ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2009-01-11

Anonymous - මේ යුද උන්මාදයද ?.




මා චින්තනට කඩේ යන බව ක්ෂනිකව හදුනා ගත්තත් සත්‍ය එසේ නොවන බව සදහන් කරමි.
මම මේ පුංචි රටට ආදරේ කරමි. අපිට එක වහලක් යට එකට බතක් උයාගෙන කන්න තරම් වාසනාවන්ත දවසක් එනතුරු මම බලා සිටිමි.
දශක හයක පමණ කාලයක් මේ පුංචි රට ලබන ලද අත්දැකීම් ඉතාමත් සරලව මම සදහන් කරමි.
ජනවාර්ගීක අර්බූදය තුන්කල් දුටු ජන නායකයා මම හිතනා අයුරින් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිදුන්ය.එතුමන් උතුරත් දකුණත් යාකරන්නට උපක්‍රමශීලීව නැගණහිරත් උතුරේ යම් යම් ප්‍රදේශවලත් ගොවිජනපද ව්‍යාපාර ඇතිකරමින් සිංහල දෙමළ මුස්ළිම් ජාතීන් එකම පදේශවල පදිංචි කරවීය.එතුමන් මේ ජනවර්ගයන් සාමයෙන් සහජීවනයෙන් පරම්පරා කිහිපයක් ජීවත්වනවිට නෑදෑ හිතවතුන් වන බව කල් තියා නිරීක්ෂනය කලේය. අද මේ පදිංචිකරුවන්ගේ හතරවන පරපුර පවා වැඩිහිටියෝය.
ඩොලර් ෆාම් සහ කෙන්ට් ෆාම් වලට එල්ලවු මුල්ම ප්‍රහාරය සිහිපත් කලහැකිද ?. කොටි සමුල ඝාතනය අරඹමින් මරා දැමු එම අසරන ගොවි පවුල් වලින් සංකේත කරනුයේ එම ප්‍රදේශ ද්‍රවිඩීයකරණය කිරීමෙන් ඩී.එස් සේනානායක මැතිදුන් ගේ දුරදත් පිළිවෙත නිෂ්ක්‍රීය කරනු ලැබීමය.
අප ජාතින් තුළ වෛරය පිළිසිදවා වර්ධන‍ කර අවිස්වාශය ඇති කර වෛරක්කාරයින් බවට පත්කිරීමට මග පෙන්නුවේ ජනනායකයන් නොව දේශපාලකයන්ය.ඩඩ්ලි-චෙල්වනායකම් , බණ්ඩාරනායක - චෙල්වනායකම් ගිවිසුම් වල මූලික හරය බලය බෙදාහැරීමය. මෙම අරමුණ එජාපය ඉටුකිරීමට සැරසෙන විට ශ්‍රීලනිපයට විෂ බදුනක්ය. ශ්‍රීලනිපය ඉටුකිරීමට සැරසෙන විට එජාපයට විෂ බදුනක්ය.
මේ දෙගොල්ලෝම බලය උදෙසා අවස්ථාවාදීව බහු ජාතියවූ සිංහල ඡන්දදායකයින්ගේ ඡන්දය පමනක් බලාපොරොත්තුවෙන් කටයුතු කලාය. මේ නිසාම දෙමළ සහෝදරත්වය අවිස්වාශය පදනම් කරගෙන බිදී ගියබව පැහැදිලිය.
වසර පහක හයක පාර්ලිමේන්තු ආයුෂ හැරෙන්නට වෙනත් සම්පතක් මේ උන්නැහේලාට තිබුනේද?. මේ අදත් හිතන්නේ ඊලග ඡන්දය ගැන මිසක රට ගැන යයි අපට සිතීමට සාධක ඇත්ද ?.
1958 භාෂා අරගලයත් 1983 ජූලි කලබලත් අවුළුවා ද්‍රවිඩ ජනතාව ඝාතනය කර මංකොල්ලකන්නට මග පෙන්නූවේ කවුද?. සුදු රෙදි ඇන්ද දේශපාලකයන් නොවෙයිමද?. ප්‍රතිඋත්තර වශයෙන් යාපනය වැනි නගරවල ව්‍යාපාරික කටයුතු කල සිංහල ව්‍යාපාරිකයනට ආපසු ගෙදර එන්න සිදුවුවා මට මතකය.අපි විරසක කර සතුටු කරන්න ගිය උන්නැහේලා ඇන ගත්තේ පිරිබාකරන්ගෙන්ය.
අපේ පුංචි රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවා ගත් ආණ්ඩුවට, ආණ්ඩුවකට එරෙහිව ආයුධ ගත් ජවිපෙයත් කොටි සංවිධානයත් අරමුණු වෙනස් වුවත් කරනු ලබන්නේ එකම වරද බව අමතක නොකල යුතුය. ජවිපෙය මර්ධණය කල අයුරින් කොටි සංවිධානය මර්ධණය කිරීමට නොයෙක් බාධා ඇතිවූයේ වෙනස් ජන වර්ගයක් මෙ‍ම නොකටයුත්තට පාර්ශව වු බැවිනි.ජේ.ආර් වැනි පාලකයින්ගේ පටන් චන්ද්රිකා දක්වා කාලයාට ප්‍රශ්ණය විසදීමට ඉඩ හැර බලා සිටි බවක් නිරික්ෂණයවන්නේ නැත්ද?.
රනිල් ගේ ප්‍රවේශය වැරදි නැත. එහෙත් සත්භාවයෙන් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මකවිනිද ?. නැත. ක්‍රියාත්මක නොවුනු තැන ගත යුතු ක්‍රියාමාර්ගය ගැණීමට රනිල්ට කොන්ද පණ නොතිබිනි. ඔහුත් සිදුවෙන දෙයක් වෙන්න හැර කල්මරන ස්ථාවරයට මාරුවිය.ඒ අතර ජාතියේ ( සිංහල.දෙමළ,අනෙකුත් ජාතීන් සමග ) පිණට ඒ කාර්ය සාටකය වෙතට ජනතාව විසින් මාරු කරන ලද්දේය.
සාටක‍ය විසින් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයෙන්ම තුරන්කර කොළඹට කේන්ද්‍ර කර ගන්නට හැමදාමත් වලිකන බලය රටටම බෙදා හැරියොත් ජන නායක ගොන්නට එකතු විය හැක.

නැත්නම් රනිල් මෙන්ම අවලංගුව මුල්ලකට විසිවනු ඇත.

2009-01-09

සිරසයි ලසන්තයි.



සිරසට ප්‍රහාරයක් එල්ල වූ විට ආණ්ඩුවවට ඇගිල්ල දික්විය. දවස පුරාම ආණ්ඩුවවට එරෙහිව මාධ්‍ය ලොක්කන්ගේ ප්‍රකාශ , තව තවත් අයගේ ප්‍රකාශ ඒක පාර්ශවිකව සිරස සියළු වැඩ සටහන් නතර කර විකාශනය කලේය. මාස ගානකට සුව නොවේයැයි සිතන තරමින් වේදනාවෙන් අදෝනා නැගු සිරස පසුදා වන විට සුවපත්ව යථා තත්වයට පත්වී ක්‍රියාත්මක විය. මේ අතර සීමිත කාලය උද්ඝෝෂණ විරෝධතා සංවිධානය වී ජාත්‍යන්තර මාධ්‍ය ජාලා ඔස්සේ ජාත්‍යතන්තරයද ගිණි තැබුනේය.

සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංගයන් ඊයේ ( ජනවාරි 08 ) ඝාතනය විය. ආණ්ඩුවට සිදුවූයේ සිරසට එල්ලවු ප්‍රහාරයේ දී විදින්නට වු කටුක අත්දැකීමට යලිත් මුහුණ දෙන්නටය.
සිදුව ඇත්තේ ගමේ යම් මැර කටයුත්ත සිදුවු විගසම අපි වගකීමකින් තොරව පුර්ව නිගමනයකට පැමින “ ඕක කලේ හරමානිස්- ඌ චන්ඩියානේ” යැයි ගමේ චන්ඩියාගේ ගිනුමට බැර කරන මැර කටයුත්ත ‘බී’ වාර්තාවක් මත හරමානිස් අධිකරනයට ඉදිරිපත්කර මාස ගානක් රක්ෂිත බන්ධනාගාරයේද තැප ගෙදර එනවිට වැඩේ කලේ ජුවානිස් බව හදුනාගන පශ්චාත්තාප වන පරිද්දෙන් වගකීමකින් තොරව සියළු නොකටයුතු ක්‍ෂණිකව ආණ්ඩුවට බැර කර ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමය .

 හරමානිස්ට සිදුවන්නේ නොකල වරදකට හිරේ තැපීමටය. ආණ්ඩුවට වන්නේ නොකල වරදකට ජාත්‍යන්තරය හමුවේ බාල්දු වන්නටය.තත්වය භයානකවන්නේ මේ අවස්ථාවේ ආණ්ඩුවවයි -ජාතිය යි හදුන්වන්නේ දෙකක් නොව එකක් නිසා ආණ්ඩුවයි ජාතියයි මේ දුක ඉවසා ගත යුතුවීමය. ජාත්‍යන්තරය තුල බාල්දු කර නසන්නට හදන්නේ ආණ්ඩුවයි රටයි දෙකම බව මේ හාදයෝ කවදා තේරුම් ගනීද ?.

‘ධාර්මිෂ්ඨ සමාජයක්’ තුල පිලිසිද ‘නැති බැරි අය ඇති හැකි අය කල’ සමාජයේ උත්පත්තිය ලද භීෂණය හා ඝාතනය වරින් වර විවිධාකාරයෙන් තවමත් හොල්මන් කරන බව අපට දක්නට ලැබෙන්නකි. මේ ක්‍රියාවිධි වඩාත්ම ලාබදායි ලෙස පාවිච්චි කරනු ලබන්නේ කුමන පාර්ශවයන් විසින්ද යන්න නිශ්චිත කිරීම එක් අතකින් වැදගත් කටයුත්තකි. වත්මන් ආණ්ඩුව වුවද ක්‍රම ශිල්ප ක්‍රියාත්මක කරනු ඇතිවුවත් මේ අවස්ථාවේ ජාත්‍යන්තරය හමුවේ අශූචි බාල්දියක් ඔළුවේ වක්කර ගන්න තරම් පිස්සුවක් ආණ්ඩුවට ඇතිවිය නොහැක.

ලසන්ත වික්‍රමතුංගයන්ගේ මාධ්‍යයේ භාවිතය ආකර්‍මනශීලී පිලිවෙතකවු බැවින් විවිධ විරුද්ධවාදීන් ඇතිවී සිටියා විය හැක. ඔහුට වෙනත් විරුද්ධවාදීන්ද සිටියා විය යුතුය. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දාගන්නට අවස්ථාවක් නිර්මානය කර ගත්තාවත්ද ?.
ආණ්ඩුව., ජාතිය මේ මර උගුලෙන් ගැලවන්න අපරාධකරුවන් නොපමාව නීතියේ රැහැනට අසු කර ගත යුතුය.

2009-01-08

ඉවසුවා මදි - තව ඉවසන්න වෙයි.



රනිල් මහත්තයාගේ නවතම ව්‍යාපෘතිය “ ඉවසුවා ඇති”.
මටනම් හිතෙන්නේ තව ටිකක් ඉවසන්න වෙයි කියලා.
මානුෂික මෙහෙයුම්වල ඉන්නේ නාගරික පංතිය නෙමෙයි. හද්දා පිටිසර කොල්ලෝ.උන්ට ඹ්නවෙලා තියෙනවා .”එකම කොඩියක් -එකම රටක්‍”. උන්ගේ පවුල්වලටත් ඹ්න වෙලා තියෙන්නේ එකම කොඩියකුයි -එකම රටකුයි මිස බඩ පිරෙන්න කන්න නෙමෙයි. පැට්රල් ගහගෙන රොන්දේ යන්න නෙමෙයි.රනිල් මහත්තයාට මේක තේරෙන්නේ නෑ.උන්නැහේ උඩුගං බලා පීනනවා.
කිලිනොච්චිය හමුදාව අත්පත්කරගත්ත නිවේදනය දුන්නම රට පුරා පැය ගනනාවක් රතිඤඤා පත්තු කලේ කාගෙවත් උවමනාවට නෙමෙයි. ‍ජාතික කොඩි නිවෙස් ඉස්සරහා එසවූයේත් කාගෙවත් උවමනාවට නෙමෙයි.ජනතාවගේ උද්දාමයට මිසක්, කාගෙවත් අනුබලයකට නෙමෙයි.
එතුමන් නොයෙක් දේශපාලන ව්‍යාපෘති අත්හදා බලනවා. ඒවා පීචං වෙනවා.අපිට නෙමෙයිනේ ඒවා හදන්නේ .එතුමන්ටනේ එවා ගැලපෙන්නේ. එතුමන් හිතන්නේ අපි තාමත් ජීවත් වෙන්නේ පනහේ දශකයේ කියලා.එදා දේශපාලකයා ජනතාවට පිටුපස්සේ හිටගෙන හිටියේ . අද ඊට වඩා වෙනස් . ජනතාව අද ඉදිරියෙන්. දේශපාලකයා ට ජනතාව සමග නොගියොත් පාලකයා වෙන්න ආශාව තිබුනටම බැරිවෙනවා.සටන් විරාමයක් ගෙනල්ලා කරපු වින්නැහිය රටට තාම මතක තියෙනවා. තාමත් කතා කරන්නේ කොටි සහයෝගීතාවයෙන් යුතුව. එතුමන්ගේ චින්තනය තුල ඒකීය රටක අවශ්‍යතාවය විද්‍යාමාන වෙන්නේ නෑ.ජනතාව ඉල්ලන්නේ බඩ නෙමෙයි. ජනතාව ඉල්ලන්නේ රට. . .එතුමන්ට බඩගින්න ඉවසන්න බැරිව “ ඉවසුවා ඇති” කියලා මොර දෙනවා..එතුමන්ට එන ආත්මේ වෙනකම්ම ඉවසන්න වෙනවා.අපේ රටේ පාලකයා වෙන්න.
මුලතිව් වලිනුත් කොටි කම්බස් කරලා .”එකම කොඩියක -එකම රටක” සිංහල දෙමල මුස්ලිම් මැලේ සහෝදර සහෝදරවරුන් එක්ක එකම බතක් පිහාගෙන කන ගමන් බඩ ගැන හිතමු .
එතෙක් අපි ඉවසමු.

