තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
2022-09-09
චක්කරේ The Circle of Poverty
2022-09-08
මළක් ගසක් විය
ඇය
තිදරු මවක වන බවත් ලොකු පුතා අවුරුදු විසිපහක් පමන බව පවසමින් මා සමග දොඩමළුව බසයක් ඈ එන මග බලාසිටි බැවින් “යන්නම් ටීචර් ............” යයි පවසා සතුට්න් නික්ම ගියාය. ඒ සතුට ඇගේ
ජීවිතය පුරා පවතින්නේද ? මම මගෙන් විමසමින් සිටිමි. ලොකු පුතාට වයස අවුරුදු විසි
පහකි. පුංචි සිගිත්තියට අවුරුදු පහකි..වයස අවුරුදු 41ක් වු ඇයට වදයක් නොවුවත් මිත්තනියක ලෙස දූ දරුවන් රැක බලා ගැනීම ඉතාමත් අපහසු කටයුත්තක්
බව මට අවබෝධ වී ඇති බැවිනි. එමෙන්ම ඇගේ ජීවන
ගමන් මග මෙනෙහිවීමේදී ඈ තම ජීවිතය ගැන පශ්චාතාප වනු ඇත්දැයි මට සිතෙන්නට විනි.
මේ
මුණ ගැසීම මගේ මතකය මීට වසර විසිපහකට පෙර
( 1997 හෝ 1998 වර්ෂයේ) මා එවකට සේවය කළ පාසලේ පැවති නිවාසාන්තර ක්‍රීඩා
තරගය වෙත රැගෙන ගියේ මටත් නොදැනීමය.
එම
පාසලේ සිසු සිසුවියන් “සූර ,වීර, ධීර” යනුවෙන්
නිවාස තුනකට බෙදා තිබිනි. මා අයත් වූයේ “සූර’ නිවාසයටය.
සෑම
වසරකම පලමුවන වාරයේ දී ක්‍රීඩා තරග පවත්වයි.එය එක්තරා අන්දමක පාසලට සැණකෙළියකි.ගුරුවර ගුරුවරියන් හා සිසු
සිසුවියන් අතර මෙම කාලයේදී පවතින්නේ දැඩි බැදීමකි.දැඩි සුහදතාවයකි. සමහර ගුරුවර
ගුරුවරියන් හා සිසු සිසුවියන් ගුරුගෝල සම්බන්‍ධතාවයෙන් මිදී මිතුරු මිතුරියන් ලෙස
කටයුතු කරන්නේ ඔවුන්ටද නොදැනුවත්ය.ඒ තරම්ම ක්‍රීඩා උත්සවය අපගේ ඇට මිදුළු හා බද්ධ කර ගන්නා බැවිනි..
නිවාසන්තර
ක්‍රීඩා තරගය දින තුනක් තිසිසේ පැවත්වේ.අවසාන දිනයට පවත්වනු ලබන්නේ බාධක දිවීමේ
තරග සහය දිවීමේ තරග මීටර 100,200 සහ 400 දුර දීවීමේ තරග හා සරඹ සංදර්ශණයයි.තම
තමන්ගේ නිවාස වලින් ඉදිරිපත් වන තරගකරුවන්ට ජය අත්වන විට එම නිවාසයේ ජය ඝෝෂා
පාමින් මුළු පරිසරයම ගිගුම් දෙයි.
අද
දින ක්‍රීඩා තරගයේ අවසාන දිනයයි.තරගකාරී ලෙස නිවාස ඉදිකර තිබිනි.එක් නිවාසයක් පොල්
අතු වලින්ද තවත් නිවාසයක් තල අතු (තල මල
පිපිලා........... එන ගීතයේ අතු) වලින්ද අපේ නිවාසය ඉදි කලේ හණ පිතිවලිනි. ( මේ
හණ වර්ගත් අද පරිසරයෙන් වද වී ගොසිනි.) මම සිතිවිලි චාරිකාවක අතරමංව සිටින්නෙමි .යලිත්
පාසල් බිමට පාවෙන්නේ නිතැතිනි.
