Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Wednesday, March 09, 2011

සෝමාවතී අභයභුමිය.


සෝමාවතී අභය භුමියේ වැවක්

සෝමාවති අශයභුමියේ අලි අඩි සටහන් (වංගෙඩි ඇවිදලා.)

සෝමාවතී අභයභුමියේ වැවක්

Tuesday, March 01, 2011

ලිප්ස්- ලාටු පුඩිම.



රස රස ආහාර දොරට වඩින්නේ දානේ ගෙවල් වලදී සහ මගුල් ගෙවල් වලදීය. ඒත් මගුල් ගෙවල් හෝටල් වලට කොන්ත්‍රාත් දෙන මේ කාලයේ  රසවත් ආහාර කෙසේ වෙතත් බටහිරටත් චීනයටත් නැති  මෙරට සම්ප්‍රදායටත් නැති කෑම පේලියකින් සැරසූ  මේසයක් බූපේ නමින් මොඩ්වී පෝලිමක ගොස් බෙදා ගෙන රසබැලිමට සකසන්නේය.  අන්තිමට ළුනුත් නැති ඇඹුළුත් නැතිව ගිල දමා ගෙදර විත් හෝටල් කාරයාට ළුණු ඇඹුල් ඇතිව බැණ වදින්නේය . මෙනුව මෝස්තරයට තේරූ ඇනවුම් කරු නොදන්නා වගේ සිට ගොඩ යන්නේය.

තාමත් දානේ  ගෙවල් වලදී දෙන්නේ හාමුදුරුවරුන් අකමැත්තෙන් හෝ ගෙවල් වලට වඩින නිසාවෙන් විය හැක. නැත්නම් එයත් හොටල් කාරෙකුට බාරදී බිලත් ගෙවා හාමුදුරුවන්ට බිල පූජා කරන උපාසක අම්මලා සහ උපාසක තාත්තලා මේ දශකය වන විට බිහිවී හමාරය.

මේ කතාව දානේ ගෙවල් මගුල් ගෙවල් ගැන නොවූවත් දානේ ගෙයක් අවසාන වී සතුටු සාමිචියකදී මතුවු රසවත් ආහාරයක් පිළිබදවය.

ජුජුබ්ස් සහ මාෂ්මෙලෝස් අපේ රටට ආධුනික රසකැවිල්ලක් වුයේ මීට වසර තිහකට පමණ පෙරය. එකල ජනප්‍රිය රසකැවිල්ලක් බවට පත්ව සිටි ජුජුබ්ස් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර  එක් සමාගමක් මුළු  රටටම ග්ලුකෝරස නමින් ජුජුබ්ස් බෙදුවේය. ඉන් වසර කිහිපයකට පසු මාෂ්මෙලෝස් වෙළද පලට ආ අතර එකල රසකැවිලි වෙළද නාමයන් අතර ජනප්‍රියව තිබු ප්‍රමුඛ වෙළද නාමයන් මාෂ්මෙලෝස් වෙළදපල ජය ගෙන තිබුනේය.  

මීදුමට ඒ මේ වන විට එම වෙළද නාම  නම් අමතකව ගොස් ඇත.

පසු කාලයක් වන වි ශ්‍රී ලංකාවේ නාගරිකව ඉවුම් පිහුම් කලාව උගන්වන කුකරි ක්ලාස් බිහිවී අපේ කැවුම් කොකිස් මුල්ලට තල්ලු කර  බටහිර ,චීන පන්නයේ ආහාර ලේඛණ  විසින් දියවැඩියාව අධික රුධිර පීඩනය ,සමග තරබාරුකම ඇති ශරීර නිර්මාණය කලේය.
 මේ ක්‍රියාවට දායකවු මීදුමගේ වැඩිමහල් සොහොයුරියද කුකරි ක්ලාස් ගොස් විත් නානා පන්නයේ ආහාර ලේඛණ නිවසේදී නිෂ්පාදනය කර අපට පිළිගන්වා හොද නරක මෙන්ද ඒවා නැවත නැවතත් නිෂ්පාදනය සදහා අත්දැකීම් එකතු කර ගත්තේය. අපටත් නිතර නිතර වෛද්‍යවරයා හමුවීමට යාමට මග සැලැස්වීය.

  
මේ කුකරි ක්ලාස් එකක් හරහා අපේ නිවසට ගොඩ වැදුන මාෂ්මෙලෝස් නිෂ්පාදනය කරන මෙනුවක නිෂ්පාදන පිළිවෙල  මෙසේය.

අවශ්‍ය ද්‍රව්‍ය. - ජෙලටින් ග්‍රැම් 10ක්, සීනී ග්‍රැම් 500ක් වතුර මිලි 400 ක් සහ රසකාරක (වැනිලා) වර්ණක,
සාදන ක්‍රමය. - ජෙලටින් වතුරේ මිශ්‍රකර විනාඩි 05ක් පමණ තබන්න. සීනි ද්‍රාවනයක් සදා ලිපේ තබා උණුකරන්න . හැදිගාමින් සීනි පදමට සකස් කර ජෙලටින් මිශ්‍රණය එක් කරන්න. ඉන්පසු නිවෙන්න සලස්වා රසකාරක සහ වර්ණක එකතු කර බීටරයකින් හොදින් බීට් කරන්න. මෙසේ ද්‍රාවණය බීට් කරන විට අර්ධ ඝණ ද්‍රාවණයක් ලෙස පත්වන විට බටර් ගා සකස් කරගත් නොඇලෙන තැටියක සෙමි 03ක් පමන උසට වක්කර පැය 24ක් පමණ කාලයක් තබන්න.
තැටියේ ඝණව ඇති  මාෂ්මෙලෝස් උසට සරිලන කැබලි වලට කපා ඉන්පසු අයිසින් සුගර් මේස හැදි 02ක් සහ කොන්ප්ලවර් මේස හැදි 02ක් එක් කරගත් මිශ්‍රණයක දවටා ගන්න.
   
එක් දවසක අක්කා කුකරි ක්ලාස් ගොස් ඉගන ගෙන ආ මාෂ්මෙලෝස් පාඩම අපේ මද්දුම නංගීට අහුවිය . අක්කාත් ගෙදර නැතිවේලේ ඇගේ අඩුම කුඩුම ටික එකතු කරගත් මේ පන්ඩිතී ලිප ගිනි දල්වා මෙනුවට අනුව සිනී දමා උණුකර අනෙකුත් අඩුම කුඩුම මිශ්‍රණය කර  මාස්මෙලෝස් නිෂ්පාදනය කලේය. 
පදම වැරදී ‍ජෙලියක් නිර්මාණය විය. මේ අළුත්ම රසකැවිල්ල  කන්නත් බැරිය. ගිය වියදම නිසා ඇයට  විසිකරන්නත් ලෝභය. ඇයට අළුත් අදහසක් ඇතිවිය. ගෙදර තිබු පළතුරු වර්ග දෙක තුනක් ( ඇපල්, කෙසෙල් අඹ වැනි) කුඩා කැබලි වලට කපා අර ජෙලි මිශ්‍රණයට  හොදින් මිශ්‍ර කර ශීතකරණයේ තබා සිසිල් කලේය. ඉන් පසු නිර්නාමික  පළතුරු පුඩිමක් බවට පත්වු මාෂ්මෙලෝස් මිශ්‍රණය හතරැස් කැබලි වලට කපා අතුරු පසක් ලෙස කෑම මේසේට පැමිණියේය.
කෑම මේසේ එහාට මෙහාට මාරුවු පුඩිම රස බැළු මද්දුමයා අක්කේ මේක කන්න අමාරුයි  රසවුනාට.  යයි කෑ ගැසීය. පුඩිම කෑ පුංචි එකාගේ උඩු තොලත් යටි ‍තොලත්  එකට ඇලී අතින් පයින් සංඥා නිකුත් කරන්න පටන් ගත්තේය.
හැම එකටම කට දාන පොඩි එකී මදුදුමීගේ පුඩිමට නමක් යෝජනා කලේය.
එදා සිට මාෂ්මෙලෝස් හදන පදම වැරදි වුනදාට අපේ ගෙදර ලිප්ස් - ලාටු පුඩිම නිෂ්පාදනය වී මේසේට පැමිණියේය.


Tuesday, February 22, 2011

මට නුබ විතරක් වුනාට - නුබට ඉන්නේ මම විතරද ?


වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද 
රෑ  අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද 
විහගුන් පෙම් ගී ගැවුවට -  ගී කියන්නේ උන් විතරද
 මට නුබ විතරක් උනාට  - නුබට ඉන්නේ මං විතරද 

රෝස පතක කවි ලියුවේ - සුවද දි දී තියා ගන්න
මේ විදියට ගී ගැයුවේ - ඉන්න තැනකදී ඇහෙන්න 
මේ විදියට ගී ගැයුවේ - ඉන්න තැනකදී ඇහෙන්න 

රෑ  අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද 
 මට නුබ විතරක් උනාට  - නුබට ඉන්නේ මං විතරද

උස අත්තක මලක් වුනේ - ගව් ගනනක් උඩින් ඉන්න 
අවසානේ උරුම වුනේ මල් පොකුරක එකක් වෙන්න
අවසානේ උරුම වුනේ මල් පොකුරක එකක් වෙන්න
වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද 
රෑ  අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද 
විහගුන් පෙම් ගී ගැවුවට -  ගී කියන්නේ උන් විතරද
 මට නුබ විතරක් උනාට  - නුබට ඉන්නේ මං විතරද 

Monday, February 07, 2011

රගහල ඇත අඩ අදුරේ -



අන්න බලන් කුමරිය මනමේ
 තනිවී ඇත හිම ගිරි අරනේ.
දිවියෙන් යුද කල ඔබදුටු මොහොතේ
මගේ හද ගැබ තුල පිරුනයි ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරනේ
ඔබ හැර මෙමටා අන් සරනේ.
අවසන් වසරේ සරසවියේ
ඔබ අත අරගෙන හන්තානේ
කදු පාමුල මහවැලි සෙවනේ -  මනමේ කුමරිය ඔබද ලදේ
හැඩි දැඩි සිරුරට ආලය බැදුනා
ඔබවෙත අසිපත දෙන්නට සිතුනා
මනමේ කුමරුන් මරු මුව වැටුනා
දැන් මම රැජිනකි හිම ගිර අරනා
රග හල දැන් ඇත අඩ අදුරේ
අප දෙදෙනා පෙම් පිළිසදරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරනේ.

රග හල දැන් ඇත අඩ අදුරේ 
අප දෙදෙනා පෙම් පිළිසදරේ
අන්න බලන් කුමරිය මනමේ 
තනිවී ඇත හිම ගිරි අරනේ.








Thursday, February 03, 2011

කඩමන්ඩියේ දොළ අයිනේ ඔබව පෙනේ - නන්දා මාලණී



කඩ මන්ඩියේදොළ අයිනේ
 නුඔව පෙනී          
නැවතී බලනවා මෙහොතක්
කොහොම හරි
කතා නැතිව සිටියත්
ගොළු වෙලා අපි
දාහක් දේ  තිබේ
කීමට බැරිව වැසී

ගහ කොළවලට දාහක්
ඇස් ඇති හින්දා
සුලගට සියුම්  දාහක්
කන් ඇති හින්දා

කවදාමත්ම නුබ මට
නොලැබෙන හින්දා
මුනිවත හොදයි
දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද  දිය දෝතක්
බොන්න බැරි
ඔරුව මොටද  වතුරේ
පැදයන්න බැරි
දෑස ‍මොටද සිතුසේ
දැකගන්න බැරි
කුසුම මොටද ලංවී
රොන් ගන්න බැරි



Friday, January 28, 2011

සදු මහ දසාව - ඉතිරි කොටස.


සදු ගේ අතුරු දසා පිලිබදව පල කල වියමනේ බුධ , කේතු ,සිකුරු සහ රවි  යන අතුරු දසා පිලිබදව සටහනක් නොකල බැවින්  එම අතුරු දසා පලාපල  මෙම වියමනට ඇතුලත් කලෙමි.
සදු මහා දසාව ගෙවී යත්ම උදාවන්නේ කුජ මහ දසාවයි. කුජ මහ දසාව  බලපවත්නා කාල සීමාව   අවුරුදු 07කි. මීලග වියමන  කුජ මහ දසාව පිළිබදව දත්තයන් දැක්වීමට වෙන් කරමු.

සදුගේ බුධ අතුරු දශාව.( අවුරුදු 01යි මාස05යි)

අධ්‍යාපන කටයුතු දියුණු කරයි තරග විභාග ආදියෙන් සමත්වේ. ව්‍යාපාරික කටයුතු දියුණු කරයි. උසස් වීම්,නිලතල ලැබීමට මෙම කාලය හේතුයි. සදු සහ බුධ දෙදෙනාම අසුබ ලෙස පිහිටා ඇත්නම් සෙඛ්‍ය තත්වයට බාධා පමුණුවයි.

සදුගේ කේතු අතුරු දශාව. ( මාස 07 කි. )

සෞඛ්‍ය පිරිහේ. අප්‍රකටව ජීවත්වීමට සිදුවේ. ආර්ථිකය අඩපන කරයි. අපහාස නින්දා සොයා එයි.

සදුගේ සිකුරු අතුරු දශාව ( අවුරුදු 01 යි මාස 08 කි)

කේතු අතුරු දශාවේදී අසීරුවට පත් කල ජීවිතය යථා ස්වරූපයට පත් කරයි. සමාජයේ පිළිගැණිමක් ඇති කරයි. ආර්ථිකය දියුණු කරයි.

සදුගේ රවි අතුරු දශාව.  (මාස 06කි)

හි‍ස සහඇස් සම්බන්‍ධ සෞඛ්‍ය පීඩා ඇති කරයි. රවි සහ සදු යහපත් පිහිටීමක සිටී නම් සුබ පල ඇති කරයි. රවි අයහපත්ව පිහිටා ඇත්නම් අලාභ හාණිසිදු කරයි.

Thursday, January 27, 2011

රවිගෙන් පසු උදාවන්නේ සදු මහා දශාවයි

Posted by Picasa


රවිගෙන් පසු  උදාවන්නේ සදු මහා දශාවයි (චන්ද්‍ර මහා දශාව) . සදු අවුරුදු දහයක් පල පවත්වයි. මීදුම උදාහරණයට ගෙන ඇති ( පෙර පළකල වියමන් කියවන්න.) කේන්දර හිමියා ගේ වයස අවුරුදු 30 යි මාස 1 දින 21 කදී (1978.11.21 දිනදී ) සදු මස දශාව ලබා ඇත.
සදු සුබ පල දෙන්නෙක් වශයෙන් සදහන්ය. එහෙත් සදු අවපස පිහිටියේ නම් අශුබ පල දෙන බව සදහන්ය. පුර පස සදු අනෙකුත් ග්‍රහයන්ගෙන් වන අපල උපද්‍රව වලින් ජන්මියා ආරක්‍ෂා කරමින්  - ආරක්‍ෂකයෙකු මෙන් කටයුතු කරන බවත්  නිරෝගී බවත් සමාජයේ විශේෂ අවධානයට ලක් කරවීමටත් කටයුතු කරන බවත් කියනු ලැබේ. අව පස සදු මීට විරුද්ධ ගති ස්වරූප දායාද කරන බව  සදහන් කල යුතුය.
තමන්ගේ ජීවිතය, මව/බිරිද/සහෝදරියන්ගේජීවිතයන්ගෙන්  වියෝවීම් සදහා බලපෑම් කරනබවත් පළවේ. මේ නිසා සදු මහා දශා කාලය පිලිබදව නිරීක්‍ෂණය කිරීමේදී සදුගේ පිහිටීම පිළිබදව නිසි අවබෝධයක් ලබා ගත යුතුය.

සදුගේ සදු අතුරු දශාව (මාස 10කි).
විවාහ විය යුතු වයසේ සිටී නම් විවාහ වන්නේය. ආර්ථිකය සංවර්ධණයවේ. සෞඛ්‍යමත් ජීවිතයක් සමාජ පිලිගැණිමත් ඇති කරයි නැත්නම් වර්ධණය වේ.චංචල සිත් ඇතිවේ. සිතිවිලි යහපත්වේ. අව සදු මීට විරුද්ධ ස්වරුපයේ සිට හැසිරේ.

සදුගේ කුජ අතුරු දශාව (මාස 07)
විය පැහැදම් අධික වන කාලයකි  සෞඛ්‍ය තත්වය දියුණුවේ.

සදුගේ රාහු අතුරු දශාව (අවුරුදු 01 මාස 06කි ).
වියපැහැදම් අධිකවේ. නිකරුනේ මුදල් නාස්තිවේ. ආයෝජනයන් පල නොදරයි. අප්‍රසාදය ලබයි. විවාහ සහකරුගේ සෞඛ්‍ය පිරිහේ. සදු සහ රාහු අසුබ ලෙස පිහිටියේ නම් මෙම තත්වයන් දෙගුණ ලෙස බල පවත්වයි.

සදුගේ ගුරු අතුරු දශාව ( අවුරුදු 01යි මාස 04යි)
ඉහතකී තත්වයන් සමනයට පත්කරන්නාවු කාලයකි.ආයෝජනයන්ගෙන් ලාභ උපයයි.නෑදෑ හිතවතුන් අතර සැලකීම් ලබයි ප්‍රසාදයට පත්වේ .ප්‍රසිද්ධිය ලබයි. නව පදිංචි ස්ථාන වෙත යයි. නිවාස ඉදිකීරීමට සිතයි. එම අවස්ථා පල දරයි.

සදුගේ ශනි අතුරු දශාව (අවුරුදු 01යි මාස07කි)
යහපත් කාලයක් නොවේ බිරිදගේ නැත්නම් සහකරුගේ සෙඛ්‍ය තත්වයට අහිතකර බලපෑම් ඇතිකරයි.තමන් අරගල කල කෝලහාල වලට පොළඹවයි.  එවැනි අවස්ථාවල පාර්ශවකරුවන් කරයි.තමන්ගේසෞඛ්‍ය තත්වය පිරිහිමට පත් කරයි. සදු හා ශනි දෙදෙනාම අසුබ ලෙස පිහිටා තිබෙන විට  පීඩාකාරී බව වැඩිවේ.




සදුගේ බුධ , කේතු ,සිකුරු සහ රවි අතුරු දසා කාලවලදී ඇතිවන ප්‍රතිපල මීලග වියමනෙන් කියවන්න
Enhanced by Zemanta

Tuesday, January 25, 2011

මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි



මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය

මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයි


වැව් ඉවුරේ දිය රළ පෙරසේම බිදෙනවා
නුග ගස්පෙල අප නැතිවත් තව දළු ලනවා

වැව් ඉවුරේ දිය රළ පෙරසේම බිදෙනවා
නුග ගස්පෙල අප නැතිවත් තව දළු ලනවා


සරසවි බිම කදු රැල්ලෙන්  එතෙර පෙනෙවා ම
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා


මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය

ඔබ අතගෙන ගිය වීදිය ඈ හා යනවා 
සිගිති පුතා අතගිල්ලක එල්ලී එනවා




ඔබ අතගෙන ගිය වීදිය ඈ හා යනවා 
සිගිති පුතා අතගිල්ලක එල්ලී එනවා

ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයකැයි සිතා සිතනවා

මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය
මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරෙනු නගරය


Friday, January 14, 2011

නීලා වික්‍රමසිංහ - මාස්ටර් සර් 1983




පනම් අටෙන් මට වැඩි කරදුන්න
නැති වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් මගේ හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ
අප අත රේ  ඒ කඹ ඇදිල්ලේ තරගේ මේ 

නිම වෙන්නට කල් ගතවේයිදෝ
අනේ සර් අප මිතුරන් වේවිදෝ
එදා දවස උදාවේවිදෝ


මට මතක් වෙනවා සුද්දා තැළු පෙළු   හැටි
අපි කතා කලේ පණ ගැහි ගැහි දනින් වැටී
මාස්ටර් සර් මගේ  හිමි තැන මට දෙන්න 
අනේ සර් කරුණාවෙන් සලකන්න


අප අත රේ  ඒ කඹ ඇදිල්ලේ තරගේ මේ 
නිම වෙන්නට කල් ගතවේයිදෝ
අනේ සර් අප මිතුරන් වේවිදෝ
එදා දවස උදාවේවිදෝ


අප අත රේ  ඒ කඹ ඇදිල්ලේ තරගේ මේ 
නිම වෙන්නට කල් ගතවේයිදෝ
අනේ සර් අප මිතුරන් වේවිදෝ
එදා දවස උදාවේවිදෝ ‍‍////



මුල් ගායනය නෙවිල් පෙරේරා

Tuesday, January 11, 2011

රවි මහ දශාව සහ ඔබ ........


කේන්දරයක පලාපල කියවීමේදී අවධානය යොමු කල යුතු දත්තයන් සහ කෝනයන් බොහෝ ඇති බැවින් ලග්නය සහ ‍මෙම ලිපි පෙලින් පලවන ග්‍රහයන් පිළිබදව දත්තයන් පමනක් ආදේශ කිරිම ප්‍රමානවත් නොවේ.

රවි ග්‍රහයා කේන්දරයක සුබ පල දෙන ස්ථානයක සිටින විට සුබ පලද අසුබ ස්ථානයක සිටින විට ඊට විරුද්ධවු ප්‍රතිපලද ලබා දෙන්නෙකි.රවිට මිතුරු  වන්නේ චන්ද්‍ර ,කුජ ,ගුරු සහ කේතුය.සතුරු ලෙස සිකුරු ශනි රාහු හදුන්වයි. බුධ සම ලෙස හදුන්වනු ලැබේ.
රවි නිලතල ,ඉඩකඩම්, මිළමුදල්, කීර්තිය ,ප්‍රසිද්ධිය , අත්පත් කරවනවා මෙන්ම රවි අසුබ අන්දමින් පිහිටීම නිසා මෙම තත්වයන් ආපසු කැදවා ගැණිමද කරනු ලබන ග්‍රහයෙකි.

රවි මහ දශාව අවුරුදු හයකි. 
මා මුල් ලිපියෙන් හදුන්වා දුන් කේන්දර හිමි කරුට රවි මහදශාව ලැබුයේ 1973 වසරේ නොවැම්බර් මස 19 දිනදීය.  එවිට ඔහුගේ වයස අවුරදු 24යි මාස 0යි දින 22 කි . ඔහුගේ කේන්දරයේ රවි අසුබව පිහිටා තිබිනි. වර්මානයේ සන්සුන් ජීවිතයක් ගෙවන ඔහුට රවිගේ කාලයේ මීන් පසු විස්තර වන තොරතුරු වලට බොහෝ විට අනුරුප ජීවිතයක් ගත කිරීමට සිදුවිනි.

රවිගේ රවි අන්තර් දශාව
මාස 03යි දින 18ක කාලයක් පවතී. රවි මහදශාවේ පොදු ප්‍රතිපල මේ කාලයේ උපරීමව ප්‍රතිපලදේ. රවි සුබ නම් සුබ ප්‍රතිපලද අසුබ නම් අසුබ විපාකද ලබාදේ.

රවිගේ සදු අන්තර් දශාව
මාස 06ක් බලපවත්වයි. සැනසිලි දායක මාස හයකි. සුබ හෝ අසුබ ප්‍රතිපල නොදේ.යම් යම් ව්‍යාපාර කටයුතු පිළිබදව අවධානය යොමුවේ.

රවිගේ කුජ අන්තර් දශාව
මාස 04යි දින 06 කි. බෝවෙන රෝග වැළදිමේ සම්භාවිතාවයක් ඇතිවේ. අර්බූදකාරි පරිසරයක් මැවේ. රණ්ඩු සරුවල්වලට යොමුවේ. පාඩු සිදුවේ. අධික වියදම් ඇතිවේ. රවි සුභ ස්ථානයක නම් පාඩු සිදුනොවේ .ලාභ ලැබේ. රෝග පීඩා ඇති නොවේ.

රවිගේ රාහු අන්තරය.
මාස 10 යි දින 24 කි .ජීවිතයේ හිරිහැර සහිත කාලයකි.ගමන් බිමන් අධිකවේ.පවලේ අසහනකාරි තත්වයන් අවුල් වියවුල් ඇති කරයි.රාහු සහ රවි කේන්දරයක සුබ ස්ථානයක සිටී නම් මෙම ප්‍රතිපල නෙලැබේ .සුබ ප්‍රතිපල ලැබේ.

රවිගේ ගුරු අන්තරය.
මාස 09යි දින 12 කි. යහපත් කාලයකි. අධිකරණම කටයුතු වලට පසුගිය වකවානුවේ පැටලි සිටියේ නම් ඒවායින් ජය ලබයි.
මීදුම උදාහරණය ලෙස යොදා ගන්නා කේන්දර හිමියා රවිගේම රවි අන්තරයේ සිදුවු අධිකරණමය අවුල් වියවුල් සියල්ල ඔහුගේ ගුරු අන්තර කාලයේදී සමනය කර ගෙන තිබිනි.

රවිගේ ශනි අන්තරය
මැස 11යි දින 11කි. රෝග පීඩා ඇතිවේ සියළු සැලසුම් කටයුතු බිද වැටේ. සමීප ඥාතිවරයෙකුගේ මරණයක් සිදුවේ. මානසික අසහණකාරි තත්වයක් ගොඩ නැගේ. රවි සහ ශනි දෙදෙනාම යහපත් ස්ථානයක නම් මෙම 
ප්‍රතිපල නොලැබේ.යහපත් ප්‍රතිපල ලැබේ.

රවිගේ බුධ අන්තරය
මාස 10යි දින 06කි. අධිකරණමය ආරවුල් තත්වයන්ට මුහුණදීමට සිදුවේ. එක්තැන් වීම් - රොහල් ගතවීම් බන්ධනාගාරතවීම් වැනි අතවර වලට මුහුණපෑමට සිදුවේ.නිකරුනේ කරදරවලට මැදිවේ. අවලාද අවනම්බු නිනිදා අපහාස විදීමට සිදුවේ.  .
මීදුම උදාහරණය ලෙස යොදා ගන්නා කේන්දර හිමියාට මෙම වකවානුවේදී රක්‍ෂිත බන්ධනාගාරවීමට සිදුවුයේ අනපේක්‍ෂිත රණ්ඩුවකට මැදිහත්වීමෙනි. ඉන් ඔහුගේ  ජීවිතය බොහෝ ලෙස වෙනස් වීම ඇරඹි ඇත.  එම වකවානුවේ නින්දා  අපහාස චෝදනා  විද ඇති ඔහුගේ ජීවිතය පසු කාලීනව යලිත් සන්සුන් වුවත් ඉතාමත් අසීරු වකවානුවක් මෙම කාලය තුල ගත කර ඇත.
රවි යහපත් නම් මෙම අව ප්‍රතිපල නොලැබෙන බව සලකන්න.

රවිගේ කේතු අන්තරය
මාස 04යි දින 06 කි. සෙඛ්‍ය තත්වය පිරිහේ. මානසික වියවුල් ඇති කරයි. නිකරුනේ නෑ හිතවතුන් අතරින් අපවාද ,තම තත්වය පිරිහෙන අවලාද අසන්නට සිදුවේ . නිවසින් බැහැරව යයි.

රවිගේ සිකුරු අන්තරය.
යහපත්වු කාලයකි. විවාහ වන වයසේ මෙම කාලය පසුකරන්නෙක් නම් විවාහ ජීවිතයට ඇතුලත්වේ.  නැත්නම් අඩු තරමින් විවාහ වීමේ පරිසරය හෝ  සකස් කර ගනී. මෙතෙක් සිදුවු ජීවිතයේ අකටයුතු කම් වලින් අස්වැසිල්ලක් ලබයි. හිතමිතුරන් අවට සමාජය අතර පිලිගැණිමක් ඇති කර ගනී. තම අලංකාරය උදෙසා වියපැහැදම් වැඩිවේ.
රවි අසුබව පිහිටා ඇතත් මේ ප්‍රතිපල සිකුරු අන්තරයේදී  යම් තරමකින් හෝ ලැබේ. සුබව පිහිටා ඇත්නම් එලෙසම ප්‍රතිපල ලැබේ.