2008-12-11

ඔහොම යමු .... ඔහොම යමු .....


ටිල්වින් සහෝදරයාට ජොලි. ( මම නම් සහෝදරයා කියන්න අකමැතියි රට වෙනුවෙන් කතා කලාට වැඩක් කරන්න දෙන්නේ නැති ප්‍රතිපත්තියක නේ ඉන්නේ.) කරු ආණ්ඩුවෙන් ගියාට පස්සේ කියලා තියෙනවා ඔන්න ආණ්ඩුව වැටෙන්න පටන් ගත්තා කියලා. (11 දා දිවයින) .
මේ ආණ්ඩුව හදන්න මග පෙන්නුවේ කවුද ?.
කරුලාද - ටිල්වින්ලාද ?.
මහින්දයන් ජනාධිපති කරන්න කඩේ ගියේ ශ්‍රීලනිපෙට වඩා ටිල්වින්ලා.
හදාපු එක ආරක්ෂා කරගෙන හරි පාරේ අරගෙන ( හරි පාර ටිල්වින්ලා යන පාර නෙමෙයි.) තමන් වෙනුවෙන් පාප්ප නාන නංගිලා මල්ලිලාටත් උදව්වක් කරගෙන දුෂණ වංචා අවම කරගෙන රට ගොඩ ගන්න හදාපු එවුවෝ ශක්තියක් වෙන්නේ නැත්නම් මහින්දට වල කපාපු රනිල්ට කඩේ ගිය එවුවෝ උල හිටියත් එකයි පිල හිටියත් එකයි කියලා මම හිතන්නේ.
ඡන්දයක් කියන්නේ ජාතික ධනයෙන් මිලියන කොයිතරමක්ද ?. රජයේ මුදල් වගේම ඊට වඩා හතර පස් ගුණයක් පෞද්ගලික මුදල් ඡන්දයකදී නාස්ති කරනවා. සියළු නාස්ති අන්තිමට බැර වන්නෙ රටේ ජාතික මූල්‍ය සම්පතට. එකතු කරලා බැළුවොත්ප්‍ පරාක්‍රම සමුද්‍රය වගේ වැවක් හදන්න පුළුවන් වේවි.
අපේ පුංචි රටේ ඡන්ද කීයක් තියෙනවද ?.

පලාත් පාලන, පලාත් සභා, පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ හතරක් සදහා කොයිතරම් ජාතික මුදල් වැය කරනවද කියලා මේ හරක් හිතන්නේ නෑ.අන්තිමට ඒ පිරිවැයත් දරන්නේ අපි.සමහර කාලෙට., නියමිත කාලෙටත් කලින් ඡන්දේ තියනවා . සමහරක් වෙලාවට නියමිත කාලෙට පෙර ඡන්දේ තියන්න කියලා බලකරනවා.


මේ මිනිස්සු රටට නෙමෙයි ආදරේ . වේදිකාවට. කතා කර කර ඉන්න පුළුවන්නේ.
බලයට ආපුවහම කොයි අප්පුහාමිලාටත් අම්මා තාත්තත් මතක නෑ.කාට හෙන ගැහුවත් හිතු එක කරනවා.හරි පාරට ගන්න , සාධාරණ විවේචනයක් කරන්න ඔළුව තියෙන විපක්ෂයක් තියෙනවද? . නෑ එගොල්ලත් බලා ඉන්නේ මොකක් හෝ අංචියක් ඇදලා බලේට එන්න පාර හදාගන්න.
එකෙකුවත් හිතනවද “ රට හදමු’’ කියලා. “ඔක්කොම හිතන්නේ අපි හැදෙමු” කියලා
කිව්වම අහන්නේ නැත්නම් “හෙජින්” එකට කලා වගේ අනිත් ඒවටත් කරන්න පුළුවන්නේ .
වැරදි පාරේ යන කොට හරි පාරේ තියලා නියම කාලෙදී වැඩක් දෙමු.

2008-12-10

නැත්නම් කරුත් “බළු” ....................


