත්ය  ඒ්ත්  උඩින් සහ යටින්  ගින්දරය.

 සමාජය දැවෙමින් සිටී.. රස්නය කුමකින්  හෝ  පිටව යයි. මට සිතේ


A day in the life

2024-02-18

රජගල උරුමය - අම්පාර

 








නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්රික්කයේ උහන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්රාම නිලධාරී වසම් තුනකට රජගල කන්ද අයත් වන අතර රජගල ආරාමික පුරාවිද්යා භූමිය අම්පාර මහඔය මාර්ගයේ කිලෝ මීටර් 26 කින් පසුව බක්කිඇල්ල හන්දියට නුදුරින් පිහිටා තිබේ.
1940 අංක 69 දරණ පුරාවස්තු ආඥා පනත මගින් පුරාවිද්යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් ලෙස මෙම පෞරාණික ආරාම සංකීර්ණය නම් කොට ඇත. අනුරාධපුර යුගය නියෝජනය කරනු ලබන ස්මාරක අවශේෂ හා පුරාවස්තු මෙම භූමිය පුරාම විසිරි පවතී. 1968.09.28 වන දින රජයේ මිණුම් දෙපාර්තමේන්තුව විසින් අක්කර 1025 පර්චස් 16ක භූමි ප්රදේශයක් පුරාවිද්යා රක්ෂිත භූමියක් ලෙස නම් කෙරුණු අතර 1977.02.14 වන දින නැවත මිණුම්ගත කර එම අක්කර ගණන තහවුරු කොට තිබේ.
2012 සැප්තැම්බර් මස 01 වන දින පුරාවිද්යා දෙපාර්තමේන්තුව එක්ව ගිවිසුම් ප්රකාරව රජගල පුරාවිද්යා රක්ෂිතයේ ගවේශන, කැණීම් සහ සංරක්ෂණ කටයුතු ශ්රි ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ඉතිහාස හා පුරාවිද්යා අධ්යයනාංශයට පවරන ලදී. ඒ අනුව රජගල ඉදිරි සියලු කටයුතු පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ විශ්වවිද්යාලයේ අදාළ අංශය විසින් සිදු කරනු ලැබීය.


ගිරිකුම්භීල යන්න රජගල සඳහා භාවිත කළ අතීත නාමයයි. වර්තමානයේ දී රජගල හෝ රාස්සහෙළ යනුවෙන් මෙම පුරාවිද්යා භූමිය නම්කොට තිබේ. ගිරිකුම්භීල යන්නෙහි කුම්භීල යනු පාලි භාෂාවෙන් කිඹුලා යන්නය. ගිරි යනු කන්ද හෙවත් පර්වතයයි. කුම්භීලගිරි ලෙස අතීතයේ දී රජගල කඳුවැටිය සඳහා නම්කොට තිබුණේ කිඹුල් කන්ද යන අර්ථය හේතුවෙනි. එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරන්නේ ඈත සිට බලන විට රජගල කඳු වැටිය වැතිරී සිටින කිඹුලෙකුගේ ස්වරූපයෙන් පෙනෙන බැවින් කිඹුල් කන්ද යන අදහසින් කුම්භීලගිරි ලෙස නම් කරන්නට ඇති බවයි.












මහාවංශයේ මෙන්ම සහස්සවත්ථුපකරණය හා සද්ධර්මාලංකාරයේ රජගල, ගිරිකුම්භීල ලෙස මුලින් හැඳින්වුවද පසුව අරියාකර විහාරය හෝ අරිකාරි වෙහෙර ලෙස සඳහන් කොට ඇත. අරියවංශ දේශනාවට ප්රසිද්ධ ස්ථානයක් වීම හේතුවෙන් අරියාකර විහාරය යන්න ප්රචලිත විය. මෙතෙක් හමු වී ඇති ශිලා ලිපි අනුව වඩාත් පැරණිම නාමය ලෙස කූටකණ්ණ තිස්ස රජුගේ කාලයේ දී යුව රජු වූ මහාදාඨික මහානාග විසින් කරවන ලද ගිරි ලිපියක කුම්බිලපිතිසපවත විහර යන්න දක්වා තිබේ.
ලජ්ජිතිස්ස රජු විසින් ගිරිකුම්භීල විහාරය කරවූ බව සාහිත්ය මූලාශ්ර හා සෙල්ලිපි සාක්ෂි දරනු ලැබේ. දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්සගේ වැඩිමහල් පුත් ලෙස ලජ්ජිතිස්ස සඳහන්ය. මෙම රජු විසින් ශීත ලෙන් 25ක් කර වූ බව රජගලින් අනාවරණය කරගත් ශිලා ලිපියකින් තහවුරු වේ. ඒ අනුව අතීතයේ සිටම එනම් ක්රි.පූ. දෙවන සියවසේ දී ලක්දිව ශීත ලෙන් තනා ඇති බවට සාක්ෂි සපයයි. රජගල කඳුවැටිය හරහා හමා එන සිහිල් සුළඟ ගල්ලෙන් තුළට පැමිණීමට සලස්වා ශීත ලෙන් ඉඳිකොට තිබුණු බව වියතුන්ගේ මතයයි.
සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙන පරිදි ගිරිකුම්භීල විහාරය හා ලජ්ජිතිස්ස රජු අතර විශාල සබඳතාවක් පැවත ඇත. රජගලින් හමු වූ ශිලා ලේඛන 07 න් එක් ලිපියක මෙසේ සඳහන් කොට තිබේ.
දෙවනපිය මහරජ ගාමිණි තිස්සගේ පුත් ලංජක රජු යන්නය. පරණවිතානයන්ට අනුව දෙවනපිය මහරජු යනු සද්ධාතිස්ස රජු යන්නත් ලංජක රජු යනු සද්ධාතිස්සගේ පුත් ලජ්ජිතිස්ස බවත්ය.
රජගලෙන් හමු වූ මෙම ශිලා ලිපි 07 අතර ඉතිරි ලිපි 06 න් 04 ක් තිශ අය හෝ මහ අය ලෙස හැඳින්වෙන අයෙකුගේ භාර්යාවන් විසින් ලෙන් පූජා කරන ලද ඇති බවත් එම භාර්යාවන් ලෙස යසස්සිනී, බුද්ධදත්තා, සාමිකා හා අභිජාතා යන්න දක්වා ඇත. තිශ අය හෝ මහ අය නමින් හැඳින්වූ අයෙක් ලෙන් පූජා කළ බව අනෙක් ලිපි දෙකෙහි සඳහන්ව ඇත.
සාමිකා නම් වූ භාර්යාව විසින් පූජා කරන ලද ලෙනේ ඇති ශිලා ලේඛනයේ මෙසේ සඳහන්ය.
දෙවනපිය මහරඣහ ගමණි තිශහ පුතහ තිශ අයහ ඣය උපශික ශමිකය ලෙණෙ
අර්ථය - දෙවියන්ට ප්රිය වූ ගාමිණිතිස්ස මහරජුගේ පුත්ර තිස්ස කුමාරයාගේ භාර්යා උපාසිකා සාමිකාගේ ලෙන මිහින්තලය, රිටිගල, අරන්කැලේ, කුඩුම්බිගල ආදී ආරණ්යවාසී භික්ෂු වාසස්ථාන මෙන් අනුරාධපුර යුගයේ දී ප්රචලිත ආරණ්ය සේනාසනයක් ලෙස රජගල හැඳින්විය හැකිය. එහෙත් අනුරාධපුර රාජධානිය බිඳ වැටීම හේතුකොටගෙන කාලයාගේ ඇවෑමෙන් භික්ෂූන්ගෙන් තොර භූමියක් බවට පත්ව රජගල වනගත විය. රජගල සිදුකළ ගවේෂණ හා කැණීම්වලදී තහවුරු වූයේ අනුරාධපුර යුගයට පසුව කිසිදු කාලවකවානුවක මෙහි ප්රතිසංස්කරණයක් හෝ ඉදිකිරීමක් කර නොමැති බවයි.
පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ මූලික මැදිහත් වීමෙන් 1935 දී ලෝංහස්ට් නම් එවකට සිටි පුරාවිද්යා කොමසාරිස්වරයාගේ සමයෙහි රජගල භූමියේ සෙල්ලිපි පිටපත් කිරීම ආරම්භ කර ඇත. ගල්ඔය සංවර්ධන ව්යාපාරය 1949 දී ආරම්භ කිරීම හේතුකොට ගෙන එහි නිලධාරියෙකු වූ පී. දාබරේ මහතාගේ මූලිකත්වයෙන් වනගතව පැවති රජගල භූමියේ පෞරාණික ස්මාරක සැලකිය යුතු ප්රමාණයක් මතුකර ගැනීමට හැකිවිය.


