රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-12-16

GSF ගේ කාටුන්


එවකට අග්‍රාමත්‍ය ව සිටි සර් ජෝන් පොල්ගොල්ලේ පිහිටි කෘෂිකර්ම දෙපාර්මේන්තුවට අයත් සත්ව ගොවිපලක් බැලීමට ගිය අවස්ථාවක එහි සේවය කරන සේවිකාවන්ගෙන් සාත්තු සප්පායාම් ලබමින් සිටින ගවයන් කිහිපදෙනෙක් දැක්කේය. සර් ජෝන්ගේ මදාවි සිතට එක්වරම සිහිවුයේ මමත් මේ වාගේ ගොනෙක් වුවානම් කොයිතරම් ජොලිද යන්න විය යුතුය.
සිතිවිල්ල වහා වචනයෙන් එළියට පැන්න විට මාධ්‍ය කරුවෝ එය අහුලා ගෙන පසුදා තම ප්‍රවෘත්ති පත්‍රවල ඕපදුප තීර ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති කළේය. සර් ජෝන්ගේ සුන්දර අදහස පසුදා ලංකාදීපය මැද පිටුවේ පළවු G.S.F සන්නම සහිත ගම්වාසී සෙනරත් ප්‍රනාන්දු‍ ගේ කාටුනයෙන් සර් ජෝන්ගේ මුහුණ තඩි ගොනෙකුගේ සිරුරට සවි කර එම ගොනා නාවන තරුනියන් පිරිසක් සිත්තම් කලේය.

සර් ජෝන් පසුදාම G.S.F ට ප්‍රතිචාර දැක්වූයේ හෙලිකොප්ටරයකින් මොරටු මුහුදේ දියඹට අතහැර සිරුර වැල්ලට එවීමෙන් නොව සර් ජෝන්ගේ කදවල වත්තේ නිවහනට කැදවා බිත්තර ආප්ප වලින් උදෑසන තේ වේලෙන් සංග්‍රහ කිරීමෙන් සහ G.S.F සර් ජෝන් පිළිබදව අදින කාටුන් වල මුල් පිටපත ඔහුට ලැබෙන්න සැලැස්විය යුතුය යැයි ගිවිසුමකට පත් කිරීමෙන්ය.

G.S.F ප්‍රථම කාටුනය ඇද ඇත්තේ “ස්වදේශ මිත්‍රයා” පත්‍රයට 1931 ඩොනමෝර් කොමිසමේ වාර්තාව විවේචනය කරමිනි. 1934 දී වානිජ චිත්‍ර ශිල්පියෙකු ලෙස ටෛම්ස් ආයාතනයට එක්වු G.S.F 1947 වර්ෂයේ සිට ඩී.බී.ධනපාලයන්ගේ ඇරයුමෙන් කාටුන් චිත්‍ර ශිල්පියෙකු බවට පත්විය.ඔහු එදා සිට ලංකාදීප පත්‍රයට දශක පහක් පමණ කාලයක් කාටුන් ඇන්දේය.
ඔහුගේ “අප්පුහාමි” චරිතය විසින් ජනතාව නියෝජනය කලේය



notes of imaginary