රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2019-07-23

නී නාෂමා පෝ.........




සිරිමා - ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය.
1970 ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ් ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී මේකර්, රබර් මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර් කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී සිටියේය.
මේ සියල්ලෝම විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු වලට පාත්‍ර වර්ගයා බවට මේ ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන් අතරින් යම් යම් උප ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට හැකිවු නිසාවෙනි.
ඈ නමින් ‘මීනායි ”ය. මට වයස දහ අට විස්ස වන අවදියේ ඈ විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ සිංහල කාන්තාවක මෙන් පිලිවෙලකට දෛණික කටයුතු සිදුකරයි. පිලිවෙලකට සකස් කර ගත් ඇගේ වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින් සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව අවබෝධයක් ලබන්න ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස අප බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි.
රුපියල් 6500/= යනු එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම මුදලේ අගය ඈ වැනි කාන්තාවකට කොයි
තරම් විශාල මුදලක් වි හැකිද ?.
එකල ජනප්‍රිය වර්ගයේ ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක් ගැණීමට අවශ්‍ය වී එම මහතා - මීනායි මවගෙන් රුපියල් 6500/= ණයට ගත්තේය. නමුත් තම දුෂ්ඨ බල පුළුවන් කාරකම් දක්වා එම මුදල අර අසරණ මවට ආපසු නොගෙව්වේය.


කාලය ගත විය.
එක් උදෑසනක ව්‍යාපාරික ස්ථානයට පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට “ නී නාෂමා පෝ ” යයි ( උඹ නැති වෙලා පලයන් ) සාප කරමින් වැලි අහුර අහසට විසි කලාය.
ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර දේශපාලන කීර්තිය පිරිහී ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුගේ නමින් දේපලක් නැත.
ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපල නැතිවෙලා ගොස් ඇත.


notes of imaginary