රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2025-10-03

අන්දරේ - කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ


නිවසේ සිටිනා අවධියේ සිදුවු රසවත් සිද්ධීන් අපමනය.
අකුරු නොකර වල් වැදුණු එහෙත් දඩබ්බරයෙකුගේ බුද්ධිය අගේ කල යුතුය.ෙ
බෙරවාදන ශිල්පියෙකුවු “ දිසනා“ අන්දරේගේ ගෙදරට නිතර ආ ගිය හිතවතෙකි‍.
ඔහු බෙර වාදන කුලයට අයත් ( බෙරවා ) අයෙකි. එකල කුල බේදය බෙහෙවින් සමාජය ගිලගෙන තිබිනි
නිතර නිවසට එන දිසනා අන්දරේගේ හිතවතෙකි.
එක් දිනක දිසනාගේ සිත් පිනවිය යුතුයැයි සිතා.

“ දිසනෝ - ඔයාගේ නම බුද්දගජ්ජ පොතේ තියනවා නේ “ කීවේය.
“අනේ මහත්තයෝ , මට අකුරු බෑ නේ ඕවා කියවන්න“
දිසනා කීවේය.
එහෙනම් මෙන්න අහපන්කො.

"ධීෂකාමය සාරනායක
වීපදා කුළ හේතුනායක
අජරාමර භූතිදායක
සචරාචර ලෝකනායක“

"දිසනා කියන නම ඇති තැනැත්තා සංසාරයේ ඇවිදින්නෙකි.
පෙර පවකට හීන කුලයේ උපන්නේය.
බුදුරදුන්ට දායකවී දිසනා අජරාමර වීය.
කොයි කවුරු චර චර ගෑවත් ලෝකයේ කවුරුත් සමානයි


අන්දරේ මේ පාලි පාඨ දිසනාට පැහැදිලි කලේ ය.
ලෝකයේ කවුරුත් සමාන බැව් හැගීයාමෙන්  “සදනා“ සතුටු විය.
පාලි ගාථාවකට තමාද පාත්‍ර වර්ගයා වී ඇත.
තමන් කෙරෙහි ගෞරවයක් ද දැනෙන්ට විය.

කොළු රැළත් සමග ගම්මැද්දේ ඇවිදින්න යාම තරුන අන්දරේ ගේ දිනචර්යාවේ කොටසකි.
එසේ යනවිට දිනක  දිය රෙද්දක් ඇඳ වැවක කෙකටිය ඉදුරූ තරුණියක දකින්ට ලැබිනි. ඈ ද අන්දරේ දුටු විට ඇය මඳ සිනහවක් පෑවේය.
මෙයින් කුල්මත් වූ ඔහු ඇයට විහිළුවක් කරන්නට සිතා 
තවත් දියෙහි ගැඹුරට නොයන ලෙසට  කීවේ මෙසේය.

පතුල බැසා අල උදුරන කලට         ලියේ
මකුල සේම වත ඉහළට යාය         ලියේ
මුකුළු සිනා අප දැක කෝඩු         කාරියේ
කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ

බරක් පතලක් නැති සැහැල්ලු දිවියක් අන්දරේ ගෙවමින් සිටි බව ඔහු පිලිබදව අසන කියන දෙයින් අපට සිතා ගත හැකිය. මෙවැනි රස සිතිවිලි සිත් තුල මැවෙන්න දහසක් ප්‍රශ්න ගැටළු පුරවා ගත් සිතකට ඉඩ නැත.

තවත් දවසක නැවතත් අන්දරේ හමුවෙමු.