රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-03-10

දින පොත - මාර්තු නවවෙනිදා

මුදාව දකුනේ යුද්ධයකට සැරසිලා වගෙයි. අමුතු ආයුධත් අරගන වීදී බැහැලා. ජනතාව ( ශිෂ්‍ය ක්‍රියාකාරීන් ) මර්ධණයට තුවක්කුව වෙඩි උණ්ඩ භාවිතය සැරවැඩියි කියලා හිතෙන්න ඇති. ජනාධිපති රනිල් පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී පැහැදිලි කලා සැරෙන් ඉන්න ඕන කියන මතවාදයක්..

අනූර කුමාර දිසානායක මහතාට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකට ඉඩ නොදී මර්දනීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙමින් සිටිනවා.

කවුරු මොනවගේ මතවාද දැරුවත් අපි ඉක්මන් නොවී ආර්ථිකය කිසියම් සහන මාවතකට පත්වෙනතුරු කල්බැලිය යුතු පරිසරයක කියලා  මට හිතෙනවා. කොරෝනාවත් ඉන්ධණ අර්බුදයත් නිසා ත්‍රී වීලර් කරුවන්ගේ සිට විවිධ තරාතිරමේ ව්‍යාපාරිකයෝ හිරිහැරයටත් පීඩාවටත් පත්වෙලා ඉන්නේ. දේශපාලනඥයන්ගේ නොමනා ක්‍රියාකාරකම්ද මේ අර්බූදයට අඩු වැඩි වශයෙන් බලපෑවා. මේ වෙලාවේ දේශපාලනඥයෝ බොර දියේ මාළු බානවා.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය වාර්තා කරනවා. 2032 වසර අවසාන වනවිට ඩොලරයක් 390 ක් පමණ වනු ඇතැයි ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් (Fitch Rating’s) ආයතනය පුරෝකථනය කර ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය සඳහන් කරනවා.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව බදු අයකිරීම් වැඩිකර සහනාධාර කපා දමා,තිබෙනවා. මුදල් ඒකක ග්‍රහණය ලිහිල් කර තිබුනත්   සිය බාහිර ණය ගෙවීම් ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කළ පසු යළිත් විනිමය අනුපාතික දැඩි පීඩනයක් ඇති වේවි.

අපි කලබල විය යුතුද?.


notes of imaginary