 

1950න් පසුව මෙම භූමියේ ස්මාරක හඳුනා ගැනීමටත්, ශිලා ලේඛන පිටපත් කිරීම හා කැණීම් කටයුතු සිදුකිරීමටත් පුරාවිද්යා දෙපාර්තමේන්තුව යොමුවිය. 1959 දී නිකුත් කළ පුරාවිද්යාා පාලන වාර්තාව අනුව රජගල සම්බන්ධව යම් අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ. එනම්,
“නො.33 ගම අසල පිහිටි තේක්ක වත්තක් හරහා වැටී ඇති අඩි පාරකින් රජගල කන්ද නැමැති කැලෑ බිහි වූ කන්දකට පැමිණේ.... එහි නටබුන් දේ අතර ස්තූපයක හා වටකුරු ගොඩනැගිල්ලක ද ගල් කුළුණු සහිත හතරැස් පායක හා නෙලා අවසන් නොකළ සෙල්මුවා බුදු පිළිමයක ද නෂ්ඨාවශේෂයෝ වෙත්. අඩි 19 ක් උස මේ බුදුරුව අවුකන ප්රතිමාව සිහිපත් කරවයි” යන්න සඳහන්ව ඇත.
එමෙන්ම 1962 පාලන වාර්තාව අනුව “මෙහි ලැබුණු එකම බුදු පිළිමය තරමක් දුරට වැඩ කර නැවැත්වූවක්ය. එය තවමත් තියෙන්නේ ශිල්පියා ගල තියාගෙන වැඩ කළ තැනමය” යනුවෙන් විස්තර කොට ඇති අතර එම වාර්තාවේම මෙම වර්ෂයේ දී ලෙන් ලිපි 22 ක් හා තවත් සෙල්ලිපි 5 ක් ලැබුණු බව ද මෙහි කොරවක් ගල්, ගල්පාත්ර, ස්තූප හා ගොඩනැගිලි පිළිබඳව ද කරුණු අන්තර්ගතය.
1960 පාලන වාර්තාෙව් දැක්වෙන පරිදි රජගල පුරාවිද්යාභූමිය පුරාවිද්යා තහනම් ඉඩමක් බවට පත්කොට තිබේ. එමගින් එහි සම්පූර්ණ අයිතිය පුරාවිද්යා දෙපාර්තමේන්තුව සතුවිය.
රජගල භූමියේ ඇතැම් ගල්ලෙන් වන වැදී තිබුණු කාලවකවානුවේ දී දිවුලාන හරහා පැමිණෙන ආදිවාසීන්ගේ තාවකාලික වාසභූමි බවට පත්ව තිබී ඇත. එසේ පැමිණි වැදි ජනයා විසින් ඇතැම් ලෙන්වල සටහන් කරන ලද චිත්ර හා රේඛා සටහන් මෙහි ශේෂව ඇත. රාස්සගල සිටි නාගකච්චා නම් ආදිවාසියා ගැන ආර්.එල්.ස්පිට්ල් මහතා තම සංචාරක සටහන්හි දක්වා තිබේ.
මෙම පුරාවිද්යාභූමියෙන් හමු වූ යකඩින් තැනූ මල කෑ කෙටේරිය එම ආදිවාසීන් විසින් භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ඉට්ඨිය තෙරුන් හා මිහිඳු තෙරුන්ගේ නම් සඳහන් ශිලා ලිපිය රජගලින් හමු වූ ශිලා ලිපි අතර එහි ඓතිහාසිකත්වය පදනම් කොට ගෙන ප්රමුඛස්ථානයක් ගනු ලබයි. පරණවිතානයන් දක්වන පරිදි එම ශිලා ලේඛනය,
යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික (තෙරම) හිදතෙරහ තුබෙ
අර්ථය - මේ දිවයිනට පළමුවෙන් සමුර්ධිය සඳහා පැමිණි ඉත්තිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ස්තූපයයි

