රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2026-01-10

අංශ පැපොල



සමහර විට මේ විදියට වෙන්නේ කැරපොත්තෙක් පොඩි වෙලා කියලා අපි හිතනවා. ඒත් මේ එහෙම තත්ත්වයක් නෙවෙයි. මේකට කියන්නේ අංශ පැපොල කියලා.
පැපොල එහෙම නැත්නම් Chickenpox හැදෙන්නේ Varicella-zoster කියන වෛරස් එක නිසා. පොඩි කාලේ අපිට පැපොල හැදුණම, ඒකට හේතු වුණු වෛරස් අපේ ඇඟෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන්නේ නැහැ. ඒක අපේ ස්නායු පද්ධතියේ හැංගිලා ඉන්නවා.

 එහෙම හිටියට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් අපේ ප්‍රතිශක්තිකරණය දුර්වල වුණාම මේ වෛරසය ආයෙත් ඇහැරිලා ක්‍රියාත්මක වෙනවා. ඒකට තමයි අපි අංශ පැපොල (shingles) කියන්නේ. ඒක පලවෙනි පාර පැපොල හැදිලා අවුරුදු ගාණකට පස්සේ වෙන්න පුලුවන්.
බිබිලි මතු වෙන්න දවස් දෙක තුනකට කලින් ඇඟේ එක පැත්තක (අංශයක) දැවිල්ලක්, කැක්කුමක් හෝ හිරිවැටීමක් දැනෙන්න පුළුවන්. පස්සේ වේදනාව තිබුණු තැන දිය බිබිලි ඇති වෙනවා.

මේ රෝගයේ ප්‍රධානම ලක්ෂණය තමයි බිබිලි මතු වෙන්නේ ශරීරයේ එක පැත්තක විතරයි. ඒකයි මේකට "අංශ" පැපොල කියන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට, සතෙක් ගෑවිලා, එහෙම නැත්නම් සතෙක් පොඩි වෙලා කියලා අපි හිතනවා.
මේකත් එක්ක තව උණ, ඔලුවේ කැක්කුම, මහන්සිගතිය තියෙන්න පුලුවන්.
මේක ඕනෙම වයසක කෙනෙක්ට හැදෙන්න පුලුවන්. ඒත් වයස අවුරුදු 50ට වැඩි අයට, ප්‍රතිශක්තිය අඩු අයට (දියවැඩියාව, පිළිකා වැනි රෝග හෝ ප්‍රතිශක්තිය අඩු කරන බෙහෙත් බොන අය) හැදෙන්න තියෙන අවදානම වැඩියි.
 
අංශ පැපොලට ප්‍රතිකාර තියෙනවා. බිබිලි මතු වෙලා මුල් පැය 72 ඇතුළත වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කළොත් වේදනාව අඩු කරගන්නත්, ලෙඩේ ඉක්මනින් සුව කරගන්නත් පුළුවන්.
ඒත් සමහර අයට බිබිලි හොඳ උනාට පස්සෙ මාස ගාණක් යනකම් ඒ හරියේ තද කැක්කුමක් තියෙනවා. ඒ වගේම ඇස් වටේට බිබිලි මතු වුණොත් පෙනීමටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්.

අංශ පැපොල බිබිලි වල තියෙන දියර ගෑවුණොත්, කලින් පැපොල හැදිලා නැති කෙනෙක්ට පැපොල හැදෙන්න පුළුවන්.
අපේ ඇඟේ එක පැත්තක දැවිල්ලක් එක්ක බිබිලි මතු වෙනවා නම්, බල බල ඉන්නේ නැතුව වෛද්‍යවරයෙක් හමුවෙන්න.

සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. 
මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්න අය මේක දකී. 
මේ ලිපිය තව අයට දකින්න share කරන්න. 
කාටමහරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
© Dr. Gayan Senevirathne

#DrGayan, #MedicalCare #HealthyLifestyle #healthtips #chickenpox_Gayan






A day in the life