notes of imaginary
තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2014-05-02
තාමත් අපි සංසාරේ
notes of imaginary
2014-04-17
මහාචාර්ය විශාරද සනත් නන්ද සිරි සමග.
තැන සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍ය පීඨයේ රංග ශාලාව. අසල්වාසියෙක් වන මට වසර කිහිපයක සිට හුරුපුරුදු තැනක් බවට පත්වෙමින් තියෙන්නේ මේ වගේ අවස්ථා නොපැහැර අරින නිසා. විශ්ව විද්‍යාල කුලයට අය කියන්නේ බෙලිහුල්ඔයට අපි ආවේ නැත්නම් තාමත් ඔය ගොල්ල ආදි වාසීන් කියලා.
කමක් නැහැ අපි දැන් ඒ පිහිටෙන් හරි අළු ගසා ගත් බයියන් බවට පත්වෙමින් සිටිනවා. මේ කතාව නන්දසිරියන්ට කීවා නම හැත්තෑවේ දශකයේ ආරට භාව ගීතයක් රසවිදින්න තිබුනා.
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටැලේ
බැල්මට නෙතු සඟලේ සිතු සිතුවිලි පැටලේ
ළඳුනේ......... මා දකිනා
සිහිනේ... හද සැලුණා.........
මහාචාර්ය විශාරද සනත් නන්ද සිරි තම හඩ අවදිකරන්න පටන් ගත්තා . අවුරුදු කාලෙට කොහා අඩලනවා .මට රිගිං සෝන්ග් එකකින් ඇහුනේ මේ කොහාගේ හඩ නෙමෙයි. කපුටු රාල කෙනෙක්ගේ හඩක්. ගීතය ගයා අවසානයේ එතුමාගේ පසුතැවිල්ල ප්‍රකාශවුනා.
“මා ගැයූ “විකසිත වත කමලේ” ගීතය ගැයුවේ මගේ මිතුරු ගායකයෙකුගේ පුතෙක්. එයා තමන්ගේ පියාගේ ගීයක් නොගයා මගේ ගීතයක් ගැයුවේ එයාගේ පියාගේ ගීතවලට වඩා මගේ ගීතය හොඳ නිසා විය යුතුයි. ඒ ගැන මම සතුටු වෙනවා.
ජනප්‍රිය ගීතයක් වෙනත් අයකු ගැයුවාට මුල් ගායනය නැතිවන්නේ නැහැ. “විකසිත වත කමලේ” ගීතයෙන් මා අභිබවා ඔහු මතුවන්නේ නැහැ.
ඒත් මට පුංචි කනගාටුවක් තියෙන්නේ ඔහු මගේ මිතුරෙකුගේ පුතෙකු වීම නිසයි. “අන්කල් මං මේ සින්දුව රිඟින් ටෝන් වලට කියනවා” කියලා මට දුරකථන ඇමතුමක් දෙන්නවත් මේ ගායකයාට මා අමතක වීම ගැන විතරයි මම කනගාටු වන්නේ.”
අපේ රටේ බුද්ධිමය දෙපල නීතිය තුල ගායකයාට ගීයක හිමි කමක් නැහැ.ගීය අයිති පද රචකාටයි සංගීත නිර්මානකරුවාටයි. ගීතයක් ජනප්‍රිය වන්න ගායක ගායිකාවන් ප්‍රබල දායකත්වයක් ලබාදෙනවා. මේ නීතිය ගායකයාටද අයිති විදියට ඉක්මනින්ම සංශෝධනය විය යුත්තක්.
අඩ අදුරේ මට නැගුන සිතිවිල්ල අනිත් අයටත් නැගෙන්න ඇති.
ප්‍රේක්‍ෂකයන් අදුරේත් වේදිකාව විදුලි ආලෝකයෙනුත් පුරවලා. විදුලි පරිපාලකට මහාචාර්ය විශාරද සනත් නන්ද සිරියන්ගෙන් ඉල්ලීමක් “ මට තනියෙන් ගයන්න බැහැ අර ගොල්ලෝ මට පේන්නේ නැහැ. ඒ ගොල්ල මට දකින්න ඕනී. ඉතින් ශාලාවට ආලෝකය සපයන්න “ අදුරෙන් අඩ අදුරට මැරුවුන ශාලාව
එතැන් ඉදන් මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන් ආධිපත්‍යට යටත් වුනා .
මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධුමල් පිපෙනා
බිඟු රැව් නැගෙනා.......
මේ ප්‍රථම වසන්තයයි........
සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී....
වසන්තයක් වී ආවේ.....