මෙම ශිලා ලිපිය අසල පිහිටි කුඩා ස්තූපයේ ඉට්ඨිය හා මිහිඳු යන හිමිවරුන්ගේ ධාතු නිධන් කොට තිබෙන්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. පරණවිතානයන් ප්රකාශ කරන්නේ මිහිඳු හිමිගේ පරිනිර්වාණයෙන් නොබෝ කලකින් ම මෙම ස්තූපය ගොඩ නංවන්නට ඇති බවයි. චාල්ස් ගොඩකුඹුර තම වාර්තාවක දක්වා තිබෙන්නේ මෙම ශිලා ලේඛනය ක්රි.පූ. 3 වන සියවසට පමණ අයත් විය හැකිය යන්නය.
රජගලින් හමු වී ඇති ශිලා ලේඛන අනුව ලජ්ජිතිස්ස රජුගෙන් පසු කාලයේ සිටි රජවරු ද රුහුණේ සිටි උප රජවරු ද වෙනත් ප්රභූවරුන් ද රජගල ආරාමයේ සමෘද්ධිය උදෙසා විවිධ පරිත්යාග කළ බවත්, ගම්බිම් පූජා කොට ඇති අතර විවිධ ගොඩනැගිලි තැනීම ද සිදුකොට ඇති බව පැහැදිලි වේ.
විහාරස්ථානයේ ප්රයෝජනය පිණිස කූටකණ්ණ තිස්ස රජු උපරාජ අවදියේ දී ගම් දෙකක් පූජා කොට ඇත. එමෙන් ම භාතික අභය රජු විසින් යජිනි නම් සංඝාරාමයක් කරවීම, මරගම නැමැති වැව විහාරයට පූජා කිරීම, බෝධිඝරයක් සහ ආසන කරවීම, මහරජ ඇළේ බද්දෙන් කොටසක් විහාරයට පූජා කිරීම, වෙනත් වැව් හා ජල බදු විහාරයට ලබා දීම යනාදිය කරවන ලද බව සෙල්ලිපි ඇසුරින් තහවුරු වේ.


 

මහාචාර්ය සිරිමල් රණවැල්ල විසින් කියවා ප්රකාශයට පත්කොට ඇති ක්රි.ව. 9-10 ට අයත් ශිලා ලේඛනය අනුව පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ අවසානය දක්වා භික්ෂු වාසස්ථානයක් ලෙස රජගල විහාර සංකීර්ණය පැවති බවය.
කඳුවැටියක මුදුනේ මෙම ආරාම සංකීර්ණය පිහිටා ඇති බැවින් අතීතයේ දී වූව ද එම ස්ථානය කරා පිය මැනීමට පා ගමනින්ම කඳුවැටියට නැගීමට සිදු වූ බව සිතිය හැකිය. අතීතයේ දී තැනූ මාවත් දෙකක් ඔස්සේ මෙහි මුදුනට නැගිය හැකි අතර එහි අඩි ප්රමාණය 1038 ක් ලෙස සඳහන්ය. රජගල වත්මනේ දී ඉදිකොට ඇති රථගාලට දකුණු පසින් හා නැගෙනහිර පසින් මෙම අතීත මාර්ග දෙකට පිවිසිය හැකි අතර මිහි සෑය අසල දී මෙම මාර්ගයන් ඒකාබද්ධ වේ. වසර දහසක පමණ කාලයක් වනගතව පැවති මෙම මාර්ගවල පියගැට පේළී සැලකිය යුතු හානියක් සිදුව පැවතුණි. 2013 වසරේ දී රජගල ව්යාපෘතිය යටතේ නැගෙනහිර පියගැට පෙළ හා පෙත් මඟ සංරක්ෂණය කරන්නට විය.
මෙහි පිය ගැට පෙළ ඉදිකිරීමේ දී ගෝමුත්රිකා රටාවකට (Zigsag ක්රමයට) එය සකස් කොට තිබේ. එනම් පියගැට කිහිපයක් පසු කිරීමෙන් අනතුරුව සමතලා අංගනයකට පිවිසීමට ඇති අතර නැවත පිටගැට පෙළක් හා සමතලා අංගනයක් ලෙසින් නිර්මාණය කොට තිබීමයි. පියගැට පෙළ නගින්නන් හට අවම වෙහෙසක් ගෙන දෙන්නට එසේ මාලක සකසා තිබීම අතීත නිර්මාණකරුවාගේ දක්ෂතාවයයි. ඔවුන් මෙම මාලක සකස් කිරීමට පස් මෙන්ම ගල් ද භාවිත කොට ඇත.
රජගල ආරාම සංකීර්ණය ආශ්රිතව සෙල් ලිපි 80 ක ට ආසන්න සංඛ්යාවක් සොයාගෙන තිබෙන අතර මැටි කරඬුවක හා උළු කැටයක ලියන ලද ලිපි හමුවීම මෙහිදි සුවිශේෂි වේ. 2009 දී පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ගවේෂණයක දී දැනට කැණීම් කොට සංරක්ෂණය කොට ඇති ප්රධාන දාගැබ් දෙකෙන් විශාල දාගැබ අසන්නයේ තිබී මෙම මැටි කරඬු ලිපිය සොයා ගන්නා ලදී. මෙබඳු මැටි කරඬු කිහිපයක් මෙම ප්රදේශය ආශ්රිතව හමූවූව ද ඒවායේ අක්ෂර සටහන්ව නොතිබුණි. මෙම අක්ෂර සහිත කරඬුව පියන හා බඳ වශයෙන් කොටස් දෙකකින් යුක්තය. පියන කේතුකාර හැඩයක් ගන්නා අතර බඳ පාත්රයකට සමාන වේ. අඟල් 07ක උසකින් යුත් මෙහි මුවවිටට මදක් ආසන්නව අක්ෂර පේළි දෙකක් ලෙස ලියා ඇත. දැනට ලංකාවෙන් හමු වී ඇති මැටි බඳුනක ලියන ලද පැරණිම ලිපිය ලෙස මෙය හැඳින්වේ. මෙහි අක්ෂර ලක්ෂණ අනුව ක්රි.ව. 1-2 සියවස් වලට අයත් යැයි සඳහන්ය.


 


අංක 10 දරණ ජන්තාඝර ගොඩනැගිලි භූමියෙන් මතුපිට සිට සෙ.මි. 23ක ගැඹුරින් මැටි උළු කැටයක ලියන ලද ලිපිය හමුවිය. කොටස් 03 කට කැඩී තිබුණු මෙය අසම්පූර්ණ උළු කැටයක් ලෙසත් මෘදු මැටි විශේෂයක් භාවිතා කොට නිර්මාණය කරල ලද බවත් සඳහන්ය. ලේඛනය හුරු අයෙක් විසින් සිහින් තුඩකින් මෙම අක්ෂර සටහන් කරන්නට ඇතැයි යන්නත් එය පේළි 03 කින් සමන්විත යන්න දැක්වේ. මෙහි සඳහන් ලිපියේ අර්ථය ලෙස දක්වා ඇත්තේ, බුදල් නම් තීරු බදු අය කරන නිලධාරියා විසින් පිනට කරවන ලද උළු කැටයයි යන්නය.
රජගල මහලෙන තුළ කළ කැණීම්වලින් මධ්ය ශිලා යුගයට අයත් මානව අවශේෂ ලැබුණු අතර නැගෙනහිර පළාතෙන් හමු වූ පළමු ප්රාග් ඓතිහාසික සාධක සහිත ස්ථානය ලෙස රජගල ඉතිහාසගත විය.


