තෙරුවන් සරණයි .
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2011-04-13
2011-04-10
අසරනකමක තරම
2011-04-06
මීදුම පැෂන් ෂෝ එකක
මීදුම අළුත් අවුරුද්දට ඇදුම් තෝරන්න ගියා.
ඒත් වැරදිලා ගිහින් තිබුනේ පැෂන් ෂෝ එකකට.
මීදුම හිතුවා ඔයාලත් එකතු කරගෙනම පැෂන් ෂෝ එක බලන්න.
හැමදාමත් ලොකු ලොකු දේවල් කතා කර කර ඉන්නේ නැතිව මේවත් කතා කරන්න දේවල් කරගත්තාම හිත - ටත් හොදයි නේ.
2011-04-05
සමරමු කපුගේ - මං මුලාවු සමනලියක්
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
ඇයත් නොදන්නිය
ඇය යන මානය
උන් හිටි තැන්
මතකය අඩමානය
ඇයත් නොදන්නිය
ඇය යන මානය
උන් හිටි තැන්
මතකය අඩමානය
පාර කියන්නේ
කෙලෙසද මා හට
ඇයට පාරක්
ඇති නැති ගානය
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
අප හමුවුයේ මංදැයි
නොදිනිමි
පාර ඇසුයේ ඇයිදැයි
නොකියමි
අප හමුවුයේ මංදැයි
නොදිනිමි
පාර ඇසුයේ ඇයිදැයි
නොකියමි
අපේ ගමන අද
නවතිනු හැකිනම්
අප යන ගමනද
අද මෙතනින් නිමි
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
![]() |
| අට වසරකට පෙර නිහඩවු කම්පන වෙනුවෙනි. |
2011-04-02
කඩ මන්ඩියේ දොල අයිනේ
![]() |
| කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි |
නැවතී බලනවා මොහොතක් -කොහොම හරි
කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට -බැරිව වැසී
ගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දා
සුළගට සියුම් දාහක් -කන් නැති හින්දා
කවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දා
මුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් -බොන්න බැරි
ඔරුව මොටද වතුරේ -පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ -දැක ගන්න බැරි
කුසුම මොටද -
ලංවී රොන් .....................ගන්න බැරි2011-04-01
2011-03-27
සෝක සැනසුම් වේදනාවන් - වික්ටර් රත්නායක
සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි ජීවිතේ මතු වාසනා
සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි ජීවිතේ මතු වාසනා
වීනාවේ තත් මැද ගී ගයන්නේ - පෑ සෙනෙහේ හද මිහිර මවා
වීනාවේ තත් මැද ගී ගයන්නේ - පෑ සෙනෙහේ හද මිහිර මවා
රන් කෙහෙලි බදිමින් මග සරසන්නේ
ජීවන ගමනේ මිහිර පතා
සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි -ජීවිතේ මතු වාසනා
මා සිහින විමානේ පැතුම් තටාකේ - ආදර කුසුමන් පිපි තියේ
මා සිහින විමානේ පැතුම් තටාකේ - ආදර කු සුමන් පිපි තියේ
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ
සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි - ජීවිතේ මතු වාසනා
සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි - ජීවිතේ මතු වාසනා
- වික්ටර් රත්නායක
2011-03-17
තක්‍ෂලාවේ ගුරු තුමෝ
මව් පිය දහඩියෙන්
අතට ආ ගිරා - මොනර කොළ
අනුකම්පාවක් නැතිව - ටික්කා උදුරද්දී
රටේ නැති කුණු හරුප - ශිල්ප කොට බෙදා දෙයි
තක්‍ෂලාවේ ගුරු තුමෝ .
කැඩී ගිය බංකුවට - මුක්කුවක් වුන මම
නිදි කිරා වැටෙන විට
දිසාපාමොක් ඇදුරිදු සමග - අතීතයේ
වැළි පිල්ලේ අකුරු කළ හැටි
දුටුමි සිහිනයක්ව.
