පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, September 05, 2022

ඇදහීම සහ අවබෝධ කර ගැණීම.



කසුන් ලියනගමගේ තම මුහුණු පොතේ පලකර තිබු ලිපියක්. බෞද්ධාගම , බෞද්ධ දර්ශණය පලවන මත විවිධයි. අප සංඝ සමාජය විසින් බුදු දහම ගැන පල කරන අදහස් විවාධාත්මකයි. මෙය පුළුල් ලෙස සාකච්ඡා විය යුතු කාරණයක්.

මේ කසුන් ගේ අදහස 👤👤👤👤👤👤👤👤 
ර්මය නොදන්නා කම නිසාම අපේ බෞද්ධයෝ සෑහෙන පව් රැස් කර ගන්නවා.. ඔය ක්‍රිස්තියානි අය බයිබලයේ ගිවිසුම් දෙකම වගේ කියවනවා..
මුස්ලිම් අයත් එහෙමයි.. කුරාණය සම්පූර්ණයෙන්ම වගේ කියවනවා.. තමන් අදහන ආගමේ තියෙන්නේ මොනාද කියලා එයාලා හොදටම දන්නවා.. 
ඒකනේ එයාලා තමන්ගේ ආගම ගැන කාත් එක්කවත් වාද කරන්නේ නැත්තේ...
අපේ නමට බෞද්ධයෝ දන්නේ තුන් සුත්‍රය විතරයි.. ඒකේ තේරුම දන්නේත් නෑ... 
හොල්මනකට භය උනාම විතරක් යාන්තං පද දෙකතුනක් කියෝනවා.. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේට හරි සංඝයාට හරි මොනවා හරි පූජා කරලා තියෙනවා දැක්කම,
වලිගේ ගිණි ගත්ත හනුමන්තා වගේ බුකිය වටේ පත්තු කර කර යනවා..
තමන් අදහන ආගමේ හෝ දර්ශනයේ තියෙන්නේ මොනාද කියලා ඉගෙන ගන්න ඔනි..නැත්තං සසර පුරා පැටලි පැටලි යන්න තමයි වෙන්නේ..
අපේ නාමික  බෞද්ධයෝ  
ධර්මය නොදන්නා කම නිසාම බුද්ධ පූජාවට ගරහලා ආත්ම ගානකට පව් පුරවගන්නවා..

ගණිකාව  කියලා කියපු වචනේ නිසාම අම්බපාලි සසර පුරා ගණිකාවක් උනා..එහෙව් එකේ කැප  බුද්ධ පූජාවකට ගරහලා වචනේ වරද්දගෙන කල්ප ගණන් දුක් විඳින කෙනෙක් වෙන්න එපා තමන්ට පුලුවන් ඉදිකට්ටක දෙයක් දෙන්න නං ඒක ලොකු සල්ලි කාරයෙක් කෝටි ගානක් වියදං කරලා දෙන දෙයක ආනිසංස වලට සමානව දෙන්න පුලුවං. ඒක ශ්‍රද්ධාවෙන්  දෙන එකයි කරන්න තියෙන්නේ ( fB එකේ යන පොස්ට් එකක් දැක්කාම ටිපර් වෙන්න එපා fB marketing කියන්නේ අමුතුම දෙයක් ඒවට අහු වෙන එක නොවෙන එක තමන්ගේ වැඩක් ) 💢💢💢copied

මීදුම මෙම අදහස් ගැන පුළුල් ලෙස කරුණු වියමනක ඉදිරිපත් කරන්න අපේක්‍ෂා කරනවා. පහතින් පලවන්නේ කසුන් ලියනගමගේ ට දැක්වු ප්‍රතිචාරයයි.
👤👤👤👤👤👤👤බුද්ධ දේශනා අද වන විට බොහෝ දුරට වෙනස් වෙලා .බෞද්ධයන් සසර මග අතරමං කර ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් කියලා මතයක් තියෙනවා .උන්වහන්සේ පාලි අට්ඨ කතා විකෘති කර ඇතැයි චෝදනා කරනවා .බුදු හිමියන්ගේ දේශනා බුද්ධඝෝෂ හිමියන් ලියනවිට ගෝත්‍රික සමාජයට හුරුපුරුදු වන්දනා ,ශාන්තී විධි, ඉන්දියාවේ පැවති දේව වාදය   බුද්ධ දේශණ තුළට ඇතුලත්කර ඇති බවට මත තියෙනවා .

කෙසේ නමුත් බුද්ධාගම අදහන ආගමක් නොවෙයි .ඒ මගෙ මතය .

notes of imaginary

No comments: