පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, March 10, 2011

කුජ මහදශාව - කුජ කළහකාරී තරුණයෙක් වගෙයි.


මීදුම සදු මහ දශාව පිලිබදව පලකරන ලද ලිපියෙන් පසු අද පලකරනු ලබන්නේ කුජ මහදශා කාලයේදී ඇතිවිය හැකි පලාපල පිළිබදයි.
රවි සදු මහදශා අනුපිලිවෙලින් ගෙවී    ඉන්පසුව ලබන්නේ කුජ මහදසාවයි. කුජ මහා දසාව අවුරුදු හතකින් ගෙවී අවසන්වෙනු ලැබේ. 

කුජ ග්‍රහයා  අගහරු ග්‍රහයා ලෙසද හදුන්වනු ලැබේ.
කුජ විස්තර කරනුයේ ශක්තිමත් ශරීර ඇති කළහකාරි අන් අයට සවන් නොදෙන ගති ඇති හිතුවක්කාරී යහපත් ක්‍රියාවන්ට වඩා අයහපත් ක්‍රියා සදහා කැමැත්තක් දක්වන ගති පැවතුම් ඇති ප්‍රචණ්ඩකාරි තරුණයෙකු ලෙසය. තමන්ගේ අවශ්‍යතාවයන් සදහා අනුන්ගේ දේ වුනත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන් සන්තක කර ගන්නා ගති ප්‍රචන්ඩකාරී සිතිවිලි ඇත්තෙක් ලෙස තවදුරටත් කුජ  විස්තර කෙරේ .නිල,ධන,ශක්තිය ඇති ජව සම්පන්න තරුණයෙකු ගේ හැසීරීම නිරීක්‍ෂණය කර ඒ අනුව කුජ හැසිරෙනවායි නිගමනය කළහොත්  එය නිවරදිවේ.ජොතිෂවේදීන්  විසින් කුජ මහ දශා කාලවලදී මේ ගති පැවතුම් ඇතිව කේන්දර හිමියන් හැසිරෙනවා යයි උපකල්පනයෙන් යුතුව ජොතිෂයේදී පලා පල විග්‍රහ කරනු ලැබේ.

කුජ මහදශාව  අන්තරයන්ට බෙදෙන අයුරුත් අන්තර් දශා කාලයේදී ඇතිවිය හැකි පලාපලත් පහත පරිදිවේ.

කුජගේ කුජ අන්තර් දශාකාලය මාස හතරයි දින විසි හතරකි.

මෙම කාලයේ කුජ මහ දසාවේ කුජ අන්තරය ගත කරන අය වෙත තද ‍ශාරීරික වේදනා සහිත රෝග , වේදනා සහිත ශාරීරීක තුවාල ඇති කරයි. තම ප්‍රධාණින් හා එරෙහිවීමෙන් සේවා ස්ථනයේ අසමගිකමි ඇති කරගනී. පවුලේ සහෝදර සහොදරයින් සමග තම පවුල් ඒකකය තුල අසමගිකම් ඇති කරගනී.

කුජගේ රාහු අන්තර් දශාකාලය අවුරුදු එකයි   දින දහ අටකි.

චර්ම රෝග , වස වීෂ අසාත්මිකතාවය නිසා රෝගාතුරවීම, සිදුවිය හැකිවේ. කිට්ටුම ඥාතීන්ට යම් යම් කරදර උපද්‍රව වවලට මුහුණපෑමට සිදුවේ. නිකරුනේ වියපැහැදම් වන ගමන් බිමන් ඇතිවේ. තදබල ලෙස මානසික ව්‍යාකූලතාවයනට ලක්වේ.
කුජ සහ රාහු දෙදෙනාම කේන්ද්‍රරයේ සුබ පල දෙන ස්ථානයක පිහිටියේ නම් බොහෝ ධන ලාභ ප්‍රසිද්ධිය ලැබේ.ලොතරැයි අනුමාන කර කරනු ලබන ආයෝජන වැනි දේවලින් ලාභ ප්‍රයෝජන අත්වේ.