 Rukshila Wettamuni

උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය

A day in the life

2024-02-17

ගුල්සරිලාල් නන්ද මහතා








 

 

ආදර්ශමත්, ඉන්දියාවේ හිටපු අගමැතිගේ නිහඬ කතාව.
94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දමා ඇත. පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලාස්ටික් බාල්දියක් සහ මග් එකක් හැර වෙනත් කිසිඳු දෙයක් මහලු මිනිසා සතුව නොතිබූ තරම්ය...
මහල්ලා අයිතිකරුගෙන් ඉල්ලා සිටියේ කුලිය ගෙවීමට යම් කාලයක් ලබා දෙන ලෙසයි. අසල්වැසියන් ද මහලු මිනිසාට අනුකම්පා කළ අතර, කුලිය ගෙවීමට ඔහුට යම් කාලයක් ලබා දෙන ලෙස ඔවුන් ඉඩම් හිමියාට ඒත්තු ගැන්වූහ. ඉඩම් හිමියා ඔහුට කුලිය ගෙවීමට අකමැත්තෙන් වුවද යම් කාලයක් ලබා දුන්නේය...
මහල්ලා ඔහුගේ බඩු බාහිරාදිය ඇතුළට ගත්තේය...
ඒ අසලින් ගිය මාධ්යවේදියෙක් නැවතී මුළු දර්ශනයම දුටුවේය. මේ කාරණය තම පුවත්පතේ පළ කිරීම ප්රයෝජනවත් යැයි ඔහු සිතුවේය...
"කුරිරු ඉඩම් හිමියා මුදලට කුලී නිවසින් මහල්ලා පන්නා දමයි" යන සිරස්තලය පවා ඔහු සිතුවේය...
ඉන්පසුව ඔහු පැරණි කුලී නිවැසියාගේ පින්තූර කිහිපයක් ගත් අතර කුලියට ගත් නිවසේ පින්තූර කිහිපයක්ද ගත්තේය...
මාධ්යවේදියා ගොස් තම මුද්රණාල හිමියාට සිද්ධිය කීවේය. මුද්රණාලයේ හිමිකරු පින්තූර දෙස බලා කම්පා විය. ඔහු මාධ්යවේදියාගෙන් ඇසුවේ...
"ඔබ වයසක මිනිසා
හඳුනනවාද?"
මාධ්යවේදියා "නැහැ" කිව්වා...
පහුවදා පත්තරේ මුල් පිටුවේ ලොකු පුවතක් ආවා...
මාතෘකාව වූයේ,
"ඉන්දියාවේ හිටපු අගමැති ගුල්සාරිලාල් නන්ද දුක්ඛිත ජීවිතයක් ගත කරයි" යන්නයි...
හිටපු අගමැතිට කුලිය ගෙවා ගැනීමට නොහැකිව ඔහු නිවසින් එළියට දැමූ හැටි එම පුවතේ වැඩිදුරටත් ලියා තිබුණා. වර්තමානයේ නවකයන් ද විශාල මුදලක් උපයන බවට අදහස් පළ විය. ඒ වගේම දෙවතාවක් හිටපු අගමැතිවරයෙක් වෙලා දීර්ඝ කාලයක් මධ්යම ඇමතිවරයෙක් විදියට කටයුතු කරපු කෙනෙක්ට තමන්ගේම කියලා ගෙයක්වත් නැහැ...
ඇත්තටම ගුල්සරිලාල් නන්දට රු. 500/- මාසික දීමනාවක් ලබා ගත හැකි විය. නමුත් ඔහු 'නිදහස් සටන්කාමීන්ගේ දීමනාව වෙනුවෙන් සටන් නොකළ බව' පවසමින් මෙම මුදල් ප්රතික්ෂේප කර තිබුණා. පසුව ඔහුට වෙනත් ආදායමක් නොමැති බව කියමින් මිතුරන් ඔහුට එය භාර ගන්නා ලෙස බල කර තිබුණා... මේ මුදලින් ඔහු ජීවත් වූයේ කුලී ගෙවාය...
පසුදා වත්මන් අගමැතිතුමා මැති ඇමැතිවරු නිලධාරීන් වාහන තොගයක් සමඟ ඔවුන්ගේ නිවෙසට යැව්වා. බොහෝ ප්රභූ වාහන සමූහයක් දැකීමෙන් ඉඩම් හිමියා තුෂ්නිම්භූත විය. ඔහුගේ කුලී නිවැසියා වන ගුල්සරිලාල් නන්ද මහතා ඉන්දියාවේ හිටපු අගමැති බව ඔහුට දැන ගන්නට ලැබුණේ එවිටය. ඔහුගේ නොමනා හැසිරීම නිසා ඉඩම් හිමියා වහාම ගුල්සාරිලාල් නන්දගේ පාමුල වැඳ වැටුණේය...
රජයේ නවාතැන් සහ අනෙකුත් පහසුකම් පිළිගන්නා ලෙස නිලධාරීන් සහ ප්රභූවරුන් ගුල්සාරිලාල් නන්දගෙන් ඉල්ලා සිටියහ. ගුල්සරිලාල් නන්ද මහතා මේ මහලු වයසේ මෙවැනි පහසුකම්වලින් ඇති ප්රයෝජනය කුමක්දැයි කියමින් ඔවුන්ගේ යෝජනාව පිළිගත්තේ නැත...
අවසන් හුස්ම හෙළන තුරුම ඔහු සාමාන්ය පුරවැසියෙකු මෙන් සැබෑ ගාන්ධිවාදියෙකු ලෙස ජීවත් විය. 1997 දී රජය ඔහුට භාරත රත්න සම්මානයෙන් ගෞරව කළේය...
ඔහුගේ ජීවිතය වර්තමාන දේශපාලකයන් සමඟ සසඳන්න...