කරු ගැන අදහසක් කිව යුතුය. “කරු ආවොත් පායයි හිරු” කිවු අපි කරුගේ “ මරු වැඩ” වැඩ ගැනද අසා ඇත්තෙමු.සත් භාවයෙන් කරන වැඩ ගැන පද හදන එක අපේ රාජකාරියක් බැවින් ඒවා හිතට ගත යුතු නැත.
මම කරු ගේ කල්ලිය ආණ්ඩුවට සහයෝගය දුන් පරමාර්ථයට බොහෝ සතුටුවුනෙමි. ජවිපෙය රෙද්ද උස්සා ගනන් පෙන්නනවිට ආණ්ඩුවට ශක්තියක්වුයේ කරුය. මානුෂික මෙහෙයුම නම්වු දේශය මුදාගැණීමේ අරගලයේදී කකුලෙන් අදින කල්ලි යම්තරමකින් මෙල්ල වූයේ කරුගේ ශක්තිය නිසා බව සටහන්විය යුතුය.කරු ආණ්ඩුවට ජැක් එක දුන්නේ ජාතික ප`ශ්නයට තිත තබන්න තමන් ජාති හිතෛෂිවිය යුතු බව පවසමිනි.
ජාතික පශ්නය ඊයේ නිමාවුනිද ?.
තස්තවාදියා බෙලහීනව සිටියත් ඌ ඔක්සිජන් ඉල්ලන හෝරාවක කරුට තම පරමාර්ථය අමතකවූයේ රටට වඩා ලොකු දෙයක් දැක විය යුතුය. නැත්නම් රනිල්ගේ දේශ සීමා පෙන්වා ජාතික පශ්නය විසදීමේ වඩාත් සුදුසුයැයි සිතුනේද ? .
කෙසේ වෙතත් මෙහෙයුමේ නිරත අපේ කොල්ලෝ ගමේ ආ විට අපිට කියන්නේ මේ පාර නම් වසංගතය එවර කරගන්න පුළුවන් බවයි. ඒ කොල්ලන්ගේ අධිෂ්ඨානයට පයින් ගහන එකනම් සුබ කටයුත්තක් නෙමෙයි.
සල්ලි වලින් නෙමෙයි වටිනාකම මනින්නේ අහිමිවන ජීවිත, අබාධිතවන ජීවිත වලින්.
මේ අනර්ථකාරී කටයුත්ත එවරවුන දාක උතුරේ දරුවනුත් දකුනේ දරුවනුත් නිවි සැනසිල්ලේ හුස්ම ගනීවි. උතුරෙත් දකුනෙත් ජීවිත අහිමිවන එකක් නැහැ. ආබාධිත වන එකක් නැහැ.
ඒකට අකමැතිම කට්ටිය පැහැදිලිවම පෙනෙන කාලයක් මේක.
කරු එජාපයට ගියත් ඒ ස්ථාවරයේම හිටියොත් “ මරු”. නැත්නම්
කරුත් “බළු” .............
.......

2008-12-09

බ්ලෝග් බ්ලොක් නොවි ඉදිරියට.



මම බ්ලෝග් මාධ්‍ය දෙස බැළුවේ සංවාදයකට සුදුසු තෝතැන්නක් ලෙස.
අපිට ලැබෙන නව අත්දැකීම් , නව දැනුම බෙදාගන්න හැකි තැනක් . ඒ ව‍ගේම අපි දකින අපි අත්විදින සමහර සිද්ධීන් වලදී අපිටම පෞද්ගලිකවු විවේචන බෙදා හදාගෙන සාධාරණ විනිශ්චයක් ලබාගන්න පුළුවන් තැනක් මේ අඩවියෙන් නිර්මානය වනවා දකින කැමැත්තක් මට තියෙනවා.
අපේ සටහන්වල අඩුපාඩු තව එක්කෙනෙකුට ඌණ පුරණය කරලා සම්පුර්න කරන්න පුළුවන්. එතකොට දැනුම පරිපුර්ණ කරගන්න අවස්ථාවක් නිර්මාණය වනවා.
දවසක අපේ සහෘදයෙකු බ්ලෝග් ගැන පුංචි පහේ වර්ගීකරණයක් කරලා තිබුනා. මම කොයි ගනයට වර්ග වෙනවාද දන්නේ නෑ. තොප්පිය හරිනම් දාගන්න කියලත් තිබුනා.මට හරියන තොප්පියක් තිබුනද මම බැළුවේනම් නෑ.
2009 අළුත් අවුරුද්දේ කවුරු කවුරුත් අළුත් අත්හදා බැලීම් කරාවි කියලා මම හිතනවා.
මාසේ අන්තිමට එන බිල පලදායි ලෙස ප්‍රයෝජනයට ගනිමු.

2008-12-08

අයේෂා ජයසේකරගේ සැරිසරත් සමග යලිත් බෙලිහුල්ඔයට.