දැන්
ආරම්භ වන්නේ 17පහල කාන්තා මීටර් 200 දුර දීවීමේ තරගයයි.මේ අතරට ශබ්දවාහිණීයෙන් ඒ ඒ
නිවාස ලබා ගත් ලකුණු වරින් වර ප්‍රචාරය කරයි.මේ වන විට අපේ නිවාස පලමු ස්ථානයට
ලකුණු රැස්කරගෙන තිබිනි.නිවාසයේ ගුරුවර ගුරුවරියන් සහ ශීෂ්‍ය ශිෂාවන් ගේ සතුට
උතුරා යන මුහුණු වලින් පිම්බිලාය. එක් එක් නිවාස වල නිවාස වල ජයග්‍රහණයන් නිකුත්
කරන විට සතුට ගලා යන්නේ තම ලෝකය ජයගත්
අයුරිනි.
17
පහල කාන්තා මීටර් 200 දුර දිවීමේ තරගය
.....ශබ්ද විකාශණයෙන් නිවේදනය වෙයි.
සියළුම තරගකාරිනියන් ආරම්භක ස්ථානය වෙත වාර්තා කරණ මෙන් දන්වයි.. අප නිවාසයෙන්
ගීතාණී තරග කරයි ඈ පෙර දින තිබු මීටර් 100 දුර දිවිමේ තරගයට සහ දුර පැණිමේතරගයට
සහභාගිවි ප්‍රථම ස්ථාන දෙකම රැගෙන විත් තිබිනි.අද ඈ සහභාගි වන්නේ ඇගේ අවසාන ඉසව්ව වන මීටර් 200 දුර දිවිමේ
තරගයටයි.නිවාසයට තවත් පළමු ස්ථානයක්. නිවාසයේ සියල්ලෝගේම අවධානය ගීතාණි වෙතටයි.
ඇයට උණුසුම් අත් පොලොසන් නාදයක් සමග මහත් ජය ඝෝෂාවක් නිවාසය දෙසින් ගිගුම් දෙයි.
ගීතාණී
තරගබිමට උද්යෝගයෙන් තරග බිමට පිවිසියාය.දැන් තරගය පටන් ගැන්මට ආසන්නය. නිවාස තුනේම
සිසු සිසුවියන් තම තමන්ගේ නිවාස වලින් ඉදිරිපත් වන ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ
ඝෝෂාවකි.තරගය ආරම්භ විනි. ගීතාණි ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටිමින් ජයග්‍රාහීව තරගය
ජයග්‍රහණය කළාය.පිටියම ගිගුරුම් දෙමින් කාහල නාදයකය. ගීතාණි කලාන්තව බිම ඇද
වැටිලාය. ඇයට කිසිවක් ඇසෙන්නේ නැත. පෙනෙන්නේ නැත.
ඇගේ
ජයග්‍රාහීව තරගය අවසන් කරන මොහොතේ ඈ අසලසිටි
යෙහෙලියන් ගේ තුරුලට ග්‍රහනයවීම නිසා ඈ බිම ඇද නොවැටුන අතර ඇසිල්ලකින් ප්‍රථමාධාර
ඒකකයේ සිසු සිසුවියන් විසින් වහාම ප්‍රථමාධාර
දීම සිදු කරන අතර ඈ යථා තත්වයට පත්නොවුනේය.ඇය තවත් අප්‍රාණිකව වැතිර සිටි අතර බොහෝ
විඩාවට පත්ව සිටි බව නිරීක්‍ෂණය විය.කාලය විනාඩි තිහක් පමණ පත්වීත් ඇයගේ තත්වය
යහපත් තත්වයට පත්වන ලකුණු පහල නොවු බැවින් වහාම ළගම ඇති බලන්ගොඩ මූලික රෝහල වෙත ඇය
කැටුව යාමට තීරණය විය.
මා
ද ඇතුලත් තවත් ගුරු මහත්මියන් දෙදෙනෙකු කැටුව ඈ බලන්ගොඩ මූලික රෝහල වෙත කැටුව ඒමට
පිටත්වුනෙමු .කි.මි 15ක් පමණ දුර ඒ දුර මට දැනුනේ කි.මි 100 ක් පමණ දුර
වෙන්නාසේය.තවත් විනාඩි තිහක් පමණ ගතවන විට අප රෝහලට පැමිණයෙමු .මේ අතර ඇය රෝහල වෙත
කැදවා යන බව ඇගේ දෙමව්පියන් වෙත නිවාස භාර ගුරු භවතුන් විසින් දන්වා තිබිනි.
