රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-08-29

කෙම්ගෙඩිය හා ඉටිගෙඩිය






අතීතයේ විතරක් නෙමෙයි,අදටත් ගමේ ගොඩේ නගරයේ කියලා වෙනසක් නැතිව බොහෝ දෙනාගේ මුවින් පිටවන කතාවක් තමයි,"දන්න කෙංගෙඩියක් නෑ.." , " මොන ඉටිගෙඩියක්ද.." කියන වදන්.
ඔයාලා දන්නවනේ අපේ සිංහල සංස්කෘතිය තුළ කෙම් ක්‍රම බොහෝමයක් තිබුණ වග. ඔය.. ලෙඩක් දුකක් අසනීපයක් වුණාම ප්‍රසිද්ධියක් නැතිව කරන ගුරුකම් තියෙනවා නේද..අන්න ඒවට තමා කෙම් කියන්නේ.මේ කෙම කියන එක ගමේ උදවියට නම් අරුමැක්කක් නෙමෙයි.

අතීතයේ ඉතින් ගමේ හැම ගෙදරකම පාහේ ගව පට්ටියක් නම් වරදින්නේ නැහැ.සමහර අවස්ථාවල ගවයන්ගේ ඇඟේ පණුවන් පිරි සිටින තුවාල හට ගන්නවා.එහෙම උනාම කාටත් නොදැනෙන්න අබ ටිකක් මතුරලා ලිපට දැම්මම පණුවන් මැරී යනවා. ඒක එක්තරා කෙමක්.අන්න ඒ වගේ කාටත් නොදැනෙන්න හොර රහසේ හදන බෙහෙත් ගෙඩියකට තමයි මේ කෙම්ගෙඩිය කියලා කියන්නේ.

ඔන්න ඉතිම් උදේ පාන්දරම කුකුළා හඬලන්නට ඉස්සෙල්ලා ගෙදරින් පිටත් වෙන්න ඕනේ..ඊට පස්සේ අර කීව බෙහෙත් ගෙඩියට ඕනෑ කරන බෙහෙත් වර්ග ටික හොයාගෙන තමා ආපහු ගෙදර එන්නේ.ඊටත් පස්සෙ ඒ බෙහෙත් වර්ග තලලා හෙම අවශ්‍ය විදිහට සකස් කරගෙන තවාපු කෙසෙල් කොළේක ඔතනවා.පස්සේ ඒක ආයෙත් ගොක්කොල අරගෙන හරකාගේ බෙල්ලට දාන්න පුළුවන් මාලයක් විදිහට සකස් කරනවා. හැබැයි ඉතින් මේ එල්ලන බෙහෙත් ගෙඩියේ මොන මොන බෙහෙත් වර්ග ද තියෙන්නෙ කියලා දන්නේ වෙද මහත්මයා ම විතරයි. ඒකනි ඉතිම් කෙම කියන්නේ.ඇත්තටම මෙහෙම මේ විදියට බෙහෙත් ගෙඩිය කරේ එල්ලන්නේ හරකුන්ගේ කුර ලෙඩේ සුව කරන්නටලු.
ඔන්න ඔය විදියට කෙමක් මූලික කරගෙන හදන බෙහෙත් ගෙඩියට තමයි මේ කෙම්ගෙඩිය කියලා කියන්නේ. වහරන කොට කාලයත් එක්ක මේක කෙංගෙඩිය වෙලා.
ඉටිගෙඩිය
වර්තමානයේ බොහෝ දුරට දකින්නට නොලැබුනත්,එදා අතීතයේ අපේ මුලුතැන්ගේ,නැතිනම් කුස්සියේ යටලීයක හරි නැත්තම් බිත්තියක හරි අලවලා තියෙන කොහොල්ලෑ හරි මී ඉටි හරි එකතු කරපු ගුලියකට තමයි මේ ඉටිගෙඩිය කියලා කියන්නේ..
ඉස්සර අපේ පරණ ගෙදරත් කුස්සියේ ඔහොම එකතු කරපු කොහොල්ලෑ ගුලියක් තිබුණා. ඉස්සර ඉතිම් කලගෙඩියෙනේ තිබුණේ වතුර දාන්නේ .මට හොඳට මතකයි අපෙ අම්මා එක දවසක් වතුර කාන්දු වුණ හිල්වුන කලයකට අර ඉටිගෙඩියෙන් ටිකක් අරගෙන අර කාන්දු වෙන තැනට රෙදි කෑල්ලක් තියලා අලවලා ගින්දරෙන් රත් කරනවා.ආයි ඉතින් වතුර කාන්දු වෙන්නේ නෑ.. කලයකට විතරක් නෙමෙයි වළඳක් ලබු ගෙඩියක් එහෙම පුපුරලා ගියාමත් අතීතයේ මිනිස්සු ඔය දේ කරල තියෙනව .ඒ නිසා ඉතිම් ඒ දේවල් අපතේ නොයවා නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් .
ඔන්න ඔහොම තමා ඉතිම් කෙම්ගෙඩියයි,ඉටිගෙඩියයි හැදුණේ...
උපුටාගැනීමකි
ස්තුති සටහන අයිතිකරුට




A day in the life