ගීතයක් ගයා අවසන්ව ඊලග ගීතයට යන්නේ ගීතය ඉපදුන හැටි විවරණය කරමින්. ඒ සදහා කථකයෙක් යොදා නොගත්ත මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන් ශ්‍රවක ජනී ංනයන්ගෙන් පිරී ගිය නේපත්‍යගාරය හා දොඩමළු වුනා. එයත් අපුරු අත්දැකීමක්.
එතුමන් පදවා ගිය රථයට වරින් වර වෙට්ටු දමමින් රිය පසුකර ගිය ත්‍රීවීලර් රියදුරෙක් “ සර් පස්ස පස්ස “ කීවාළු. එතුමා ත්‍රීවීලර්යේ පසු පස බැළු ටිට එහි “ වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි.......” යන්න සටහහන් ව තිබු බවක් සියල්ලන් සිනා හඩ මැද පවසමින්
වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස්දෙක වගෙයි //
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ...//
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුළ දෝ....
අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට ශාප කර යාවිදෝ...//
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදුවේවි දෝ...
යන ගීතයට ජීවය සැපවුවා.
· ගමේ කෝපි කඩේ
· මා හද අසපුව කුසුමින් සැරසුව
· මුළු ලොව මගෙන් අසාවී
· පෙමාතුර හැඟුම්
· විකසිත වත කමලේ
· ඇව්ලුනු ගිනිදැල්
· කොහෝ කොහෝ
· ඈත එපිට ගම්මානෙන්
· සහසක් පැතුමන්
· යසෝදරා
· සීත රෑ වසන්තේ
· දඟකාර ඔය දෑස දුටුවා එදා
· සොවින් පිරි මගේ හදවත
· ආදරේ නෑ ආදරේ, කවුරැවත් නෑ
· නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
· ගී අරණේ මධුමල් පිපෙනා....
· ප්‍රථම වසන්තය
· දූ අනුරාධා
නේපත්‍යාගාරය මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන් විසින් තමන් වෙත ඇද බැදගෙන සිටී ප්‍රේක්‍ෂක ජනී ජනයා එක් පිටුපස තව එකක් වෑහෙන රස කතා සමග ගැයෙන ගීතයන් ලොල් බැද සමාධි ගතවු දැහැනෙන් මිදෙන්නී ගීතයෙන් ගීතයට ශාලාව අත්පොලොසන් හඩ ගුගුරුවමින් තම සතුට පලකරනවා .
හැත්තෑවේ දශකයේ මුලින්ම අප දුටු පිරිපුන් වියත් මැදිවියත් ඉක්මවා අපටත් වඩා ඉදිරියෙන් පියමං කරන මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන්ගේ රූපකාය තුල ප්‍රේමණීය හඬ පෞර්ෂය නොනැසී ශාලාව අත්පත් කරගෙන. ඒ හඬ රසික හදවත් දොවාගෙන ගංගාවක් සේ ගලායනවා. එතුමන් ගේ බොහෝ ගී තනුනිර්මාණ තුළ ද ඒ යෞවනය තවමත් නොනැසී පවතීනවා.
“ මගේ රටට දළදා හිමි සෙවනයි - මගේ දැයට දළදා හිමි සරනයි. එන ගීතරාවයත් සමගින් වේදිකාවෙන් සමුගන්නා මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන් තිරපටින් වැසී යද්දී වේදිකාව ඒක් හඩින් අත් පොලෙසන් හඩින් ගිගුම් දී නිහඩ වෙයි.වෙලාව 10.20 සටහන් වෙලා අපිව පැය 3.00 ගීතයෙන් දැහැන් ගත කල මහාචාර්ය විශාරද සනත් නන්දසිරියන්ගේ වේදිකාවේ තිරයෙන් එහා සැගවුනා.
සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී....
වසන්තයක් වී ආවේ.....
මම තවමත් මුමුනනවා.
notes of imaginary
2014-04-16
ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය.
“අද පටන් මාගේ පුත්‍රයා ඔබගේ සෙවණේ පාසල් අධ්‍යාපනයට පැමිණෙනු ඇත. ටික දිනක් යනතුරු ඔහුට මේ පරිසරය අලුත් හා ආගන්තුක වනු ඇත. ඒ නිසා ඔහුව හොඳින් බලාගන්න. ඔහුට හොඳින් සෞම්‍ය ලෙස සලකන්න. ලොව පුරා දැනුම, මහද්වීප තරණය කරමින් නව ලොවකට යන සුවිශේෂී ගමන ආරම්භ කරන්නේ අද දින සිටයි. සෑම අසීරු ගමනකම දුක, වේදනාව, සතුට, අපාය, කුමන්ත්‍රණය ආදිය ගැබ්ව තිබේ. මේ ජීවිතය ගතකිරීමට විශ්වාසය, ආදරය සහ ධෛර්යය අවශ්‍ය වෙයි.”