කරු ගමගේ - මුණු පොතෙන්.
A day in the life

2024-02-16

තාම උඹෙ සිරිමලා




පාසැලේ කෙටි බිත්ති
උඩින් හිස දාලා
මැණිකෙ නුඹ හිනැහුනා
මුතු දසන් පාලා
මුල් පෙමක හිත බැඳුණු
කොලු කමක ලීලා
මං උඹේ හිත ගත්තෙ
බොහෝ වැඩ දාලා

පිට්ටනියෙ කැන්ටිමේ
මුලින් දුටු මතකය
එදා වගෙමයි මැණික
අදත් නුඹ මගෙමය
යොවුන් විය ගිලිහිලා
 
වැහැරුනත් අත පය
මගේ සිත් ඉම ගාව
තවම උඹ තරුණය
ගිණිකිකිලි වගේ නුඹ
යනකලට හැඩවෙලා
 
ඔසරියට කටු ගහපු
යුගය අමතක වෙලා
දැන් උඹට මට වැඩිය
හැරමිටිය ලොකු වෙලා
 
ඒත් මගෙ මැණික මං
තාම උඹෙ සිරිමලා








කාන්ති ඉපලවත්ත

A day in the life

2024-02-15

රැජිණිට ඇන්දා.......



රැජිණිට ඇන්දේ කෙල්ල කාලෙ මං
වේල් බලන්න ට නගරෙට ගියදා මයි.

පස්සෙන් පහු හාමිනේට ඇන්දා
මුදලාලි ගෙ ඇඳ වියනේ එල්ලුණු
මකුලු .දැලුත් කැඩුවා.

වැහි පොද අස්සෙන් දලු ටික කැඩුවා
තෙත බරියන් වී මඩුවේ වහන් උණා .
අන්න එදා මහ අනෝර වැස්සේ
කංකානියගේ පවුලට මං ඇන්දා .

ඉරුණු සාය ,තේ පඳුරක් උඩ තිබුණා.
නෝන හාමු බංගලාවෙ නැති දා
සුරකිමු දරුවන් සංගමයේ
පාටිය ගජරාමෙට තිබුණා .
ඉස්සන් , කජු මද දීසි උස්සගෙන
බංගලාවෙ එහෙ මෙහෙ දිවුවා.
පෙරියදොරේ ගේ කාමර්‍රේ දි මං
බංගලාවෙ හාමුට .ඇන්දා ..

මහ රෑ ජාමෙට ලැයිම් පේළියේ
ගින්නක් ඇවිලී එදා රාත්තිරි
අප්පා වැල් ඇඳ උඩම පිච්චිලා
මියෑදිලා උන්නා .

අන්තිමේ දි......................මං
වේ..යෙකුට ඇන්දා.

රෝ.සි.
2024.02.14.




A day in the life

2024-02-13

තාවකාලික නවාතැන්කරුවෝ

 

මේ වයස 65 ක් 70 ක් පමණ වූ, මාගේ යහලුවෙකු අද උදේ එව්ව ලිපියක්, මෙහි සැමටම ගත හැකි යම් ඝාම්භීර කතාවක් ගැබ්ව ඇතැයි සිතමි.
"දැන් ඉතින් මං වයසයි. ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කියලා දෙයක් කරගන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නෑනෙ. කොටින්ම, හිටපු ගේ ලොකු වැඩි නිසා ඒක විකුනලා පොඩි එහෙකට ඇවිල්ලත් දැන් කලක් වෙනවා. දැන් දැන් මේකත් සුද්ධ පවිත්ර කර ගන්න එක මහමෙරක් වගේ, අමාරුයි. කවුද දැන් මගෙ වැඩ කරලා දෙන්න ඉන්නෙ ?
"ඇයි, මගෙ ළමයි?"
"එයාලට කොයි තරම් වැඩද? එයාලගෙ ළමයි, එයාලගෙ රස්සාවල්, එයාලගෙ ගෙවල් දොරවල් නඩත්තු, අපොයි අම්මේ, මං එදා කරපු යුද්දෙ අද කරන්නෙ එයාලා"

 

හොඳටම හිතන කොට මට ඉතිරි වෙන්නෙ කොහේ හරි තියෙන නර්සින් හෝම් එකක් තමයි. බලපු ඒවායින් හිතට අල්ලපු තැන නම් හරිම පිළිවෙළයි, නිස්කලංකයි. තනි කාමරේ පුංචි පුංචි උපකරණ ටිකක් එක්ක මටම අයිති වෙච්චි තනි ඇඳක්. එයාලගෙ කෑම බීම රටාවත් මගෙ වයසටම ගැළපෙන්න රස ගුණ පිරිලා.

