රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2026-06-19

පහන්තුඩා ඇල්ල - බෙලිහුල්ඔය.



හැමදාමත් එක ඇදුම ඇදගෙන ඉන්න කොට කිළිටි වෙනවා.

ඇදුම අළුත් කලා.

ඇදුම ඇතුලේ ඉන්න මනුස්සයා නම් වෙනස් කරන්න අමාරු වෙයි නේ ?

දශක අටකට ආසන්න කාලයක් පදම් වුන ජීවිතය එහෙම වෙනස් කරන එක පහසු කටයුත්තක් නෙමෙයිනේ.

බෙලිහුල්ඔයේම හතර වටේ තියෙන කදු වලල්ල බලා ගෙන 

අම්මාගෙන් කිරි උරා බිව් දවසේ ඉදන්………….

ඒ කදු වලල්ල බලාගෙනම දෑස පියවෙලා යාවි.

එතෙක් මෙතෙක් කල මෝඩකම්, පුරාජේරු මීදුම ඇතුලේ වරින් වර දියවෙනවා.

ඔයාලත් කියවනවා.

ස්තුතියි.

මේ වියමන අළුත්වුන හෙඩිමේ පින්තූරයක් ගැන.

පහන් තුඩා වල  , පහන්තුඩා ඇල්ල.

තොරතුරු අනුව නම් මේ තඩාගය අඩි තිහක් විතර ගැඹුර ඇති.

මෙය මීට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්.ද

ක්‍ෂ කිමිදුම්කරුවෙකුට පිහිනන්න දන්න කෙනෙකුට බය නැතිව තටාගයට බහින්න පුළුවන් ඒත් සංචාරය පිණිස එන අය නම් තටාගයට බහින්න උත්සහා දැරීම අනතුරු දායකයි.

පසුගිය අවුරුදු වල නොසැකිලිමත්ව හැසුරුනු තරුනයින් විශ්ව විද්‍යාලීය සිසුන් කිහිප දෙනෙක් මෙතනදී දියේ ගිලි මිය ගියා. 

ප්‍ර දේශයේ කිහිප දෙනෙක් සියදිවි නසා ගන්නත් මේ ස්වභාවධර්මයේ අපූරු නිරිමානය යොදා ගත්තා.

මීදුම ඇතුලේ තියෙන ලිපිවල මේ කතාත් ලියවුන වියමන් තියෙනවා.

අනිත් පිටුවත් සමග හමුවෙමු.