“දුෂ්ට මිනිසුන් සිටින නමුත් ඒ සෑම කෙනෙකුටම වීරයන්ද සිටින බව උගන්වන්න. ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයින් අතර, තම ජීවිතය පරාර්ථකාමීත්වය වෙනුවෙන් කැපකරන නායකයින් ද සිටින බව පහදා දෙන්න.”
“ඊර්ෂ්‍යාවෙන් ඔහු ඈත්කර තබන්න. නිහඬ සිනහවක පවතින අගය ඔහුට පහදා දෙන්න. සදාකාලික නොවන බව ඔහුට පහදා දෙන්න. පොත්වල සුන්දරත්වය හා විශ්වයේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. අහසේ පියාඹන කුරුල්ලන්ගේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. දිවා කල පියඹනා මී මැස්සන් ගැන ඔහුට උගන්වන්න. කඳු මුදුන් හි පිපි ගී ගයන මල් පොහොට්ටුවල සුන්දරත්වය ඔහුට පෙන්වන්න.”
“රැවටීමට, වංචාවකින් ලබන ජයට වඩා පරාජය ලැබිම ශ්‍රේෂ්ඨ බව ඔහුට උගන්වන්න. තමාගේ නිවැරදි අදහස් ගැනම දැඩි ලෙස විශ්වාසය තැබිමට උගන්වන්න. තමා වටා සිටින සියලු දෙනාම තමා වැරදි බව පවසද්දීත් තමාගේ මතය නිවරදි නම් එම මතය විශ්වාසය තැබිමට උගන්වන්න.”
“අනෙක් මිනිසුන්ට දයාව කරුණාව දැක්වීමට ද නපුරු තද ගති ඇති මිනිසුන්ට තදින් සැලකීමට ද උගන්වන්න.
“තමා උගත් දැනුම සහ මොළයෙන් සොයා ගත් දේ අලෙවි කල දැනුම හදවත හා ආත්මය උකස් නොකිරීමට උගන්වන්න. තමාට මිලක් නියම කරනොගැනීමට උගන්වන්න. මෝඩ සහ අසත්‍ය ප්‍රකාශ හමුවේ දෙකන් නොඇසෙන ලෙස සිටීමට උගන්වන්න. තම මතය නිවැරදි නම් නිර්භීතව හොඳින් ඒ ගැන කතා කිරීමට හා නැඟී සිටීමට උගන්වන්න. පරාජය දරාගැනීමට උගන්වන්න. ජයග්‍රහණය විඳ ගැනීමට උගන්වන්න. හොඳින් මෘදු ලෙස ඔහුට සලකන්න.”
“ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය. ඔහුට ඒවා පහදා දෙන්න. ඔහුට අවශ්‍ය පරිදි හොඳින් මුවහත් කරන්න. පරාජය තුළ සැඟවුණු ජයග්‍රහණයන් පවතින බව උගන්වන්න. ඉවසීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න.”“ඉවසීම පුහුණු කිරීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න. ඉවසීමට ඔහුට නිර්භය බව ලබාදෙන්න. තමාට තමා ගැනම විශ්වාසය ඇති විය යුතුය. එවිට ඔහුට මිනිසුන් ගැන විශ්වාසයක් ඇති වනු ඇත. එවිට ඔහු දෙවියන්ද විශ්වාස කරනු ඇත.”
“මේ මා ඔබට දෙන විශාල අණයි. නියෝගයයි. ඔබට පුළුවන් ලෙස ඔහුව රැකබලාගන්න.
මාගේ හුරුබුහුටි කොළුගැටයා හොඳ හාදයෙකි.
ඒ මගේ පුතාය.
ලින්කන්
notes of imaginary
2014-04-15
විමල්ගේ ලෝකය.
notes of imaginary
මගේ අවුරුද්ද .
සිංහල හින්දු අළුත් අවුරුදු උත්සව සමය තාමත් ගෙවී ගොස් නැත. එරමුදු ගස් නැති මහ පොලොවේ ගෙඋයන් වල අපහසුවෙන් වවා ගන්නා පයින් විලෝ වැනි ගස් මත කොහා හඩලමින් බක් මහ අපේ රටට උත්සව සමයක් බව කියනා බැව් මට සිතිවිල්ලක සටහන් විය.
මේ අවුරුද්දේ උත්සව සමය ගෙවී යලිත් 21 වෙනිදා වන විට ජන ජීවිතයේ ජීවන සටනට මිනිසුන් අවතීර්න වනවා ඇත. මේ ගෙවී යන්නේ ජීවිත සටන නැතිනම් අරගලය තාවකාලිකව අමතක කර බොල් සිහින දකින සතියේ අවසාන දින දෙක තුනය.
