ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2011-04-05

සමරමු කපුගේ - මං මුලාවු සමනලියක්


මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ  
මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ  

ඇයත් නොදන්නිය 
ඇය යන මානය 
උන් හිටි තැන් 
මතකය අඩමානය 
ඇයත් නොදන්නිය 
ඇය යන මානය 
උන් හිටි තැන් 
මතකය අඩමානය 

පාර කියන්නේ 
කෙලෙසද මා හට 
ඇයට පාරක් 
ඇති නැති ගානය
මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ  
මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ


අප හමුවුයේ මංදැයි 
නොදිනිමි 
පාර ඇසුයේ  ඇයිදැයි 
නොකියමි
අප හමුවුයේ මංදැයි 
නොදිනිමි 
පාර ඇසුයේ  ඇයිදැයි 
නොකියමි
අපේ ගමන අද 
නවතිනු හැකිනම් 
අප යන ගමනද
‍අද මෙතනින් නිමි

මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ  
මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ



අට වසරකට පෙර  නිහඩවු කම්පන වෙනුවෙනි.

Enhanced by Zemanta

1 ප්‍රතිචාර:

Dush said...

මම කපුගේ හීනෙන් දැක්ක.. live sing කරනවා.. මාරම ලස්සනයි, මම කපුගේ live sing කරනවා අහල නැ.
හිටිය නම අහන්න තිබ්බ..