කුජගේ ගුරු අන්තර් දශාකාලය මාස එක‍ලොහයි   දින හයකි.

කුජ සහ ගුරු බලවත්ව සිටී නම් එවරනි කේන්දර හිමියන් හට ඉඩකඩම් දේපල ,ගෙවල් දොරවල් , යානවාහන ලබාදේ. එසේ නොමැතිව අසුබ පල දෙන ලෙස පිහිටා ඇත්නම් වැඩිහිටියන් අසල්වාසීන් සමග වාද බේද ඇති කර විරසක කරවයි. ඉඩකඩම් දේපල පිළිබද නඩු හබ ඇති කරයි. එහෙත් මේ සියල්ල තමන්ගේ වාසියට හරවා ප්‍රතිපල ලබා ගාණිමට භග්‍යවන්තවේ.

කුජගේ ශනි අන්තර් දශාකාලය අවුරුදු එකයි මාස එකයි   දින නවයකි.

ඉතාමත් අයහපත් කාලයකි. මානව දයාවෙන් තොරව කටයුතු කරයි. අයහපත් කල්ක්‍රියා නිසා විපත් ලගා කර ගනී. මේ නිසාම දේපල ඉඩකඩම් යාන වාහන ආදී සම්පත් නැති කර ගනී අඩු තරමින් උගසට තබන්නවත් සිදුවේ. කුජ සහ ශනි අයහපත්වම පිහිටියේනම් දේපල ඉඩකඩම් යානවාහන අහිමිවේ. නැත්නම් ගම ගැටළු නිරාකරණය කරගැණිමට විකුනා දමයි.
කුජ ශනි දෙ‍දෙනාම කේන්දරයේ බලවත් ස්ථානවල පිහිටියේ නම් මේ අසුබ පල වලට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපල අත්වේ. යාන වාහන ඉඩකඩම් ලැබේ.

කුජගේ බුධ අන්තර් දශාකාලය මාස එක‍ලොහයි   දින විසි හතකි.

යහපත් කාලයකි. විවාහපේක්‍ෂකයන් විවාහ දිවියට ඇතුලත්වේ. සතුටින් ප්‍රිතියෙන් සිටීමට පෙළඹේ. ගායන වාදන යට සම්බන්ධ කලා කටයුතුවලට යෙදීමට කැමැත්ත ඇතිවේ. එවැනි කටයුතු වලින් ලාභ ප්‍රයෝජන අත්වේ.ව්‍යාපාරවල යෙදෙන්නන්ට අධික ලාභ ප්‍රයෝජන අත්වේ. රැකියා කටයුතු වල යෙදෙන්න්ට උසස්වීම් ආදියට ලැබේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න්ට එම කටයුතුවලින් උසස් ප්‍රතිපල ලැබේ.

කුජගේ කේතු අන්තර් දශාකාලය මාස හතරයි   දින විසි හතකි.
අයහපත්වු කාලයකි.තදබල ලෙස මානසික පීඩාවන්ට පත්කෙරේ. නිවසේ දූ දරුවන් බිරිද  සහ අසල්වාසීන් ඥති හිතවතුන් සමග ආරවුල් ඇති කරගැණිමට හේතු සැදේ. මේ නිසා මානසික පීඩා ඇති කරයි.තමන් අන් පිලිසරණක් නොමැතිව තනිවුවායි සිතෙන තරමට අසරන වේ. වස විෂ ශරීරගතවීම් ආසාත්මිකතාවයනට ගොදුරුවීම් ඇතිවේ.
කුජ සහ කේතු බලවත්ව සිටී නම් මෙම ප්‍රතිපල නොලැබේ . ඉතා යහපත් සාමකාමි කාලයක් ඇතිවේ.
කුජගේ සිකුරු  අන්තර් දශාකාලය අවුරුදු එකයි මාස දෙකකි.