ඒත්....
හොඳ වැඩි වෙන්න වැඩි වෙන්න ගාණත් වැඩි වෙන එක අහන්නත් දෙයක්ද? අවුරුද්දෙන් අවුරුද්ද ගාස්තු වැඩි නොවී තියේවි, කියලා කාට නම් කිව හැකිද ?
මුළු පැන්ෂන් එකම වියදම් කළොත් යාන්තමින් පිරිමහ ගත්තැකි. දැනට ඉන්න ගේ-දොර විකුණුවොත් නම් ඒකත් ඒ හැටි ලොකු ප්රශ්නයක් නෙවෙයි.
දරුවො මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙම නෑනෙ, ඒ අය පූර්ණව ස්වාධීන වෙලා ඒ ඒ අයගේ සහකාර - සහකාරියන් එක්ක. අද කාලෙ අහන්න ලැබෙන දේවල් එක්ක බලද්දී නම් මගෙ දරුවො වාසනාවන්.
ඒත්....
දැන් ඉතින් මේ හැම දේම අතෑරලා යන්න ඕන.
උදෙන්ම ගේ අස්පස් කරන්න ගත්තා. බලපු බලපු හැම තැනම මගෙ අතීතෙ නටඹුන්.
බෑග්, පෙට්ටි, පින්තූර, මතක සටහන්, ඇඳුම්, ඇඳ ඇතිරිලි, තෑගි බෝග..... කොයි තරම් නම් කියලද? කුස්සිය පුරාම රිදී යකඩ නන්ස්ටික් භාජන, චීන පිඟන්, හට්ටි මුට්ටි, වළං, හාල් පෙට්ටි, කුළුබඩු. ඇඳුම් කබඩ් පුරාම වෛවාරණ්න සාරි, මාල, කෝට්, කළිසම්, ටයි, යට ඇඳුම්,
පුස්තකාලෙ පිරෙන්න පොත් පත්, ඒවායින් කීයක් කියෙව්වද කියලාවත් මතකයක්වත් නැති ගානයි, මේ වෙද්දී.... බිත්ති පුරා ෆොටෝ සිය ගාණක්.
මේ කිසිම දෙයක් පිළිගන්න නර්සින් හෝම් එකේ පුංචි කාමරේ කොහෙත්ම ලෑස්ති වෙන එකක් නෑ.
අපි හදාපු තට්ටු ගෙවල්, මං හිටවපු මල් පඳුරු මට නොතේරෙන කතාවක් කියනවා, හරියට සරදමක් කරන්නා වගේ.....
මේ ජීවිත කාලෙ පුරාවට මං දහදිය හෙළපු කිසිම දෙයක් අද මට ගෙනියන්න බෑ.
පණ තියෙනකම් මට අර පුංචි ඇඳයි, එක ඇඳුමකුයි, පිඟානයි, කෝප්පෙයි අයිති වේවි.
ඉතින් ඊට පස්සෙ?
නෑ නෑ කවදත් මට හැබෑවට අයිති වෙලා තිබ්බෙ ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මම පාවිච්චි කලේත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මට වුවමනා වුනෙත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. ගෙදර ඇඳන් දාහක් තිබ්බත් මං නිදා ගත්තෙ එක ඇඳක විතරයි. ඇඳුම් දාහක් තිබ්බත් මං එක වෙලාවක ඇන්දෙ එකම එක සරළ ඇඳුමයි. තේ කෝප්ප සිය දහස් ගණනක් තිබ්බත් මට එක වෙලාවක බොන්න පුළුවන් වුනේ එකම එක කෝප්පෙක විතරයි. කොයිතරම් රස මසවුළු තිබ්බත් මං කෑවෙ බඩ පිරෙන පොඩි කොටසක් විතරයි.
ඉතුරු හැම අතිරික්තයම වෙනුවෙන් මං මහන්සි වුණා විතරමයි.. හෙම්බත් වුණා විතරමයි.. කාලේ කෑවා විතරමයි.. සිද්ධ වෙලා තියෙන්නේ, එදා මට ඒක නොතේරුණ එක විතරයි..
අද මං අවදි වෙලා...!!!
මේ තාවකාලික නවාතැන අපිට පාවිච්චි කරන්න ගොඩක් දේ දුන්නට අපිටම කියල අයිති කරගන්න කිසි දෙයක් දෙන්නෙ නෑ. අපි ඒ ඒ දේවල් තාවකාලිකව බාවිතා කරන්නෝ, පාවිච්චි කරන්නෝ විතරයි.....
ඉතින් ඇයි අපි මේ තරම් වද වෙන්නෙ ? මේ දේ තේරුම් ගන්න මෙච්චර වයසට යනකන් ඉන්න වුනේ ඇයි... ? මේ දේ තේරුම් ගන්න ඇඟේ හයිය හත්තිය ඉවර වෙනකං ඉන්න වුනේ ඇයි... ?
ඔයාලට මේ කියන්නේ .....
ජීවිතේ විඳින්න පරක්කු වෙන්න එපා. අයිතියක් නොකියා මේ සියල්ලට නොකඩා නොබිඳ මේ සියල්ල පාවිච්චි කොට ස්තුතියි කියා නික්ම යන්න ලැහැස්ති පිට ඉන්න.
හද පුරා ආදරෙන් ඔබ වටා ඇති ජීවී - අජීවී සියල්ලට සළකන්න. ගෞරවය දක්වන්න:
ඔබත් මමත් ඇත්තටම මේ නවාතැන් පොළේ තාවකාලික නවාතැන්කරුවෝ විතරමයි.
උපුටා ගැනීමකි


A day in the life

ආදරවන්තයන්ගේ දිනය






වැලන්ටයින් දිනය සාන්තුවරයකුට සම්බන්ධ දිනයක් බව වැඩිදෙනා නොදනිති. ඔවුන් කල්පනා කරන්නේ මෙය ප්‍රේමයේ‍ දවසට යොදන නම බවය.

වැලන්ටයින් දිනය ඩොලර් බිලියන තිහ හතළිහක බඩු භාණ්ඩ ලොව පුරා විකිණෙන ව්‍යාපාරික දිනයකි. රටවල් වැඩි හරියක් ආගම් භේද නොසලකා මේ දිනය ප්‍රවර්ධනය කර ආදායම් උපයා ගන්නා දවසකි.

අද දවස තුළ ලංකාවේ හැම තරු පහේ හෝටලයකම වැලන්ටයින් දිනය සමරන ඩිනර් ඩාන්ස්, ටී පාර්ටි, වැලන්ටයින් ලන්ච් යනාදිය පැවැත්වේ.

ලෝකයේ වැඩියෙන්ම රෝස මල් විකිණෙන්නේ වැලන්ටයින් දිනයේදීය. මේ දිනය අද ? දොළහෙන් අවසන්ය. එය සැමරීම සඳහා විකුණනු පිණිස සාදන ලද මල් පොකුරු, චොක්ලට්, අනුස්මරණ ඵලක, ස්වර්ණාභරණ වැනි දේවල් මේ මාසය පුරාම විකුණනු ලැබේ.

වැලන්ටයින් සාන්තුවරයා මානව හිතවාදියකු බවත් පෙම්වතුන් වෙනුවෙන් අප්‍රමාණ මෙහෙයක් කළ මිනිසකු බවත් මේ සැමරුම්වලට සහභාගි වන වැඩිදෙනා නොදනී. ඒතුමන් සිහිපත් කිරීමට නම් කල දිනය පෙබරවාරි 14 වෙනිදා ආදරවන්තයින්ගේ දිනය බවට පත්ව තිබේ.

ලංකාවේ එක් විද්‍යුුත් මාධ්‍යයක් විසින් කළකට පෙර උන්මාදයක් ඇති කරමින් ප්‍රචලිත කල ආදරවන්තයින්ගේ දිනය වෙලෙන්දන්ගේද ආදරණීය දිනයකි. වැට් නිසා රජයටත් ආදායම වැඩි වන දිනයකි.

ඕනෑම දෙයයක් විචාරයක් නැතිව බදා ගන්නා පරපුරක් ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ ඇයිද යන්නවත් දැනුම්වත්ව ඇත්දැයි හිතාගන්නට බැරිය.

ලොව පුරා සිටින කතෝලික තරුණ තරුණියන් අතර වැඩියෙන්ම ජනප්‍රිය සාන්තුවරයා ශුද්ධ වූ වැලන්ටයින් තුමාය.

සෑම අවුරුද්දකම අද වැනි පෙබරවාරි 14 වැනිදාවක උන්වහන්සේ සමරනු ලැබේ. කතෝලික ආගම වෙනුවෙන් මුලින්ම දිවිපිදු බැතිමතුන් අතර ප්‍රමුඛ තැනක් වැලන්ටයින් සාන්තුවරයාට හිමිවේ.

