රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-12-25

පුංචි අම්මා

 


හැමෝම විරුද්ධ වෙද්දි
අපෙ තාත්තා ගෙ
දෙවැනි කසාදය උනේ...
දෝණිට වෙනසක් වෙයි
නෑදෑයො කියන්නෙ එහෙම ...
මගෙ අම්මා නැති උනේ
මන් චූටි කාලෙම
එදා ඉදන්ම හැම දේ ම කරේ තාත්තා ..
ගෑණු දරුවෙකුට රැකවරණයක් ඕන
තාත්තා එහෙම කිව්වේ ආච්චී ට..
අනේ මගේ කට
පිට ගෑණියෙකුට පුලුවන් ද
අම්මගෙ තැන ගන්න...
ආච්චි කොයිතරම් අවලාද කිව්වත්
තාත්තා බැන්දා....
දෝණී බත් කමු
එයා මාත් එක්ක කතා කරපු පළවෙනි පාර..
හා නැන්දෙ
නෑදෑකම් නොදන්න
මන් එයාට කිව්වෙ එහෙම ..
එයා මට බත් කැව්වා
ඒ බත් රසයි
මන් අතින් කෑවා වගේ නෙමෙයි ..
මට අම්මා කියන්න
එයා ආය කිව්වා..
එදා ඉදන් මට එයා අම්මා
මට කැව්වා
මාව නෑව්වා
මගෙ රෙදි හේදුවා
ඔව් ආච්චිලා මොනවා කිව්වත්
ඒ මගෙ අම්මා මගෙ හිත කිව්වා..
අලුත් නංගියෙකුත්
අපේ ගෙදර ට ආවා
ඒ දවස මතකයි අද වගේ..
මන් දෙකවසරෙ එතකොට ..
නංගිව තුරුළු කරන්
අම්මා කිරි දෙනවා
මන් හොරෙන් බැලුවෙ..
මාව දැකලාද කොහෙද
අතින් කතා කරා
මන් හෙමීට ලංවුනේ..
මාව උකුලට අරන්
කුක්කු ඕනද ඔයාට
අම්මා එහෙම ඇහුවා..
මන් එයාගෙන් කිරි බිව්වා
මගෙ අම්මා
නංගිගෙ විතරක් නෙමෙයි
නැන්දා කිව්වෙ බොරු
එහෙම හිත හිත
මන් කිරි බිව්වෙ....
පහුගිය අවුරුදු පුරාම
අම්මාගෙ ජීව්තේ
මුලින් හිටියෙ මම...
එළියට යන්න හදන
හැම වෙලාවකම
මාව ඉබලා තමයි
නංගිව ඉබින්නෙ.....
කැම්පස් ගිය මුල්ම දවස
ජොබ් එකට ගිය මුල්ම දවස
ඒ හැම දවසක්ම
හොරෙන් කාමරේට වෙලා ඇඩුවා...
සැරින් සැරේට කෝල් කරලා
හොදින්ද බැලුවා..
මගෙ ආදරය මුලින් ම කිව්වෙ අම්මාට
තාත්තා ට වඩා
මන් හැමදාම ලඟ අම්මාට...
ගෙදර ට එන්න කියන්න
මට කතා කරන්න ඕන ..
අපේ විවාහය අද
උදේ ඉදන්ම හැංගි හැංගි අඬන ඒ ඇස්
මන් නෝට් කරන්මයි හිටියෙ...
පුතේ මේ මගෙ පණ
ආදරෙන් බලා ගන්න..
උඹට එපා කියලා හිතුන දවසට
හීරීමක්වත් නොකර මට ගෙනත් දියන්...
තවත් මට ඒ ආදරය ට උපමා ඕනද....
පිටත් වෙන්න නැකත හරි උනත්
මන් හෙව්වෙ ඒ ඇස් දෙක
මන් දන්නවා..
කාමරේට වෙලා අඬනවා ඇති
ඒකමයි දුවන් ගියේ..
අම්මා.....
ඇස් කදුළින් පිරිලා
හනි හනිකට පිහි දැම්මාත්
මන් දැක්කා ඒ කදුළු ....
මගෙ දෝණී හොදින් ඉන්න
මාව බලන්න එන්න
මාව තුරුළු කරන්
එයා කියවනවා......
ඊලඟ ආත්මෙ ඒ කුසේ
මට ඉඩ තියන්න
ප්‍රාර්ථථනා ව එක්ක මයි
මන් දණ ගහලා වැන්දෙ....
වදන්නම ඕන නෑ
හදපු එයයි සංසාරේ මගෙ අම්මා........

💖
B.M.N.බස්නායක

notes of imaginary