ඉතා යහපත් කාලයක් ලෙස සදහන් වේ.සෞඛ්‍යමත්වේ. යන එන ගමන බිමන කරදරයක් නැතිව ගොස් ආහැකිවේ. කරුණු කාරනා ඉටුවේ. විනෝද සංචාරයන් සදහා හිත යොමුවේ. එවැනි ලමන් බිමන් වල යෙදේ. ගෘහ ජීවිතයද සාමකාමි වේ. සතුට සමාදානය ගෘහ ජීවිතය තුල ගොඩ නැගේ.
කුජ හා සිකුරු කේන්දරයේ අසුබ පල දෙන ස්ථාන වල සිටි නම් සුබ ප්‍රතිපල නොලැබී ඉහත ප්‍රතිපල වලට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපල ලබයි.විරුද්ධ ලිංගිකයන් නිසා බොහෝ කරදර නිර්මාණ්‍ය කරගනී.

කුජගේ රවි  අන්තර් දශාකාලය  මාස හතරයි දින හයකි.

කුජ හා රවි සුබ පල ස්ථානවල නොපිහිටියේ නම් ඉතාමත් අසුබ කාලයකි. පියාට ,බිරිදක නම් ස්වාමියාට ,ස්වාමියෙකු නම් බිරිදට බරපතල රෝගවලට මුහුණපෑමට සිදුවේ.තමන්ට එරෙහි වන්නන් ඇතිවේ. මේ නිසා  අසල්වාසීන් නෑදෑයන් සමග අමනාප කම් ඇතිවේ.
කුජ හා රවි සුබ ස්ථානවල පිහිටියේ නම් සමාජයේ ප්‍රසිද්ධවේ. උසස් යයි සම්මත අයගෙන් ආධාර උපකාර ලැබේ.

කුජගේ චන්ද්‍ර  අන්තර් දශාකාලය  මාස හතකි.

සුබ පල දෙන මාස හතකි. ව්‍යාපාර වලින් ලාභ උපදී. ඉඩකම් ම්ළදී ගැණීමට නිවෙස අළුත්වැඩියා කර ගැණීමට සිත් ඇතිව ක්‍රියාත්මක කිරීමට උනන්දුවේ. රැකියා කටයුතු දියුණුවේ අඩු තරමින් .ණය මුදලක් අයදුම් කර ඇත්නම් පමා නොවී එය ලැබේ.අැදුම් පැළදුම් ස්වර්ණාභරණ මිළට ගැණීමට මුදල් යොදවයි.
කුජ සහ චන්ද්‍ර යන දෙදෙනා අසුබව පිහිටියේ නම් විරුද්ධ ලිංගිකයෙකු නිසා අපවාදයට ලක්වේ.  කුජ සහ චන්ද්‍ර දෙදෙනා දොලොස්වන ස්ථානයේ සිටී නම් අඩු තරමින් රිමාන්ඩ් භාරයට පත්වීමට හෝ ඉඩකඩ ඇති වරදකට චෝදනාවකට ලක්වේ.


යහපත් ප්‍රතිඵල ලැබෙනවා සේම අයහපත් ප්‍රතිපලත් ජීවිතයට උරුම වේ.  අටලෝ දහම රිය සක ලෙස කැරකේ යයි කියමනක් සහ කන්දක් නැග්ගොත් පල්ලමක් ඇති බව කියන කියමනක්  අප අසා ඇත. ජීවිතයට හොද හා නරක සම සමව ජීවත් වන කාලසීමාවේ උරුම වන බව මේ පලාපල පීබදව  විමසිල්ලෙන් බලන විට අපට පසක් වන කරුණකි. එසේ නම් අප විපතේදී කම්පා වන්නේ කුමටද ? . සියල්ල සිද්ධ වන්නේ මට විතරයි යන හැගීමෙන් හඩා වැටෙන්නේ කුමටද ?.

අප විපතේදී මෙන්ම සැපතේදීද අකම්පා නොවී උපේක්‍ෂා වෙන් ජීවිතය දෙස බැලිය යුතු වන්නේ නොවේදෑයි මීදුම සිතන්නේය. 

1 comment:

lakmal8888 said...

hoda lipiyak... mama hamadama me blog1kiywanwa
ate coment karanne ada thama mama hitahne... digatama liyanna