රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-08-23

මොකද දැන් ලියන්නේ නැත්තේ. ?





මොකද දැන් ලියන්නේ නැත්තේ. ?.
මළ ගෙදරකදී හමුවු සහෘදයෙකුගේ පැනයක්.
මට උත්තර නැත.
ලියන්නත් කම්මැලියි මම කියමි. නවය දහය වන විට නිදිමතයි.
සිරුර ඉල්ලන්නේම විවේකයයි.
නිදාගනිමි.
සුවසේ නිදා ගනීදැයි මම නොදනිමි .
සීයා ගේ කාමරයේ “ලී මෝලක් සවි කර ඇති බව” නම් මුනුපුරන් නිතර කියති.
පාන්දර හය වන විට ඇහැරෙයි.
ඇදේ සිටම තවමත් ජීවත්ව සිටීදැයි මම මගෙන් විමසමි.
ඔව්. ඔබ තවමත් ජීවතුන් අතරය.
ලීමෝල නතරව තිබුනොත් ............................සීයා ගිය බව සිතනු ඇත.
දවස අරඹයි.ඒ දවසත් ගෙවීයයි.
ආයෙත් පෙර පරිදිමචක්‍රය කරකැවේ .
එය මගේ ජීවිතය වී තිබේ.
කුමක් හෝ රූපවාහිණි විකාශනයක පත්තර පිටුව බලමි.
මේ දිනවල නම් මැතිවරණ කතා බොහොමයකි.
මේ හැම කතාවකම පම්පෝරි මිස නිර්මාණාත්මක දෙයක් නැති තරම්ය
ආර්ථිකයට සල්ලි පොම්ප කරන කතාවක් අසමි.
පොම්ප කරන්න උනන්නේ කොහෙන්දැයි දේශකයාද නොදනී.
වැඩසටහනේ වැදගත්ම කොටස කාටූන් ශිල්පීන්ගේ කාටුන්ය.
පහන් සිතින් ඒකොටස නරඹමි.දවසේ රූපවාහිණි වැඩ සටහන් නැරඹීම එතෙකින් අවසන් වේ.
අනෙක් වීෂුක දර්ශන වැඩ සටහන් නැරඹිය නොහැකිය.එතරම්ම ඒවා එකාකාරීය නිසරුය .
අවුරුදු දහයක පමන කාලයක් ටිකින් ටික වෙනස් වෙමින් වර්ධණවු ජීවිත රටාව පසුගිය අවුරුදු දෙක තුල සීග්‍ර ලෙස වෙනස් වෙන්නට පටන් ගති.
ලියමින් සිටි වියමන්ද ටිකින් ටික අවපාතය කරා යමින් සිටී.
සීනී වලන් පටන් ගත් වෛද්‍යවරයා කොලොස්ටරෝල් වලටත් හෘද වේදනාවටත් දැන් වකුගඩුවේ අසාදනයකටත් පිලියම් සොයයි.
ඒ සමග “ මිස්ටර් ලයනල් , බලන්න කොන්ඩේ සුදු වෙලා...හම ටිකින් ටික රැලි වැටිලා....ඇස් කන්නාඩි යෙන් සැරසිලා. කන්නාඩියත් වරිනි වර අළුත් වෙනවා. ඇග පතේ රුදාවල් පෙරට වඩා දැනෙනවා... මහන්සි ගතිය වැඩියි..
ගනන් ගන්න එපා . අපි ටිකින් ටික බලමු” .
මම පෙරට පනිමි.
“ජීවිතේ ඔහොම තමයි.අපි ගනන් නොගෙන යමු”.
වෛද්‍යවරයා සිනාසෙයි.
මට ගෙවන්න වෙන්නේ චැනල් සෙන්ටර් එකේ සේවා ගාස්තුව පමනි.
වෛද්‍යවරයාට ස්තුති කරමි.
ඔසුසැලට ගියවිට මාසෙක ඖෂධ සදහා ඉලක්කම් පහකට ආසන්න මිලක් ගෙවමි
මා සුවපත්ව සිටීද ? මම විමසමි.
හා හා ඔයා ඔහොම ඉන්න. ඔයාට ඕක කරන්න බැහැ
හැමදෙයින්ම මා වලක්වයි
සීයාට බැහැ. සීයා වැටෙයි.
තාත්තා නිකම් ඉන්න
කෝ මම කරන්නම්.
මම නිකම්ම දුබලයෙක් වෙමි.
සහෘදයෝ එකා දෙන්නා කඩුළු දවාගෙන පිටියෙන් නික්ම යති.
පොදු ව්‍යාධි කන්දරාවක් සහෘද සමාගම සතුයි
එක්කෙනෙක්වත් තමන් ගේ සෞඛ්‍ය තත්වය නොවිමසති.
විමසුවත්....
“බෙහෙත් බිබි සනීපෙන් සිටිනවා ”
සමාන පිළිතුරක් ලැබේ

day in the life