මම දිනපොතක්
ලියමින් සිටියා. ටික කලක් යන කොට මටත් නොදැනීම දින පොතේ සටහන් තැබීම නතරවුනා. අද මාර්තු මාසේ අටවෙනිදා. ඔච්චමට කියන්නේ අටවන ජනාධිපති කෙනෙක්
අපිට ඉන්නේ කියලා.ඒ ඇටවිල්ලත් නරක නැහැ. දකුණු අතින් සූරලාම අරන් වම් අතින් ඩිංගක්
බෙදනවා.
දින පොත
ලියන්න පටන් ගන්න කොටම මතක් වුනේ එතුමා. මම පුළු පුළුවන් විදියට සටහන් තියන්න
හිතාගෙන පටන් ගත්ත වැඩේ කොයි වෙලා වේ නතර වෙයිද දන්නේ නැහැ. දැන් වයසත් හොද නැහැ.
අතේ තියන ගානට
ණය වෙලා හිටපු මට මේ දවස් වල හෙනහුරා ලබලා.අතට එන ගාන එතනම තිබියදී
විදුලිය,ජලය,ටෙලිපෝනය, සහ බැංකු පොලියත් ඉහල ගිහින්. ඒ මදිවට ෆාමසියේ බිල හතර
ගුණයකින් ඉහල ගිහිල්ලා. මහන්සිවෙලා හොයා ගන්න දේත් උදුරා ගන්න දේශීය ආදායම් කාරයෝ
රත්වුන නිවේදන නිතර එවනවා. මේ එකක්වත් කපලා කොටලා වැය සංශෝධනය කර ගන්න
බැහැ.අන්තිමට ආහාර වේල , ගමන් බිමන් ස්වයංක්‍රීයව කප්පාදු වෙලා.
අය අටවා ගන්න
වෙහෙසෙ මහන්සිය , සැලසුම් ,බලාපොරොත්තු ඇතිකරගත්තත් ඒවා සක්‍රීය වෙන්නේ නැහැ. රටම
ගල් වෙලා. IMF සිහිනය අවදි
වෙමින් තියෙනවා.ඒකත් ණය ගෙවන්න ගත්ත ණයක් වුනොත් වැඩක් නැහැ. රටේ නිෂ්පාදණය ආනයනය
වැඩි දියුණු වෙන ණයක් වුනොත් අටවන වැඩේට අරුතක් එකතු වේවි.
අම්මා තාත්තා
සල්ලි නැතිව අසරණ වෙලා ඉන්න කොට හයහතර නොතේරෙන පුංචි එවුවෝ කෑ ගහනවා. කෑ ගහන එක ඉවසන්න
බැරිම තැන පුංචි පුංචි තරවටු කරනවා.
මේවා බලාගෙන
ඊයේ දවස ගෙවිලා ගියා. හෙට මොනවා වෙයිද ?.
0 comments:
Post a Comment