රෝහලේ
බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු පරීක‍්‍ෂා කිරිමෙන් අනතුරුව ඈ ට්‍රොලියක සතපවා නේවාසික වාට්ටුටක් වෙත යොමු කර ක්‍ෂණික ප්‍රතිකාර විධි
ආරම්භ කරන ලද්දේ අපද අසල සිටියදීය.ඇයට
සේලයින් ලබා දී තිබු අතර ඈ නින්දකට වැටී සිටියාය. පැයක් පමණ ගතවු පසු ඈ නින්දෙන්
අවදි විය.ඒ වන විටත් වෛද්‍යවරු දෙදෙනෙකු ඈ පිලිබදව බොහෝ විමසිලිමත් ප්‍රතිකාර විමසමින් සිටියාය.
නින්දෙන් අවදි වු පසු විඩාව පහව යම්තරමක
ප්‍රානවත් බවක් දක්නට විය. අනතුරුව වෛද්‍යවරු ඈ
සමග අදහස් හුවමාරු කර ගන්නවා දකින්නට ලැබිනි.
පසුව
වෛද්‍යවරු අප දෙදෙනා කැදවා රෝගියා ගේ තත්වය අනාවරණය කරමින් පැවසුවේ ඈ මේ වන විට
පස් මසක් වු ගැභණියක බවයි.මගේ ඇස් නීලංකාර විය.අවට ලෝකය කැරකෙන බව දැනෙන්නට විය.
ඈ”මාස පහක්වු ගැබිණියක්” ?
මේ
දැරිවිය මෙතරම් ලා බාල වියේ ගැබිණියක් බවට පත්ව ඇත.ඇය වසර අවසානයේ පැවත්වෙන සාමාන්‍ය
පෙ විභාගය ඉලක්ක කර ගෙන අධ්‍යාපනය ලබමින් සිටින්නීය.ඇය ඉදිරි අධ්‍යාපන කටයුතු
කරගෙන යන්නේ කෙසේද ?.වෛද්‍ය මතය පළවුයේ ඈග කරන ලද සාකච්ඣා වෙන් අනතුරුවය. අප හට ඈ
ගැබිණියක බව පිලිගත යුතුය.
මේ
අතර ඇගේ දෙමව්පියන්ද රෝහලට පැමිණියාය.ඔවුන් දෙදෙනා වෛද්‍යවරු මුණ ගැසුන අතර මේ
සිද්ධිය ඔවුන් දෙදෙනාට විස්තර කර කියා දී
ඇත.අප බලාපොරොත්තුවුයේ වෛද්‍ය මතය දැන ගැණිමෙන් ඔවුන් කලබල වෙනවා දකින්නටය. එහෙත්
එවැන්නක් සිදු නොවීය.ඒ වන විට විඩා ගතිය බැහැරව රෝගිය යථා තත්වයට පත්වෙමින් සිටින
බැවින් ඇයට විශේෂ අසනී තත්වකුත් නොතිබු බැවින් රෝතියා නිවසට කැදවා ගෙන යාමට වෛද්‍යවරු අවසර දෙන ලද බැවින් අපටද විසිර යාමේ අවස්ථාව
එළඹවෙම්න් තිබුනාය.
ආපසු
පාසලට පැමිණි විගසම විදුහල්පති වරයා හමුව රෝගියාගේ වර්තමාන පසුබිම ඔහුට විස්තර කර දෙන විට මහත් වු කම්පාවෙන් අසා
සිටියත් ඔහු නිහඩ ප්‍රතිචාරයක් දැක්වීම තරුන පහේ ගුරුවරුන් වු අපට ප්‍රෙහෙළිකාවක්
විය.
ගීතාණි සිසුවියගේ පාසල් දිවිය නිවාසාන්තර ක්‍රීඩා
තරගයත් සමග අවසන් විය.දෙමව්පියන් දරුවාගේ පීතෘ භාවය සොයා ඔහුට ගීතාණිව විවාහ කර
දුන් බව පසුව ආරංචි විය.
ගීතාණි
ගේ ජීවිතයට වසර විසිපහකට පෙර පැවති නිවාසාන්තර ක්‍රීඩා තරගය බොහෝ දේවල් ඉතිරි කර නිමාවට පත්විය.