අයේෂා ජයසේකරගේ සැරිසර බෙලිහුල්ඔයට ඇවිත් තිබුනා.ඒ ගමනට මටත් එකතුවෙලා මමත් හොයා ගත්ත කරුණු ටිකක් මීදුමට එක්කහු කලාට අයේෂා ජයසේකර විරසක වෙන එකක් නැහැ කියලා මම හිතනවා. කලින් කීවානම් මමත් උදව්වට එයාත් එක්ක බෙලිහුල්ඔයට යනවා.

සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රිරික්කයේ කඩවත මැද කෝරලේ තලාපිටගම්පත්තුවේ බෙලිහුල්ඔය ආරච්චි වසම පරිපාලන පහසුවට ග්‍රාම සේවා වසම් හතර පහක් ඇතිකරලා. විවිධ නම් වෙලා තිබුනත් තවමත් වහරේ මේ සියල්ල ගැමියෝ හදුන්වන්නේ “බෙලිහුල්ඔය” කියලයි. A 4 මාර්ගයේ කොළඹ සිට බදුල්ලට යන විට කි.මි 157 -159 අතර දුර බෙලිහුල්ඔය නම්වු සුන්දර ග්‍රාමීය ප්‍රදේශය පසුකර යන්න ඕනි. බෙලිහුල්ඔයට තම අනන්‍යයවු නාමය ලැබෙන්නේ මේ ආරච්චි වසම මැදින් ගලායන සුන්දරවු “ඔය” නිසාවෙන්. වලවේ ගගේ ප්‍රධානම අතු ගංගාවත් “බෙලිහුල්ඔය” බව සටහන් වුනේ නැත්නම් අඩුවක්.‍

බෙලිහුල්ඔය පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. වර්තමානයේ අවසන්වන්නේ සමනලවැවජලාශයෙන්.
සමනලවැව ජලාශයේ උතුරු ඉවුර මායිම් වන්නේ බෙලිහුල්ඔයට. බෙලිහුල්ඔයත් වලවේ ගගත් එක්වු ස්ථානය ත් පිහිටා තියෙන්නේ මේ උතුරු ඉවුරේ. බෙලිහුල්ඔයට අයත් සුන්දරවු දිය ඇලි දෙකක් තියෙනවා. එකක් හෝර්ටන් තැන්නේ බේකර්ස් ඇල්ල. අනෙක බෙලිහුල්ඔය මායිමේ පිහිටා තියෙන ගලගම ඇල්ල . මේ ඇල්ලට “කන්දැත්තේ ඇල්ල ” කියලත් කියනවා. සුවබර සුන්දර පරිසරයට බලහාත්කාරම් කරමින් ඔය ආශ්‍රිතව කුඩා විදුලිබලාගාර දෙකක් ඉදිකරලා...............

බෙලිහුල්ඔය ඓතිහාසික සටහන් වලගම්බා,මායාදුන්න රාජ්‍ය කාලයන් සහ මහනුවර රාජ්‍ය කාලය සහ ඉංග්‍රීසින්ගේ තේ වගා ආරම්භකල කාල පරාසවල යම් යම් මතක ඉතිරිව තිබෙනවා. වලගම්බා,මායාදුන්න රජවරුන් ඉදිකලා යයි සැලකෙන විහාරස්ථාන. මහනුවර රාජ්‍ය කාලයයේ අස්වැද්දු කෙත්වතු සම්බන්ධ පුරාවෘත්ත තියෙනවා. ඉංග්‍රීසින්ගේ සමයේ ඉදිවු තානායම තමයි අද “බෙලිහුල්ඔය තානායම ලෙස ප්‍රසිද්ධියට පත්ව තියෙන්නේ . බෙලිහුල්ඔය තානායම ලගින් ඇරඹෙන අතුරු මාර්ගය ඉංග්‍රීසින්ගේ සමයේ හෝර්ටන් තැන්න හරහා නුවරඑළිය දක්වා වැටී තිබූ අශ්වයින්ට යා හැකිසේ සකස්වු මාර්ගයක්.මේ මාර්ගය ඔස්සේ කි.මි.15 ක පමන සුන්දර සහ දුෂ්කර පා ගමනකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන්.

බෙලිහුල්ඔය සංචාරකයනට නේවාසික පහසුකම් ඇති ස්ථානයක්. හෝටල් කාමර 45 ක් පමණ ආයතන 06 කින් පහසුකම් ලබා ගන්න පුළුවන්.

2008-11-30

අපි ඇමරිකාවේ කොලනියක්.