වැස්ස නැතිව දිය පොදකට සුසුම් ලෑ උදවියට වැස්ස ලැබී ඇත. එහෙත් එය පසුගිය අවුරුද්දේ මේ බිම තෙමු බක් මහ වැස්සට සමීප කරවන්න ඒ වැස්සට බැරිවු බවක් මගේ හිතට දැනෙන වෙනසක්වීය. මහ නියගයක පෙර නිමිත්තක්ද ?.
හතර දිග් බාගේ අවුරුද්දට සුබ පතන මට අද නම් යාන්තම් වැස්සා අපේ ලිං හොදටම හිදිලා තිබුනේ යන කතාව සුලබව අසන්නට ලැබුන අදහසක් බවට පත්විය. අවුරුද්ද පුරාවට තුන් පැත්තකින් වතුරෙන් ඉතිරෙන බිම්කඩක නිවෙස් කර සිටින මට වතුර අඩුපාඩුවක් නැත. මේ බිම් කඩ ද්වීපයක්ද අර්ධ ද්වීපයක්ද නොවන බව අපේ නිවසට එක්වෙන පුංචි එවුන් විවිධ අන්දමින් තර්ක ගොඩ නගනු අසන මම ඉන් ආශ්වාදයක් ලබන බව නොරහසක් වී ඇත.
අපේ තාත්තා අපෙන් වෙන්වී සුවදායක නින්දකට පිවිසියේ 1998 අප්රේල් මාසේ 13 වෙනිදා දිනයෙදීය. ඉතින් මේ ගෙවී යන්නේ අපට අවුරුදු උත්සවය අහිමිවු දහ හත්වෙනි අවුරුද්දය. තාත්තා සිටින විට අවුරුදු දා දූ දරුවන්ගෙන් සහ මුණුපුරු මිණිපිරියන්ගෙන් අපේ මහ ගෙදර පිරී ගියත් මේ වන විට මහ ගෙදර පිරී යන්නේ අපේ අම්මා විසින් ලක ලෑස්ති කර පිරිනමන දානමය පුණ්‍යකර්මය සරසන්නටය. හරියටම අප්රේල් මස 13 වෙනිදාට දනට වඩින ස්වාමීන් වහන්සේලා ගිවිස ගැණිමට නොහැකි හෙයින් මේ අවුරුද්දේ 05 වෙනිදා එතෙර මෙතෙර සිටින අපේ තාත්තාගේ දූ දරුවෝ මහ ගෙදරට කේන්ද්‍ර කොට ගත්තේය.
අපේ අම්මාද මේ මාර්තු මසේ විසි හත්වෙනිදා වන විට අවුරුදු අනූවක් ජීවිතයේ මං සලකනු තැබු වේය. ඈ අපේ දූරුවන්ගේ ආදරණිය ආතම්මාය. මුණුපුරු මිණිපිරියනට ආදරණිය ලොකු අම්මාය. අපිට “කලා වැවේ දියවර අපේ අම්මා” ය. කලාවැවේ දියවර රජරටම රැක බලාගන්නාසේ අපේ අම්මා තාමත් අප රැක බලා ගන්නීය.
ගැන සොයා විමසන්නීය. අප වෛද්‍ය වරුන් ලග “ෆුල් ඔප්සන්” වී වැටෙන විට ඈ තවමත් නිරෝගීය . සෞඛ්‍යමත්ය ,කඩිසරය. https://www.youtube.com/watch?v=TZmjfIj1Plo ඈ හට අපේ ආයුෂත් රැගෙන අපි නැතිවත් අපේ දු දරුවන්ට සෙනෙහස පාන්නට පින් ඇත.
අපේ තාත්තාටත් අම්මාටත් මේ මිහිමතට බරක් නොවනා පරිද්දෙන් දරවන් නවදෙනෙකු බිහිකර හදා වඩා ගන්නට පින්මහිමය තිබුනේය. ඒත් ආත්තම්මා හිමිකම් කියන්නේ මුණුපුරු මිණිපිරියන් පහලොස් දෙනෙකුට පමනය. අත්තාම්මා වී මී මුණුපුරු මිණිපිරියන් පස්දෙනෙකු ඈ සුරතල් කරන්නේය.
කාලයත් ජීවිතයත් වෙනස්ව ඇත මේ මිහි මඩලට ඔසවා ගන්නට නොතරම් බරක් මිහිමඩල ඔසවා සිටින බව අප අද දකින්නේය. කාලයක සිට අමුත්තක් නැතිව මගේ අවුරුද්ද පටන් ගන්නේ මෙවැනි සිතිවිලි සිහිපත් කරගෙන වුවද මා නැතිකලක මම තාත්තා වී - සීයාවී සැමරුම් ලබන්නට තරම් කාලය නිසංසල විය නොහැක.
