අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day of the life

Recent Comments

නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

Random Post

Wednesday, February 10, 2021
පිලේ පැදුර හේනට අරගෙන යනවා

2/10/2021 08:59:00 pm
1

පිලේ පැදුර හේනට අරගෙන යනවා එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා   ඉර පායා ඉර ...

Read more »
Wednesday, July 08, 2020
හන්තාන සිහිනය . ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව

7/08/2020 09:14:00 pm

බලා වැලපිලි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ.. දරා නෙත් අග ගලා සිත් මග ගොතනු මැන ලදුනේ සංසාර සිහිනේ................   වැහි පබළු ...

Read more »
Tuesday, June 16, 2020
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ

6/16/2020 09:40:00 pm

උදම් රල ඔබ උදම් විය යුතු නැහැ ගෙන ගියේ ඔබ මුහුදු පතුලට රැගෙන යා යුතු අය නොවේ උදම් රල ඔබ උදම් විය යුතු නැහැ පන අදිද්දී තමන්ගේ උන් පැළදි කණ ක...

Read more »
Monday, May 18, 2020
පොතුවිල්  මුහුදු මහා විහාරය. දෙවන කොටසක්.

5/18/2020 10:09:00 am
2

 මුහුදු මහා විහාරය. මතුගම සෙනෙවිරුවන්  ගේ වියමනක්. සිංහල බෞද්ධයන්ගේ අද්විතීය වන්දනා ස්ථානයක් වන පොතුවිල් මුහුදු මහා විහාරය කාලයක් තිස්සේම අන...

Read more »
Thursday, May 07, 2020
කිනිතුල්ලෝ

5/07/2020 09:37:00 pm

කොවිඩ් 19 ත් එක්ක දැන් දැන් මාතෘකාවට එන්නේ මැතිවරණය. කවද හරි මැතිවරණය තිබ්බා කියමුකෝ. කාටද අපි ඡන්දේ දෙන්නේ ?. වියතුන්ට දූෂි...

Read more »
Tuesday, May 05, 2020
වෛරසයත් සුන්දර දහමක්

5/05/2020 05:55:00 pm
1

කොරෝනා  - කොවිඩ් 19. වේදනාකාරිය. සහාසිකය. මරාන්තිකය. කොවිඩ් 19 ලෝකයම උඩු යටිකුරු කලා කොවිඩ් 19 මානවයාගේ ඇවතුම් පැවතුම් ...

Read more »
Friday, March 20, 2020
පුංචි පුතා නිදියනවා.

3/20/2020 01:06:00 pm
1

ඔන්න බබෝ ගුරු එනවා - අඩන ලමයි අල්ලනවා අල්ල අල්ල විකුණනවා - විකුණ විකුණ රා බොනවා “ දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා.........

Read more »
Thursday, March 19, 2020
කොරෝනා සව්දම

3/19/2020 06:18:00 pm

පන්සලේ රතන සූත්‍රය දේශනා කරනු ඇසේ. සැළුනාවු මනසට පිරිත් හඩ සිසිලකි.සියල්ලෝම ලෙඩ රෝග වලට බියවෙති. මරණයට බියවෙති. ජීවිතය රැක ගැණීමට ඉතා ස...

Read more »