2022-09-07
අම්මාගෙන් ආදර පොඩි පුතාට
වචන අමුණා මුමුණන හැටී
දවසින් දවස ලොකු වෙන හැටී
බලා ඉන්නෙමු තවමත් අපී
කවට වදනින් සිනහ ගෙන එන
කිසිවකුටත් වචනයෙන් නොපැරදෙන
චණ්ඩියම උනත් විටෙක අහිංසක
අයියාගේත් අයියණ්ඩියම වු නුඹ
සීයා වචන විසිකර ජයගෙන
අත්තම්මා ලග සුරතල්ව අදරින
තාත්තා ලග කීකරුව දැවෙටෙන
අම්මාගේ පොඩි පුතා වු නුඹ
සුරතල් වදනින් නිවස පුරවයි
ඇතැම් විටෙක රතිඤ්ඤා පරදයි
නිවී සැනසී සිනහ පුබුදුවයි
මතු දිනයක කවුරුන් වේදැයි
පස් වසක් සපිරෙන දිනේ
නුදුරුව එයි යැයි දින ගනී
හෙට දින ලොව ජය ගන්නට පුතේ
සවිය ලැබේවා මතු දිනේ
2022-09-05
ඇදහීම සහ අවබෝධ කර ගැණීම.
2022-09-04
අසිරිමත් ප්‍රේමය .
2022-09-01
මිහායෙල් ගොර්බචොව්. - සෝවියට් සමුහාණ්ඩුව.
හිසේ ලේ පැල්ලමක් සහිත මිනිසකු නිසා ලෝකයේ අවසානය සිදුවනු ඇතැයි බොහෝ කාලයකට පෙර යම් අනාවැකිකරුවෙකු විසින් පවසා තිබුණා. මිහායෙල් ගොර්බචොව් මහතා සෝවියට් නායකත්වයට පත් වීමෙන් පසු එකී කම්මුතුකරන්නාගේ (Terminator) චරිතය ඔහුට ආදේශ කරන්නට සමහරු උත්සාහ කළා. ගොර්බචොව්ගේ හිසේ පැහැදිලිව එවැනි පැල්ලමක් තිබුණා. ඒ නිසා අනාවැකි විශ්වාසකරන්නන් සිතුවේ මහා බලවතුන් අතර තිබූ සීතල යුද්ධය ගිණියම් වී ලෝකය න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා තල්ලු වී යනු ඇති බව.
2022-08-31
අපිත් මේ රටේ දරු පැටව්
උසස් පෙල ප්‍රතිපලත් සමග විභාගය පිලිබදව බොහෝ දේ ලියවෙනවා. මේ පැදි පෙල විශ්‍රාමලත් විදුහල්පති වරයෙක් වු සිරිපාල කහවත්තයන් විසින් රචිත නිර්මාණයක්. එතුමන් ලංකාවේ දූෂ්කර අති දුෂ්කර ප්‍රදේශවල ශිල්ප බෙදා දී අත්දැකීම් සම්භාරයක් අත්පත් කර ගත් බෙදාගත් ගුරුවයෙක්, විදුහල්පතිවරයෙක්.
පත්තරේ වාහිණියෙ රේඩියෝවේ ඇහෙයිහංදියේ බස් එකේ පෝලිමේ දිග හැරෙයි
කියන්නෙම උසස්පෙළ සමත් උන් වරුණෙමයි
මහත්තයො උසස්පෙළ මමත් ලිව්වා තමයි
තාත්තා මැරුණෙ මගෙ පොල්ගහෙන් ඇදවැටිල
අම්ම කොහු මෝලෙ වැඩ එන්නෙ හොඳටම නැහිල
මොනව හරි තම්බන්නෙ ඇවිත් පාසල ඇරිල
නංගීට මල්ලීට මම තාත්තෙක් වීල
සෙනසුරාදා ඉරිද අත්වැඩට මම යනව
හැමදාම හවස්කරෙ වත්තෙ පොල් ඇහිඳිනව
ලැබෙන සොච්චම අරන් රෑට ගෙදරට එනව
තාත්තෙකුගේ අඩුව පුරවන්න වෙහෙසෙනව
මෙහෙම දහදුක් විඳල උදේ පාසල් යනව
පෑන් පැන්සල් නැතත්,පංතියේ පළවෙනිය
රූල්වල ලිව්වොතින් පොතේ ඉඩ මදිවෙනව