අප පුංචිකාලයේ දවසට වාහන දහයක් දොලහක් එහාට මෙහාට ගිය ඒ 4 මාවත අද කනට නිවනක් නොදෙන තරම් වාහන එහා මෙහා වෙන හඩින් පිරී ඇත. ඇස් දිෂ්ඨියක් මානයේ නිල්ල පිරුන වනය කොන්ක්‍රීටි පිරුණ කාන්තාරයක් බවට පත්ව ඇත. අවුරුද්ද පුරාම අඩුවක් නැතිව මිණිකැටයක් වන් පිරිසිදු ජලය වළවේ ගගට එක්කල බෙලිහුල්ඔය අද වැස්ස නතර වන විටම සිදී යන්නේය. නිහඩව නිසලව ගලා ගිය අපේ ජීවිතය අද වන විට මහත් සංකීර්න අවුල් ජාලාවක් බවට පත්ව ඇත.
දෑස පියා ගෙන මේ විදින මහා ජීවන ව්‍යාසනය ජය ගන්නට වෙර දරන අපේ පසු පරම්පරාවට අපව සිහිපත් කිරීමට කාලය ඉතිරි කර ගත හැකිද?.
අපේ තාත්තා සහ අම්මා තරම් අපි පින් කර නැතියයි යලි යලි සිතන්නට මම ඔවුන් මෙන් දීර්ඝායු විදිමින් ජීවත්විය යුතු නැත. අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් ලබන හැම අවුරුදු දාකම මම මෙසේ සිතුවත් ඊලග අවුරුදු දා ත් එසේ සිතන්නට සිදුවන නිසා මා තවමත් මගේ පව් ගෙවා නැති බව සිතමින් සුසුමකින් සැහැල්ලු කර ගන්නේය.
notes of imaginary
2014-04-09
2014-04-03
මහින්ද අදූරදර්ශී නායකයකු විය යුතු ද ?.
ශ්‍රී
ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානයට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබෙන
යෝජනාව ආශ‍්‍රයෙන් කරළියට එන වැඩසටහන සමග ශ‍්‍රී ලංකාව සහයෝගයෙන් ක‍්‍රියා නොකොට
ඊට එරෙහිව ක‍්‍රියාකරන තැනකට ගියහොත් රටක් වශයෙන් අපට සිදුවිය හැකි විනාශය
අතිවිශාලය. නූතන ලෝකයේ අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර
වශයෙන් ප‍්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවීම ඉතාමත් ස්වාභාවිකය.
යුද්ධය අවසන් කිරීමෙන් පසු මතුවූ ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ ප‍්‍රඥාවන්ත ලෙස
ක‍්‍රියාකරන්නට රට සමත් වී නම් ලොකු වන්දි ගෙවීමකින් තොරව එම ප‍්‍රශ්න නිරාකරණය
කරගනිමින් වඩා ශක්තිමත් ලෙස ඉදිරියට යෑමේ හැකියාව රටට හිමිවන්නට ඉඩ තිබුණි. එහෙත්
ආණ්ඩුව මුල සිටම එම ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ ක‍්‍රියා කළ ආකාරය ඉතාමත් අදූරදර්ශී
විය. දැන් මෙම යෝජනාව සම්මතවීමත් සමග රට ඇද වැටී සිටින්නේ මහා විනාශයක මුවවිටය.
එහිදී අප තෝරාගන්නට යන්නේ ඊට එරෙහිව සටන් කරන මාවතක් නම් ආණ්ඩුව පමණක් නොව රටද මහා
ප‍්‍රපාතයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.
දේශප්‍රේමය
මහජනයා අතර දේශපේ‍්‍රමී හැඟීම් උද්දීපනය කිරීම අමාරු නැත. එහෙත් ඒ සඳහා ක‍්‍රියාවට
නගන වැඩසටහන් මහජනයා කෙරෙහි විශාල පීඩාවක් ඇතිකරන්නේ නම් එම දේශපේ‍්‍රමී
වැඩසටහන්වලට එරෙහිව නැගී සිටින්නන් බවට පත්වන්නේද මුලදී දේශපේ‍්‍රමී ආවේගයන් මත ක‍්‍රියා
කළ දේශපේ‍්‍රමී ජනතාවමය. 1977ට පෙර ශ‍්‍රී ලංකාවේ ජනතාව විවෘත ආර්ථික ක‍්‍රමයක
රස බලා නොතිබුණි. ඔවුන් ජීවත්වූයේ වර්තමානයට වඩා සරල හා අල්පේච්ඡ සමාජ වටාපිටාවකය.
