ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2011-03-17

තක්‍ෂලාවේ ගුරු තුමෝ


මව් පිය දහඩියෙන්  
අතට ආ ගිරා - මොනර කොළ
අනුකම්පාවක් නැතිව  - ටික්කා උදුරද්දී
රටේ නැති කුණු හරුප  - ශිල්ප කොට බෙදා දෙයි
තක්‍ෂලාවේ ගුරු තුමෝ .

කැඩී ගිය බංකුවට   - මුක්කුවක්  වුන මම
නිදි කිරා වැටෙන විට
දිසාපාමොක් ඇදුරිදු සමග - අතීතයේ
 වැළි පිල්ලේ අකුරු කළ හැටි
දුටුමි සිහිනයක්ව.

මුමුනමින් පෙම් බස් - දේශණය නොසලකා
නොදන්නා ගානට සිටින -  මේ  ගුරුන්ගේ
නිසරුවු දේශන -  අසා නිදි කිරන මට
සිහි කලේය යලි -  දිසාපාමොක් ගුරුතුමා

අධ්‍යාපන කළුකඩකාරයෝ
මවා පුරසාරම්  -
ඇදබා ගජ බින්න 
වැඩි කරගනී ගෝලයෝ
පුද පඩුරු මිස - උන්ට නැත වෙන සිහිනයක්.

පමාවු  කල්හී - කඹුරන්නට
බල්ලන් මෙන් එලවා දමති - දේශණයෙන් 
දිසාපාමොක්ට මෙන්  - මේ ඇදුරන්ටත්  
ඉතින් කෙලෙසද අප - බුහුමන් කරන්නේ .

0 ප්‍රතිචාර: