Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Friday, January 07, 2011

බමරකන්ද දියඇල්ල




කොළඹ - බදුල්ල  ( ඒ4 ) මාර්ගයේ 174 කි.මි  කළුපහණ  නම්වේ. කොළඹ සිට පැමිනෙන්නේ නම් කළුපහනින් දකුණු දෙසට හැරෙන වීරකෝන්ගම මාර්ගයේ  කි.මි පහක් පමනදුරින් බමරකන්ද දියඇල්ල පිහිටා තිබේ.
ලංකාවේ උසම දිය ඇල්ල වන බමර කන්ද දියඇල්ල  උසින් මීටර් 241කි. හෝර්ටන්තැන්න ආශ්‍රිත හපුතලය කදුපංතියේ උඩවේරිය හරහා ගලන කුඩාඔය බමර කන්ද දියඇල්ල ලෙසින් කඩා හැලේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙම භූමි ප්‍රදේශය අයත්ය.
වීරකෝන්ගමට යන මාර්ගය ටික දුරක් වාහන ගමනා ගමනයට සුදුසු වුවද දියඇල්ල ලගටම යාමට නම් ජීප්රථයක් වැනි වාහනයක් අවශ්‍යවේ.

Enhanced by Zemanta

Friday, December 31, 2010

දශාක්‍රමයෙන් පලාපල බලන්න.

ලග්නයන් මගින් කියවන තොරතුරු පල කිරීමෙන් පසු  ඔබේ කේන්දරයට පහසුවෙන් ආදේශ කර පලාපල විග්‍රහයක යෙදිය හැකි  තවත් දත්තයන් සමුහයක් දශා ක්‍රමය යටතේ වියමන් කිරීමට මීදුම පෙරුම් පුරා සිටියත් විවේකය සහ ඒ සදහා නිරවුල් මනසක් නොවීමෙන් පසුගිය දින කිහිපයේ “යූ ටියුබ්” එකේ සිංදු ඇසීමට  කාලය වෙන් කලේය.

අද සිට  ඒ විරාමය අවසන් කර පුරුදු වියමන් පෙලට පිවිසීමට මීදුම අදහස් කරයි.

දසා ක්‍රමය පිලිබදව කරන වියමනේ ඔබත් සමග සංවාදශිලි වීම , මීදුමේ අපේක්‍ෂාව වන අතර මේ දත්තයන් ඔබේ කේන්දරයට ආදේශ කරගෙන වර්තමානයේ ඔබේ පලාපල හා ගලපා සත්‍ය හා සාවද්‍ය බව සාකච්ඡා කිරීමට හැකිවන්නේ නම් මීදුම එය අගේ කරන්නකි.
පළමුව ඔබේ කේන්දරය ගෙන එහි මෙවැනි හෝ මීට සමාන වන format  එකක් ඇද්දැයි සොයා ගන්න . එහි “.....................ස්වස්ථි  ශ්‍රී ශුද්ධ ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් .........යන්නෙන් පටන් ගෙන ........නැකතේ......වෘක්‍ෂ........පක්‍ෂි.........භූත.........
වැනි සටහන් අවසානයේ ----------------මහදශාවනු .........උපන් දින නැකතේ ගැන පැය විනාඩි ගණණටමද වශයෙන් අපහැරන හැර ..........වර්ෂ ..........මාස.........දිනක් උපන් දින සිට ඉදිරියට කේතුගේ මහදශාව පවතී . යනුවෙන් ඡෙදයක් ඇත.
එවැනි format  එකක් ගෙන   පහත සදහන්  දත්තයන් ආදේශ කිරීම උදාහරනයකට ගනු ලැබේ. ..........
“උපන් දින නැකතේ ගැන පැය විනාඩි ගණණට මද වශයෙන් අපහැරන හැර ...04.......වර්ෂ .....0.....මාස....22.....දිනක් උපන් දින සිට ඉදිරියට කේතුගේ මහදශාව පවතී.
යන්නට දත්තයන් ආදේශ කිරීම මෙම ඉදිරි වියමන් පෙල දී ආදර්ශකයක් වශයෙන් යොදා ගනු ලබනු ඇත.
 එතැන් සිට එම මුලාශ්‍රයට ඉදිරි‍යේදී පලවන දත්තයන් ආදේශ කිරීමෙන් වර්තමානයට ( අදට ) ගැ‍ලපෙන අන්දමින් පලාපල  වියමන් කරමු.
ජ්‍යොතිශයේ අපේ ජීවිත කාලය අවුරුදු 120 ක් ලෙස සලකා එක් එක් මහා දශාවට කාලය වෙන්කර ඇත. ඉන් පසුව එම මහා දශා තවත් විග්‍රහ කිරීම සදහා අතුරු දශාවලට වෙන් කරඇත.  මහා  දශාවට වෙන් කරන ලද කාලය  -   අතුරු දශාවලට වෙන් කරමින්  පලාපල විග්‍රහයන් කිරීම තවත් පහසු කර ඇත.
දශා පලාපල කියවීමේදී ආදේශ කළ  යුතු  දත්තයන් පිළිවෙලින් පල කිරීමත් ඉන්පසුව එම දත්තයන්ට අනුරූප පලාපල පලකරන බැවින් මේ වියමන්  පෙල සම්පුර්නයෙන්ම කියවීමට ඔබට සිදුවනු ඇත. අද පළමු පියවර වශයෙන් අනු පිලිවෙලින් මහාදශා සහ ඒ ඒ මහ දශාවන්ට අයත්වන කාල පරාසය පල  කිරීමට මිදුම අදහස් කරන්නේය.
  1.     රවි මහා දශාව -    අවුරුදු 06
  2.        චන්ද්‍ර මහ දශාව -   අවුරුදු 10
  3.       කුජ  මහ දශාව -    අවුරුදු 07
  4.       රාහු මහ දශාව -    අවුරුදු 18
  5.       ගුරු මහ දශාව -     අවුරුදු 16
  6.       ශනි මහ දශාව -     අවුරුදු 19
  7.      කේතු මහ දශාව -   අවුරුදු 07
  8.        සිකුරු මහ දශාව -    අවුරුදු 20


අතුරු දශා වලට අයත් කාලය ඉදිරි වියමනේ පල කරනු ලැබේ.
 මිදුම පල කර ඇති උදාහරනයට අනුව 
කේතු මහා දශාවෙන්  අවුරුදු 04 මාස 0 දින 22 ක් ඉදිරියට ඇතුව 1948 . 10. 27 දින උපන් පින්වත් කුමරා අද ගත කරන දශාව සොයමු. 

එය ආදර්ශකයක් වශයෙන් ‍ගෙන ඒ   අනුව ඔබ  ගත කරන මහා දශාව සොයා ගන්න.

  • 1948 . 10. 27 දින සිට ඉදිරියට කේතු මහ දශාව අවුරුදු 04 මාස 0 දින 22  කි.
  • 1952. 11. 19 දින ඔහුගේ කේතු මහා දශාව ගෙවී ගියේය .
  • ඊලගට ඔහුට උදාවන්නේ සිකුරු මහා දශාවයි.
  • එය අවුරු දු 20කි.
  • 1972. 11.19 දින සිකුරු ගෙවී රවි මහා දශාව ලැබුවේය.
  • රවි අවුරුදු 06ක් ගෙවී 1978.11.19 දින ඔහුට චන්ද්‍ර මහා දශාව ලැබුවේය.
  • අවුරුදු 10ක් වු චන්ද්‍ර මහා දශාව 1988.11.19 දින ගෙවී අවුරුදු 07ක ආයු කාලයක් ඇති කුජ මහා දශාව 1995.11.19 දින ගෙවෙන ලදී.
  • අනතුරුව ලැබුවේ රාහු මහ දශාවයි.
  • ඔහුගේ කේන්දරය අනුව රාහු මහ දශාව ගෙවී  අවසන් වන්නේ අවුරුදු 18 කිනි.
  • එනම් 2013.11.19 දිනදීය.
  • එතෙක් ඔහු ඉදිරි අවුරුදු 2 මාස 11 දින 19 ක් තව රාහු මහ දශාව ගත කල යුතුය.
  •  

ඔබේ කේන්දරයේ උපතේ සිට ඉදිරියට කුජ මහදශාව ඉදිරියට යන්න දක්වා ඇත්නම් ඔබ කල යුත්තේ කුජට පසු අනු පිළිවෙලින්
  1.  රාහු
  2.  ගුරු 
  3. ශනි
  4. කේතු 
  5. සිකුරු 
  6. රවි 
  7. චන්ද්‍ර 

යනුවෙන් ඉදිරියට ආදේශ කිරීමය.

මේ අනු පිළිවෙල නොපැහැදිලි නම් කේන්දරයේ දශා ශේෂය සොයා ගෙන  උපන් දිනයත් සමග ප්‍රතිචාර තුල පල කරන්න. 
මීදුම ඔබ ගත කරන මහා දශාව  පිලිතුරු තුල පලකරනවා ඇත.

ඉදිරි වියමන අතුරු දශා සදහා කාලය වෙන් කර ඇති අන්දම  පැහැදිලි කිරීමටත් ඉන්පසුව ඒ ඒ දශා තුල ජීවිත පලාපල පලකිරීම  සදහා වෙන් කරනු ඇත.

Thursday, December 30, 2010

මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ




මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ


මල්ලියේ නරක මිතුරන් - පිලිගන්න එපා 
නංගියේ නොහොබිනා කම් -  හුරු වෙන්න එපා
‍බෝගම්බර සිපිරි ගෙදරට -  එන්න එපා 
හතුරෙකුටත් මට වන් දුක  - වෙන්න එපා
දළදා මැදුරේ තේවා හඩ - රැව් දෙනවා
කළ පවු මතක්වී දෑසම - තෙත් වෙනවා
සියක් වාරයක් මැරී මැරී - උපදිනවා
තිබහට වතුර වෙනුවට - කදුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින - ආරකය
දුදනන් නිසාවිය හෙනහුරු - මාරකය
මං පෙරගියේ වරදින් පිරි  - පාරක
ඒ ගිය මගේ අවසානය -  පෝරකය


Sunday, December 26, 2010

මලක් උනේ ඇයි ඔබ මට


මලක් උනේ ඇයි ඔබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්- 
විළක් උනේ ඇයි නුබ මට -  ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් වන්නට තහනම්
පහන් තාරකාවක් සේ-  ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් -  දල්වනු කෙලෙසින්
කියන්න 
මලක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්- 

විළක් උනේ ඇයි නුබ මට -  ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බීමට තහනම්
සහන් ගීතිකාවක්සේ -  ජීවිතයේ  ගී ලිව්වද
ඒ ගීතයේ සොදුරු වදන් මුමුනනු කෙලෙසින්
මලක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්- 
විළක් උනේ ඇයි නුබ මට -  ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් වන්නට තහනම්



Saturday, December 25, 2010

ගොළු හදවත තේමා වාදනය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස



ගොළු හදවත තේමා වාදනය 
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 

- ඔබේ සටහන ප්‍රතිචාර තුලට එක් කරන්න. 



Friday, December 24, 2010

ජය සිරි මහා හාමුදුරුවනේ - දීපිකා ප්‍රියදර්ශණි.




ජයසිරි මහා හාමුදුරුවනේ
ජයසිරි මහා හාමුදුරුවනේ


……………
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා

ගිණිමැල ගහගෙන රැක සිටියා
-එහෙව් අපිට අද එන්න තහංචිද
ජයසිරි මහා හාමුදුරුවනේ
ජයසිරි මහා හාමුදුරුවනේ
……………

වැලි මළුවේ ඉද සාදු කියනකොට

අපිටත් නොහිතා ඉන්න හොදයි
ඉස්සර වාගෙම දවුදිය බුදුවරු
අපෙ දාන පිළිගන්න හොදයි
ජයසිරි මහා හාමුදුරුවනේ

……………
රන්වැට පාමුල සාදු කියන කොට

ලෙන්ගතු කම් නොහිතන්න හොදයි
බුදු හාමුදුරුවෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොදයි.
- ජයසිරි මහා හාමුදුරුවනේ

……………
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා

ගිණිමැල ගහගෙන රැක සිටියා
-එහෙව් අපිට අද එන්න තහංචිද
ජයසිරි මහා හාමුදුරුවනේ
ජයසිරි මහා හාමුදුරුවනේ



Thursday, December 23, 2010

දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න - වික්ටර් රත්නායක


පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න 
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න 
පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න 
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න 

හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න

හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න

ඇග පත කළු වුනත් අපේ - පිළිහුඩු නැති හිත බලන්න

දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න

මුදු ගියා ලෙලි තැළුවා- පිලි ගදින් බෑ මිදෙන්න
මුදු ගියා ලෙලි තැළුවා- පිලි ගදින් බෑ මිදෙන්න

ඒත් අපේ මල් සුවදයි -එපා බාර නොගෙන ඉන්න 

දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න 

දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න



Tuesday, December 21, 2010

කුම්භ ලග්න හිමියන් වාසනාවන්තය.


ලග්ණ පිළිබදව වියමන් කළ වියමන් පෙළක අවසාන වියමන අද පළවේ. මේ ලිපි පෙළ ඉදිරිපත් කළ මීදුමද මේ තොරතුරු වල විය හැකි සහ විය නොහැකි සම්භාවිතාවය පිළිබදව සියයට සියයක් විශ්වාසය පළ නොකරයි. ප්‍රවීනයෝ ලග්න පලාපල පැවසිමේදී යොදා ගන්නා සිද්ධාන්ත  පීලිබදව ගොණු කළ වියමනක් ඉදිරි 
දිනක වියමන් කිරීමට මීදුම අදහස් කරයි.

කුම්භ ලග්න හිමියා ස්වභාවිකත්වය අගේ කරයි.මිනිස් බව සුරකී. විධිමත්ව උසස් අධ්‍යාපනයට යොමු වෙයි.දේශපාලන ,සමාජ කටයුතු සදහා නැඹුරුවේ. ඉවසීම, ප්‍රවේසම,හිතේ ඒකාග්‍රතාවය ,මතකය උසස් පැවතුම්වේ.මහජනතාව උදෙසා කැපවේ. බාහිරට පෙනෙනවාට  වඩා යහපත් ගතිගුණ සිත්තුල ඇතිව වැඩ කටයුතු ඉටුකරයි.

ආත්ම ලාභය අපේක්‍ෂා නොකරයි. ප්‍රධානත්වයට කැමැත්ත නොදක්වයි. එහෙත් ප්‍රධානත්වයට පත්වේ.ැන් සමාජයේ ප්‍රසාදයට පත්වේ.අසරණයනට උදව් පදව් කිරීමට වහා ඉදිරිපත්වේ.  විවේකීව ජීවත්වීමට කැමත්ත දක්වයි.

Sunday, December 19, 2010

සබද අපි කදු නොවෙමු...


සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ.


සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන
සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

වියරු ගිණිදැල් නොවෙමු - වනය අවුලා තබන
සිසිල දෙන වැස්සවෙමු - දැවෙන වනයට වැටෙන

සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

නපුරු හීනය නොවෙමු- ළමුන් නිදි සුව විදින
සොදුරු අඩහැරය වෙමු - දනන් නින්දෙන් මුදන

සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

ගුණදාස කපුගේ ගායකයානන් විසින් ගායනා කළ මේ ගීතය පදවැල  රචකයානන් මීදුම හදුනාගෙන නැත. එහෙත් මේ ගීතය හා බැදුන කතාවක් මීදුමට තිබේ.
මීදුමට මේ ගිතය පළමු ඇසුවා නොව   පදවැල  කියවුවා පමනි. පදවැල දුටුදා සිට ගීයට පෙම් බැදි ඉන් බොහෝ කළකට පසු මේ ගීතය මීදුමට අසන්නට ලැබිනි. ඒ 1989 වසර විය හැක.
මිදුම එකල තිබු දේශපාලන භීෂණය සමග උඩුගම්බලා පිහිනමින් එවකට පැවති රජයට එරෙහිව මැතිවරණය ව්‍යාපාරය හා සම්බන්‍ධව සිටියාය.
එම අසීරු කටයුත්තේදී දහසක් ප්‍රතිවිරෝධතා හමුවේ ඇතිවු මානසික පීඩනය මේ ගීතය නිතර නිතර ඇසීමෙන් හා මිමිණිමෙන් සමනය කර ගත්තා මීදුමට මතකය.