ක්‍රිස්තුස් වහන්සේගේ අභාවය සිදුවන අවදියේ රෝම අධිරාජ්‍ය තුළ ක්‍රිස්තියානි ආගමට තැනක් තිබුණේ නැත. ඒ වනවිට රෝම අධිරාජ්‍යවාසී ජනතාව ගස් ගල් සහ මල පෙරේතයන් අදහමින් බෙහෙවින් ප්‍රාථමික ආගමික ජීවිතයක් ගත කළහ.

ක්‍රිස්තියානි ආගම පැතිරෙනු දුටු රෝම අධිරාජ්‍යයා දුටුතැන ඔවුන් මරන්නට විය. කිතුදහම රහසේ අදහා හෝ කිතුනුවන් ලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ රෝමන්වරුන් තමන් කිතුනුවන් නොවන බව ප්‍රතික්‍ෂේප කළ විට රෝම අධිරාජ්‍යයා ඉතාම අමානුෂික දිවිරීමක් ගැණීමේ සම්ප්‍රදායක් ඇරඹීය.

ඒකල කෙනෙක් සොරකමක් පිළිබඳ සැකපිට අත්අඩංගුවට පත්වූ පසු ඔහු සොරෙක්ද නැත්ද යන්න සොයාගැනීම පිණිස උතුරන තෙල් තාච්චියකට අත ඔබන ලෙස අණකරනු ලැබේ. රජතුමාගේ තීරණයට අනුව උතුරන තෙල් තාච්චියට අත දමන තැනැත්තා සොරෙක් නම් අත පිළිස්සේ. සොරකු නොවන්නේ නම් අත පිළිස්සෙන්නේ නැත. උතුරට තෙල් තාච්චියකට අත දමන විට හොරකම් කළා වේවා හොරකම් නොකළා වේවා අත පිළිස්සීම ස්ථිරය. මේ නිසා නිවැරදිකරුවන්ද සොරුන් ලෙස හ`දුනාගෙන තවදුරටත් දඬුවම් කරනු ලැබේ.

මේ ආකාරයෙන් රෝමන්වරුන් කතෝලික දහම අදහන්නේද යන්න සොයාබැලීමට රෝම අධිරාජ්‍යයා වැඩපිළිවෙළක් යොදා තිබිණ. ඒ අනුව සැකකරු කණුවක බැ`ද තෙල් වත්කොට සිරුරට ගිනිතබනු ලැබේ. ඔහු පිළිස්සුනොත් කතෝලිකයෙකි. පිළිස්සුණේ නැතිනම් කතෝලිකයකු නොව රෝම රජතුමාගේ සාම්ප්‍රදායික ආගම අදහන්නෙකි.

මේ පරීක්‍ෂණයේ තවත් අවස්ථාවක් වන්නේ සැකකරු බඩගින්නේ සිටින සිංහකූඩුවක් ඇතුළට දැමීමය. එවිට සැකකරු කතෝලිකයකු නොවන්නේ නම් සිංහයන් ඔහු මරා නොකන බව රජු කල්පනා කළේය. එම බඩගිනි සිංහයන් සිටින කූඩුවකට ලී කැබැල්ලක් දැමුවද හප කරනු ලැබේ.

මේ කියන පරීක්‍ෂණ ක්‍රමයට අනුව කතෝලිකයන් වුණත් නොවුණත් මරණය හිමිවී කතෝලිකයන් ලෙස හංවඩුවක් වැදීම නියත විය. අප මේ කතාකරන්නේ මෙයට අවුරුදු එක්දහස් හත්සිය ගණනකට පෙර තිබූ ක්‍රි.ව. 300 පැවැති ලෝකය ගැනය. මේ අසංවිදිත ක්‍රම වලින් කතෝලිකයන් බේරාගැනීම සදහා වැලන්ටයින් නමැති තරුණ පූජකයා විශාල මෙහෙවරක් ඉටුකළේය.

තරුණ පූජක වැලන්ටයින්ට ප්‍රාතිහාර්යය සිදුකළ හැකි බව ප්‍රකටව ‍ වී තිබිණ. වරක් වැලන්ටයින් පූජකවරයා හිරේ දමනු ලැබ සිටියේය.

මේ හිරගෙදර භාර ජේලර්ගේ දියණිය අන්ධ දැරියකි. දිනක් ජේලර් පියා සමඟ අන්ධ දියණිය සිරගෙදරට ආ වෙලාවේදී වැලන්ටයින්තුමා ප්‍රතිකාර කර ඇගේ අන්ධ භාවය නැති කළේය.

මේ දියණිය නව යෞවණියකි. හිරගෙදර සිටි වැලන්ටයින් පූජකවරයා මරන්නට නියම විය. එහිදී ජේලර්ගේ දියණියට ලියුමක් ලියූ වැලන්ටයින් පූජකවරයා එය අවසන් කරන්නේ මෙසේය. ‘‘මා ඔබේ වැලන්ටයින්’’ යනුවෙන් ආදරණීය ලෙසය

වැලන්ටයින් සාන්තුවරයා පිළිබදව තවත් කතාවක් තිබේ. එකල කිතු දහම අදහන සොල්දාදුවන්ට විවාහ වීම තහනම්ය. වැලන්ටයින් සාන්තුවරයා පෙමින් වෙලී සිටින සොල්දාදුවන් සියලූම දෙනා විවාහ කරවූයේය. මෙය අධිරාජයාගේ උදහසට ලක් විය.

සාන්තුවරයා සැමරීමට පටන්ගන්නේ ඔහුගේ මරණයෙන් අවුරුදු 196 කට පසු ජෙලාසියස් නමැති පාප්වරයකු විසිනි. ඉන්පසු ඉතා ක්‍රමානුකූල ලෙස වැලන්ටයින් සාන්තුවරයා පිළිබද කතන්දරය සහ ඔහුගේ මරණය සිදුවූ දිනය පෙම්වතුන්ගේ කතන්දරයක් බවටත් පෙම්වතුන් ස්වකීය ප්‍රේමය සමරන දිනයක් බවටත් පත්විය.

නෝමන් පළිහවඩනගේ ලිපියක් ඇසුරෙනි.