මුමුනමින් පෙම් බස් - දේශණය නොසලකා
නොදන්නා ගානට සිටින - මේ ගුරුන්ගේ
නිසරුවු දේශන - අසා නිදි කිරන මට
සිහි කලේය යලි - දිසාපාමොක් ගුරුතුමා
අධ්‍යාපන කළුකඩකාරයෝ
මවා පුරසාරම් -
ඇදබා ගජ බින්න
වැඩි කරගනී ගෝලයෝ
පුද පඩුරු මිස - උන්ට නැත වෙන සිහිනයක්.
පමාවු කල්හී - කඹුරන්නට
බල්ලන් මෙන් එලවා දමති - දේශණයෙන්
දිසාපාමොක්ට මෙන් - මේ ඇදුරන්ටත්
ඉතින් කෙලෙසද අප - බුහුමන් කරන්නේ .
2011-03-10
කුජ මහදශාව - කුජ කළහකාරී තරුණයෙක් වගෙයි.
රවි සදු මහදශා අනුපිලිවෙලින් ගෙවී ඉන්පසුව ලබන්නේ කුජ මහදසාවයි. කුජ මහා දසාව අවුරුදු හතකින් ගෙවී අවසන්වෙනු ලැබේ.
කුජ ග්‍රහයා අගහරු ග්‍රහයා ලෙසද හදුන්වනු ලැබේ.
කුජ විස්තර කරනුයේ ශක්තිමත් ශරීර ඇති කළහකාරි අන් අයට සවන් නොදෙන ගති ඇති හිතුවක්කාරී යහපත් ක්‍රියාවන්ට වඩා අයහපත් ක්‍රියා සදහා කැමැත්තක් දක්වන ගති පැවතුම් ඇති ප්‍රචණ්ඩකාරි තරුණයෙකු ලෙසය. තමන්ගේ අවශ්‍යතාවයන් සදහා අනුන්ගේ දේ වුනත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන් සන්තක කර ගන්නා ගති ප්‍රචන්ඩකාරී සිතිවිලි ඇත්තෙක් ලෙස තවදුරටත් කුජ විස්තර කෙරේ .නිල,ධන,ශක්තිය ඇති ජව සම්පන්න තරුණයෙකු ගේ හැසීරීම නිරීක්‍ෂණය කර ඒ අනුව කුජ හැසිරෙනවායි නිගමනය කළහොත් එය නිවරදිවේ.ජොතිෂවේදීන් විසින් කුජ මහ දශා කාලවලදී මේ ගති පැවතුම් ඇතිව කේන්දර හිමියන් හැසිරෙනවා යයි උපකල්පනයෙන් යුතුව ජොතිෂයේදී පලා පල විග්‍රහ කරනු ලැබේ.
කුජ මහදශාව අන්තරයන්ට බෙදෙන අයුරුත් අන්තර් දශා කාලයේදී ඇතිවිය හැකි පලාපලත් පහත පරිදිවේ.
කුජගේ කුජ අන්තර් දශාකාලය මාස හතරයි දින විසි හතරකි.
මෙම කාලයේ කුජ මහ දසාවේ කුජ අන්තරය ගත කරන අය වෙත තද ශාරීරික වේදනා සහිත රෝග , වේදනා සහිත ශාරීරීක තුවාල ඇති කරයි. තම ප්‍රධාණින් හා එරෙහිවීමෙන් සේවා ස්ථනයේ අසමගිකමි ඇති කරගනී. පවුලේ සහෝදර සහොදරයින් සමග තම පවුල් ඒකකය තුල අසමගිකම් ඇති කරගනී.
කුජගේ රාහු අන්තර් දශාකාලය අවුරුදු එකයි දින දහ අටකි.
චර්ම රෝග , වස වීෂ අසාත්මිකතාවය නිසා රෝගාතුරවීම, සිදුවිය හැකිවේ. කිට්ටුම ඥාතීන්ට යම් යම් කරදර උපද්‍රව වවලට මුහුණපෑමට සිදුවේ. නිකරුනේ වියපැහැදම් වන ගමන් බිමන් ඇතිවේ. තදබල ලෙස මානසික ව්‍යාකූලතාවයනට ලක්වේ.
