රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2011-10-30

දවසම අප්සට් !.

ආවේ මෙන්න මේ දඩුමොනර යන්ත්‍රයෙන්.

පාන්දරින්ම  අපේ  ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙට ගියේ  පුංචි පහේ වැඩක් කර ගන්න. 
වෙනදා ප්‍රාදේශිය ලේකම් තුමාගේ වාහනය ගාල් කරන තැන  අද අමුතු වාහනයක්.
දඩු මොනර යන්ත්‍රයක් වගේ.

එක පාරටම හිතුනේ රාවනා රජ්ජුරුවෝ මොකක් හරි වැඩකට පාන්දරින් ඔෆීස් එකට එන්න ඇති කියලා. 
මිනිහාටත් අද වතුර පොදක් වත් නැතිව හවස් වෙනකම් මිස්ලා මැඩම්ලා මහත්තුරු ගාවා මේසේ ලග එටෙන්සන් ගහ ගෙන යටත් පහත්ව වේලෙන්න වෙයි කියලා  හිතා ගෙන , කාකසයත් දොර ගාවා නැති හින්දා ප්‍රාලේගේ කාර්යාල කාමරේට ඔළුව දැම්මා. 

ඔඩිට් එකක් !.

අම්මෝ ශක්‍ර දෙවියෝ පාන්දර ඇවිත් වැඩ චෙක් කරනවා !.අවුරුදු ගානක ඉදන්මේසේ උඩ  රාක්කයේ ගොඩ ගැහිච්ච වැඩ  !.


අද නම්  බඩුම තමයි. කියලා හිතට ආවම පොඩි ජොලියකුත්  ආවා.

අද  මගේ වැඩෙත්  ටක් ගාලා ඔෆීස් එකේ මහත්තුරු කරදුන්නා. දෙවියන්ගේ අනු හසින්ද කොහෙද ?. 
යන්තම් වැහිපොදෙත් එක්ක පාරට බැස්සා .
 කුඩේ ගෙනියන්න කවදත් පුරුද්දක් නැති මීදුම ගෙදර ගියාම නිදහසට කරුණු කාරනා කියන්න , කරුණු කාරනා එකතු කර කර කඩ පිලකට වෙලා වැස්ස තුරුල් වෙනකම් බලා ගෙන හිටියා. 
මෙන්න බොලේ !  අළුත් අදහසක් .

අළුත් අදහසක් !.



වැස්ස පෑව්වා දුවලා දුවලා ගිහින් ප්‍රයිවට් බස් එකකට නැග්ගා. වැස්ස නිසා සෙනග අඩුයි කියලා  වැස්සට බනින කොන්දොස්තර කොළුවාගේ කන්දොස්ක්‍රියාව බස් එකේ  ශබ්ද විකාශණයෙන් නැගෙන සුභාවිත ගීතය පරදවා ගෙන ඇහෙද්දී කවුළුවෙන් පාර දිහා බැළුවා. 
 මෙන්න සහෝදරයෝ හතර දෙනාම එකම වාහනේ !.
 කොන්දොස්තර කොළුවාට එකටත් තද වෙලා. !

සහෝදරයේ හතර දෙනෙක් !.

හෝල්ට් එකෙන් බස් එකෙන් බැහැලා  පෙති පෙති කපාපු පාන් බෑග් එකකුත් අරගෙන ඇවිද ගෙන යන කොට මෙන්න  ඩොක්ටර් ගාවට බෙහෙත් ගන්න යන අම්මයි  දරුවෝ දෙන්නයි !. ප්‍රයිවට් චැනල් සෙන්ටර් එකක් හොයනවා.

කාටද බෙහෙත් ගන්න යන්නේ !.


මේ තුන්දෙනා දැකලා තවත් මහත්තෙක්  කැමරාව මාන ගෙන 


පින්තූර ගන්නවා.


මම ඇස් දෙක පියා ගෙන ඔළුව තදින්ම ‍ හොලවලා බැළුවා මට අප්සට්ද ? කියලා