රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2022-09-04

අසිරිමත් ප්‍රේමය .

   


පස් පියුම් සුසැදි  නිල් වනපෙතින් 
පියාඹා 
හිමව් ගිරි අරණ හැර අහස් කුස 
සිසාරා 
උකුසු ඇස යොමන්නෙමි සැබෑ ප්‍රේමය 
සොයා 
විශ්වයේ සත්සරට සවන් දී නෙතු 
අයා.

ප්‍රිය සොඳුරියගෙ ඩහදියෙන් රස කර 
සැදූ 
බත් පතින් වෙන ළඳක හා සුරතල් 
ලැබූ 
ලැගුම්හල් රහස් සුව පතා සිත නිති 
යෙදූ 
දයාබර සැමියන්ගෙ වෙස් මුහුණු නෑ 
අඩු .

සයුරු තෙර ,මල් උයන් කියන සුන්දර 
කතා 
අසන්නෙමි ; හැඳින්නෙමි අසංවර පෙම් 
කතා 
මුහුණු පොත වැළඳ ගත් උමතු රාගය 
පතා 
මත්  බිඟුන් බාඳුරා මලට රැවටී 
යතා .

තමා සතු මල් උයන් වල් වැදෙනු බල 
බලා 
අනුන් සතු කඩුපුලට වශී වෙයි මනු 
සතා 
හැරෙමි ආපසු ,මෙවන් ලොවක් කුමටද 
සිතා 
අසපුවක් බඳු පැලක් දිටිමි ,මනරම් 
ඉතා.

කාලයේ පින්තාරු ලකුණු සටහන් 
කෙරූ 
පිල් කඩේ ගැහැණියකි ;ඔහු ළයේ හිස 
හෙවූ 
නිහඩවම ,නැගෙන පුර හඳ එළිය  තනි 
මැකු 
අසිරිමත් ප්‍රේමයක්  දුටිමි  දෙහදක් 
වෙලූ.

රෝ.සි.                                                            

notes of imaginary