නිදහස ලැබීමෙන් පසු 1970-77 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව දක්වාම බලයට පත්
හැම ආණ්ඩුවක්ම කතා කළේ ආහාරවලින් ස්වයංපෝෂිත රටක් ගැනය. එය සිරිමා බණ්ඩාරනායක
ආණ්ඩුවේද ප‍්‍රධාන සටන් පාඨය විය.
එම ආණ්ඩු කාලයේදී ලෝක මට්ටමෙන් ඇතිවී ලංකාව කෙරෙහි විනාශකාරී ලෙස බලපාමින්
තිබූ ආර්ථික අර්බුදයකට මුහුණදීම පිණිස රට වගා සංග‍්‍රාමයකට යොමුකරනවාට අතිරේකව රටේ
ආර්ථික ආරක්ෂාව සඳහා මහජනයා කෙරෙහිද පීඩාකාරී ලෙස බලපාන ආකාරයේ සම්බාධක පනවන ප‍්‍රතිපත්තියක්
අනුගමනය කරන්නට එම ආණ්ඩුවට සිදුවිය. ආණ්ඩුව එසේ කළේ මහජනයා අතර දේශපේ‍්‍රමී හැඟීම්
පුබුදු කරමිනි. මුලදී දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වූ මහජනයාද ආණ්ඩුව ක‍්‍රියාවට
නගන ලද පියවරයන්ට සහයෝගය පළකරමින්, ‘සීනි නැතිව තේ
බොන්නම්, හාල් නැතිව බත් කන්නම්’ කියමින්
පෙළපාළි ගියේය. එහෙත් ආර්ථික වශයෙන් පැවති පීඩාකාරී තත්ත්වය ඉවසිය නොහැකි
තත්ත්වයකට පත්වූ විට එම ආණ්ඩුව අතිවිශාල පරාජයකට ලක්කරනු ලැබුවේද මුලදී දේශපේ‍්‍රමී
හැඟීමෙන් ක‍්‍රියා කළ එම ජනතාවමය.
වර්තමාන ජනතාව එදා සිටි ජනතාවටත් වඩා වෙනස්ය. ඔවුහු අල්පේච්ඡ ජීවිතයකට හුරු
පුරුදු වූ ජනතාවක් නොව සුවපහසු විවෘත ආර්ථිකයකට හුරුපුරුදු ජනතාවකි. ඔවුන් මේ
මොහොතේ දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වී ක‍්‍රියාකරන තත්ත්වයක සිටිය හැකි වුවත්
සම්බාධක පනවන තත්ත්වයක් ඔවුන්ගේ හුරුපුරුදු ජීවිත වෙනස් කොට ඔවුන් කෙරෙහි පීඩාකාරී
තත්ත්වයක් ඇති කිරීමට හේතුවේ නම් ආණ්ඩුවට එරෙහිව කෝපයෙන් හැඟීම්බරව ක‍්‍රියාකරන
තත්ත්වයට යොමුවනු ඇත්තේද මුලදී දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වී ක‍්‍රියාකළ එම
මහජනතාවමය.
සම්බාධක
අප හිතුවක්කාරීව ක‍්‍රියාකරන තැනකට ගියහොත් ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක
පැනවීම ආරම්භ වනු ඇත්තේද පුංචියටය. ඒවා ලොකු මහත් වූ දේවල් බවට පත්වනු ඇත්තේ ක‍්‍රම
ක‍්‍රමයෙනි. දකුණු අපි‍්‍රකාවට මෙන් සමහරවිට අපේ කි‍්‍රකට්වලට පවා තහංචි පනවන
තත්ත්වයක් ඇතිවිය හැකිය. සම්බාධක පැනවීම්වලට ලක්වූ වඩා බලවත් රටවල් පවා විනාශ
මුඛයට පත්වූවා මිස එවැනි තත්ත්වයකට මුහුණ දී විශාල හානියක් ඇතිකර ගැනීමකින් තොරව
නැගී සිටි කිසිම රටක් ගැන අසන්නට ලැබෙන්නේ නැත. ආරාවුල දුරදිග යන තත්ත්වයක් ඇති
වුවහොත් කොළඹ වරායද නැව් නොඑන වරායක් බවට පත්විය හැකිය. කටුනායක ගුවන්තොටුපොළද
ගුවන්යානා නොඑන ගුවන්තොටුපළක් බවට පත්විය හැකිය. අපේ අපනයන වෙළෙඳාම නැත්තටම
නැතිවිය හැකිය. ඒ සමග අපේ ආනයන වෙළෙඳාමද මහා අර්බුදයකට ලක්වනු ඇත. තේ වතුවලින් තේ
ඉවත් කොට ඒවාහි අල, බතල සිටුවන්නට සිදුවන තත්ත්වයක් ඇතිවිය
හැකිය. අවසානයේ කාපට් කරන ලද මහා මාර්ගවල මෝටර් රථ වෙනුවට ගමන් කරනු ඇත්තේ ගොන්
කරත්තය.
