රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-09-28

ගුරු තරුව




කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම....
(ගුරු තරුව වේදිකා නාට්‍යයේ ගීතයකි)

සාහිත්‍ය ගුරුතුමා : -

කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිළු........

සෙවණැලි වැටී ඇත ගෙයි හැම තැනම ගොලු.......
දොර හැර ගියෙමි රැහි පළඟැටි හඬය රළු........
මිදුලේ වියන ලදි සඳ රැස් පැදුරු මලු.......
 
සංගීත ගුරුතුමිය : -
වැටකොටු කුමට අලියෙකු හට වෙසෙන වනේ.......
මට මඩ වගුරු ලඟ පරසතු සුවඳ දැනේ.......
සිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේ......
වට කලුවරක් මැද ඝන රැස් තරිඳු පෙනේ.......
 
සාහිත්‍ය ගුරුතුමා : -
කඳුගැට පපා දිලි මීදුම් සළු පාට..................
මට ඇති කලේ වෙනකිසිවක් නොව සීත......
ලය මුව මෙන්ම ගොලු වූවත් මගෙ දෑත.......
ඔබ සිහිකලෙමි ලඟ ඇති ඈත............
 
සංගීත ගුරුතුමිය : -
හඳ පලුවක් මතුවී නුඹ වත්තෙන්........
තරු කැට ඒ වට විසිරී ඇත්තෙන්.......
කෙටුවා වාගෙයි පුන් සඳ කැත්තෙන්........
කෙටුවේ කැත්තේ නොකැපෙන පැත්තෙන්........


අවසන් කවිය නාරංපනාවේ විමලරත්න කුමාරගම කවියාගේ රචනයකි



A day in the life