මට අනුව නම් එය මහානාම හිමියන් විසින් විරචිත ෆික්ෂනයකි.
එය ඇත්තක් නම් අප ලැජ්ජා විය යුත්තමෝ වෙමු.
මන්දයත් ,
විජය වූ කළී සිංහබාහු සිහ සීවලී සොයුරු සොයුරියන් නොහොත්
සහ උදරයන්ගේ දරුවන් වන්නෙමු.
එමතු නොව ඔවුහ තිරිසන් මිනිස් සංවාසයක ප්‍රතිඵලයක් වන්නාහුය.
එම මව කුළ කාන්තාවක් වන මුදු
හිතුවක්කාරියක වෙයි.
දෙමාපිය අණ නොතකා අයාලේ ගිය එකියක වෙයි.
තිරිසනෙකු සමඟ සහවාසයේ යෙදුනේද වෙයි.
අනික විජය වනාහී මවු රටෙන් පිටු වාහල් කරන ලද්දෙකි.
මෙරටට සහ පිරිවර සමඟ එන විජය
ස්වදේශික කාන්තාවක් සමඟ පෑහී
ඇගේ ඥාති සමුහයා මරා දමන්නේ
ඔවුන් නිරායුධව සිටින මොහොතකය!
මෙම කතා පුවත හය වැනි සියවසේ රචිත මහනොම හාමුදුරුවන්ගේ
අතේ රෝලකි.
උන් වහන්සේ මහා වංශය රචනා කරන්නේ
ඉතිහාසය ලියා තැබීමට නොව
දුටු ගැමුණු "පොර"කිරීමටය.
ප්‍රශ්ණය සිංහල ජාතියේ උපත පිළිබඳව
මීට සියවස් හතරකට පමණ පෙර ලියැවී ඇති
තවත් පොතක් ඇතද,
එය මතු නොවීමය.
"දිව්‍ය දානය" එම කෘතියයි.
එහි එන කතා පුවත කෙටියෙන් මෙසේය.
එක් රටක "සිංහල"නම් නරපතියෙක් විය.
ඔහුට එම නමින්ම යුත් පුතෙකු විය.
මෙ පුතාට විදේශ වෙළඳාමේ යෙදෙන්නට සිතෙයි.
එය පියාට පවසයි.
පියා පවසන්නේ තමා ඉපයූ ධනය
මියෙනතුරු ජීවත් වීමට සෑහෙන බැවින්
වෙළඳාමේ යාම නොකළ යුතු බවයි.
නමුත් තම මතයේම එල්බ ගන්නා සිංහල කුමාරයා
තවත් වෙළඳුන් පිරිසක් සමඟ
මෙරටට පැමිණේ.
මෙරට කුමරියක සමඟ අවාහ වන ඔහු
නව ජෙනරේෂනයක් අරඹයි.
එහි වසන යක්ඛ,නාග,දේව,ආදී ගෝත්‍රිකයන් සමඟ
එකඟතාවයකට පැමිණ "සිංහල රට"නමින් නාමකරණය කරයි.
මෙම කතා පුවත් දෙකෙන් මම විස්වාස කරන්නේ
දිව්‍ය දානයේ එන දෙවන කතා පුවතයි. ***** කමල් පී අලහකෝන් මහතාගේ අදහසකි .
1 comments:
තර්කානුකූලව නිකම් හරි වගේ කියල හිතෙන හින්දා දෙවන කතා පුවත පිළිගන්නවා වෙන්න පුළුවන්. විජය කතා ප්‍රවෘත්තියේත් විජයගේ ලංකාගමනයට පෙර කොටස නොසළකා හැරියොත් කතා පුවත් දෙක අතර ලොකු වෙනසක් පෙන්නුම් කරන්නේ නැහැ නේද?
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.