වැරදි
තක්සේරුව
ආණ්ඩුවට නූතන ලෝක රටාව ගැන හෝ සම්බාධක හා ඒ නිසා ඇතිවිය හැකි ප‍්‍රතිඵල ගැන
හෝ නිසි අවබෝධයක් හෝ තක්සේරුවක් ඇති බව පෙනෙන්නට නැත.
තාවකාලික තහනමකින් පසුව නැවත ලබාගත හැකි තත්ත්වයක තිබූ යුරෝපා සංගමයේ ජීඇස්පී
ප්ලස් සහනය ගැනද කීවේ එය නැතිව ඉදිරියට යෑමේ හැකියාව ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට
තිබෙන බවය. අවසානයේ එය අහිමිකර ගැනීමෙන් අපනයන කර්මාන්ත අංශයට සිදුවූ හානිය
අතිවිශාලය. කර්මාන්ත විශාල සංඛ්‍යාවක් වැසී ගියේය.
කම්කරුවන් විශාල සංඛ්‍යාවකට රක්ෂා අහිමි විය. ආර්ථිකයේ 33%ක
තත්ත්වයක තිබූ අපනයන කර්මාන්තය 17% දක්වා පහත වැටුණේය. එවැනි පුංචි
සම්බාධකයකින් විය හැකි හානිය එතරම් විශාල නම් හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකරන තැනකට
ගියහොත් පනවන සම්බාධකවලින් රටට විය හැකි හානියේ තරම තේරුම් ගැනීමට අපහසු නැත.
අවසානයේ දේවල් සිදුවන්නට යන්නේ රටේ විනාශයට හේතුවන ආකාරයට නම් ජනාධිපති
මහින්ද රාජපක්ෂගේ නාමය ඉතිහාසයට එකතුවනු ඇත්තේද ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයෙන් රට
ගලවා ගත් ඉන්පසු බෙදී සිටි ජාතිය එක්සත් කිරීමට හා එම ජාතියේ නූතන අවශ්‍යතාවන්ට
ගැළපෙන නව රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අසමත්වීම
නිසා හා ආත්මාර්ථකාමී වීම නිසා ශ්‍රේෂ්ඨ ජන නායකයකු වීමට තිබුණු හැකියාව අහිමි
කරගනිමින් රට මහා කාලකණ්ණි තත්ත්වයකට ඇද දැමූ අදූරදර්ශී නායකයකු වශයෙනි.
මාතෘකාව පමනක් මගෙනි.
රාවය - වික්ටර්
අයිවන්.
notes of imaginary
2014-03-30
2014-03-24
2014-03-23
බෙලි ඖෂධයක්.
පෙරදාක නතරවු වියමනේ ඉතිරි කොටස අද ලියන්නේ බෙලි අපට ප්‍රයෝජනවත් වෙන අන්දමත් ප්‍රයෝජනයට ගන්නා අන්දමත් පිලිබදව පුංචි චිචරනයක් කරන්න. මේ වැඩේට මට උදව් වුනේ අපේ නිවස ලගම ඉන්න ආයුර්වේද වෛද්‍යාචාර්ය තුමන් . කතා බහ සමාලෝචනය කරපුවම බෙලි අමාශය ආශ්‍රිත රෝග සදහා කදිම ඔසුවක් කියලා මට හිතුනා. බෙලි ගහේ මුල් ,පොතු , කොල, මල් සහ පල කියන සියළු අංග අපිට ප්‍රයෝජනවත් වන අන්දම එතුමාගේ අදහස් වලින් පැහැදිලිවේවි.
කොයිතරම් බඩගින්න දැනුණත් කෑම කන්න අප්‍රියයි.දැක්කම එපා වෙනවා. ඒ බව ප්‍රකාශ කලොත් මුළුතැන්ගේ පැත්තෙන් ගෝරනාඩු. ගෝරනාඩුවට බියේ අමාරුවෙන් හරි ගිලදැම්මොත් වමනයට ඔක්කාරෙට එනවා. එවන් අපහසුකමක් ඇතිවුනොත් වලං පිගන් ඇගට එන්න ඉස්සෙල්ලා ඉදුණු බෙලි මද ග්‍රැම් 60, සීනි ග්‍රැම් 20ක්, ලුණු ස්වල්පයක් වතුර මි.ලී. 240 මිශ්‍ර කරලා පෙරළා දින 5ක් පමණ උදෑසන හිස් බඩට බොන්න. සිරුරේ ඇති බර ගතිය නිදහස් වෙලා කෑම අරුචිය නැති වෙලා යනවා. අනෙක් අපල උපද්‍රව වලිනිනුත් ආරක්‍ෂා වෙනවා.