මංගල සමරවීරයන් ගේ පෙරලිය මට හිතාගන්නත් බැහැ. එතුමන් ජාතික නායකයෙක් කියලා හිතනවා ඇති. මොන පිස්සුද?
කාවෙනුවෙන්ද මේ ඇත්තා කතා කරන්නේ. රට වෙනුවෙන් නම් නෙමෙයි. වෛරයෙන් අග මුල හිතන්නේ නැතිව ඔහේ කටට ආවක් එලියට දානවා. ලොකු ඇමති කමක් තියෙන කොටයි දැනුයි ඇගට වෙනසක් නම් දැනෙනවා ඇති.
2008 නොවැම්බර් මස 29 වැනිදා සෙනසුරාදා දිවයින ඇතුල් පිටුවක තිබුනා මේ උත්තමයට මරණ තර්ජන තියෙනවාය ඒ නිසා ඇමරිකාවට කියලා ඇරියාය කියලා.................... අනේ අපොයි අපිට නම් කියන්න තියෙන්නේ ලගම පොලිසියට.
හැබැටම මේ රටේ අයිතිකාරයා ඇමරිකාවද.....?.

2008-11-17

එහෙත් එහෙමයි.මෙහෙත් එහෙමයි


........... බිම් අගලකට හිමිකම් නොකියන, හිසට වහලක් නැති විරු දරුවෝ කම්බි ගසලා වෙන් කර ගන්න තිබුන මේ පුංචි රටේ සීමා මායිම් වැට කඩොළු බිද ගෙන උතුර දකුණ ‍යා කරන මෙහෙයුම නිමා කරන්න සුදානම් වනවා. මේ විරුවන් මව් බිම මත හෙලන දහඩිය බිංදු ලේ බිංදු වල වටිනාකමක් නොදකින දේශපාලකයන්ගේ කතා අහන විට උන්ට හෙන ගහන්නේ නැත්තේ ඇයි කියලා හිතෙනවා.
1948 නිදහස ලැබුන දා ඉදන් මේ දක්වා රට පාලනය කලේ විදේශිකයෝ නෙමෙයි. දේශිකයෝ.
පාලක‍යන්ට හැර අපට පියදාසලාගෙත් චෙල්ලයියාලාගෙත් මරික්කාර්ලාගෙත් වෙනසක් තිබුනේ නෑ. කාලෙන් කාලෙට අපිව විරසක කරන්න පාර කැපුවේ දේශපාලන ඇත්තෝ උන්ගේ වාසියට.
අපිව වෙන් කරලා හිත්වලට ද්වේෂය වෛරය ටිකින් ටික කාන්දු කරලා අපිව වෛරක්කාරයෝ කරලා මඩිය තර කරගත්තා මිස උන් රට ගැන හිතුවේ නැහැ.
ඒ මදිවට පාට පාටටත් අපිව බෙදලා නිල් කොළ රතු ගොඩවල් හදලා තවත් වෛරක්කාර සමාජයක් බිහිකරගෙන හිරු නැගෙන වෙලාවේ සිට බැස යන තෙක් වෛරය වපුරනවා.
උන්ගේ බඩ තර කරගන්න.
උගුර ලේ රහ වෙනකම් දුප්පතා ගැන කෑ ගහන , කිඹුල් කදුළු හෙලන ඇත්තොත් අන්තිමට ගාල් වෙන්නේ අලි ගාවා . හේත්තුවෙන්නේ බුලත් කොටුවලට. ඉතිහාසයේ ඉදන්ම උනේ ඒක.
අන්තිමට මිරිකෙන්නේ අපේ දුප්පත් අම්මලා තාත්තලගේ දරුවෝ.
ප්‍රභාකරන් ගාවත් එහෙමයි.
මෙහෙත් එහෙමයි.

2008-11-16

Keeping the mind as a fortified city


තානායමේ උත්සව ශාලාවේ කෙලවරේ වාඩිවුනා. අසබඩින් ගලා යන ගගට මුහුනලාගෙන. කොතෙක් කාලයක සිට මම මෙතන වරින් වර වාඩිවෙලා විවාහ උත්සව සදහා සහභාගීවන්න ඇද්ද කියලා මටම මතක නැති තරම්.
මිතුරන්ගේ ඤාතීන්ගේ පසු කාලයේ ඔවුන්ගේ දූ දරුවන්ගේ.....