කුජ සහ රාහු දෙදෙනාම කේන්ද්‍රරයේ සුබ පල දෙන ස්ථානයක පිහිටියේ නම් බොහෝ ධන ලාභ ප්‍රසිද්ධිය ලැබේ.ලොතරැයි අනුමාන කර කරනු ලබන ආයෝජන වැනි දේවලින් ලාභ ප්‍රයෝජන අත්වේ.
කුජගේ ගුරු අන්තර් දශාකාලය මාස එකලොහයි දින හයකි.
කුජ සහ ගුරු බලවත්ව සිටී නම් එවරනි කේන්දර හිමියන් හට ඉඩකඩම් දේපල ,ගෙවල් දොරවල් , යානවාහන ලබාදේ. එසේ නොමැතිව අසුබ පල දෙන ලෙස පිහිටා ඇත්නම් වැඩිහිටියන් අසල්වාසීන් සමග වාද බේද ඇති කර විරසක කරවයි. ඉඩකඩම් දේපල පිළිබද නඩු හබ ඇති කරයි. එහෙත් මේ සියල්ල තමන්ගේ වාසියට හරවා ප්‍රතිපල ලබා ගාණිමට භග්‍යවන්තවේ.
කුජගේ ශනි අන්තර් දශාකාලය අවුරුදු එකයි මාස එකයි දින නවයකි.
ඉතාමත් අයහපත් කාලයකි. මානව දයාවෙන් තොරව කටයුතු කරයි. අයහපත් කල්ක්‍රියා නිසා විපත් ලගා කර ගනී. මේ නිසාම දේපල ඉඩකඩම් යාන වාහන ආදී සම්පත් නැති කර ගනී අඩු තරමින් උගසට තබන්නවත් සිදුවේ. කුජ සහ ශනි අයහපත්වම පිහිටියේනම් දේපල ඉඩකඩම් යානවාහන අහිමිවේ. නැත්නම් ගම ගැටළු නිරාකරණය කරගැණිමට විකුනා දමයි.
කුජ ශනි දෙදෙනාම කේන්දරයේ බලවත් ස්ථානවල පිහිටියේ නම් මේ අසුබ පල වලට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපල අත්වේ. යාන වාහන ඉඩකඩම් ලැබේ.
කුජගේ බුධ අන්තර් දශාකාලය මාස එකලොහයි දින විසි හතකි.
යහපත් කාලයකි. විවාහපේක්‍ෂකයන් විවාහ දිවියට ඇතුලත්වේ. සතුටින් ප්‍රිතියෙන් සිටීමට පෙළඹේ. ගායන වාදන යට සම්බන්ධ කලා කටයුතුවලට යෙදීමට කැමැත්ත ඇතිවේ. එවැනි කටයුතු වලින් ලාභ ප්‍රයෝජන අත්වේ.ව්‍යාපාරවල යෙදෙන්නන්ට අධික ලාභ ප්‍රයෝජන අත්වේ. රැකියා කටයුතු වල යෙදෙන්න්ට උසස්වීම් ආදියට ලැබේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න්ට එම කටයුතුවලින් උසස් ප්‍රතිපල ලැබේ.
කුජගේ කේතු අන්තර් දශාකාලය මාස හතරයි දින විසි හතකි.
අයහපත්වු කාලයකි.තදබල ලෙස මානසික පීඩාවන්ට පත්කෙරේ. නිවසේ දූ දරුවන් බිරිද සහ අසල්වාසීන් ඥති හිතවතුන් සමග ආරවුල් ඇති කරගැණිමට හේතු සැදේ. මේ නිසා මානසික පීඩා ඇති කරයි.තමන් අන් පිලිසරණක් නොමැතිව තනිවුවායි සිතෙන තරමට අසරන වේ. වස විෂ ශරීරගතවීම් ආසාත්මිකතාවයනට ගොදුරුවීම් ඇතිවේ.
කුජ සහ කේතු බලවත්ව සිටී නම් මෙම ප්‍රතිපල නොලැබේ . ඉතා යහපත් සාමකාමි කාලයක් ඇතිවේ.
කුජගේ සිකුරු අන්තර් දශාකාලය අවුරුදු එකයි මාස දෙකකි.
