රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2025-02-05

අපේ කාලයේ වීදිය බණ්ඩාරලා





1996 මුලතිව් කඳවූර සමඟ දැවුණු අපේ කාලයේ වීදිය බණ්ඩාරලා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

යටත් වීම පසෙකලා ඔවුන් මාතෘභූමියේ උස් නිදහස වෙනුවෙන් සටන් කළහ.මේ ඡායාරූපයේ ගිණි ජාලා මැද දැවී අළු වෙන්නේ මොනවාද?

වර්ෂ 1996 .07.18 අළුයම 1.15 කණිසමේ සිට දින 07 ක් තම මාතෘභූමියේ උස් නිදහස වෙනුවෙන් දිවිපිදූ මුලතිව් යුධ හමුදා කඳවුරේ ජන්මයෙන් ලත් වීරත්වයෙන් මුසු වීරත්වයේ මුද්‍රා බඳු 09 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නිළධාරීන් සහ සෙසු නිළයන් සේම දින ගණනක් නිරාහාරව සටන් කළ 06 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිළධාරීන් සහ සෙසු නිළයන් සේම ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ නිළධාරීන් සහ සෙසු නිළයන් සේම මුලතිව් පොලීසියේ සිටි පොලිස් නිළධාරීන්,යුධ හමුදා පොලීසියේ පොලිස් නිළධාරීන්, ජාතික ආරක්ෂක බළමුළුවේ සාමාජිකයන්, නාවික හමුදාවේ කිමිදුම් ඒකකයේ නාවික විරුවන් සේම සිවිල් සේවකයන් සහ ආධාරක අනුඛණ්ඩ යටතේ පැමිණ සතුරු භුමියේ අවසන් පතරොම් ගැබ දක්වා සටන් කළ වීරෝධාර රණවිරුවන් අටසිය දෙනෙකුගේ පමණ නිසල දේහයන්ය.

රතු කුරුස සංවිධානය හරහා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සිරුරු 50 කට වැඩි සංඛ්‍යාවක් ලබා දුන්නද ,ස්ථාන ගණනාවකදී ලබා දුන් සිරුරු හැර මෙලෙස කොකාවිල් හී සීනි සහ පෙට්‍රල් දමා අළු කළ සිරුරු සහිත රණවිරුවන් (අතුරුදහන් වු හමුදා සාමාජිකයන් )ලෙස නම් කළහ.

වසර තිහකට ආසන්න කුරිරු යුද්ධය තුළ දුටු සංවේදීම රූපයක් වන මෙය දකින වාරයක් පාසා දෙනෙතට කඳුළක් නුපන් නේ නම් ඔහු මිනිසෙක් නොවිය යුතුය. පරිප්පු හැරුණු විට බත් පමණක් වු ආහාර වේලකට සහ නෙස්ටමෝල්ට් පමණක් ලද කඳවුරක නිළධාරීන් සහ සෙසු නිළයන් ගෙවුවේ කටුක ජීවිතයක්.

තම ආදරණීය සැමියා මුලතිව් කඳවුරේ රුදුරු ත්‍රස්තවාදීන් පන්දහසක් මැද සටන් වදින විට තම කුළුඳුල් දරුවා කුස දරා සිටි බිරිඳට දරුවා අහිමි වු සංවේදනා මේ මුලතිව් ඛේදවාචකය තුළ හමුවේ. තම පුතු නිවසට එන තුරු තම දෙනෙත් පියෙන්නට පෙර බලාපොරොත්තුවේ දෑස් දල්වා සිටින මව්වරු පියවරු මුලතිව් ඛේදවාචකය තුළ හමුවේ.

කඳවුරේ සිටි වීර රණවිරු පුතුන් යම් මානසික උත්තේජනයක් ලැබුවේ සවස 4.30 ට ගැසු ක්‍රිකට් වලින් ය. එහෙත් ඔවුන් තම උපන් දේශය වෙනුවෙන් කැපවීම් කළහ. වැටුප් ගැටලු දුෂ්කර ජීවිත ඔවුන් ද භුක්ති වින්දහ. එහෙත් ඔවුන් අරගල නොකලහ.සියල්ල සමසිතින් විඳ දරා ගත්හ.
දැවී අළුවෙන මගේ අදරණීය සොයුරණේ ඔබ සියලු දෙනාගේ මතු භවය සැපවත් ම වේවා!

මීට  - 
ඔබේ හුස්මෙන් සුසුම් හෙලනා සාමන්‍ය පුරවැසියෙක් වන මා -
-රමේෂ් හසන්ත

A day in the life