රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2026-06-25

ඇඹිලිපිටිය.




ඇඹිලිපිටිය බොහෝම ඉක්මනින් දියුණුවු නගරයක්.

ප්‍ර ‍ෙද්ශයක්.

1957 අවුරුද්දේ හුලංදාව ඔය හරස් කර “චන්ද්‍රිකා වැව“ ඉදිකිරීම වර්තමාන ඇඹිලිපිටිය සංවර්ධණය වීමේ ආරම්භයයි.

1963 දී ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය විසින් උඩවලව සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කරනවා.

1981 වන විට ජනාවාසකරණය සිදුවෙලා අවසන්.

සබරගමුව ,දකුණ ඉඩම් නොමැති ජනතාව ඇඹිලිපිටිය ආශ්‍රීත ගම්මාන වල පදිංචිකරුවන් වෙනවා.

අවුරුදු හැත්තෑ හතක් කියවෙන අතීතයේ කොටසක්.

1982.01.01 දින සිට වලව කලාපයේ පරිපාලන කටයුතු මහවැලි සංවර්ධණ අධිකාරිය යටතට පත්වෙනවා.

කලාපයේ මුළු භුමි ප්‍රමානය හෙක්ටෙයාර් 62803 ක්.වාරිබිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 19030 ක්.  ඉතිරි බිම් ප්‍රමාණය තෘණ බිම් ,වැව් රක්ෂිත ,පුරා විද්‍යා ප්‍රෙද්ශ ගොඩ ඉඩම් වලින් පෝෂිතවනවා.

ජනගහණය  250000 කට ආසන්නයි.

ප්‍රධාන ජලාශය වන උඩවලව ජලාශය ධාරිතාව අක්කර අඩි 217798 යි.ජලාශයෙන් පෝශිත වන මුළුවාරි බිම් ප්‍රමානය හෙක්ටෙයාර් 19917 ක්.

ජනපදවැසියෝ චණ්ද්‍රිකා වැව, මුරවැසි හේන , අගුණ කොළ පෑලැස්ස,
කිරිඉබ්බන් වැව සූරියවැව සහ මයුරපුර ජනපද පුරා ව්‍යාප්තව සිටි.


ඇඹිලිපිටිය වර්තමාන සංවර්ධණය එසේවුවත් අවුරුදු පන්දහාකටත් එහා ගිය අතීතයක් ඇඹිලිපිටියට හිමිකම්පානවා. රංචාමඩම පුරා විද්‍යා කැණීම වලින් සොයාගත් 

ප්‍රභූ නිවාස නටබුන් , මිණී අළු බදුන් ඒ බව සාක්ෂි දරනවා.

දියුණු ජනාවාසයක් තිබූ බවට  රුහුණු මාගම් කාලය හෙළිකරනවා.

මහානාග ,කාවන්තිස්ස රජකල ඉදිකිරීම් අතර කාවන්තිස්ස, පනාමුර , සංඛපාල තිඹොල්කැටිය සිරිනාඝ, - ගල්කොටුව අමුණ කළගෙඩි ආර ගංගාරාම විහාරය,  රජමහා විහාර, සහ යාය 6 වෙහෙරගල,ජූලංගැටේ වෙහෙරගොඩැල්ල විහාරය වැනි විහාරස්ථාන වල ඇති ශේෂවු නටබුන් මේ බව තහවුරු කරනවා.


ඇඹිලිපිටිය සංචාරකයින්ට සම්පත් පිරි ප්‍රෙද්ශක්. 

ඇත් අතුරු සෙවන, සංඛපාල විහාරය.උඩවලව ජලාශය ,උඩවලව ජාතික වනොධ්‍යානය , බලංගොඩ මානවයා සහ බෙල්ලන්බැදි පෑලැස්ස, රම්බා විහාරය සහ මහානාගහුල ,උණුදිය උල්පත් ,මඩුවන්වෙල වලව්ව ,චන්ද්‍රිකා වැව, වවුල්පනේ හුණුගල් ගුහාව ,ආදිවාසීන්ගේ නටබුන් මේ අතර විශේෂිත වෙනවා.

විවිධ තරාතිරමේ සංචාරක නවාතැන් වලින් නගරය පොහොසත්.


අපි කතාබහ කරමු ඇඹිලිපිටිය ගැන තව තවත්.









A day in the life 
ජීවිතයෙන් දවසක් .