රූල් තිබුනත් පොතේ ඒව අමතක වෙනව
උපෙළට හිටියේම ගුරුවරුන් තුන් දෙනයි
අපි කැමති මුත් නැතත් ඉගැන්නුවෙ එච්චරයි
ඉතිහාසෙ භූගෝලෙ අකමැතිම සිංහලයි
ටියුෂනුත් ගියෙ නැත්තෙ සල්ලි නැති හින්දමයි
තිබුනේම අඳින්නට එකමඑක කළිසමයි
ඒක හේදුව දාට ඇන්දෙ තෙත පිටින්මයි
යාළුවන් ගේන බත් දෙකටකින් බඩ පිරෙයි
වැවේ මඩ වතුර සමහරදාට හරි රහයි
තෙල්ටිකක් නැති දාටකුප්පි පහනත් නිදයි
වැඩපලක් නැතිදාට කුසේ ගිණිබඩ දවයි
වැස්ස වැස්සොත් එහෙම ගේ ඇතුළ දෝර යයි
ගම් වදින අලින්ටත් පේන්නේ අපිමමයි
ආනන්දෙ,ට්‍රිනිටියේ අච්චරයි මෙච්චරය
සිරිමාවො සෙන්ට්බ්‍රිජට් අච්චරට මෙච්චරයි
අපට ඉතිරිව තිබුනෙ F අකුරු විතරමයි
මගේ පාසල් දිවිය මහතුනේ හෙට නිමයි
නුඹළාගෙ රජපැටව් හෙට ඉඳන් රට යවයි
සෑම සරසවියේම දොරටු නුඹලට ඇරෙයි
හෙට ඉඳන් මගේ අත්වලත් කරගැට පිපෙයි
මහත්වරුනේ අපිත් මේ රටේ දරු පැටව්
2022-08-30
උසස් පෙල ප්‍රතිපල. -විශ්ව විද්‍යාල දෙකක උපකුලපති
සමත් වු අය අගයන ගමන් දෙවෙනි පෙලත් අගයන්න දෙමව්පියෝ ගුරුවරුන් වැඩිහිටියෝ අවධානය යොමු කරන්න ඕන. කොරෝනාවක්, දේශපාලන ආර්ථික අර්බුදත් පිරුණ සමයක මේ දරුවෝ විභාගයට පෙනී සිටියේ. දෙමව්පියන්ට තදින් බල පෑ අර්බූද දරුවන්ට බල නොපෑවයි කියලා හිතන්න හොද නැහැ.
සාමාන්‍ය පෙල , උසස්පෙල එකවර සමත් නොවුන එහෙත් නැවත නැවත උත්සහා දරා අධ්‍යාපපනයෙන් ඉහලටම ගිය චරිත අපිට ඕන තරම් හමු වෙනවා. ඒ වගේම උසස් පෙලින් පසු තමන්ගේ ගමන් මග වෙනස් කර ගෙන ජීවිතය ජයගත් චරිත ඕන තරම් ඉන්නවා.
උත්සහායයි වැදගත් වෙන්නේ.
මට වතපොතෙයි පලකර තිබු එවන් චරිතයක් ගැන කියවන්න ලැබුනා. ඔහුගේ ගමන් මග පුරන්න පටන් අරන් තියෙන්නේ පලමු බිදවැටිම ජයග්‍රහණයක් කර ගැණීමෙන්.
උසස් පෙළ ගණිත අංශයෙන් විභාගය දිනන්න සිහින මවන තරුණයෙක් කොයි තරම් මහන්සි උනත් ලබුනේ F සාමාර්ත හතරක්. ඔහුගේ සිහින බිද දාන්න ඔහු කැමති වෙන්නේ නැහැ. මරදාන කාර්මික විද්‍යාලයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් හදාරණවා. ඊට පස්සෙ Water Board එකේ වැඩට යනවා.
උසස් පෙළ විභාගයෙන් බලා පොරොත්තු බිද ගන්නේ නැතුව ඔයාගේ දක්ෂ කම තියෙන්නේ කොහේදැයි විමසන්න. ඔබ ඉදිරියේ විකල්ප තියෙනවා. පරදින්නේ ඔබ පරාජය බාරගෙන නැවතුනොත් විතරයි. උසස් පෙළ ප්‍රතිපළ ඔබේ ජීවිතය නවත්වන දෙයක් විය යුතු නැහැ. දිරිමත් වන්න. දිනන්න ඔබට පුළුවන්.
