රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2009-09-14

මාධ්‍යය නිදහස...........Anonymous වෙතටයි.



මිදුම කිසිවිටකත් අපහාසව කිසිවෙක් අමතන්නේ නැත.අදහස් එක් එක් අයට විශේෂිතවු මනසින් යුත් පදනමකින් පලවෙයි. තිස්සනායගම් සිද්ධියේ ලංකා ඉරිදා සංග්‍ර හයේ පත්‍රකලාවේදීන්ගේ සිද්ධියේත් මීදුම තම අදහස විනීතව පලකලාය. අන් අයට මඩ ගසන්නට පෙර තමන්ගේ අතේ මඩ තැවරෙන බව Anonymousලා සිතා ගත යුතුය.

Anonymousට මීදුම පලකල අදහස්වලට ප්‍රති උත්තර සපයන්නේ අධික කේන්තියකිනි. එසේ කරනවාට වඩා තර්කානුකුලව මීදුම ඉදිරිපත් කල කරුණු බිද දමන්නේ නම් මිදුමත් Anonymousගේ පිලිගතයුතු අදහස් පිලිගන්නට මැලි නොවනු ඇත.
උතුරේ ගැටළුව පිලිබදව මිදුම දරන මතය ඒ ආශ්‍රිතව මිදුම ලියු වියමන් වලින් පැහැදිලි කර ගතයුතුය. හුදකලාව එක් සිද්ධියක් පදනම් කර ගෙන සද්දය දැමීමෙන් Anonymousගේ ඉක්මන්විම මිදුම අනුකම්පාවෙන් යුතුව සිහිපත් කරන්නකි.
සන්සුන්වන්න. අන් අයට සවන් දෙන්න.ඔබේ අදහස් පැහැදිලි කරන්න. මබේ මතය ගැලපේ නම් අපත් ඔබේ හඩට එකතුවෙනු ඇත.නැතිව අන් අයගේ මතවාද වෙනස් කර තම මතවාද අන් අයට පැහැදිලි කරදිය නොහැක. මීදුම සීයා කෙනෙක් අංකල් කෙනෙක් චමින්ද කෙනෙක් වුයේ Anonymousලාගේ කාලය පසුකරගෙන ගොස් අත්දැකීම් ලැබීමෙන් පසුව බව සටහන් කර තබනුයේ ඒ කාලයට එන්න අධි වේගයෙන් ගිය හොත් Anonymousට නොහැකිවේයැයි සිතන බැවිනි.

මීදුමටද දේශපාලනයක් තිබේ . එය විටෙක කොළ පාටයයි මීදුම කියවන සහෘදයෝ අර්ථ කතනය කර තිබේ. විටක නිල් පාටද දැයි විමසා තිබේ. තවත් විටක රතු පාටදැයි අසයි.

මීදුම වියමන තුල මේ හැම පාටම නියෝජනය කරයි.ඒත් සැබැ අර්ථයෙන්ම පලමුවත් දෙවනුවත් තෙවෙනුවත් මව් බිම යන තේමාව මීදුම අගේ කරයි. අනුගමනය කරයි. සමහර අවස්ථාවල අන් අය එසේදැයි මීදුම ප්‍රශ්න කරන්නේ කතාව පමනක් නොව ක්‍රියාවත් මීදුම අගේ කරන බැවිනි.