අපේ බඩ නොයෙක් විදියේ පෙරලි කරනවා. බුරුල් වෙනවා වගේම තද වෙනවා.ඉදුනු බෙලි මද බඩ බුරුල් කරලා පහසුකරනවා වගේම ඕනවට වගේ බුරුල් වෙලා එක දිගට දුවන්න උනොත් ( අතීසාරය වැනි රෝගවලදී) බෙලි ගැට මද වලින් පුළුවන් මල වියළී යාමට සලස්වන්න. බෙලි ගැට මද කොටස් තුනක් උක් හකුරු කොටස් දෙකක් සමඟ මිශ්‍ර කරලා වරකට ග්‍රැම් අටක් වගේ දිනකට දෙවරක් ආහාරයට ගන්න. අතීසාරය ගතිය දුරුවී සාමාන්‍ය තත්වයට හැරෙනවා.
උෂ්ණ කාලවලදී බෙලි මල් තම්බලා කිතුල් හකුරු හා සීනි සමඟ බොන්න ගන්නව නම් ඇඟට සිසිල් ගුණයත් ලැබෙනවා. පුළුවන් නම් තේ වලින් බෙලි මල් තම්බලා බොන්න නොමිලයේ රෝග රැසක් වලක්වා ගන්න පුළුවන්.
බෙලි මුල් ආයුර්වේදයේ සඳහන් වන දශ මුල්වලින් එකක්. වාත රෝගවලට, ඉදිමුම්, හන්දිපත් වේදනාවලට වගේම සිරුරේ අභ්‍යන්තරව සහ බාහිරව ඇති විවිධ වේදනාවලට බෙලි මුල් සහ සුදුලූනු තම්බලා බොන්න. වේදනා නාශක ඔෟෂධීය ගුණය ඇති පානයක්.
පුංචි ළමයින්ගේ අජීර්ණය නිසා වමනය අතීසාරයට බෙලි මුල් පොතු 60 ග්‍රැම් ක් වතුර 960 මිලිලිටර් දමා ඒකට වී පොරි කුඩු සහ සූකිරි ස්වල්පයක් මිශ්‍ර කරලා 240 මිලිටර් එකකට සිඳුවා උදේ කෝප්ප භාගයයි සවස කෝප්ප භාගයයි බොන්න දින තුනක්, හතරක් දෙන්න පුළුවන් නම් රෝගී තත්වය බැහැර වෙනවා.
අමු බෙලි කොළ කොටලා යුෂ අරගෙන ඒ යුෂ සමඟ ගම්මිරිස් කුඩු ටිකක් මිශ්‍ර කරලා දිනපතා උදෑසන බොන්න. ශරීරයේ සීනී පාලනය වී දියවැඩියාවට ප්‍රතිකර්මයක් වෙනවා. ඉදිමුම් වේදනා ඇති වන අවස්ථා වලදී බෙලි කොළ කොටලා රෝගී ස්ථානයේ ආලේප කිරීමෙන් සුවය අත්වෙනවා.
රූපලාවන්‍ය කටයුතු සඳහාද බෙලි යොදා ගත හැකියි. කාන්තාවන්ගේ මුහුණේ ලප කැළැල් සහ කුරුලෑ දුරලීමට බෙලි ඉතාමත්ම සුදුසුයි.
ඉදුණු බෙලි, කහ, දෙහි එකට මිශ්‍ර කරලා ලප කැළැල්, කුරුළෑ සහිත මුහුණේ ආලේප කරලා පැය දෙකකට පමණ පසුව මුහුණු සෝදන්න. සති දෙකක පමණ කාලයක් මෙම ප්‍රතිකර්මය කිරීමෙන් සම පැහැපත් වෙනවා. මුහුනේ හම පැළෙනවා නම් හැකිළෙනවා නම් . ඉදුණු බෙලි, වට්ටක්කා මද සමඟ හොඳින් මිශ්‍ර කරලා එළකිරි සමඟ කලවම් කරලා ගාන්න. හමේ තෙතමනය රදා පවතින්න හොද ප්‍රතිකාරයක්.
බෙලි මුල්
notes of imaginary




















