රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2022-09-07

අම්මාගෙන් ආදර පොඩි පුතාට





වැටි වැටී නැගිටින හැටී
වචන අමුණා මුමුණන හැටී
දවසින් දවස ලොකු වෙන හැටී
බලා ඉන්නෙමු තවමත් අපී

කවට වදනින් සිනහ ගෙන එන
කිසිවකුටත් වචනයෙන් නොපැරදෙන
චණ්ඩියම උනත් විටෙක අහිංසක
අයියාගේත් අයියණ්ඩියම වු නුඹ

සීයා වචන විසිකර ජයගෙන
අත්තම්මා ලග සුරතල්ව අදරින
තාත්තා ලග කීකරුව දැවෙටෙන
අම්මාගේ පොඩි පුතා වු නුඹ

සුරතල් වදනින් නිවස පුරවයි
ඇතැම් විටෙක රතිඤ්ඤා පරදයි
නිවී සැනසී සිනහ පුබුදුවයි
මතු දිනයක කවුරුන් වේදැයි

පස් වසක් සපිරෙන දිනේ
නුදුරුව එයි යැයි දින ගනී
හෙට දින ලොව ජය ගන්නට පුතේ
සවිය ලැබේවා මතු දිනේ

notes of imaginary