මට මගේ කල්පනාවන් මෑතක සහභාගීවුන විවාහ උත්සවයක මතක අවධි කරන්න සමත් වුනා . විශාල ඤාති හිතවතුන් පිරිසක් මැද ගෙවුන සම්භාවනීය දවස ගෙවී ගොස් තවම මාස තිහක්වත්නැහැ.
තරුන යුවලගේ විවාහය අද වනවිට විශාල අර්බූදයක් බවට පත්වෙලා .. වසර හය හතක ආදර කතාවක් විවාහයෙන් පසුව මාස තිහක් ගතවෙන විට අර්බූදයක් වීම අරුමයක් . පුංවි පුතාට මාස අටයි.
දරුවාගේ ආගමනයෙන් පසු අම්මා තාත්තට ඉස්සර වගේ ආදරේ නැහැ. තාත්තා කියන්නේ එහෙමයි.
අම්මා අඩා හැලෙනවා . එයා මටත් දරුවටත් ආදරේ නැහැ කියලා. දැන් දෙන්නා දෙපලේ. දරුවා අම්මා ලග. තාත්තා බෝඩිමක.ගෙදර එන්නේ නෑ. දෙන්නාම එකතු කර ගත්ත සල්ලිවලින් හදන්න හදපු ගේ වහල දක්වා ගොඩනගලා අතරමග නතරවෙලා.
ආදරය කොයි වගේ ද මට හිතාගන්න බැහැ.භෞතික වස්තුවක්ද රසායනිකයක්ද විදුලියක් වගේද ? ෆුඩ් සිටියෙන් සුපර් මාකට් එකෙන් මිළට ගන්න හැකි දෙයක්ද ?.
අපේ පුංචි කාලේ අපිට මතක් වෙනවා. දඩබ්බරයෙක් හැර හිතුවක්කාරෙට පෙලවහක් කරගන්නවා අහන්න ලැබෙන්නේ කලාතුරකින්. වැඩිහිටියන් මැදිහත් වෙලා කේන්දර බලලා ,නෑදෑයෝ බලලා, ගෙවල් දොරවල් බලන්න ගිහින් විවාහයක් තීන්දු කරගන්නා තෙක් කොයිතරම් සම්ප්‍රදායික වැඩ කොටසක් කරනවාද.
අද මේ සියල්ල වෙනස් වෙලා .දෙමව්පියන්ට අහන්න වෙන්නේ තීන්දුව විතරයි. විවාහ උත්සවයට සූදානම් වෙනවා හැරෙන්නට විකල්ප යක් එයාලට ඉතිරි කරන්නේ නැහැ.
සරල ආර්ථික රටාවක් තිබූ අපේ අම්මලා තාත්තලා අවුරුදු ගානක් “උඹ නොදකින් “ කියන්න පවුල් රැක්කා . තාත්තා උපයා ගෙන ආවා .අම්මා වියපැහැදම් කලා .කෙනෙක් සද්දයක් දාගෙන ආවොත් අනෙක් කෙනා නිශ්සබ්ද වුනා.වැඩ කටයුතු බෙදා ගත්තා . දුක් කරදර වගේම සතුටත් ඉවසුවා අපිට කවදාවත් දෙන්නා දෙමහල්ලෝ “ උඹ මට ආදරෙයිද බන් “ කියලා අහනවා අහන්න ලැබිලා තියෙනවාද ? . ඒ වුනත් ඒ ගොල්ලෝ ආදරෙන් ඉන්නා බව අපට දැනුනා.
වර්තමානය සංකීර්ණයි . ආර්ථිකය සන්තෘප්ත වන්න උපයන්න ඕනී . සැමියාත් බිරිදත් උදේ පිටත්වෙලා හවස එන්නේ වෙහෙසින් මහන්සියෙන්. දරුවා බලාගන්නා සේවිකාව බිරිද එනතුරු බලාගෙන ඉන්නවා ඇගේ නිවසට යන්න. බිරිදගේ උදේ පටන් ගන්නා ඒකාකාරි වෘත්තීය ජිවිතය නිමාවන්නේ තවත් වෘත්තියක ආරම්භයත් සමග.නිවසේ වැඩ කටයුතුත් දරුවාත් සමග කරන යුද්දෙත් අවසන් කරන විට .......
පාසල් යන කාලේ , විශ්ව විද්යා.ලයේ ඉන්න කාලේ වගේ සැහැල්ලුවෙන්න ඉඩ ඉතිරි වෙන්නේ නෑ.මේ පුංචි දේ තේරුම් ගන්න බැරිව සුරංගනා ලෝක මවන තාත්තලා අම්මලා ජීවිතය තේරුම් ගන්නේ නෑ. අර්බූද හිතේ මවාගන්නවා.දෙන්නාත් එක්ක විසදගන්න පුළුවන් ප්‍රශ්නයකට උත්තර සොයන්න උපදේශන වැඩක් නැහැ. තමන්ගේ මතය තහවුරු කරන්නම කරුණු ඉදිරිපත් වෙන විට විසදුමක් නැහැ.

මට ධම්ම පදය සිහියට එනවා “ කය මැටි බදුනක් යැයි සිතා - සිත නුවරක් කරගන්න” එක් ගාථාවක සදහන්වනවා. අපේ සිත් නුවරක් කරගමු.