ඉතා යහපත් කාලයක් ලෙස සදහන් වේ.සෞඛ්‍යමත්වේ. යන එන ගමන බිමන කරදරයක් නැතිව ගොස් ආහැකිවේ. කරුණු කාරනා ඉටුවේ. විනෝද සංචාරයන් සදහා හිත යොමුවේ. එවැනි ලමන් බිමන් වල යෙදේ. ගෘහ ජීවිතයද සාමකාමි වේ. සතුට සමාදානය ගෘහ ජීවිතය තුල ගොඩ නැගේ.
කුජ හා සිකුරු කේන්දරයේ අසුබ පල දෙන ස්ථාන වල සිටි නම් සුබ ප්‍රතිපල නොලැබී ඉහත ප්‍රතිපල වලට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපල ලබයි.විරුද්ධ ලිංගිකයන් නිසා බොහෝ කරදර නිර්මාණ්‍ය කරගනී.
කුජගේ රවි අන්තර් දශාකාලය මාස හතරයි දින හයකි.
කුජ හා රවි සුබ පල ස්ථානවල නොපිහිටියේ නම් ඉතාමත් අසුබ කාලයකි. පියාට ,බිරිදක නම් ස්වාමියාට ,ස්වාමියෙකු නම් බිරිදට බරපතල රෝගවලට මුහුණපෑමට සිදුවේ.තමන්ට එරෙහි වන්නන් ඇතිවේ. මේ නිසා අසල්වාසීන් නෑදෑයන් සමග අමනාප කම් ඇතිවේ.
කුජ හා රවි සුබ ස්ථානවල පිහිටියේ නම් සමාජයේ ප්‍රසිද්ධවේ. උසස් යයි සම්මත අයගෙන් ආධාර උපකාර ලැබේ.
කුජගේ චන්ද්‍ර අන්තර් දශාකාලය මාස හතකි.
සුබ පල දෙන මාස හතකි. ව්‍යාපාර වලින් ලාභ උපදී. ඉඩකම් ම්ළදී ගැණීමට නිවෙස අළුත්වැඩියා කර ගැණීමට සිත් ඇතිව ක්‍රියාත්මක කිරීමට උනන්දුවේ. රැකියා කටයුතු දියුණුවේ අඩු තරමින් .ණය මුදලක් අයදුම් කර ඇත්නම් පමා නොවී එය ලැබේ.අැදුම් පැළදුම් ස්වර්ණාභරණ මිළට ගැණීමට මුදල් යොදවයි.
කුජ සහ චන්ද්‍ර යන දෙදෙනා අසුබව පිහිටියේ නම් විරුද්ධ ලිංගිකයෙකු නිසා අපවාදයට ලක්වේ. කුජ සහ චන්ද්‍ර දෙදෙනා දොලොස්වන ස්ථානයේ සිටී නම් අඩු තරමින් රිමාන්ඩ් භාරයට පත්වීමට හෝ ඉඩකඩ ඇති වරදකට චෝදනාවකට ලක්වේ.
යහපත් ප්‍රතිඵල ලැබෙනවා සේම අයහපත් ප්‍රතිපලත් ජීවිතයට උරුම වේ. අටලෝ දහම රිය සක ලෙස කැරකේ යයි කියමනක් සහ කන්දක් නැග්ගොත් පල්ලමක් ඇති බව කියන කියමනක් අප අසා ඇත. ජීවිතයට හොද හා නරක සම සමව ජීවත් වන කාලසීමාවේ උරුම වන බව මේ පලාපල පීබදව විමසිල්ලෙන් බලන විට අපට පසක් වන කරුණකි. එසේ නම් අප විපතේදී කම්පා වන්නේ කුමටද ? . සියල්ල සිද්ධ වන්නේ මට විතරයි යන හැගීමෙන් හඩා වැටෙන්නේ කුමටද ?.
අප විපතේදී මෙන්ම සැපතේදීද අකම්පා නොවී උපේක්‍ෂා වෙන් ජීවිතය දෙස බැලිය යුතු වන්නේ නොවේදෑයි මීදුම සිතන්නේය.