අනූර කුමාර දිසානායක මහතාට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකට ඉඩ නොදී මර්දනීය ක්‍රියාමාර්ගවලට
අවතීරණ වෙමින් සිටිනවා.
කවුරු මොනවගේ මතවාද දැරුවත් අපි
ඉක්මන් නොවී ආර්ථිකය කිසියම් සහන මාවතකට පත්වෙනතුරු කල්බැලිය යුතු පරිසරයක කියලා මට හිතෙනවා. කොරෝනාවත් ඉන්ධණ අර්බුදයත් නිසා ත්‍රී
වීලර් කරුවන්ගේ සිට විවිධ තරාතිරමේ ව්‍යාපාරිකයෝ හිරිහැරයටත් පීඩාවටත් පත්වෙලා
ඉන්නේ. දේශපාලනඥයන්ගේ නොමනා ක්‍රියාකාරකම්ද මේ අර්බූදයට අඩු වැඩි වශයෙන් බලපෑවා.
මේ වෙලාවේ දේශපාලනඥයෝ බොර දියේ මාළු බානවා.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ගෝලීය
වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව
බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය වාර්තා කරනවා. 2032 වසර අවසාන වනවිට ඩොලරයක් 390 ක් පමණ වනු ඇතැයි ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් (Fitch
Rating’s) ආයතනය පුරෝකථනය කර ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg)
වෙබ් අඩවිය සඳහන් කරනවා.
මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය
අරමුදලෙන් ණය සහන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව බදු අයකිරීම් වැඩිකර සහනාධාර කපා දමා,තිබෙනවා. මුදල්
ඒකක ග්‍රහණය ලිහිල් කර තිබුනත් සිය බාහිර ණය ගෙවීම් ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ
කළ පසු යළිත් විනිමය අනුපාතික දැඩි පීඩනයක් ඇති වේවි.
අපි කලබල විය යුතුද?.
3 comments:
රනිල් හාමුට කඩේ යන නාකි හම්පඩයෙක්. සමාජවාදී සමුහ ආණ්ඩුවක් ගොඩනැගීමෙන් පසු මෙවැන්නන් එක පෙලට සිටුවා වෙඩි තැබිය යුතුය.
ස්තුතියි.
මම බලාපොරෙත්තුවන්නේ තර්ජනය කිරීම් නෙමෙයි . පැහැදිලි කිරීම්. තර්ජනය කිරීමෙන් අවබෝධ කරවන්න බැහැනේ. නාකි හම්පඩ අපිට තමයි මේ පීඩනය වැඩියෙන් දැනෙන්නේ. බදු,ආදායම් අතින් මිරිකිලා. ඒත් අපි ඉවසන්නේ මේකෙන් ගොඩ යන්නේ කවද්ද කියලා.
රට ණය වෙනවා කියන්නේ අපි ණය වෙනවා .
මහත්මයා ආර්ථිකය ගැන කිසිම දැනීමක් නැති 'අපිට ආණ්ඩුව දියව්!, කරන සැටි අපි එතකොට පෙන්වන්නම්' කියන්නන් ඔවුන්ට බලය ලැබුනොත් නාකි හම්පඩයනන් පමණක් නොව ඔවුන්ට විරුද්ධ මත දරන අන් සියල්ලන්ම එක පෙලට සිටුවා වෙඩි තබා දමනු නිසැකය.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.