A day in the life

2024-02-12

ජෝන් ඩියර්




අමෙරිකාවේ ගොවිතැනහි පෙරළියක්
කළ නව නගුල
ඇමරිකානු කම්මල්කරුවෙකු සොයාගත් "තැන්න කඩා දැමූ නගුල" නිෂ්පාදකයෙකු වන ජෝන් ඩියර් උපත ලැබුවේ 1804 දී ය. ඔහුගේ උපන් ගම වන වර්මොන්ට් සිට ග්රෑන්ඩ් ඩිටෝර් වෙත පදිංචියට ගියේය , ඔහු දුටුවේ ගොවීන්ගේ බිම්වල තණ ගස් මුල්වල පටලැවිල්ල බිඳ දැමීමට අරගල කරන බවයි. දේශීය ප්රේරි තණකොළ. මීට අමතරව, ඇලෙන සුළු මැටි නිසා ලී හෝ වාත්තු-යකඩ තලය නිතර නිතර පිරිසිදු කිරීම අවශ්ය විය. ඩීර් විසින් කැඩුණු වානේ ලී මෝල් තලයක් නගුලකට ව්යාජ ලෙස සකස් කළේය. එය ඉතා හොඳින් ක්රියාත්මක වූ අතර එම වචනය ඉක්මනින් පැතිර ගිය අතර ඉල්ලුම වැඩි විය.
Deere ව්යාපාරයේ නවෝත්පාදකයෙක් ද විය. ඔහු නගුලට ඇනවුම් ලැබෙන තුරු බලා නොසිට නගුල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේය. එමගින් ගොවියාට තමාට ලැබෙන දේ දැක බලා ගැනීමට අවශ්ය නොවීය. 1848 දී ඔහු තම ව්යාපාරය Moline, IL වෙත ගෙන ගියේ නගරය මිසිසිපි ගඟේ ප්රවාහන මධ්යස්ථානයක් වූ බැවිනි. 1857 වන විට සමාගම වැගන්, බඩ ඉරිඟු වැවිලිකරුවන් සහ වගාකරුවන් ඇතුළුව මසකට ගොවි උපකරණ 1,120 ක් නිෂ්පාදනය කළේය. ජෝන් ඩියර් විශිෂ්ටත්වය ගැන අවධාරනය කළේ, "මා තුළ ඇති හොඳම දේ නොමැති නිෂ්පාදනයක් මත මම මගේ නම නොතබමි." ඔහුගේ සමාගම ඔවුන් සේවය කරන ගොවීන් ගැනද සැලකිලිමත් විය. මහා අවපාතයේ දී ඔවුන් කිසි විටෙකත් ඇමරිකානු ගොවීන්ගෙන් කිසිදු උපකරණයක් නැවත ලබා නොගත් බව කියනු ලැබේ.
නිදහස් ප්රාන්තවල ගොවීන් ඔවුන්ගේ දකුණු සගයන්ට වඩා ගොවිතැනෙහි තාක්ෂණික නවෝත්පාදනයන් අනුගමනය කිරීමට ඉක්මන් විය. 1860 වන විට, වහල් රාජ්යයන් මෙන් අක්කරයක ගොවිපල යන්ත්රෝපකරණවල වටිනාකම මෙන් දෙගුණයකට ආසන්න වටිනාකමක් ඔවුන් සතුව තිබුණි. එහි ප්රතිඵලයක් වශයෙන්, 1860 දී, උතුරු ප්රාන්ත ජාතියේ බඩ ඉරිඟුවලින් අඩක්, තිරිඟුවලින් පහෙන් හතරක් සහ ඕට්ස්වලින් අටෙන් හතක් නිෂ්පාදනය කළහ.
*පෙන්වන නගුල ස්මිත්සෝනියන් එකතුවේ කොටසක් වන අතර ජෝන් ඩියර් පුද්ගලිකව ව්යාජ ලෙස සාදන ලද පළමු නගුල් තුනෙන් එකක් ලෙස විශ්වාස කෙරේ.
John Deere, American blacksmith and manufacturer of “the plow that broke the plains,” was born this day in 1804. Upon removing from his native Vermont to Grand Detour, IL he discovered that farmers were struggling to break through the tangle of roots of the native prairie grasses. Additionally, the sticky clay necessitated frequent cleaning of the wooden or cast-iron blade. Deere forged a broken steel sawmill blade into a plow that was self-scouring. It worked so well that word quickly spread, and demand grew.
Deere was an innovator in business as well. He began mass-producing the plows, rather than waiting until he had orders for them. That way the farmer could see what he was getting and did not need to wait. In 1848, he relocated his business to Moline, IL because the city was a transportation hub on the Mississippi River. By 1857, the company was producing 1,120 farm implements a month including wagons, corn planters, and cultivators. John Deere insisted on excellence stating, “I will not put my name on a product that does not have in it the best that is in me.” His company also cared about the farmers they served. It is said that they never repossessed any equipment from American farmers during the Great Depression.
Farmers in the free states were quicker to adopt technological innovations in farming than their southern counterparts. By 1860, they had nearly twice the value of farm machinery per acre and per farm worker as did the slave states. As a result, in 1860, Northern states produced half of the nation’s corn, four-fifths of its wheat, and seven-eighths of its oats.
*The plow shown is part of the Smithsonian collection and is believed to be one of the first three plows that John Deere personally forged.

සටහන මුණු පොත --ඉන්දික කුමාර


A day in the life

2024-02-11

ඔබ,මා,අප වෙනුවෙනුයි මේ අරගලය









 

 

 

මහතුනේ
මේ මහා වෑයම
මා වෙනුවෙන් පමණක්ම නොවෙයි
ඔබ,මා,අප වෙනුවෙනුයි මේ අරගලය
අර විසල් ප්රාසාද පවුරු තුළ
අපේ දහදිය කඳුළුද
අපේ බදු මුදල්ද නිධන්ගත වී ඇත.
ඒ සා අයුක්තියක් ළඟ
නිහඬ විය හැකිද ප්රේමණීය මිනිසෙකුට
සත්යවාදී මිනිසෙකුට
මහතුනේ
ආර්ථික අයුක්තිය
රැගෙන යා හැකියි මහා යුද්ධයකට
අවතැන් විය හැකියි දහස් ගණනක්
විය හැකියි ඊළඟ පරපුරට මළගමක්
හිරු නොනගින
මහා අඳුරකට වුව
රැගෙන යා හැකියි ආර්ථික අයුක්තියකට
මහතුනේ
ඉවසාගත නොහීනම් මේ නැගිටීම
වෙඩි උණ්ඩයක් එවිය හැකියි මා වෙතට
මියගිය පසු වුවද මා
මේ අරගලය නුඹට නවතා දැමිය නොහැකිමය
දිනෙක ,
යුක්තියේ සුවඳ නුඹට දැනෙනු ඇත.
මහතුනේ
නිමාවූ පසුව මේ මෙහෙවර
හිනාවුණ පසුව අනාගත පරපුර
මල් නැතුවාට කමක් නැත
දමා ගසන්න ගල් මුඟුරු
දරාගත හැකිය ඒ රිදුම
සෝමලතා හේරත් මැණිකේ
(කවි නොවේ)

A day in the life