අපේ බෞද්ධ ජනතාව තරම් බණ අහන වෙනත් ආගමික ජනතාවක් ඉන්නවා කියලා
මට හිතා ගන්න බැහැ. අපේ විද්‍යුත් මාධ්‍ය අපි නිදිකරවන්නෙත් අපි අවදිකරන්නෙත් ආගමික වැඩ සටහන් වලින් ගමේ පන්සලේ
හාමුදුරුවෝ පාන්දර පහට පටන් ගන්න ආගමික වැඩ සටහනෙන් අදාල නැතිවුනත් ගමම අවදි වෙන්න
ඔනී.
ප්‍රවෘත්ති විශේෂාංග අහන බලන
අපිට කොයිතරම් මිණිමැරුම් ,මංකොල්ලකෑම් ස්ත්‍රී දුෂණ වැන අපරාධ අහන්න ලැබෙනවද ?.
ඉතින් මට හිතෙනවා මේ බණ කීමෙන් වෙහෙසිලා පලක් නැහැ. කියලා.
අද මේ වියමන කෙටුම්පත්
කරන්නේ ගමේ පන්සලන් විසුරුවා හරින පිරිත් දේශනාව අහන ගමන්. කාලෙකට ඉස්සර ගෙවල් වල
උදේ පාන්දර ක්‍රියාක්මක කරන ගුවන් විදුලි යන්ත්‍රය වහන්නේ නින්දට යනකොට. මේඔස්සේ තොරකෝංචියක්
නැකිව ගලා ගෙන සිංදු ගෙවල් වල පාළුවට වගේ අහන්න ලැබෙනවා. දැන් දැන් එහෙම නෙමෙයි. උදේ
පටන් නින්දට යන කම් බණ නාලිකාවකට යොමු වෙලා. අහනවද නැද්ද දන්නේ නැහැ ඒත් ශ්‍රවණය කලත් නොකලත් ගෙදර ධර්ම මණ්ඩපයක් වෙලා.
මේකත් අළුත් කලාවක් කියලා මට හිතෙනවා.
මේ පුර්විකාවට ලියවුනේ පුංචි
රස කතාවක් කියන්න.
මාස කිහිපයකට ඉස්සර මගේ
නැගණියක තම දියණියත් සමග සාප්පු ගිහිල්ලා. අම්මා දුවව මුණ ගැහෙන්නේ තම සේවා
ස්ථානයේ සිට නගරයට ඇවිත්. අම්මත් සමග යන යන තැන දියණියට ධර්ම දේශණාවක් ඇහෙනවා. සාප්පුවක්
සාප්පුවක් ගානේ එකම ස්වාමීන් වහන්සේ නමක් කරන ධර්ම දේශනාවමයි ඇහෙන්නේ. දුව හිතනවා
හැමතැනම අද බණ දාලා. මොකක්ද මේ විශේෂත්‍වය කියන එක දුවට ගැටළුවක් ?.
සමහර සාප්පු වල නම් ඇතුල්
වුනහම බණ ඇහුනේ නැහැ. සාප්පු සවාරිය එවර වෙලා වාහනේට නැග්ගහමත් අර බණ දේශනාව ආයෙත්
ඇහෙනවා.
බලාපුවම අම්මා ගේ බෑග් එක ඇතුලේ
තිබුන පුංචි රේඩියෝව මේ හපන් කම කරලා තියෙන්නේ.
තුන් තිස්පැයේම බණ අහන රටක ජීවත්
වන අපි තාමත් සංසාරේ සැරිසරන්න අකුසල් රැස්කරමින් දවස ගෙවා දමන බවනම් හිතාගන්න
පුළුවන්......... !.
notes of imaginary
5 comments:
ඔබේ බ්ලොග් අඩවියත් අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න
http://blogdharshakaya.blogspot.com/
දැං හැම තැනම පිරිත් බණ වැහි වැහැල නේ
බණ කියන රටක් බණ අහන රටක්....... මතකද සිංදුව
බනක් පිරිතක් කියන්නේ ඉතින් ගෙදරක නෙවෙයි ගොඩක් බෞද්ධයෝ ඉන්න නගර වල පවා දවසේ නිස්චිත වෙලාවකට පුරුද්දක් ලෙස ඇහෙන දෙයක්. බණට කියන දේව කොයිතරම් දුරට පිළිපදිනවද කියන ගැටලුවනම් තියෙනවා තමයි.
අපේ උන්දැත් පටන් ගත්තා උදේ ඉඳන් රෑ වෙනකල් එක්තරා බෞද්ධ ගුවන්විදුලි නාලිකාවක් ඔහේ දාලා තියන්න. මම කරුණු පෙන්වා දුන්නා ගුවන් විදුලිය අහන්න කෙනෙකු සිටිය යුතු බවත් නිකම් සද්දේ දමා තිබීමෙන් වැඩක් නැති බවත්.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.