දයන්තා කිසිවෙකු කිසිදා නොබිඳී ය හෑකි වාර්තාව ක් තියලා තියෙනවා. ඒ තමයි විවෘත විශ්ව විද්‍යාලයේ අවුරුදු 9 ක්ද, මොරටුව විශ්ව විද්‍යාලයේ අවුරුදු 6 ක්ද ලෙස අවුරුදු 15ක් උපකුලපති ධූරය දරමින්. ඔහු තමයි විශ්ව විද්‍යාල දෙකක උපකුලපති වරයා වූ පළමු වැන්නා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ට අයත් විශ්ව විද්‍යාල වල එසේ විශ්ව විද්‍යාල දෙකක උපකුලපති වූවන් ඉන්නේ තව දෙන්නයි.
ඔහු vocational education පිලිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති කෙනෙක්. ඔබට චිරං ජයතු දයන්තා
උපුටා ගැනිමකි...
notes of imaginary
2022-08-29
රන්ජන් ගේ පාඩම
අපේ රටේ දේශපාලනය
වෛර්නය. දේදුන්නක් වගේය. පුංචි ලමයි ප්‍රිය කරන සුරංගනා කතාවකි බදුය.
වරෙක දුමින්ද
සිල්වා වැනි අය නිදහස්ව සභාපති කම් දරන අතර රන්ජන් වැනි අය එළියට එන්නට
බලාපොරොත්තු ඇතිව හිර ගෙදරය. තවත් වරෙක දුමින්ද සිල්වා නැවතත් ඇතුලට යන අතර රන්ජන්
එළියට විත් ආණ්ඩුවෙන් තනතුරුද විපක්‍ෂ නායකයා ගෙන් තනතුරු වරප්‍රසාද පෝලිමක්
ලබන්නට හේතු වාසනා ඇතිවන්නේය.
වරද දේශපාලකයාට මෙන්ම අවශේෂ ජනතාවටද සමවන්නේය. එය කතාවකි. නීතිය ඉදිරියේ කවුරුත් සමානව සලකන බව කියවෙන්නේය. එහෙත් පාර්ලිමේන්තුවේ පලාත් සභාවේ රස්සාව කරන අයට මෙය වෙනස්ය. තමන්ගේ ලොක්කා රජවු පමනින් නීතිය ඒ දෙසට නැමෙන්නේය. හිරු දෙසට නැමෙන පීණිබර මළක් සේය.
අධිකරණයට අපහාස කිරීමේ වරදට අවුරුදු 4ක් හිරේ ගිය රංජන් අවුරුදු දෙකක් ගතවීමටත් පෙර ගෙදර ආවේය.රජන්ට හිරේ යන්න වුණේ විනිසුරුවන්ගෙන් සහ නීතිඥයන්ගෙන් සියයට 95ටත් වඩා දූෂිතයැයි කීම නිසාවෙනි.
මෙම වරදට රංජන්ට හිරේ නොගොස් බේරෙන්න අවස්ථාව
තිබුණි. ඒ මුල් අවස්ථාවේදී ම ප්රකාශය ඉල්ලා අස්කර ගැනීමෙනි. එහෙත් රංජන් නැවත නැවතත් කීවෙ තමන් කී
දේ සත්ය බවත් එය
කිසිසේත් ඉල්ලා අස්කර නොගන්නා බවයි. එසේම ජීවිත කාලයම හිරේ දැම්මත් සමාව ගන්නේ
නැති බවද කීවේ පුදුම වීරත්වයක් නිර්භීත කමක් පෙන්වමිනි.
එහෙත් ඊයේ පෙරේදා රංජන් වචනයෙන් පමණක් නොව ලිඛිතව දිවුරැම් ප්රකාශයක් ලබා දෙමින් තමන් කී දේ මුලුමනින්ම වැරදි බවත් තම ප්රකාශ පිළිබඳ සමාව ගන්නා බවත් කියා සිට ඇත.
රන්ජන්ද මුලදී සිටියේ කේසර සිංහයෙකු විලසිනි. පසුව ටිකින් ටික සිංහ සෙයියාව අතහරින්ට ඇරෙන්ට ඇත. පසුගිය මාධ්‍ය
හමුවකදී දුටුවේ ගෙදර ඉන්නා සුරතලෙක්ගේ තත්වයෙන්ය.
කවුරුත් ජීවිතය අවබෝධයෙන්
හැසිරිවිය යුතුය. රන්ජන් කියාදෙන පාඩම එයයි සිතෙන්නේය.


















